ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    insurance kiyanne suduwak.jpg

    ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.
    මේ සූදු කෙලියේ ඔට්ටුව තියෙන්නේ ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලන කෙනයි ඉන්ෂුවරන්ස් කොම්පැණියයි අතරේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම් ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා කියල කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. අන්න ඒකයි මේකේ තියරිය. එතකොට දෙගොල්ලොන්ටම මේක ශුවර් නෑ. ඒ කියන්නේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට ඉදිරි කාලයේදී හානියක් වෙයිද නැද්ද කියන එක ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවරුත් නෑ. ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවරුත් නෑ. ඒ හින්ද දෙගොල්ලොම ඔට්ටුව දාන්න කැමති වෙනවා. ඔට්ටු පිටිය ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නිසා ඒගොල්ලෝ කියනවා ඔට්ටුවේ ගාන. ඒ ගාන ඉස්සෙල්ල ගෙවල ඔට්ටුව දානවා. ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම්. හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්.
    හැබැයි ඉතින් ඕක ඔහොම සරලව විග්‍රහ කරගත්තට ඇත්තටම ඒ ජිවිත වලට හරි දේපළ වලට හානියක් වෙලා ක්ලෙම් එකක් දානවා කියන්නේ ඉන්ශුවරන්ස් එක දාපු කෙනා දිනුවා කියන එක නෙමෙයි. එකේ තේරුම ඒ කෙනාට කරදරයක් උණා කියන එක. කෙනෙක් ක්ලෙම් එකක් දාන්න දෙයක් උනේ නෑ, අපරාදෙ ගෙවපු සල්ලි කියල දුක් වෙන්නත් අවශ්‍ය නෑ. ඒකෙන් කියවෙන්නේ කරදරයක් නැතුව අදාළ කාලය ගෙවගත්තා කියන එක. හරි නම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. එක හරියට කරදරයක් නොවෙන්න සල්ලි ගෙව්වා වගේ.
    ඒ නිසා දිනන්න පරදින්න බලාගෙන නෙමෙයි. අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න.

    https://www.facebook.com/insurance.talks.srilanka පිටුවෙන්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    hena gon ban. insurance eka maturate unama dapu gana ganna puluwan + interest.

    කල්පිරුනම පොලියත් එක්ක හම්බවෙන ගානෙ අදාළ කාලෙට අනුව වටිනා කමත් එක්ක බැලුවම තේරුමක් නෑ. (Due to inflation)
    ආයෝජනයක් විදිහට හිතල නෙමෙයි අවධානම ගැන හිතල රක්ෂණය වෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්.
    ඒත් ගොඩක් වෙලාවට ඉන්ශුවරන්ස් කාරයො තමයි බන් දිනන්නෙ. කීයෙන් කීදෙනාටද ගෙවන්නෙ. ගෙවන කීදෙනෙක්ට එපා කරවලා මඩවනවද.
     
    • Like
    Reactions: manjulabw

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    මං ප්ලෑන් කරන් හිටියේ ඉන්සුවරන්ස් එකක් දාලා ත්‍රීවීල් එකකට පනින්න. ලොකුවට ඉන්ජර්ඩ්වුනා කියලා ලාභයක් ලබන්න පුළුවන්නෙ එතකොට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    Insuarance dala ekata warika gewaala eken claim ganna ekei, warika gewana gana bankiwakata dala eke ithuru salli walin ape wiyadam piyawaganna ekei wenasa mkkda?
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    287
    57
    28
    Insurance සූදුවකින් වෙනස් වෙන්නෙ හානි පූර්ණය කියන concept එක නිසා. ඒකෙන් කියන්නෙ උන හානියට වැඩි claim එකක් ගන්න බැහැ කියල. ඒක නිසා theoritically ලාබයක් ගන්න බැහැ.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැන් අවුරුදු 03 වාහනේට Insurance දැම්ම ලක්ෂ 02 විතර සත 5ක් අරන් නෑ. :(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කල්පිරුනම පොලියත් එක්ක හම්බවෙන ගානෙ අදාළ කාලෙට අනුව වටිනා කමත් එක්ක බැලුවම තේරුමක් නෑ. (Due to inflation)
    ආයෝජනයක් විදිහට හිතල නෙමෙයි අවධානම ගැන හිතල රක්ෂණය වෙන්න.

    ehema ekakne. moko api insure karanne investment ekama balagena nemei. bankuwe fixed ekak dammata uba accident unoth kiyakwath hambenne nehe. anika insurance eke premium gewanawa wage uba hema thissema bankuwe salli danneth nehe
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    View attachment 84673
    ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.
    මේ සූදු කෙලියේ ඔට්ටුව තියෙන්නේ ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලන කෙනයි ඉන්ෂුවරන්ස් කොම්පැණියයි අතරේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම් ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා කියල කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. අන්න ඒකයි මේකේ තියරිය. එතකොට දෙගොල්ලොන්ටම මේක ශුවර් නෑ. ඒ කියන්නේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට ඉදිරි කාලයේදී හානියක් වෙයිද නැද්ද කියන එක ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවරුත් නෑ. ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවරුත් නෑ. ඒ හින්ද දෙගොල්ලොම ඔට්ටුව දාන්න කැමති වෙනවා. ඔට්ටු පිටිය ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නිසා ඒගොල්ලෝ කියනවා ඔට්ටුවේ ගාන. ඒ ගාන ඉස්සෙල්ල ගෙවල ඔට්ටුව දානවා. ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම්. හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්.
    හැබැයි ඉතින් ඕක ඔහොම සරලව විග්‍රහ කරගත්තට ඇත්තටම ඒ ජිවිත වලට හරි දේපළ වලට හානියක් වෙලා ක්ලෙම් එකක් දානවා කියන්නේ ඉන්ශුවරන්ස් එක දාපු කෙනා දිනුවා කියන එක නෙමෙයි. එකේ තේරුම ඒ කෙනාට කරදරයක් උණා කියන එක. කෙනෙක් ක්ලෙම් එකක් දාන්න දෙයක් උනේ නෑ, අපරාදෙ ගෙවපු සල්ලි කියල දුක් වෙන්නත් අවශ්‍ය නෑ. ඒකෙන් කියවෙන්නේ කරදරයක් නැතුව අදාළ කාලය ගෙවගත්තා කියන එක. හරි නම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. එක හරියට කරදරයක් නොවෙන්න සල්ලි ගෙව්වා වගේ.
    ඒ නිසා දිනන්න පරදින්න බලාගෙන නෙමෙයි. අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න.

    https://www.facebook.com/insurance.talks.srilanka පිටුවෙන්.

    ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. - ඇත්ත, රක්ෂණය කියන දේ ඇති වුනේ , uncertainty කියන දේ එහෙම නැත්තම් probability එහෙමත් නැත්තම්, සිංහලෙන්ම කියනවා නම් සම්බාවිතව කියන දේ මුලික කරගෙන. උදාහරණයකින් පැහැදිලි කරගමු. මට sure මගේ වාහනේ හැප්පෙන් නෑ කියල, හැදුනත් මට හදා ගන්න පුළුවන්. ඔන්න , මම ඉන්සුරන්ස් කරන්න ඕන නෑ . law එකේ තියෙන requirement එකට , 3rd party එකක් දාගෙන දුවනවානෙ .

    හැබැයි, මගේ වාහනේ හැප්පිලා කුඩු උනොත්, හදා ගන්න මගේ ලග සල්ලි නැත්තම්, වාහනේ වටිනාකමින් කොටසක් පූල් එකකට දානවා. accident වෙලා claim කරන ayata ගෙවන්නේ ඔය පූල් එකේ තියෙන සල්ලි වලින්. claim අඩු වෙනකොට පූල් එකේ balance එක වැඩි වෙනවා , ඊලග අවුරුද්දේ , ඒ අදාළ කට්ටියගෙන් එතකොට එකතු කරන්න ඕන මුදල අඩු වෙනවා. claim වැඩි වාහන වල rates වැඩි එකී.

    compare කරලා බලන්න, motor bike rate එකයි , අනිත්වයි. එහෙම නැත්තම් , maruti /alto වගේ ඒවයි, BMW /benz rate එකයි .

    ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම් ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා කියල කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. - මම හිතන්නේ, මේ article එක ලියපු කෙනාට ජීවිත රක්ෂණය ගැන අවබෝධයක් නෑ . life ඉන්සුරන්ස් ගත්තොත් , අපි ඉපදුනා නම් මැරෙනවා.එක නියතයක්. life ඉන්සුරන්ස් එකේදී death එකටත් ගෙවනවා. . ඒක කොහොමද වෙන්නේ ? again , probability . අපි මැරෙනවා තමයි, හැබැයි මැරෙන දවස අපි දන්නේ නැහැ . data අනුව, ගත්තම , වයස අඩු කෙනෙක්ට සාපේක්ෂව වයස වැඩි කෙනෙක් ගේ premium එක වැඩි වෙන්නේ එකයි.

    හැබැයි, මෙතැනදී තව දෙයක් වෙනවා . policy period එක ඇතුලෙදි death එකක් උනේ නැත්තම්, ගෙවපු මුදල, තව අමතර මුදලකුත් එක්ක ආපහු ලැබෙනවා .

    එහෙම දෙන්න ඉන්සුරන්ස් companiyata කොහෙන්ද සල්ලි ?

    කට්ටිය දාන මුදල තියෙන්නේ පූල් එකක , life ඉන්සුරන්ස් fund එක කියන්නේ මේක. මේක හැම අවුරුද්දෙම expand වෙනවා . මේ ෆුන්ඩ් එකෙන් ගොඩක් ඉන්වෙස්ට්මෙන්ට් කරනවා ඉන්සුරන්ස් චොම්පනිය. එකෙන් ලොකු අදායමක් එනවා ඉන්සුරන්ස් companiyata .

    ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම් -
    ඔය කියන කතාව general ඉන්සුරන්ස් එකකදී හරි, අවුරුද්දයි cover එක , ඒ අවුරුදේ claim කලේ නැත්තම්, අයෙ ගෙවපු සල්ලිත් නෑ , ඊලග අවුරුද්දේ අයෙත් ගෙවන්න ඕන. discount එකක් ලැබෙයි claim නැත්තම්, හැබැයි එකත් subjective . claim කරලා නම් ගාන ටිකක් වැඩි වෙයි. හැබැයි, මම හිතන්නේ, මේ article එක ලියපු කෙනාට ජීවිත රක්ෂණය ගැන අවබෝධයක් නෑ .

    life ඉන්සුරන්ස් එකේදී කතාව වෙනස්. Death එකේදී claim එකත්, ගෙවල maturity එකේදී, maturity value එකත් ගෙවන policies තියෙනවා. ඊට අමතරව family එකටම medical claim කරන්නත් පුළුවන්, අවුරුද්දෙන් අවුරුද්දට premium වැඩි වෙන්නෙත් නැතුව. ඔය ඔක්කොමත් කරලා අන්තිමට, return එකකුත් තියෙන policy තියෙනවා . කාට හරි ඕන නම්, PM එකක් දාන්න. arrange කරලා දෙන්න පුළුවන්.

    දන්නවද , අවුරුදු 30දී policy එකක් ගත්තා නම් , ඒ premium එකටම policy එක mature වෙනකම් policy එක continue කරන්න පුළුවන් කියලා ? හැබැයි, ඒ කෙනාම අවුරුදු 40දී ගන්නවා නම් ගාන වෙනස්, condition වෙනස්. එකයි කියන්නේ, පුළුවන් තරම් අඩු වයසෙන් , life ඉන්සුරන්ස් දාන්න කියල.

    හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්. - මේක වැරදි , හානියක් උනා කියන්නේ , ඉන්සුරන්ස් එකෙන් ගෙවන්නේ එකට අදාල monetary loss එක විතරයි. non - monetary ලොස් එක ? , පවුලක ප්‍රදාන උපයන්නා , මළොත් ගානක් ලැබෙයි, එත් පුද්ගලයා නැති උනාම වෙන පාඩුව ?......

    අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න. - මේකට එකගයි , අනිත් ලැබෙන ඔක්කොම bonus එකක් කියල හිතා ගත්තම හිතට නිදහස්. මම නැති උනත් , මගේ පවුලට අදායමක් , ජීවත් වෙන්න මුදලක් , දරුවන්ට උසස් අධ්‍යාපනය සුරක්ෂිතයි කියල දැනෙන හැගීම, එක්ක හිතට පුදුම නිදහසක් දැනෙයි. මාසෙකට පොඩි මුදලක් වෙන් කරන්න විතරයි තියෙන්නේ.

    පුළුවන් නම්, කීයක් හරි හම්බ කරන්න පටන් ගත්ත ගමන්, කීය කීය හරි වෙන් කරන්න පොඩි life cover එකක. එකේ වටිනාකම තේරෙයි දවසක. මම කියන්නේ නෑ මගෙන් ගන්න කියල , හොද stable company එකකින් ගන්න, හරියට දැනගෙන ගන්න මොකක්ද ගන්නේ කියල . income tax ගෙවන කාලෙකට වටිනාකම කියල නිම කරන්න බැරි වෙයි, life ඉන්සුරන්ස් එකේ.

    වටිනාකම දන්නෝ, වැඩි වැඩියෙන් ගන්නවා.

    දන්නෙත් නැති, හැබැයි දැනගන්න කැමතිත් නැති, අය අපෝ වැඩක් නෑ , ඕව ගෙවන්නේ නෑ, ඕවට වෙලාව නෑ කිය කිය ඉදල, අද කොච්චර දුක් විදිනවද, ප්‍රශ්නයක් උනාම. තේරෙනකොට පරක්කුයි, එතකොට වයස වැඩි , ඉන්සුරන්ස් ගන්නත් බෑ . අතේ සල්ලි තිබ්බොත් හොදයි. නැත්තම්, ඉතින් දෙයියන්ගේම පිහිටයි.!