ඉන්ස්ටා කැබැල්ලක් ded වෙලා නේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මේ හෑල්ල කියවද්දී මට මතක් වුනේ අර කොරියා යන්න ලකුණු පහක් මදි වෙලා මැරුණ කොල්ලව. එකම රටක්. මැරෙන්න හේතු දෙකක්.


    මොනවා ලියන්නද, මේක ලියන්නම ඕනද හිතාගන්න බැරිව ලියන්න හිතුනා. ඊයේ උදේම මැසේජ් එකක් ආවා “Hey Siluni is gone” කියලා. තමන්ගේ නොසැලකිලිමත් බව සහ තමන්ට තමන්ව පාලනය කරගැනීමට නොහැකිව ගන්න හදිස්සි තීරණ නිසා එයා දැන් යන්නම ගිහින්. ඒකත් social media නිසා
    💔


    සිලුනිව මම අඳුර ගත්තෙත් ෆේස්බුක් එකෙන්. අන්තිමට මැසේජ් එකක් දැම්මේ 2023 ජනවාරි 1 වෙනිදා. ඉන්ස්ටා DM එකක් ආවා “Hamza, how to deactivate the insta account” කියලා. මන් කරන විදිහ කියලා දුන්නා. මන් කීයටවත් හිතුවේ නැහැ ඒ එයා එක්ක චැට් කරන අවසන් මොහොත කියලා. siluni කියන්නේ හරිම ලස්සන, පට්ටම ෆෝවඩ් social කෙල්ලෙක්. ඒත් ඊයේ එයා එයාගේ ජීවිතේ නැතිකරගෙන. ඊයේ දවසම මේ ගැන හෙව්වා. ඒ හොයපු දේවල් එක්ක මිනිස්සුන්ට මොන තරම් ප්‍රශ්ණද කියලා හිතුනා.

    සිලුනි නිතර insta වල stories දාන කෙල්ලෙක්. දෙසැම්බර් 31 එයාගේ ගැහැණු යාලුවෝ පිරිසක් එයාගේ ගෙදරට එන එව්වයි, එයා ඒක සමරන එව්වයි දාලා තිබුනා. එයා බොනවද මං දන්නේ නෑ. හැබැයි කොහොමහරි ජනවාරි පලවෙනිදා පාන්දර සිලුනිගේ stories දෙකක් තිබුනා. මං view කරා. තිබ්බේ pornography story දෙකක්. මොකුත් reply එකක් දාන්න ගියේ නැහැ. දන්නවා මොකක් හරි වැරදීමක් වෙලා ඇති කියලා. ඒක එයාද දැම්මේ, යාලුවෝද දැම්මේ කියලත් මං දන්නේ නැහැ.

    පස්සේ මන් නිදාගත්තා. උදේ නැගිටිද්දි සිලුණි Insta DM එකක් දාලා තිබුනා “sorry” කියලා. ඒ කියන්නේ account එක hack වෙලා නැහැ. එයාගේ අතින්ම ඒක වැරදිලා පෝස්ට් වෙලා වෙන්න ඇති. එයා මොන සිහියෙන් හිටියද දන්නෙත් නෑ. මන් ඇයි කියලා අහන්න ගියේ නෑ එයා sorry කියන reason එක මං දන්න නිසා. පස්සේ තමයි එයා අර insta deactivate කරන විදිහ එහෙම ඇහුවේ. හැබැයි එයාට ඒක හරි විදිහට deactivate කරන්න බැරි වෙලා.

    ජනාවාරි 3 වෙනිදා මන් දැක්කා එයා insta story එකක් දාලා තිබුනා "මේ ජිවිත ගමන මට හරි මහන්සි. අපි ආයෙත් දවසක හමුවෙමු. යන්න අවසරයි" වගේ දෙයක් ඉංග්‍රීසියෙන්. ඒ වෙද්දි එයාගේ ෆේස්බුක් ඩීඇක්ටිවේට් කරලා. ඉන්ස්ටා ෆීඩ් එකේ මොකුත් නැහැ. ඒක දැක්ක වෙලාවේ ඉඳන් contact කරන්න ට්‍රයි කරත් වැඩේ හරිගියේ නැහැ. මැසේජ් දැම්මත් deliver වුනේ නැහැ. හැබැයි ඊයේ දැනගන්න ලැබුනේ එයා යන්නම ගිහින් කියලා. ජනවාරි 1 වනදා වුනදෙ සහ ඊට පස්සේ එයා මුහුණ දුන්න දේවල් සහ ඒවට අනික් මිනිස්සු රිඇක්ට් කරපු විදිහ මේ හැමදේම එයා තවදුරටත් ජීවත් වීම සුදුසු නැහැ කියලා අඟවන්න ඇති.
    💔


    කෙනෙක්ව ලොකු මිනිහෙක් කරන්න වගේම, කෙනෙක්ව නැත්තටම නැති කරන ටූල් එකක් තමයි social media කියන්නේ. දැන් මිනිස්සු වැඩිපුරම depress වෙන්නේ සමාජ මාධ්‍ය නිසා. ගොඩක් අය හැදෙනවට වඩා නැත්තටම නැති වෙන්නේ social media නිසා. අනික තමන්ට මේ වගේ incident එකකට මුහුණ දෙන්න වුනොත් තමන්ව පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතනවා නම් සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙන්න. එහෙම නැත්තන් තමන්ගේ සර්කල් එක පුලුවන් තරම් පොඩි කරගෙන ජීවත් වෙන්න. තමන්ට අදාල නැති මිනිස්සු ලං කරගන්නත් එපා.

    මේ වගේ වෙලාවකදී කරන්න ඕන දේවල් ගැන ස්ටඩි කරන්න. තමන් ශක්තිමත් නැත්තන් අනවශ්‍ය විදිහට තමන්ගේ ෆෝන් එකේ තියන apps වලට gallery/contact/location access දෙන්න එපා. හැමවෙලේම two factor on තියාගන්න. වෙන කියන්න දේවල් තෙරෙන්නේ නෑ. පුලුවන් තරම් තමන්ගේ privacy ගැන සැලකිලිමත්ව ඉන්න. ජීවිතයක් බේර ගන්න බැරි වුනාදෝ වගේ guilty එකක් තියෙන්නේ.
    සුබ ගමන් SILUNI
    😢
    💔



    nr81YdJ.png




     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉන්ද්‍රසිරියගේ 20000 විඩීයෝ එක එලියට ආපු ගමන් ඒකේ ඉන්න කෙල්ලටත් වෙන්නේ ඔය ටික තමයි.
    බස බස ගාලා ඔය ටික ටෙලිග්‍රෑම් වල ශෙයාර් උන ගමන් වහ කන්න තමයි වෙන්නේ ඔය කෙල්ලට.
    බලපන්කෝ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,950
    8,723
    113
    In Your Heart
    ඉන්ද්‍රසිරියගේ 20000 විඩීයෝ එක එලියට ආපු ගමන් ඒකේ ඉන්න කෙල්ලටත් වෙන්නේ ඔය ටික තමයි.
    බස බස ගාලා ඔය ටික ටෙලිග්‍රෑම් වල ශෙයාර් උන ගමන් වහ කන්න තමයි වෙන්නේ ඔය කෙල්ලට.
    බලපන්කෝ
    400 aran maru wei oka.50000 thama na ne

    ko itn danna balanna attatama ewa marenna one ewada kiyala balanna
    Hmm aththa thama
    ------ Post added on Jan 14, 2023 at 11:26 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    පව් ඉතින්

    නියුඩ් එකක් පබ්ලික් උනා කියන්නෙ මැරෙන්න තරම් දෙයක් නෙවෙ
    ඒකනේ. එහෙනම් අපි කොහොම මැරෙන්න ඕනද නේද? :3

    ඉන්ද්‍රසිරියගේ 20000 විඩීයෝ එක එලියට ආපු ගමන් ඒකේ ඉන්න කෙල්ලටත් වෙන්නේ ඔය ටික තමයි.
    බස බස ගාලා ඔය ටික ටෙලිග්‍රෑම් වල ශෙයාර් උන ගමන් වහ කන්න තමයි වෙන්නේ ඔය කෙල්ලට.
    බලපන්කෝ
    ඒ මොකක්ද ඒ සීන් එක? උව ඉග්නොර් කරලා තියෙන්නේ පයියේ පොටෝ ගහලා දාපු දවසේ ඉඳන්.

    ko itn danna balanna attatama ewa marenna one ewada kiyala balanna
    මමවත් දැක්කේ නෑ. බලපන් කමෙන්ට් වල වට්සැප් චැට් එකක ස්ක්‍රීන්ෂොට් එකක් නම් තිබ්බා.

    pornography kiwwe eyage nude pics da dala thiyenne? :rolleyes2:
    ඔව් එහෙමලු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    තමන්ට මේ වගේ incident එකකට මුහුණ දෙන්න වුනොත් තමන්ව පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතනවා නම් සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙන්න. එහෙම නැත්තන් තමන්ගේ සර්කල් එක පුලුවන් තරම් පොඩි කරගෙන ජීවත් වෙන්න. තමන්ට අදාල නැති මිනිස්සු ලං කරගන්නත් එපා.
    මම නම් කියන්නෙ මේකේ අනිත් පැත්ත කරන්න. තමන් නොදන්න අයට මොනා පෙනුනත් මොකද. ඕක පවුලෙ අයියලා මල්ලිලා දැක්කොත් ඊට වඩා අවුල්නෙ.