ඉඳි ගසේ මල් පීදිලා

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඉඳි ගසේ මල් පීදිලා

j9ninm.jpg

අප වෙසෙන මැදපෙරදිග පරිසරයේ කටුකත්වය හා සොබාදහම ගැන බිඳකි.
කටුක ගිම්හාන කාලය මාස හයකට වැඩිය, පමණක් දේශයන්හි ඌශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47ද පන්නයි.​
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තද උෂ්ණත්වය ගැන ඔය සහෝදරයා මතක් කරනකොට මට අපි මෙහේ විඳින තද වියරු සීතල මතක් වුනා..බලන්න එකම විශ්වයක පැතිකඩයන් කොපමනක්ද???

ඉතින් වෙනස් චර්යාවන් ඇති ජනී ජනයා ගැන කවර කතාද....

එකිනෙකට නොපෑහෙන අදහස් වලින් සමාජය එන්න එන්නම වියරු වැටිලා කසල ගොඩක් වෙලා..හරියට දේශගුණය වරින්වර මිනිසාට දෙන හා පමුණුවන වධ හිංසා වගේ...

ඉතා අපුරු පදවැල් හැසිරවීමක් හා ගැඹුරු සුභාවිත අකුරු කිරීමක්...

ඔබේ නිර්මානයන් මා කවදත් ස්පර්ශ කරන්නේ මහත් සතුටකින් මොකක් හින්දවත් නෙවෙයි එහි පතුලටම විඳින්න දෙයක් තියෙන හින්දා..

සොයුර ඔබට ජය..
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්ත මේ ලොකේ හැම දෙයක්ම සුන්දර නැහැ
    විශේෂයෙන් විවිධ රටවල් වල තියෙන දේශගුණික තත්වය
    නමුත් ස්වභාධර්මයට ආදරයෙන් ඒ ඒ රටවල විශේෂිත
    අංගයන් ගැන රසයක් ආදරයක් ඇති වුනාම
    අමුතුම සිසිලක් සහනයක් දැනේනවා නේද....
    ඒක දිවිගමනට කොතරම් අත්වැලක්ද...
    ලස්සණ නිර්මාණයක් සහෝ... :Pමේපාර කටටත් කෙළ උනනවා
    පැණි බේරේන ඉදි දැකලා....
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැමදාම වගේ හරිම අපූරුයි සහෝ..

    සීතල නම් ඉවරයි නේද මෙහෙත් හැම තැනම මල් පිපිලා.....තාම ගස් වල මල් විතරයි....හරිම ලස්සනයි...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉදි ගස් හැදෙන්නෙ කටුක කාන්තාරේ... ඒ උනත් කලාතුරකින් වැටෙන වැහි බින්දුවකින් පහස නිවාගෙන, වියළි කතරට පුංචි හරි සෙවණක් හදලා, වැලි කුණාටු වලට මුහුණ දෙමින්, ඒ ගස් නොසැළී ඉන්න ගමන් දිව පිනා යන ඉදි වලින් ඵල දරන අන්දම කොයි තරම් අපූරුද...

    අයියේ... අයියලත් ඒ ඉදී ගස් වගේ. ඔය කාන්තාරෙට වෙලා දුකම අනුභව කරන අයියලා බිහි කරන්නෙ අයියලගෙ දරුවන්ට් වගේම අපේ මුලු රටටම සුබ අනාගතයක්.. අයියා වැනි එවන් සිය දහසක් වූ අයියලා, අක්කලා වගේම නංගිලා, මල්ලිලාටත් මගේ ආචාරය...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තද උෂ්ණත්වය ගැන ඔය සහෝදරයා මතක් කරනකොට මට අපි මෙහේ විඳින තද වියරු සීතල මතක් වුනා..බලන්න එකම විශ්වයක පැතිකඩයන් කොපමනක්ද???

    ඉතින් වෙනස් චර්යාවන් ඇති ජනී ජනයා ගැන කවර කතාද....

    එකිනෙකට නොපෑහෙන අදහස් වලින් සමාජය එන්න එන්නම වියරු වැටිලා කසල ගොඩක් වෙලා..හරියට දේශගුණය වරින්වර මිනිසාට දෙන හා පමුණුවන වධ හිංසා වගේ...

    ඉතා අපුරු පදවැල් හැසිරවීමක් හා ගැඹුරු සුභාවිත අකුරු කිරීමක්...

    ඔබේ නිර්මානයන් මා කවදත් ස්පර්ශ කරන්නේ මහත් සතුටකින් මොකක් හින්දවත් නෙවෙයි එහි පතුලටම විඳින්න දෙයක් තියෙන හින්දා..

    සොයුර ඔබට ජය..
    මෙය අලුත පූදින ඉඳි මල් දැක අතිවූ සිතුවිල්ල සිය දහසක් දෙනාගේ කතාවත් සමග කල සංකලනයක්.

    කවදත් වගේම හරවත් විමසුමක් එක් කර ඔබ කර ඇති ඇගයීම නිර්මාණයට තවත් එළියක් දීලා.

    බොහෝම ස්තුතියි සොයුර, ඔබටත් ජයෙන් ජයම පතමි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කොච්චර කටුක වුනත් අයියා ඒ කටුක බව තුල තියෙන සුන්දරත්වයකුත් දැකලා තියෙනවා.ලස්සනයි.
    බොහෝම ස්තුතියි නංගියේ ඔබේ ඇගයීමට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇත්ත මේ ලොකේ හැම දෙයක්ම සුන්දර නැහැ

    විශේෂයෙන් විවිධ රටවල් වල තියෙන දේශගුණික තත්වය
    නමුත් ස්වභාධර්මයට ආදරයෙන් ඒ ඒ රටවල විශේෂිත
    අංගයන් ගැන රසයක් ආදරයක් ඇති වුනාම
    අමුතුම සිසිලක් සහනයක් දැනේනවා නේද....
    ඒක දිවිගමනට කොතරම් අත්වැලක්ද...
    ලස්සණ නිර්මාණයක් සහෝ... :Pමේපාර කටටත් කෙළ උනනවා
    පැණි බේරේන ඉදි දැකලා....​
    බොහෝම ස්තුතියි සොයුරේ ඔබෙ වටිනා ඇගයීම හා සටහනට.

    ඇත්තෙන්ම රට ඉඳි කටට කෙල උනනවා ඉඳුනාම.

    ඒත් ඒ තත්වයට එන්න ඒ ගස, පලය පසුකරන දුෂ්කර ගමන මිනිසුන් වන අපිට ලොකු පාඩමක කියා පානවා යැයි මගේ හැඟීමයි.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සුබ අළුත් අචුරුද්දක් මල්ලි හැමටම. ඉදි ගස් වල මල් පිරිල වගෙම වසන්තය අපෙ රටෙත්. ඒත් අපි දෙතැනක. අද තමයි ඒලකිරියට ගොඩ උනෙ කාලෙකින්. අප රටෙ අයට ඉදි ලැබෙන්නෙ ෙව්ලල පැණි දමලනෙ. නමුත් ඩුබායි නගරයට ගිය විටක අපිටත් රසට ඉදුන ඉදි වල රස බලන්නට ලැබුන. හරියට ඒ කාලෙ මතක් උනා. සුන්දර නිර්මානයක රස වින්ද. ස්තුතියි සුන්දර නිර්මානයට. ඔබට ජය!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හැමදාම වගේ හරිම අපූරුයි සහෝ..

    සීතල නම් ඉවරයි නේද මෙහෙත් හැම තැනම මල් පිපිලා.....තාම ගස් වල මල් විතරයි....හරිම ලස්සනයි...
    බොහෝම ස්තුතියි සහෝ ඔබේ අගයීමට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉදි ගස් හැදෙන්නෙ කටුක කාන්තාරේ... ඒ උනත් කලාතුරකින් වැටෙන වැහි බින්දුවකින් පහස නිවාගෙන, වියළි කතරට පුංචි හරි සෙවණක් හදලා, වැලි කුණාටු වලට මුහුණ දෙමින්, ඒ ගස් නොසැළී ඉන්න ගමන් දිව පිනා යන ඉදි වලින් ඵල දරන අන්දම කොයි තරම් අපූරුද...

    අයියේ... අයියලත් ඒ ඉදී ගස් වගේ. ඔය කාන්තාරෙට වෙලා දුකම අනුභව කරන අයියලා බිහි කරන්නෙ අයියලගෙ දරුවන්ට් වගේම අපේ මුලු රටටම සුබ අනාගතයක්.. අයියා වැනි එවන් සිය දහසක් වූ අයියලා, අක්කලා වගේම නංගිලා, මල්ලිලාටත් මගේ ආචාරය...
    බොහෝම ස්තුතියි මල්ලි ඔබේ ඇගයීම හා අගනා විමසුමට.

    ඇත්තෙන්ම මෙ කටුක පරිසරයක මිනිසුන් විඳින දුක් කන්දරාව නිමක් නැහැ.

    ඔවුන් සැමටම ඔබේ සටහන උපහාරයක් වේවා!
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුබ අළුත් අචුරුද්දක් මල්ලි හැමටම. ඉදි ගස් වල මල් පිරිල වගෙම වසන්තය අපෙ රටෙත්. ඒත් අපි දෙතැනක. අද තමයි ඒලකිරියට ගොඩ උනෙ කාලෙකින්. අප රටෙ අයට ඉදි ලැබෙන්නෙ ෙව්ලල පැණි දමලනෙ. නමුත් ඩුබායි නගරයට ගිය විටක අපිටත් රසට ඉදුන ඉදි වල රස බලන්නට ලැබුන. හරියට ඒ කාලෙ මතක් උනා. සුන්දර නිර්මානයක රස වින්ද. ස්තුතියි සුන්දර නිර්මානයට. ඔබට ජය!
    සන්තෝසයි ටික දවසකට පසුව වුනත් දකින්න ලැබීම. බොහෝම ස්තුතියි අලුත් අවුරුදු සුබ පැතුම් වලට.

    කවදත් වගේ ලොකු විමසුමක් එක්ක කර ඇගයීම ගොඩාක් වටිනවා, ස්තුතියි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හැමදාම වගේ වෙනස් ආරයකින් ලියවුන වෙනස් මාතෘකාවකින් යුත් නිර්මාණයක් සහෝ :) rep+
    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ අගනා විමසුම හා ඇගයීමට