ඉපදුන හැටි....

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පොඩි එකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම.

    “තාත්තේ මල්ලි ආවෙ කොහොමද?”

    තාත්ත කියනවා

    “ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ” කියලා.

    පුංචි එකා නවතින්නෙම නෑ

    ”එතකොට නංගි?” තවත් ගැටලුවක්…

    ”නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා” තාත්තා කිව්වා.

    “එතකොට මම?”තාත්තාට බේරිල්ලක් නෑ.

    “ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්” පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා. එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා

    ”යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ” කියලා.

    මේක තමයි ඇත්ත තත්වේ. වැඩිහිටියෝ කො‍ළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ මැජික් එකක්. ඉස්කෝලේ විද්‍යා පාඩමට ප්‍රජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා. පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා. කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා. කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා, දැං ඔයා ලොකු ළමයෙක් කියලා. එතකොට කෙල්ලට මේක මැජික් එකක් වෙනවා. එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ මැජික් එක ගැන. ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ. කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා. ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ. Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි. හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ. ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා. ­­

    සෙක්ස් කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ. අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ සෙක්ස් කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම සෙක්ස් පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා. ­­

    දැන් කොළඹ ආසන්නයේ ලිංගික අතවර අඩුයි. ඇයි ඒ?අර ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි කහටගස්දිගිලියට, මනම්පිටියට, වනාතවිල්ලුවට සහ හම්බෙගමුවට ඔය පහසුකම නෑ. එතකොට අර මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rape වෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි ලිංගික අතවර වැඩි. ඇයි ඒ කියල හිතල බලන්න ටිකක්. ­­

    සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත.­­

    "තාත්ත හිටපු පැත්තෙන් දඩස් ගාල සද්දයක් ඇහුන"

    උපුටා ගත්තේ බූන්දියෙන්
     
    • Like
    Reactions: lakshan000