ඉබිබගේ~ට්‍රිප්එක

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉබිබගේ~ට්‍රිප්එක


    turtle-or-tortoise-cartoon-illustration-thumb11764643.jpg

    ඔන්න එකමත් ඒක කාලෙක ඉන්නවා ඉබි පවුලක්.
    මේ ඉබි පවුලේ කට්ටියක් දවසක් කල්පනා කළා පොඩි විනෝද ගමනක් යන්න.
    ඉතින් ඔන්න ඉබ්බෝ කියන්නේ කොහොමත් ටිකක් විතර හෙමින් වැඩ කරන කට්ටිය නේ?
    ඉතින් ඒ ගොල්ලන්ට ඔය ගමන සංවිධානය කරන්න අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ගියා.
    කොහොම කොහොම හරි ගමන සංවිධානය කරලා හොඳ තැනක් හොයාගෙන
    ගෙදරින් පිටත් වෙලා තමන්ගේ ගමන පටන් ගත්තා.
    මෙහෙම යන අතරේ අවුරුදු 3කට විතර පස්සේ මෙයාලට හොද තැනක් හම්බ උනා තමන්ගේ විනෝද ගමනට.
    ඉතින් ඒ තැන හොදට සුද්ද පවිත්‍ර කරලා, තමන් ගෙනාපු බඩු මුට්ටු
    එහෙම දුග ඇරලා එහෙම ලක ලෑස්ති වෙන්න එයාලට තව අවුරුද්දක් විතර කාලයක් ගත උනා.
    ඔහොම ඉන්න අතරේ එයාලට තේරුනා තමන්ට තමන්ගේ ලුණු බෝතලේ ගෙන්න අමතක උනා කියලා.
    ඉතින් ලුණු නැතිව කෑම කන ඒක ඉතින් මෙලෝ රහක් නැති නිසා එයාල මේ ගැන සාකජ්චාවක් තිබ්බා. අන්තිමේදී,
    ගොඩක් හෙමින් යන ඉබි පවුලේ හිටපු වේගවත්ම ඉබ්බා වන,
    බාලම ඉබ්බා තේරුනා ආයිත් ගෙදර ගිහින් ලුණු බෝතලේ අරන් එන්න.
    images

    ඉතින් එයා ගොඩක් කනගාටු උනා තමන් තේරිච්ච ඒකට.
    ඉතින් අඬා වැලපිලා අන්තිමේදී ඉදිරිපත් උනා ගෙදර ගිහින් ලුණු බෝතලේ අරන් එන්න
    . එත්, එයා එකග උනේ ඒක කොන්දේසියක් මත. කොන්දේසිය තමයි, තමන් ආපහු එනකන් කිසි කෙනෙකුට කිසිම දෙයක් කන්න බැහැ.
    කට්ටිය ඔක්කොම මේ කොන්දේසියට එකග උනා. අන්තිමේදී වේගවත්ම එමෙන්ම බාලම ඉබ්බා ලුණු බෝතලය ගෙන ඒමේ භාරධූර කාර්යය සදහා පිටත් උනා.
    ඔන්න ටික කාලයක් ගත උනා.
    එත් තාම ලුණු බෝතලය ගෙන එන්න ගිය ඉබ්බා ආවේ නැහැ.
    මේ විදිහට අවුරුදු 5ක් ගත උනා. 6ක් ගත උනා. හත්වන අවුරුද්දේ මැද හරිය වෙනකොට
    ඉබි පවුලේ වයස්ගතම ඉබ්බාට බඩගින්න තව දුරටත් ඉවසන් ඉන්න බැරි උනා.
    ඉතින් ඔහොම ඉදල අන්තිමේදී එයා තීරණය කළා තව දුරටත් තමන් බඩගින්නේ ඉන්නේ නැහැ කියල. ඉතින් හැමෝටම කිව්වා තමන්ට තව දුරටත් බඩගින්නේ ඉන්න බැරි බවත්,
    තමන් කෑම කන්න යන බවත්. ඉතින් එහෙම කියල එයාලා ගෙනාපු
    පෙට්ටියේ තිබිච්ච පාන් ගෙඩියක් කපන්න පටන් ගත්තා.
    එතකොටමඒ ලග තිබිච්ච ගහක් පිටිපස්සේ ඉදන් ඉබ්බෙක් මතුඋනා. වෙන කවුරුත් නෙවෙයි,
    අර ලුණු ගෙන්න ගිය ඉබ්බා. එයා කෑ ගහගෙන ආවා,

    “දැක්කානේ, මම දැනගෙන හිටියා ඔයාල මම එනකන් ඉන්නේ නැහැ කියලා. මම යන්නේ නැහැ ලුණු අරන් එන්න. ඕන කෙනෙක් යන එකයි ඇත්තේ”

    පසුවදන: ඔන්න ඕකයි කතාව.
    ඇත්තටම අපිට මේකෙන් ගන්න තියෙන්නේ මොකක්ද? අපි ගොඩක් දෙනෙක් අනුන් වෙනුවෙන් බලන් ඉන්නවා.
    ඒ අපිට ඕන විදිහට අනුන් ජීවත් වෙනකන්
    . එකෙන් වෙන්නේ අපේ ජීවිතේ වටිනා කාලය නිකරුනේ අපෙන් නැති වෙලා යන එක.
    අන්තිමේදී අපේ වටිනා කාලය වගේම අනුන්ගේත් වටිනා කාලය අපේ අතින් නාස්ති වෙනවා.
    ගොඩක් දෙනෙකුට මේක තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ.
    එක්කෝ එක තේරුම් ගන්නකොට ඒ වටිනා කාලය අපෙන් නැතිවෙලා ගිහින් ඉවරයි.


    images

    විද්‍යුත් තැපැලෙන් ලැබුණු ලිපියකි​