ඉබෝලාගෙන් වන සංහාරයට මරණ දඬුවම
ඉබෝලාගෙන් වන සංහාරයට මරණ දඬුවම
එක් අබිරහස් මරණයක් සමග මේ සියල්ල ආරම්භ වුණා. වවුලන් ගහණයක් වාසය කළ මියගිය යෝධ ගසක් තිබුණා. ඒ ගස යට සෙල්ලම් කරමින් සිටි මාස 18 ක කුඩා පිරිමි දරුවෙක් අසනීප වුණා. නිර්නාමික වසංගත මිණීමරුවෙක් බටහිර අප්‍රිකාවේ පිහිටි ගිනියාවේ මිලියෑන්ඩෝ ගමට කඩන්වැදී ගොදුරු සොයන්නට පටන් ගත් භයානක කතාවේ ආරම්භය සනිටුහන් වුණේ එලෙසයි. සිඟිත්තන් සහ සිඟිත්තන් ස්‌පර්ෂ කරන්නන් මුලින්ම ඉලක්‌ක වුණා. ඉබෝලා ලෙස මේ වසංගතය හඳුන්වන්න ගතවන ඉදිරි මාස තුනේදී, එනම් 2014 මාර්තු මස වන විට ජීවිත 30 ක් මාරයා ගිලගෙන තිබුණා.
ඉන්පසු ගිනියාවේ ගම් නගර පසු කරමින් සියෙරා ලියෝන්, ලයිබීරියා, නයිජීරියා, සෙනගල් සහ මාලි ඇතුළු බටහිර අප්‍රිකානු කලාපයම ගොදුරු කරගන්න තරමටම මේ වසංගතයේ අඳුරු සෙවනැල්ල දිගු වුණා. ඉබෝලා වෛරසය ආසාදනයේ සීග්‍ර ගුණනය හේතුවෙන් ජීවිත එකොලොස් දහසකට (11,000) අධික සංඛ්‍යාවක් මරු තුරුලට යවා තිබෙනවා. මේ නිසා අප්‍රිකානු කලාපය වෙත යෙදෙන ජාත්‍යන්තර ගමනාගමනය ගැන ද බටහිර ලෝකය භීතියෙන් සංත්‍රාසයට පත්වී තිබෙනවා. උණ, ඇඟපත වේදනාව සහ පාචනය ඉබෝලා රෝගයේ ලක්‌ෂණයි. ඉන් අනතුරුව සිදුවන සිරුර ඇතුළත සහ පිටත රුධිරය වහනය වීම පාලනය කරගත නොහැකි තත්ත්වයක්. ආසාදනය වූ එවැනි සිරුරකින් වහනයවන රුධිර තරල අන් කෙනකුගේ සිරුරක ස්‌පර්ෂවීමෙන් රෝගය සම්ප්‍රේෂණය වනවා. සාපේක්‌ෂව මිනිසුන්ට මේ වෛරසය ආගන්තුකයි. එහෙත් සුඩානය සහ එකල සයිරෝව ලෙස හැඳින්වූ කොන්ගෝවේ මේ වසන්ගතය 1976 දී පැතිරුනු බවට හඳුනාගෙන තිබෙනවා. ඊට පෙර උප-සහරානු අප්‍රිකාවේ වැසි වනාන්නරයන්හි වෙසෙන සතුන් ඉබෝලා රෝගයට ගොදුරු වී තිබෙනවා. නමුත් මිනිසුන් වෙතින් මේ රෝගය පැහැදිළිව ඉස්‌මතු නොවුනු නිසා එය රෝගයක් ලෙස හඳුනාගෙන තිබුණේ නෑ. 1976 වසරේදී මේ රෝගය ජීවිත 280 ක් බිලිගෙන තිබුණා. එතැන් සිට 2012 වසර දක්‌වා කාලයේදී එය බිලිගත් ජීවිත සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අඩු වුණා.
දරුණුම අවස්‌ථාවකදී ද එය 250 කට සීමා වුණා. නමුත් 2014 - 2016 වසංගතය දරුණු ලෙස පැතිර ගියේ ජීවිත 11,000 කට අධික ප්‍රමාණයක් ගිල ගනිමින්. ඉතා කුඩා ගම්මානයක් වන මිලියෑන්ඩෝ පිහිටා තිබෙන්නේ ගිනියාවේ ඈත එපිට ගියෙකෙඩෝ වනාන්තරය අද්දර. 2014 වසරේ මේ මහා ෙ€දවාචකය සිදුවන විට ගම්මානය අසබඩ වනාන්තර කලාපය පතල් සහ දැව කර්මාන්තකරුවන් අතින් දැවන්ත ලෙස විනාශ වෙමින් තිබුණා. මේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වැසි වනාන්තරයේ සිටි ස්‌වභාවික ඉබෝලා වෛරස වාහක සතුන්ගේ පාරම්පරික වාසස්‌ථාන විනාශ වුණා.
ඒ නිසා ඒ සතුන්ට මිනිසුන් සමග නිරන්තරයෙන් සමීපව ගැවසෙන්නටත් ගැටෙන්නටත් සිදු වුණා. මේ හේතුවෙන් එම සතුන් වෙතින් මිනිසුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බව විශේෂඥයන්ගේ විශ්වාසයයි. මැන්චෙස්‌ටෙර්, මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ, අන්තර්ජාතික වනාන්තර පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු වන මහාචාර්ය ජෝන් ඊ. ෆd මේ ගැන අදහස් දක්‌වමින් පවසන්නේ විවිධාකාර රෝගයන් මතුවීම සහ මිනිසුන් විසින් සිදුකරනු ලබන පාරිසරික වෙනස්‌කම් අතර සහසම්බන්ධයක් ඇති බවයි. වනාන්තර එළිකිරීම තුළින් මිනිසුන් වෙත සතුන් වඩ වඩාත් නිරාවරණය වන බව ඔහු පවසනවා. වෛරස, බැක්‌ටීරියා, වාහක සතුන් සහ මිනිසුන් අතර ඇති ස්‌වභාවික සමතුලිතතාව වනාන්තර එළිකිරීමෙන් බිඳී යන බව ඔහුගේ අදහසයි.
වැසි වනාන්තර අද්දර වෙසෙන මිනිසුන් ඉබෝලා වසංගතයට ගොදුරු වීමේ වැඩි නැඹුරුතාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඉබෝලා වෛරසයේ පහර කෑමට ලක් වුණේ උප-සහරානු අප්‍රිකාවේ වනාන්තර එළිපෙහෙළි කළ ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ගැමියන් බව පසුගිය වසර දෙක තුළ වන තොරතුරු පදනම් කර ගෙන විද්‍යාඥයන් පවසනවා. පර්යේෂක කණ්‌ඩායමක් තම පර්යේෂණ ප්‍රතිඵල පසුගිය වසරේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. එයට අනුව වසර 1976 සිට මේ දක්‌වා ඉබෝලා වසංගත පැතිර යැම් 40 ක් ගැන ඔවුන්ට වාර්තා වී තිබෙනවා. වසර 2001 සිට 2014 කාලය තුළ ඉන් 27ක් ඔවුන්ගේ පර්යේෂණයන්ට නතු වී තිබෙනවා. මහාපරිමාණ වනාන්තර එළිකිරීම් ආශ්‍රිතව වසංගතය පැතිරීම අරඹන්නා වූ පළමු රෝගියා මතු වූ බව ඉන් අනාවරණය කෙරෙනවා. ඒ වසංගත 27 න් 25 ක්‌ම වනාන්තර එළිකිරීම් ආශ්‍රිතව සිදුවුණු බව ඔවුන් සොයාගෙන තිබෙනවා. බටහිර අප්‍රිකාව පුරා පැතිර ගිය වසංගතයට අමතරව 16 ක් ගැබොන් සහ කොන්ගෝව අතර තීරයේ ප්‍රදේශවල 2001 සහ 2005 වසරවල වාර්තා වී ඇති අතර උගන්ඩාවේ සහ කොන්ගෝවේ නැගෙනහිරින් සහ දකුණෙන් වසංගත 08 ක් 2006 වසරේදී වාර්තා වී තිබෙනවා.
වනාන්තර එළිකිරීමෙන් වසර දෙකකට පසු වෛරසය පැතිරීමේ උපරිමයට පැමිණෙන බව පෙන්නුම් කෙරෙනවා. ඒත් එය සිදුවන යාන්ත්‍රණය පර්යේෂකයන්ට තවමත් අපැහැදිළියි. වැසි වන්නාන්තරවල මැද සිටින ඉබෝලා වාහක වවුලන්ට එළිපෙහෙළි කළ ප්‍රදේශවලට සංක්‍රමණය වීමට වසර දෙකක් පමණ ගත වීම මෙයට හේතුවක් බව මහාචාර්ය ජෝන් ඊ. ෆd පවසනවා.
අලුතින් එළිවන ප්‍රදේශ ඉබෝලා වාහක වවුලන්ට ආකර්ෂණයක් ගෙන දෙනවා විය හැකි බව ඔහුගේ අදහසයි. පුදුමයට කරුණ නම් ඉබෝලා වසංගතය පැතිර ගිය හැම අවස්‌ථාවකම එය සම්ප්‍රේෂණය වීම ඇරඹී ඇත්තේ සත්ව ගහණයකින් වීමයි. එමෙන්ම එකම ප්‍රදේශයේ එක වතාවකට වඩා ඉබෝලා වසංගතය පැතිර යාමක් සිදු වී නෑ. වෛරසය පැතිර යැමේ ඉහළ සම්භාවිතාවක් ඇත්තේ කොහිදැ'යි සොයා ගැනීම අනාගත වසංගත තත්වයන් වළක්‌වා ගැනීමට මහෝපකාරී වෙනවා. වනාන්තර එළිකිරීමට අමතරව ඉබෝලා වසංගතය පැතිරීමේ අවදානමට හේතුවන තවත් මිනිස් ක්‍රියාකාරකම් තිබෙනවා.
ස්‌වදේශිකයන් විසින් වවුලන්, මුව විශේෂ මෙන්ම වෙනත් ක්‌ෂීරපායි සතුන් වැසි වනාන්තරවලින් දඩයම් කොට වෙළඳපොළට ගෙන යනු ලබනවා. එයින් දඩයක්‌කරුවන්ට මෙන්ම පාරිභෝගිකයන් හටද ඉබෝලා වෛරසය රැඳි මාංශ ස්‌පර්ෂ වන්නට ඉඩ විවර වෙනවා. ඒ වගේම මින් පෙර අත නොතැබූ වනන්තර ප්‍රදේශ තුළ පතල් කැනීම සහ මාර්ග තැනීම සඳහා ගහ කොළ උදුරා දැමීම යනු එතෙක් මිනිසාගෙන් ඈත්ව සිටි වෛරස වාහක සතුන් මිනිසාට මුලිච්චිවීම වැලක්‌වීමට තිබෙන ස්‌වභාවික බාධක ඉවත් කිරීමක්.
සතුන් වෙත මිනිසා පියමන් කොට ඔවුන් ස්‌පර්ෂ කිරීමෙන් ඝන වනාන්තර මැද සැඟවී සිටින සතුන් අතර පමණක් සංසරණය වන ඉබෝලා වෛරසය මිනිසා වෙත ද කැඳවා ගන්නවා. මිනිස් සෛලවලට ඇතුල්වීමට සහ ඒ තුළ බෝවීමට අනෙක් බොහෝ වෛරසයන්ට වඩා වැඩි හැකියාවක් ඉබෝලා වෛරසයට තිබෙනවා. බිහිසුණු වසංගත තත්ත්වයක් කඩා පාත්වීමට ඊට වඩා බියකරු හේතු අවශ්‍ය වන්නේ නෑ. අසාත්මිකතා හා ආසාදන රෝග පිළිබඳ ජාතික වෛරස පාරිසරික විද්‍යා ඒකකයේ ප්‍රධානියා වන ආචාර්ය වින්සන්ට් මන්ටර්ස් පවසන්නේ වෛරස් දාරක සත්ව විශේෂ මුළුමනින්ම පාහේ වෛරසයට නිරාවරණය වී ඇති බවයි.
එසේ වුවත් එම සතුන්ට සමහර රෝග ලක්‌ෂණ තිබුණ ද ප්‍රතිශක්‌තිය ජනිත කරගෙන යථා තත්ත්වයට පත් විය හැකි බවත් ඔහු පවසනවා. තවද වෛරසය විසින් එම සතුන් මරා නොදමමින් ඔවුන් ලවා තව තැනකට වෛරසය සම්ප්‍රේෂණය කර ගන්නා බවත් ඔහුගේ අදහසයි. වසර 2014 වසංගත තත්ත්වයට පෙර මෙම රෝගයට එරෙහිව ප්‍රතිජීව එන්නතක් සොයා ගැනීම සඳහා සතුන් අතර පරීක්‌ෂණ කර ඇති මුත් එය මිනිසුන් අතර සිදු කර නෑ. එන්නත් සඳහා වෙළඳපොළක් නොමැති වීම ඒ සඳහා ප්‍රමාණවත් උනන්දුවක් ඇති නොවීමට හේතුවක් වුණා. එහෙත් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගිනියාවේ මිනිසුන් අතර ඉබෝලා සඳහා ප්‍රතිශක්‌තිකරණ එන්නතක් අත්හදා බලා තිබෙනවා. ඒ අත්හදා බෑලීම සාර්ථක වූ බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. එයට සහභාගී කරගත් 11,000 කට අධික අය ඉබෝලා රෝගයට ගොදුරු වී නෑ.
කෙසේ වෙතත් එම එන්නත මහා පරිමාණයෙන් භාවිතා කිරීමට බාධා තිබෙනවා. එනම් එන්නත නිපදවීමෙන් වසරකට පමණ පසු එහි ආයු කාලය අවසන් වී පාවිච්චියට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අනාගත වසංගත තත්වයන් සඳහා එන්නත් තොග එක් රැස් කොට ගබඩා කර තබා ගත නොහැකියි. එක් වසංගතයකට වගකියන වෛරසයට වඩා ඊළඟ වසංගතයට මුල් වන වෛරසය ජානමය වශයෙන් වෙනස් ස්‌වරූපයක් ගැනීම තවත් අභියෝගයක්. ඒ නිසා එක් ඉබෝලා වෛරස මාදිලියක් සඳහා නිපදවූ එන්නතක් අන් මාදිලියක් සඳහා වලංගු වන්නෙ නෑ.
මේ වසංගතයන් ඊ ළඟට හිස ඔසවන්නේ කිනම් රටක කිනම් ප්‍රදේශයකින්දැ'යි කිව නොහැකියි. මොලේ උණ, කුරුළු උණ, සාස් වැනි සතුන්ගෙන් බෝ වන රෝග අපේ රට පිහිටා තිබෙන ආසියාවට ද පැතිර ආ බව අප අමතක නොකළ යුතුයි. කාලෙන් කාලෙට එන වෛරස් වසංගතයන් තුළින් ඇති විය හැකි ව්‍යසනයන් වළක්‌වා ගැනීමට නම් පරිසරය සමඟ සමපාත වී සිටින්නට මිනිසුන් ඉගෙන ගත යුතුය. එමෙන්ම වන විනාශයන් නියාමනය කිරීම සඳහා මෙන්ම සීමා කිරීම සඳහාත් ප්‍රමාණවත් මැදිහත් වීමක් කිරීමට අවංකව ආණ්‌ඩු ඉදිරිපත් විය යුතුය. වන විනාශයන් නිසා නාය යැම්, ඉඩෝරයන්, ගංවතුර වැනි දේශගුණික සහ පාරිසරික ආපදාවන් ආදිය ගැන කාට කාටත් කට පාඩමෙන් කිව හැකියි. එහෙත් ඉවක් බවක් නැතිව, හිතුමතේට දේශපාලන බලපුළුවන්කාරකමින් කරනු ලබන වන සංහාරයට ස්‌වභාව ධර්මය දඬුවම් දෙන්නේ අනපේක්‌ෂිත ස්‌වරූපයන්ගෙන් බවට දරුණු ආකාරයේ පාඩමක් ඉබෝලා විසින් කියා දෙනු ලබනවා.
මන්ද, ස්‌වභාව ධර්මය දඬුවම් ලබා දෙන්නේ ස්‌වභාවික සමතුලිත බව ඛණ්‌ඩනය කරන්නන්ට පමණක් නොවේ. එයට එරෙහි වී එය නවතන්නට උත්සාහ නොකර නිහඬව සිටිමින් වක්‍රව එය අනුමත කරන අයද අහිංසකයින් ලෙස ස්‌වභාව ධර්මය වර්ග නොකරන බවට මීට වඩා උදාහණයක් අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය බව සිතන්නේ නම් ජීවිත දහස් ගණන්වලින් ගෙවීම් කරමින් නැවත නැවතත් පාඩම් උගත හැකියි.
සුජීව ක්‍රිෂාන්ත ගමගේ