ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?
ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?
ඉබෝලා වෛරසය වැළඳුණු බවට සැකකළ හැකි ශ්‍රී ලාංකිකයකු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ලයිබීරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට එළෙස රෝගය වැළදී ඇති බවට සැක කළද, සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රෝගකාරකය ශරීරගතවී නොමැති බවයි.
කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් පසුවීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
ගණකාධිකාරිවරයකු ලෙස ලයිබීරියාවේ සේවය කළ අදාළ ශ්‍රී ලාංකිකයා මේ වනවිට සිය නිවසේ යොමු කර ඇති අතර දින විස්සකින් පසු යළි ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝග නිරෝධායන ඒකකය තීරණය කර තිබේ.
එමෙන්ම මේ වන විට කොන්ගෝ, ගැබන්, සුඩානය, උගන්ඩාව, නයිජිරියාව ඇතුලු අප්‍රිකානු රටවල් රැසක ජනතාව සීඝ්රයෙන් පැතිර යන “එබෝලා” වෛරසය (“Ebola” virus) හේතුවෙන් අපහසුතාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් ගතවු මාස දෙක තුළ මරණ 820 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව වාර්තා වෙයි.
නවතම පුවත් වාර්තා වලට අනුව නයිජීරියාවේ ඇති වී තිබෙන වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධ ජනතා හමු පැවැත්වීම පවා තහනම් කොට ඇත.
රෝග පාලනය සඳහා කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් සොයා ගෙන නොමැති අතර බොහොමයක් රෝග ලක්ෂණ බොහෝ රෝග වලට පොදු නිසා රෝග විනිශ්චයද ඉතා අපහසුව තිබේ.
Source

හම්මේ ඕව නම් ඕනේ නෑ.. .
...
මොනවා වුනත් ශරිර ගත වෙලා නැහෙනේ
...රොගියක් කියලා කියන්න බැහැනේ
...? බලධාරින් අවධානයනේ හිටියට මදි මේ පුද්ගලයාව වෙනම ෆැසිලිටි එකකට අරන් යන්න වෙනවා.එහෙම බැලුවොත්.