ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

    ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

    ඉබෝලා වෛරසය වැළඳුණු බවට සැකකළ හැකි ශ‍්‍රී ලාංකිකයකු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    ලයිබීරියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට එළෙස රෝගය වැළදී ඇති බවට සැක කළද, සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රෝගකාරකය ශරීරගතවී නොමැති බවයි.

    කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් පසුවීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

    ගණකාධිකාරිවරයකු ලෙස ලයිබීරියාවේ සේවය කළ අදාළ ශ‍්‍රී ලාංකිකයා මේ වනවිට සිය නිවසේ යොමු කර ඇති අතර දින විස්සකින් පසු යළි ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝග නිරෝධායන ඒකකය තීරණය කර තිබේ.

    එමෙන්ම මේ වන විට කොන්ගෝ, ගැබන්, සුඩානය, උගන්ඩාව, නයිජිරියාව ඇතුලු අප්‍රිකානු රටවල් රැසක ජනතාව සීඝ්‍රයෙන් පැතිර යන “එබෝලා” වෛරසය (“Ebola” virus) හේතුවෙන් අපහසුතාවට පත්ව තිබේ.

    මේ හේතුවෙන් ගතවු මාස දෙක තුළ මරණ 820 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

    නවතම පුවත් වාර්තා වලට අනුව නයිජීරියාවේ ඇති වී තිබෙන වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධ ජනතා හමු පැවැත්වීම පවා තහනම් කොට ඇත.

    රෝග පාලනය සඳහා කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් සොයා ගෙන නොමැති අතර බොහොමයක් රෝග ලක්ෂණ බොහෝ රෝග වලට පොදු නිසා රෝග විනිශ්චයද ඉතා අපහසුව තිබේ.

    Source
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔය අප්‍රිකානු රටවල ඉන්නේ මහින්දගේ නෑදෑයෝ .

    mahindata athi sure ekatama eboola

    පලස්තිනෙත් ඕකගේ නෑයෝ ඉන්නව

    ඔව් අප්පා අපේ ආඩම්බර කාර තාත්තට යන්න පුළුවන් එකම රටවල් ටිකටත් මෙහෙම හෙනහුරා පහත වෙනවනේ .... අය්යෝ නපුරු කලේද කොහෙද අපේ ආඩම්බර කාර තාත්තගේ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හපොයි බන්:sorry: ...

    දැන් ඔය ලයිබිරියාවේ ඉඳන් එන අයව එයාර් පොට් එකදිත් චෙක් කරනවා නේ.?:oo: ‍මොනවා වුනත් ශරිර ගත වෙලා නැහෙනේ:yes:...රොගියක් කියලා කියන්න බැහැනේ:oo:...නිවුස් එක පොඩ්ඩක් පැහැඳිලි නැහැ මචන් නිවුස් එකෙම කියලා තියනවා ශ්‍රී ලංකාවේන් ‍එබොලා රොගියෙක් කියලා.ඉට පස්සෙ කියලා තියනවා රොගය ශරිරගත වෙලා නැහැ ලු..:eek:...? බලධාරින් අවධානයනේ හිටියට මදි මේ පුද්ගලයාව වෙනම ෆැසිලිටි එකකට අරන් යන්න වෙනවා.එහෙම බැලුවොත්.:confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හපොයි බන්:sorry: ...

    දැන් ඔය ලයිබිරියාවේ ඉඳන් එන අයව එයාර් පොට් එකදිත් චෙක් කරනවා නේ.?:oo: ‍මොනවා වුනත් ශරිර ගත වෙලා නැහෙනේ:yes:...රොගියක් කියලා කියන්න බැහැනේ:oo:...නිවුස් එක පොඩ්ඩක් පැහැඳිලි නැහැ මචන් නිවුස් එකෙම කියලා තියනවා ශ්‍රී ලංකාවේන් ‍එබොලා රොගියෙක් කියලා.ඉට පස්සෙ කියලා තියනවා රොගය ශරිරගත වෙලා නැහැ ලු..:eek:...? බලධාරින් අවධානයනේ හිටියට මදි මේ පුද්ගලයාව වෙනම ෆැසිලිටි එකකට අරන් යන්න වෙනවා.එහෙම බැලුවොත්.:confused:
    ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

    අන්තිමට ප්‍රශ්නාර්තයක් දාල තියනව මචෝ. වෙබ්සයිට් එකට පබ්ලිසිටියක් දෙන්නත් එක්ක හෙඩිම දාන්න ඇති. වයිරස් එක ඇගට ඇතුල් වෙලා දවස් හැටක් ඇතුලත නේද රෝග ලක්ශන පහල වෙනව කියන්නෙ.:rolleyes::rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

    අන්තිමට ප්‍රශ්නාර්තයක් දාල තියනව මචෝ. වෙබ්සයිට් එකට පබ්ලිසිටියක් දෙන්නත් එක්ක හෙඩිම දාන්න ඇති. වයිරස් එක ඇගට ඇතුල් වෙලා දවස් හැටක් ඇතුලත නේද රෝග ලක්ශන පහල වෙනව කියන්නෙ.:rolleyes::rolleyes:
    ඔකත් ඒඩ්ස් වගේ තමා. ඉබොලා කියලා ලෙඩක් නැ. ඔය වයිරස් එක ඇගට ඇතුලු උනාම මැරෙන්නේ පාචනය වගේ ලෙඩ හැදිලා.