"ඉමෝ" ඇප්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජංගම දුරකථනයේ "ඉමෝ" ඇප් එකක් භාවිත කරමින් දෙදරු පියකු සමග අනියම් සබඳකමක්‌ පවත්වාගෙන ආ දෙදරු මවක ඔහුගේ පිහි පාරවල් 4 කට ගොදුරුවී අසාධ්‍ය තත්වයෙන් රෝහල් තකිරීමේ සිද්ධියක් කුරුණෑගලින් වාර්තාවේ.
    ඇයගේ සැමියා වසර කීපයක සිට විදෙස්‌ගතව රැකියාවක නිරතවී සිටින අතර
    ජංගම දුරකථනයේ ඉමෝ ඇප් එකක් ඔස්සේ හඳුනාගත් දෙදරු පියකු සමග ඇය සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබේ.මොහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙකි.
    මොවුන් දෙදෙනාගේ අනියම් ඇසුර


    මාස කීපයක සිට නැවතී තිබෙන්නේ මතභේදයක් නිසාය. තුවාල ලබා රෝහල්ගතවී සිටින කාන්තාව අනියම් ඇසුර පැවැත්වූ පුරුෂයාගේ නිත්‍යානුකූල බිරිඳට ඔවුන්ගේ අනියම් ඇසුර දැනුම්දීම නිසා අනියම් පුරුෂයාට අල්ලපු අත්තත් පයගැසූ අත්තත් නැතිව ගිය බව කියැවේ. ඔහුගේ බිරිය දරු දෙදෙනා රැගෙන පදිංචි නිවසින් නික්‌ම යැම නිසා ඔහු විස්සෝප වී තිබේ.
    ආවේගශීලීවූ විශ්‍රාමික යුද හමුදා සෙබළා පොළොන්නරුවේ සිට උයන්දනට පැමිණ අනියම් බිරිඳගේ නිවසේ රහසිගතව සිට මෙම අපරාධය සිදු කර ඇත.
    සිද්ධියවූ 05 දා අලුයම 1.00 ට පමණ පැමිණි අනියම් සැමියා තියුණු ආයුධයකින් ඇගේ පපුව ඉදිරිපසට සහ පිටුපසට ඇන බරපතළ ලෙස තුවාල සිදු කර පළාගොස් ඇත.ඇයව අසල්වාසීන් විසින් රෝහල් ගත කරන්නට කටයුතු යෙදිණි.
    ඇය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පැවසීය.කුරුණෑගල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් උයන්දන ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු මවක මෙම හිරිහැරයට ලක් විය.
    ඇය රෝහල් ගත වී සිටින අතර, අනියම් සැමියා අල්ලන්ට පොලිසිය යාමේදී ඔහු පළායන්නට තැත් කළත් උත්සාහය ව්‍යර්ථවී අත්අඩංගුවට පත්ව තිබේ.
    ඔහු අධිකරණ නියෝගයෙන් 20 වැනි දින තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බව කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවසීය.