ලියනව ද නොලියනව ද කියල සෑහෙන්න කල්පනා කරල අන්තිමට ජානකත් යම් අදහසක් දාල තිබුනු බව දැක්ක නිසා ඇගිලි ටික යතුරු පුවරුව හරහා මේ වදින්නේ.....
ඉරාජ් ඇති කරපු යම් ප්‍රවනතාවයන් යහපත් බව නොපිළිගෙන බෑ. විශේෂයෙන් ම ඔහු ගේ සමහර රි-මික්ස් සහ රී-මේක් ආකෘති අතිශය වින්දනීයයි. අනික ඔහු තමා ගේ අවර ගණයට වැටෙන තරම් ලාබ ගීත තුලින් පවා යම් සමාජ සංවාදයක්, නැතිනම් සමාජ විවෙචනයක් කරන්නට උත්සාහ කිරීම අපි දැක්කා. කලා කෘතිය රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතුය කියන මතයේ ඉන්න අපට ඒවා අර අහං ඉන්න බැරි මොඩලයේ වුනත් යම් සමාජ මෙහෙවරක් කරපු ගීත බව නොකියා ම බෑ. අනික, රවීන්ද්‍ර ගුරුගේ ල වගේ සුභාවිත මට්ටමේ සංගීත විඩියෝ නිර්මානකරුවන්ට දුවන්නට වන මට්ටමේ අවර ගණයට ළග සංගීත විඩියෝ කලාව මෙරට ජනප්‍රිය කලේ ඉරාජ්. මොනව වුනත් ගීතය කියන දේ සමාජයෙන් ගිලිහෙන්න පටන් ගත්ත කාලයක, ගීතය යලිත් රසියන් අතරට ගෙන යන්න ඔහු කල දේ ප්‍රශංසනීයයි.
මම ඉරාජ් ව පට්ට ගහන්නේ ඇයි?
මේ රටේ තිබ්බ සංගීත “කලාව“ සංගීත “කර්මාන්තයක්“ -ඔවුන් ගේ ම වචන වලින් කියනව නං මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් කලේ ඔහු. කොටින් ම කියනව නං ඔහු සංගීත ලාභය ම ලෝභය කරගත් මේ සේරි වාණිජ සමාජයේ තවත් එක් ප්‍රපංචයක් බවට පත් කලා. එවිට බිහිවන්නේ ඉල්ලුමට සැපයුම කියන වාණිජ වුවමනාව මත පදනම් වූ ගීත විනා ගුණාත්මක සහ රසාත්මක නිර්මාණ නෙවෙයි. (එළකිරියේ මහ අද්මිනිස්ත්‍රාසිකාර ජීටී ලොක්කට අනුව දැන් බිහිවන්නේ ගීත නොව රින්ගින් ටෝන්ස්) මේ නල්ල මලේ විප්‍රකාර රැල්ලට අඩිතාලම දැම්මේ ඉරාජ්. අනික් ඉරාජ් වුණත් මෙය කියවන ඔබ වුණත් ඉතාම හොදින් තේරුම් ගත යුතු වූ කරුණ වන්නේ “ජනප්‍රිය“ යනු “හොද“ යන්නට පර්යාස නාමයක් නොවන වග....ඉරාජ් ඇතුළු වර්තමානයේ බොහෝ රැල්ලට යන ගායකයන්ට අමතක වෙලා තියන මූලිකම කරුණ වන්නේ ජනප්‍රිය ගීතය ටික කලකින් අමතක වන බවත් ආත්ම ගත වන ගීත වසර ගණනාවකට පසුවත් රසිකයන් සොයා යන බවත්. ඒවට මාර්කට් එක නැති වෙන්න පුළුවන් වුණත්, හොද -සුභාවිත සහ වින්දනීය ගීත පවතිනවා. (මම එළකිරි රේඩියෝවෙන් ගෙන එන සසල හද විල් තෙර මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව එය ඉදිරිපත් කරන මා නොවෙයි එයින් ගෙන එන හදවත් සහ ආත්මය අතිශය කම්පනය කරන ගීත බවයි මාගේ වැටහීම නම්) එහෙම ගීත අද බිහි වෙනවා ද යන්න ඇත්තට ම ප්‍රශ්නයක්.

නමුත්, මූ ගන්න මේ උත්සහයට මම නම් බොක්කෙන්ම කැමතියි බන්!!!
මොකද්ද බන් උත්සාහය කියන්නේ?? ඔය ට්‍රැක් එක කරලත් අවුරුදු ගානක් වෙනවා.. මූ ඕක රිලීස් කලේ නැත්තේ අරූ රේප් කේස් එහෙකට අහු උනු නිසා.. නෝන්ඩි නිසා.. දැන් ඕවා අමතකයි...