ඉරානයේ_බලය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    “මැදපෙරදිග කලාපයේ විශාලම මිසයිල බලය”...ඉරාන හමුදාව කෙතරම් ශක්තිමත් ද?

    (බීබීසී ප්‍රවෘත්ති හි Reality Check කණ්ඩායම විසිනි)

    QdbnX0v.jpg

    ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැඳී සිටින කඳවුරු දෙකකට ඉරානය මිසයිල දුසිමකට වැඩි ගණනකින් ප්‍රහාර එල්ල කළේය.

    සිය බලවත්ම හමුදා අණදෙන නිලධාරියා වූ ජනරාල් කාසිම් සොලේමානි, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ගුවන් තොටුපොළේදී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙන් පසු ඊට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරානය සපථ කර තිබිණි.

    එරට උත්තරීතර නායක අයතොල්ලා කමෙනෙයි මෙම මිසයිල ප්‍රහාරය හැඳින්වූයේ ඇමෙරිකාවට ගැසූ "කම්මුල් පහරක්" ලෙසිනි.

    ඒ අනුව ඉරානයේ හමුදා ශක්තිය ගැන දන්නේ අප මොනවාද?

    ඉරානයට ඇති මිසයිල මොනවාද?

    ඉරාන හමුදා බලයේ වැදගත්ම අංගයක් වන්නේ එරට සතු මිසයිල ශක්තිය ය. සිය විරුද්ධවාදීන් වන ඊශ්‍රායාලය හා සෞදි අරාබියට සාපේක්ෂව ඉරානයට ගුවන් බලයක් නැත.

    k03WSVQ.png

    ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් කියවෙන්නේ, මැදපෙරදිග කළාපය තුළ විශාලම මිසයිල බලය ඉරානය සතුය. ප්‍රධාන වශයෙන්ම කෙටි දුර හා මැදි දුර මිසයිල එරට මිසයිල ගොන්නට ඇතුළත්වේ. වැඩිදුරක් යාහැකි අන්තර් මහාද්වීපික මිසයිල සංවර්ධනයට ඉඩ සැලසෙන පරිදි ඉරානය අභ්‍යවකාශ තාක්ෂණය ද අත්හදා බලමින් සිටින බව එම වාර්තාවෙන් කියැවේ.


    කෙසේවෙතත්, රාජකීය එක්සත් සේවා ආයතනය (Rusi) නමින් හැඳින්වෙන බුද්ධි මණ්ඩලය පවසන පරිදි 2015 දී විදෙස් රටවල් සමග එළඹුණු න්‍යෂ්ටික ගිවිසුමේ අංගයක් වශයෙන් ඉරානයේ දිගු දුර මිසයිල වැඩසටහන ඇනහිටිණ. එහෙත් එම ගිවිසුම සම්බන්ධයෙන් මතුවූ අපැහැදිලි තත්වය හේතුවෙන් එම වැඩසටහන යළි ආරම්භ කර තිබිය හැකි බවද එම ආයතනය පවසයි.

    4m889Cd.png


    කවර තත්ත්වයක් යටතේ වුවත්, සෞදි අරාබිය හා ගල්ෆ් කලාපයේ ඉලක්ක බොහොමයක් ඉරානය සතුව දැනට ඇති කෙටිදුර හා මැදි දුර මිසයිල පරාසය තුළ පවතී. එසේම ඊශ්‍රායලයේ ඉලක්කද තිබිය හැක.

    පසුගිය වසරේ මැයි මාසයේදී ඉරානය සමග ඇති උණුසුම් තත්ත්වය ඉහළ යාමේ පසුබිම මත ඇමෙරිකාව විසින් පේට්‍රියට් - මිසයිල නාශක ආරක්ෂක පද්ධතිය මැදපෙරදිග වෙත යවනු ලැබිණි. බැලිස්ටික් මිසයිල, කෘස් මිසයිල හා දියුණු ගුවන් යානාවලට එරෙහිව ඊට ක්‍රියා කළ හැක.

    ඉරාන හමුදාව කෙතරම් විශාලද?

    vJvYSci.jpg

    එක්සත් රාජධානියේ පිහිටි බුද්ධි මණ්ඩලයක් වන ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ආයතනයට අනුව, ක්‍රියාකාරීව හමුදා නිලවල විහිදුණු 523,000ක පමණ පිරිසක් සිටින බව ඇස්තමේන්තු කර තිබේ.

    මෙයින් 350,000 නිත්‍ය හමුදාවට අයත්වන අතර 150,000 ක පමණ පිරිසක් ඉස්ලාමීය විප්ලවීය හමුදාවට (IRGC) අයත්වෙති.

    තවත් 20,000 ක පිරිසක් ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ නාවික අංශය තුළ සිටිති. මෙම පිරිස හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සන්නද්ධ බෝට්ටු මෙහෙයවති. 2019 වසරේදී විදෙස් ධජ යටතේ යාත්‍රා කළ තෙල් නෞකා සම්බන්ධයෙන් අර්බුද කිහිපයක් හටගැනුණේ එම ප්‍රදේශයේදීය.

    අභ්‍යන්තර විරුද්ධවාදීන් මර්දනයට සහය දී ඇති ස්වෙච්ඡා හමුදාවක් වන බාසිජ් (Basij) ඒකකය පාලනය කරනු ලබන්නේ ද ඉස්ලාමීය විප්ලවීය හමුදාව විසිනි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යෙදවීමේ හැකියාව එම ඒකකයට තිබේ.

    ඉරානයේ ඉස්ලාමීය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වසර 40 ට පෙර පිහිටුවන ලද ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව ප්‍රධාන හමුදාමය, දේශපාලනමය හා ආර්ථිකමය බලවේගයක් බවට පත්ව ඇත.

    නිත්‍ය හමුදාවට සාපෙක්ෂව සුළු පිරිසකගෙන් සමන්විත වුවද, එය ඉරානය තුළ වැඩි අධිකාරී බලයක් සහිත හමුදාව ලෙස සැළකේ.

    විදේශයේ මෙහෙයුම් කෙබඳුද?

    ජනරාල් සොලේමානි නායකත්වය දුන් කුඩ්ස් හමුදාව (Quds Force) ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව වෙනුවෙන් විදේශ රටවල රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. එය සෘජුව වාර්තා කරනුයේ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමෙනෙයි හට ය. එය පුද්ගලයින් 5,000ක ගෙන් යුතු බව විශ්වාස කෙරේ.

    සිරියාව වෙත යැවුණු එම හමුදාව එරට ජනාධිපති බශාර් අල්-අසාද් හට පක්ෂපාතී හමුදා කණ්ඩායම් හට උපදෙස් දුන් අතර ඔවුන් සමග එක්ව සටන්වදින ෂියා යුද කණ්ඩායම් සන්නද්ධ කරනු ලැබිණි. ඉරාකය තුළදී, ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම පරාජය කිරීමේ ක්‍රියාවලියේදී ෂියා කණ්ඩායම්වල බලය වැඩි සන්නද්ධ කණ්ඩායම් හට ද සහය දුණි.

    කෙසේවෙතත්, වොෂිංටන් පාලනය විසින් මැදපෙරදිග ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස නම් කරන ලද සංවිධාන වෙත මුල්‍යමය වශයෙන් ද පුහුණුවෙන් ද අවි හා උපකරණ සැපයීමෙන් ද සහය වෙමින් කුඩ්ස් හමුදාව විශාල භූමිකාවක් ඉටු කරන බව ඇමෙරිකාව පවසයි.

    කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වන ඉරානයේ අවි ආනයනය ආර්ථික ගැටලු හා සම්බාධක හේතුවෙන් අර්බුදයකට මුහුණ පා ඇත.

    ස්ටොක්හෝම් හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව 2009 හා 2018 අතර කාලය තුළ ඉරානය කළ ආරක්ෂක කටයුතුවලට අදාළ ආනයනය එම කාලය තුළදීම සෞදි අරාබිය කළ ආනයනයෙන් 3.5%ක තරම් ප්‍රමාණයක් හා සම වේ.

    ඉරානය වැඩි වශයෙන් එසේ ආනයනය කරනු ලබන්නේ රුසියාව හා චීනයෙනි.

    ඉරාන සතුව න්‍යෂ්ටික අවි තිබේද?

    දැනට ඉරානය සතුව න්‍යෂ්ටික අවි වැඩසටහනක් නැති අතර එවැන්නක් තමන්ට අවශ්‍ය නොවන බව මීට පෙර පවසා තිබේ. එසේ වුවත්, හමුදාමය න්‍යෂ්ටික ශක්තියක් නිර්මාණය කිරීමෙහි ලා අවශ්‍ය කෙරෙන බොහෝ අංග මෙන්ම දැනුම ද ඉරානය සතුව තිබේ.

    න්‍යෂ්ටික අවි තැනීම සඳහා අවශ්‍ය කෙරෙන න්‍යෂ්ටික ද්‍රව්‍ය නිපදවීමට ඉරානයට අවශ්‍ය වන්නේ මාස දෙකත් තුනත් අතර කාලයක් පමණක් බව 2015 දී ජනාධිපති බරක් ඔබාමා යටතේ වූ ඇමෙරිකානු ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබිණි.

    ටෙහෙරාන් පාලනය හා ලෝක බලවතුන් හය දෙනෙකු සමග පැවති න්‍යෂ්ටික ගිවිසුම, ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීම හා ජාත්‍යන්තර පරීක්ෂණවලට ලක්කිරීමට අදාළ ප්‍රතිපාදන සැලසීය. ජනාධිපති ට්‍රම්ප් 2018 වසරේදී එම ගිවිසුමෙන් ඉවත් විය.

    අවි නිපදවීමට සමත් ද්‍රව්‍ය නිෂ්පාදනය වඩා දුෂ්කර කිරීම හා කල්ගතවීම වැඩි කිරීම ඉන් අපේක්ෂා කෙරිණි.

    ජනරාල් කාසිම් සොලේමානි ඇමරිකානු හමුදා විසින් මරාදමනු ලැබීමෙන් අනතුරුව ඉරානය පැවසුවේ තමන් අදාළ සීමාවලට අනුගත නොවන බවය. එහෙත් ඉරානය තවදුරටත් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ඒජන්සිය සමග තවදුරටත් සහයෝගයෙන් ක්‍රියා කරන බවකි.

    A0BjsgG.jpg


    වසර ගණනාවක් පුරා සම්බාධක පැවතියද ඉරානය ඩ්‍රෝන යානා නිපදවීමේ හැකියාවද වර්ධනය කරගෙන තිබිණි.

    Rusi ආයතනය පෙන්වා දෙන පරිදි, අයිඑස් සංවිධානයට එරෙහි සටනේදී 2016 වසරේ පටන් ඉරානය ඩ්‍රෝන යානා භාවිතයට ගෙන තිබේ. සිරියාවේ පිහිටි කඳවුරුවල සිට මෙහෙයවන ලද සන්නද්ධ ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් ඉරානය ඊශ්‍රායල ගුවන් අවකාශයට ද ඇතුළුවී තිබූ බව Rusi ආයතනය කියා සිටී.

    2019 වසරේදී ඉරානය විසින් ඇමෙරිකාවට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළුවේ එය හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉහළ ගුවන් අවකාශය උල්ලංඝණය කළ බව පවසමිනි.

    ඉරාන ඩ්‍රෝන වැඩසටහනේ තවත් පැතිකඩක් වන්නේ කලාපය තුළ සිය මිත්‍ර පාර්ශවවලට මෙන්ම තමන් විසින් මෙහෙයවනු ලබන පාර්ශව වෙත ඩ්‍රෝන තාක්ෂණය අලෙවි කිරීම හෝ පැවරීම යැයි බීබීසී හි ආරක්ෂක හා රාජ්‍යතාන්ත්‍රීය කටයුතු පිළිබඳ වාර්තාකරු ජොනතන් මාර්කස් පවසයි.

    2019 දී සෞදි අරාබියේ ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකකට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර එල්ල විණි. ඇමෙරිකාව මෙන්ම සෞදි අරාබියද එම ප්‍රහාරයේ වගකීම ඉරානය වෙත පැවරුවද ටෙහෙරාන් පාලනය එය ප්‍රතික්ෂේප කළේය. යේමනයේ කැරලික්රුවන් වෙත එම වගකීම පැටවිණි.

    ඉරානය සතුව සයිබර් අවකාශයට පිවිසීමේ බලය තිබේද?

    2010 දී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත විශාල සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව සයිබර් අවකාශය තුළ සිය හැකියාව ඉහළ නැංවීමට ද ඉරානය පියවර ගත්තේය.

    ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව තුළ එයටම අයත්, වාණිජ හා හමුදාමය චරපුරුෂ ක්‍රියාවලියේ යෙදෙන සයිබර් - විධානයක් සතු බව විශ්වාස කෙරේ.

    ඇමෙරිකානු බැංකු සතු වෙබ්අඩවිවලට පිවිසීම අවහිර කිරීමේ අරමුණින් 2012 වසරේදී එල්ලවූ සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඇමෙරිකානු නිලධාරීහු ඉරානයට දොස් පැවරූහ.

    ලොවපුර සයිබර් චරපුරුෂ මෙහෙයුම්වලට අදාළව ඉරානය විසින් ගගනයානා සමාගම්, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්, බලශක්ති හා ස්වභාවික සම්පත් පිළිබඳ සමාගම් මෙන්ම විදුලි සංදේශ ආයතන ඉලක්ක කරන ලද බව 2019 දී නිකුත් වූ ඇමෙරිකානු හමුදා වර්තාවකින් කියැවිණි.

    "ඉරානයේ සිට ක්‍රියාත්මක වන හා ඉරාන ආණ්ඩුවට සම්බන්ධයක් ඇති" හැකරුන් කණ්ඩායමක් ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කළ අතර ඇමෙරිකානු ආණ්ඩුවේ නිලධාරීන්ගේ ගිණුම්වලට ඇතුළුවීමට උත්සාහ දැරූ බව මයික්‍රෝසොෆ්ට් සමාගම 2019 දී පැවසීය.






    BBC​
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Trump karaya baya wuna neda anthimata.:D


    මොන.. ඌට ඕනේ වැඩේ ලස්සනට කරගත්තා :D
    ජෝර්ජ් බුෂ්, ඔබාමා දෙන්නම ට්‍රයි කළා soleimani ව ඉවරයක් කරන්න :yes:
    මු target එක ඉවර කළා උන්ගේ no casualties චන්දෙත් ලගයි පොරට win win situation එකක් ඕක :D
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    මොන.. ඌට ඕනේ වැඩේ ලස්සනට කරගත්තා :D
    ජෝර්ජ් බුෂ්, ඔබාමා දෙන්නම ට්‍රයි කළා soleimani ව ඉවරයක් කරන්න :yes:
    මු target එක ඉවර කළා උන්ගේ no casualties චන්දෙත් ලගයි පොරට win win situation එකක් ඕක :D

    :yes::yes::cool:

    Iran missiles gahala tiyenne payakata kalin warning karala.


    soleimani build karapu eka aye hadaganna tava kal yai
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මොන.. ඌට ඕනේ වැඩේ ලස්සනට කරගත්තා :D
    ජෝර්ජ් බුෂ්, ඔබාමා දෙන්නම ට්‍රයි කළා soleimani ව ඉවරයක් කරන්න :yes:
    මු target එක ඉවර කළා උන්ගේ no casualties චන්දෙත් ලගයි පොරට win win situation එකක් ඕක :D


    iran eunth goda unta minisunge thibba wirode dan iwarai unge minisu wena kawadatawath wada dan ekamuthu una soleimani marunata passe trump karayage chandeta one push eka u gatha iran gov ekata thibba wirodeth iwarai degoloma win win.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    වොර්නින් කරලා කියල කොහොමද බන් දන්නේ? හැබැයි උනුත් කිව්වා 76+ ඇම්මෝ ඉවරයි කියල ඔෆිශියලි නෑ... ට්‍රම්ප් දාල තිබ්බේ සෝ ෆාර් සෝ ගුඩ් කියල
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වොර්නින් කරලා කියල කොහොමද බන් දන්නේ? හැබැයි උනුත් කිව්වා 76+ ඇම්මෝ ඉවරයි කියල ඔෆිශියලි නෑ... ට්‍රම්ප් දාල තිබ්බේ සෝ ෆාර් සෝ ගුඩ් කියල

    :D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වොර්නින් කරලා කියල කොහොමද බන් දන්නේ? හැබැයි උනුත් කිව්වා 76+ ඇම්මෝ ඉවරයි කියල ඔෆිශියලි නෑ... ට්‍රම්ප් දාල තිබ්බේ සෝ ෆාර් සෝ ගුඩ් කියල


    news wala thiyenne un iraq agamathita kiyala gahala thiyenne man hithanne US eunta e place wala inna epa kiyala wenna one


    okoma hari aduma gane base walata kisima loku dmg ekak na ne htihalama warhead ekak nathuwa ewala wenna one dmg ekak wenne nathi wenna.:rofl::rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    වොර්නින් කරලා කියල කොහොමද බන් දන්නේ? හැබැයි උනුත් කිව්වා 76+ ඇම්මෝ ඉවරයි කියල ඔෆිශියලි නෑ... ට්‍රම්ප් දාල තිබ්බේ සෝ ෆාර් සෝ ගුඩ් කියල


    soleimani ගේ බොඩි එක වළලන අන්තිම දවසේ එකෙක් announce කරලා කියනවා ගහනවා කියල :yes:
    වටේ ඉන්න උන් ටික හුරේ දානවා :yes: Al Jazeera එකේ තිබ්බා :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    iran eunth goda unta minisunge thibba wirode dan iwarai unge minisu wena kawadatawath wada dan ekamuthu una soleimani marunata passe trump karayage chandeta one push eka u gatha iran gov ekata thibba wirodeth iwarai degoloma win win.


    ඔව් ඔව් උන් ඔක්කොම එකතු උනා වගේ සින් එකක් උනා :yes:
    හැබැයි දිගු කාලීනව උන්ට ලොකු පාඩුවක් :D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් ඔව් උන් ඔක්කොම එකතු උනා වගේ සින් එකක් උනා :yes:
    හැබැයි දිගු කාලීනව උන්ට ලොකු පාඩුවක් :D


    unta una wade padui eth unge minisu ekathu una eka thamai unge lokuma wasiya ewagema meken anukampawa ganna puluwan terra lagen iran karyo dan sadda nathuwa indala terra la dala game ekak gahai.