උදේ නිව්ස් එක
උමාඔය ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරාන කාර්මිකයින් 85ක් දිවයිනට
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා ඉරාන කාර්මික ශිල්පීන් 85 දෙනෙකු මෙරටට පැමිණි තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ දිනයේ දී මෙරටට පැමිණි ඉරාන කාර්මික ශිල්පීන් PCR පරීක්ෂණවලට යොමු කිරිමෙන් පසු දින 14 ක නිරෝධානයට යොමු කළ බවයි.
දින 14 ක නිරෝධායනයෙන් පසු යළි PCR පරීක්ෂණ සිදුකර, එම ශිල්පීන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සඳහා යොමු කෙරෙනු ඇති.
මේ වනවිට උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු 95% ක් අවසන්ව ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරීමට අපේක්ෂිතය.
ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගාවොට් 120 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.
හවස අප්ඩේට් එක
අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
එම ආසාදිතයින් අතරින් 5 දෙනෙකු නාවික සෙබළුන් වන අතර ඉතිරි තිදෙනා ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇත.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,913ක් දක්වා ඉහළ ගොස් තිබේ.