ඉරාන ජාතිකයින්ට ඩොලර් පිටකිරීම

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ඉරාන ජාතිකයින්ට ඩොලර් පිටකිරීම

    නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් යනුවෙන් වෙබ් අඩවි සහ සමාජ මධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.



    ශ්‍රී ලංකාවෙන් බැහැරට යන විදේශිකයකු සතුව තිබී ඇ.ඩො 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෑතකදී අත්අඩංගුවට ගෙන තිබිණි.



    ඉරාන සමූහාණ්ඩු මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කරන විදේශ සේවකයන් විසින් තම මාසික වැටුප මෙසේ රටින් බැහැරව යැවීමට කටයුතු කළ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ රේගුව විසින් මෙම වැටලීම කර ඇති බව වාර්තා විය.



    විදේශිකයන් තම වැටුප් මුදල මෙසේ යැවීම පිළිබඳ සානුකම්පිතව සළකා බලා මුදල් නිදහස් කරන්නැයි 2018 ඔක්තෝබර් මස 03 දින ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපතිතුමා විසින් මුදල් අමාත්‍යතුමාට ඉල්ලීමක් කර තිබිණි.



    ඒ අනුව ශ්‍රී ලංකා රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ සානුකම්පිතව සලකා බලා අදාළ ඇ.ඩො 53,455ක මුදල අදාළ පුද්ගලයා වෙත ආපසු භාර දෙන මෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග කරන ලදී.



    ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් විසින් මේ අයුරින් මුදල් රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර මේ අයුරින් විදේශ මුදල් රටින් රැගෙන ගිය අවස්ථාවේ දී විදේශිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අල්ලා ගත් විටද එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් ද 2018 ජූනි මස මේ අයුරින් එම මුදල් සානුකම්පිත පදනම මත නිදහස් කරන ලදී.


    Ds_OXqdUwAAdlHP.jpg

    Ds_OY_bVAAIxVBY.jpg

    46807083_2230145063908363_6399755571758628864_n.png
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ඕකෙන් සානුකම්පිතව 10% ක කමිෂන් එකක් ලැබෙන්නෙ නැද්ද බන්ස්?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    අන්තිම photo එකේ කතාව ඇත්තනම් (විශේෂයෙන්ම 2වෙනි line එක) කමක් නැහැ..
     
    Last edited:

    Similar threads