ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා
ඉරානය විසින් සිය බලසම්පන්න යුද නෞකා ඇමරිකාව ආසන්න මුහුදු සීමාවේ රැඳවීමට පියවර ගෙන ඇති බව ඉරාන නාවික හමුදාවේ ප්රධානී අද්මිරාල් හබිබුල්ලා සයේරි කියා සිටී.
ඇමරිකාව තම රටට ආසන්න මුහුදේ ඔවුන්ගේ යුද නෞකා යොදවා ඇති බැවින් මෙම පියවර ගත් බවත් ඇමරිකාවේ එම කි්රයාමාර්ගයට ප්රතිචාර දැක්වීමක් ලෙස පෙරලා තම යුද නෞකා ඇමරිකාව ආසන්නයේ යෙදවීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරයි.
ඉරාන – ඉරාක යුද්ධයේ 31 වන සංවත්සරයට එක්වෙමින් ඉරාන නාවික හමුදා ප්රධානියා මේ බව කියා තිබේ. කෙසේ වෙතත් ඉරානයේ මෙම කි්රයාමාර්ගය පිළිබඳ ඇමරිකානු රාජ්ය ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙතෙක් ප්රතිචාර දක්වා නැත. ඇමරිකානු ප්රහාරක යාත්රා මේ වනවිටත් පර්සියානු ගල්ෆ් මුහුදු තීරයේ රඳවා තිබේ.

usa lagadima kai wage ne