ඉරිදා_ආයුබෝවන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉරිදා_ආයුබෝවන්

    ඉහල පුටුවට සිටින්නන් වකුටු වීමේ ප්‍රතිපත්තිය අත් නොහරින්නේ නම් ඒ කොදු දිගහැරීමට ජනතාව සුදානම්ය..

    1601592_404102586410861_331162716745547783_n.jpg



    ජාතික රූපවාහිණියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද යන්න පිළිබඳ සාකච්ජා කරමින් සිටින මොහොතේ දී ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා මහනුවරදී ආගමික වතාවත් හී යෙදීම ප්‍රදර්ශනය කරණු ලැබීය.
    සිරස ටීවී හී විශේෂ විකාශනයකින් ලබාගත් දර්ශණ පෙළක් මෙම සාකච්ජාව නවතා දමා විකාශය කෙරිණ. තමන් සහභාගි වූ සජීවි වැඩ සටහනෙන් කාලය උදුරා ගැනීම පිළිබදව සිය විරෝධය පල කළ කලාකරුවන් වෙනස ඇරඹිය යුත්තේ මෙවැනි දේවල් වළින් බවද පෙන්වා දෙනු ලැබීය.
    යමෙක් ආගාමික වතාවත් හී යෙදීම පෞද්ගලික කාරනාවක් බව පැහැදිළි කළ මෙම කලාකරුවෝ මෙවැනි දේ සදහා විරෝධය දැක්වීමත් තමන් මෙවර මැතිවරණයේ දී පාරට බැසීමට හේතුවක් වූ බව පැවසූහ. එහෙත් තමන්ටම එවැනි අත්දැකීමක් විදින්නට වීම ගැන ඔවුන් කණගාටුව ප්‍රකාශ කළ අතර තමන් පක්ෂයක් වෙනුවෙන් නොව ක්‍රමවේදයේ වෙනසක් අපේක්ෂාවෙන් පාරට බැසීමට තීරණය කළ බව පෙන්වා දුන්හ.
    නායකත්වයට අවශ්‍යය නොවුණ ද මේ ක්‍රමය පවත්වා ගෙන යාමට හුරු වූ සහ කැමති වූ පිරිස් මෙවැනි දේ සදහා කාලය නාස්ති කිරීමෙන් සහ නායකත්වය පෙළඹවීමෙන් ජනතා පරමාධිපත්‍යයට හානි කර දේ සිදු විය හැකි බව පෙන්වා දුන් කලාකරුවෝ තමන් සජීවී වැඩ සටහනකට යැයි ගෙන්වා විනාඩි 20 – 15 ක් පමණ කාලයක් මෙවැනි දර්ශන ගණනක් නැරඹිමට යොමු කිරීම පිළිබදව ද විරෝධය පළ කළහ.


    උපුටා ගැනීම මුහුණු පොත- අපි JVP
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියන්න ඔනා ටික නියමෙටම කිව්වා. මයිත්‍රී උනත් අයිටීඇන් එකයි රූපවාහිනියයි කඩේ යන්න යොදාගන්නවා නම් ඒකට එරෙහි වෙන්න ඔනේ. මයිත්‍රී වදින එකයි ගාථා කියන එකයි, කන එකයි බොන එකයි අනිකයි ඔක්කොම පෙන්නන්න ගියොත් මිනිස්සුන්ට එපා වෙනවා. මහින්ද උනේ ඒක. අප්පිරියා උනා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මහින්ද දින්නා නම් ඔය උත්සවය පැය 3-4ක එකක් නේ බන්.
    මෛත්‍රී කතා කරේ විනාඩි 10-15ක් වගේ පොඩි කාලයක්. ඒක නිසා කලා කරුවෝ පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න තිබ්බා.
    හැබැයි රූපවාහිණියෙ අයට තිබ්බා, කලාකරුවන්ගේ වැඩසටහන දිගටම කරලා පස්සේ LIVE වගේ පෙන්නන්න.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා...
    මෙන්න අපි පතන සංස්කෘතිය..
    කලින් ආන්ඩුව තියෙද්දි කලාකාරයෙක් ඇවිල්ලා ජාතික රූපවාහිනියේ මෙහෙම කතා කලා නම් කොහොම තියෙයිද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා...
    මෙන්න අපි පතන සංස්කෘතිය..
    කලින් ආන්ඩුව තියෙද්දි කලාකාරයෙක් ඇවිල්ලා ජාතික රූපවාහිනියේ මෙහෙම කතා කලා නම් කොහොම තියෙයිද?

    ඔව් මචං අනිවා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මහින්ද දින්නා නම් ඔය උත්සවය පැය 3-4ක එකක් නේ බන්.
    මෛත්‍රී කතා කරේ විනාඩි 10-15ක් වගේ පොඩි කාලයක්. ඒක නිසා කලා කරුවෝ පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න තිබ්බා.
    හැබැයි රූපවාහිණියෙ අයට තිබ්බා, කලාකරුවන්ගේ වැඩසටහන දිගටම කරලා පස්සේ LIVE වගේ පෙන්නන්න.
    correct