ඉරිසියාව සිංහලුන්ගේ රුසියාවට වඩා ලොකුයි
මේ කතාව මගේ තාත්තා ගැන. මගේ තාත්තා සරත්. බස් සරත්. සමහරුන්ට සරත් මාමා වෙනකොට ගොඩක් දෙනෙකුට සරත් අයියා. අපේ තාත්තා අද යාගොඩ හිටියට ගොඩක් මෙහෙ මිනිස්සු කියන විදියට අපි මේ ගමේ උං නෙමේ. අපි පිටගම්කාරයො. මගේ තාත්තා මිරිස්වත්තෙන් ඇතුලෙ අරලිය ගස් හන්දියේ. අවුරුදු 4 වෙනකොට අම්ම නැති වෙලා අවුරුදු 7 වෙනකොට තාත්තා නැති උන අනාතයෙක්. එදා නන්නත්තාර ජීවිතේ යනකොට තාත්තාගෙ නැන්දා තමා මෙහෙට ගෙනාවේ. එදා ඉඳන් තමා අපිට යාගොඩට එන්න උනේ. මගේ අම්මා මේ ගමේ.
මේ ගමේ ගොඩක් අය අම්මට වඩා හිතවත් තාත්තා එක්ක. හැමදාම උදේම පාරට එන්නේ මගේ තාත්තා. උදේම මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ වලට ටවුමට ගෙනියන්න. ඒ පටං ගන්න දවස හැමෝම එක්ක හිනා වෙලා පොඩි උන්ට ගෙදර ගහේ හැදෙන පේර ගෙඩි ටිකත් ගෙනියන්නෙ කහට හිතේ නැති නිසා. අම්මෙක් තාත්තෙක් නැතුව ජීවිතේට මූන දීපු මගෙ තාත්තා බුලත් විකුණලා එදා වේල හොයාගන්න ගම්පහ පේමන්ට් වල නිදාගත්තෙ අවුරුදු 14 දි ලු.
මගෙ තාත්තා උපාධි ගත්තු මිනිහෙක් නෙමේ. මගෙ තාත්තා ඉගෙනගෙන නෑ. ඒත් හැමදාමත් මට මං යනපාරෙ ඉස්සරහම හිටියා මහා එලියක් වෙලා. මං අද යම් තැනක ඉන්නවා නං ඒ සේරගෙම අයිතිකාරයා මගේ තාත්තා.
පේමන්ට් එකේ නිදාගන්න ගෝනියක් අරගන්න හස්තගිරියේ පිටි කොට්ට ඇදපු තාත්තා හතුරෙක්ටවත් වෛර නොකර මුලු ජීවිත කාලෙම කොල්ලෝ තුන්දෙනෙක් උස් මහත් කලාට අමතරව හම්බ කලා නම් ඒ ගමක මිනිස්සුන්ගේ ආදරේ විතරයි. ඊට අමතරව අපේ මේ බස් එක. මේකෙන් තමා අපි එදා වේල හොයාගෙන කෑවේ. අපිට වතුර උගුරක් හරි ගෙනත් දුන්නේ.
මේ පහල රූප වල බලන්න ඊයෙ උදේ බස් එකට කරල තිබුන දේ. මිනිස්සුන්ට සේවය කරපු ඒ මනුස්සයා ජීවිතේ අවසාන කාලයේ තමන්ගේ කියලා මවාපු හීනෙ තමයි මේ. මං මගෙ තාත්තගෙ ඇස්වල මුලින්ම කඳුළු දැක්කෙ ඊයෙ.
මේ ගමේ අයිතිකාරයෝ කියන්නේ ‘’යාපා’’ කියන අය. මුහුනු පොතේ බලන්න යාගොඩ නම් අනිවාර්යයෙන් යාපා කියල නම අගට ඇති. යාපා කියන්නේ මේ ගමේ ඉන්න හරි වැදගත් නම්බුකාර මිනිස්සු. ඔය කියපු මිනිස්සු අතරේ කන්න දීපු බත් පතට පහරන තිරිසන්නු ඉන්නවා. උං යාපා කම පොරවගෙන එහෙම වෙන්න හැදුවත් මේ කරන දේවල් වලින් ඒ බැටලු හම ගැලවෙනවා කියලා දැනගන්න.
කරපු මිනිස්සු මේ වෙනකොටත් විඳවනවා ඇති. ඒත් පේමන්ට් එකේ ඉඳන් ආපු මේ මනුස්සයට නැති වෙන්න දේවල් නැතියි කියලා දැනගන්න. මේ කරපු සියලු දේ යම් මතු දිනයක නැවතත් ඔබ වෙතම ලැබෙනා බව දැනගන්න. ගමක මිනිසුන්ගේ විලාපය මෙලොව යම් ධර්මයක් ඇතිනම් එය දරාගන්නා බව දැනගන්න.
අවසානයට තාත්තා කියපු දෙයින්ම මේ කතාව අවසන් කරන්නම්.
පුතේ, අවසානෙ ලං වෙනකොට මෙරුවොත් පියාඹගෙන යනවනේ. කරපු කෙනා දැන් බලං සතුටු වේවි. ඒකත් මට පිනක් බං....
පුතේ, අවසානෙ ලං වෙනකොට මෙරුවොත් පියාඹගෙන යනවනේ. කරපු කෙනා දැන් බලං සතුටු වේවි. ඒකත් මට පිනක් බං