ඉරි ඇති දන්තාලේප
කුඩා කල උදේ හවස දත් මදින හැම විට ම මගේ සිතට නැඟුණු ගැටලූවක් තිබුණා. ඒ ඉරි සහිත දන්තාලේපයට ඒ ඉරි එන්නේ කොහෙන් ද? යන්නයි. මෙය විසඳිය නොහැකි බරපතල ගැටලූවක් ලෙසයි, එදා මට හිතුණේ. මේ ඉරි, දන්තාලේප ටියුබය තුළ සුදු පැහැති දන්තාලේපය පුරා හැමතැන ම යොදා තිබෙනවා ද? එසේ නම් නියමිත රටාවකට ඒවා පිටතට එන්නේ කොහොම ද? ඒ සඳහා විශේෂ උපක්රමයක් යොදලයි, තියෙන්නෙ.
ඒ සඳහා භාවිත කරල තියෙන්නෙ ඉතා ම සරල උපක්රමයක්. ඒක යොදල තියෙන්නෙ දන්තාලේපයේ නොසලය Nozzle හෙවත් මුවවිට අසලයි. දන්තාලේපයට වර්ණ ඉරි රටාව දමන වර්ණ ආලේපය එහි වෙනම කුටීරයකයි, තැන්පත් කරලා තියෙන්නෙ. ටියුබයේ මුවවිට ඇතුළෙන් වටේට කුඩා සිදුරු කීපයක් තියෙනවා, සුදු දන්තාලේපය එළියට එන විට ඒ සමඟ එක්වන්නට හැකි වන විදියට. ටියුබය ඇතුළේ ඇති ලොකු ඉඩකඩෙහි අසුරා තියෙන සුදු දන්තාලේපය ඔබ දන්තාලේප ටියුබය මිරිකන විට ඇති වන පීඩනය නිසා නොසලයෙන් එළියට එනවා. ඒ පීඩනය ඉහළ කුටීරයේ ඇති වර්ණ යෙදූ ආලේපය ඇති කොටසටත් එක් විට ම දැනෙනවා. එහි ප්රතිඵලයක් වශයෙන් සුදු දන්තාලේපය එළියට එන විට ම පාට ඉරිත් ඒ දන්තාලේපය සමග එකතු වෙනවා

Last edited: