ඉරි තැළුණු වළා -උඩු වියන් යටින් මෘදු තාර ඇතිරිල්ලේ...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,482
    1
    62,231
    113
    Mother Earth
    පද රචනය - සමන් ආතාවුදහෙට්ටි
    312.jpg

    සංගීතය - තිස්ස ශ්‍රී පෙරේරා
    ගායනය - අමරසිරි පීරිස්
    ______________________________________________________________________________

    මේ සින්දුව මරු. සරල තේරුමක් වගේම ගැබුරු තේරුමක් තියෙනවා. ලස්සන සින්දුවක් නිසා එළකිරි එකේ මේකෙ තේරුම ෂෙයා කරන්න හිතුණා. නිකමට ඩවුන්ලෝඩ් කරන් අහල බලන්න හරි අමුතු මෙව්ව එකක් තියෙනවා. :love2:

    ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන

    මොටෝ රථ රඟ සෙනඟ රවටමින්
    ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යෙයන් අප වළාකුළු මෘදු ලෙස දක්වන අතර දැකිය හැක්කේ ඉරි තැලී ගොස් ඇති තාර පාරය. ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

    වට පිටේ සීරුවට
    විදුලි ඇස් සිනාසේවී
    නොරැවටී යන්න යමු

    කහ ඉරෙන් එතෙර වීලා
    මෙහිදී ඔහු උත්සාහ කරන්නේ මේ සමාජය පිළිබඳව තම පෙම්වතියට කරුණු කියා දීමටය. වටපිටාවේ ඇදෙන වාහනවල විදුලි ලාම්පු දීප්තියෙන් බබළන්නේ සිනාසෙන්නාක් මෙනි. ඉන් අදහස් කරන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් නොයෙක් ආකාරයේ මුළාවන්ට ඔබව හසු කරන්නට උත්සාහ ගත හැකි බවය. ඒ එළිවලට නොරැවටී කහ ඉරෙන් එතෙර වී යන ලෙස ඇයට ආරාධනා කරයි. මාර්ගයේ තැන් තැන්වලින් මාරු වීමට ගියහොත් වාහනවලට හසුවී අනතුරු සිදු වන බැවින් ඊට නියමිත ස්ථානයෙන් එනම් කහ ඉරෙන් යා යුතුය. මෙහිදී කහඉරට උපමා කර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. ඔහු ඉල්ලා සිටින්නේ වැරදි මාර්ගවල නොගොස් නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

    රිය පෙලේ කිරුළු හිමි
    රජවරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු

    කහ ඉරත් රැළි වැටීලා

    රිය පෙලේ කිරුළු හමි රජවරුන් නම් වාහනවල අයිතිකරුවන්ය. ඉන් උපමාවට ලක් වන්නේ ධනය බලය හිමි සමාජ පන්තියයි. ඒ රජවරුන් ඔබට නීති විරෝධී සමාජ විරෝධී දේ කිරීමට අත වනා ආරාධනා කළ හැක. එවිට එය නොදැක්කාක් මෙන් ඉවත බලා යන්න යමු. එසේ යාමට ප්‍රභල හේතුවක් ඇත. එනම් කහ ඉරත් රැළි වැටී ඇති නිසාය. කහ ඉර රැළි වැටීම විකාර රූපී හේතුවක් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජයේ පවතින නීතියද වල් වැදී ඇති බවය. එවන් කලක වෙන අන් කවර සරණක්ද...?


    ( ගත්තෙ මෙතනින් - real-meanings.blogspot.com )
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,482
    1
    62,231
    113
    Mother Earth
    යකෝ මේ දැන් මම ඔය සින්දුවේ cover එකක් අහල කිරියට ආව විතරයි. :rofl:
    සිරාවට ? මටත් ඊයෙ කෙහෙන් හරි ඇහුණා. උදේ නැගිට්ටම කණ ඇතුලෙ සින්දුව ඇහෙනවා වගේ. නැගිටලා තේරුම හෙව්වා. :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    සිරාවට ? මටත් ඊයෙ කෙහෙන් හරි ඇහුණා. උදේ නැගිට්ටම කණ ඇතුලෙ සින්දුව ඇහෙනවා වගේ. නැගිටලා තේරුම හෙව්වා. :lol:
    ඔව් නේ. :lol:
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඉරි තැලුණු වලා...
    උඩු වියන් යටින්...
    මෘදු තාර... ඇතිරිල්ලේ...
    ‍යමු... යමු... යමු... අපි ...
    ඇවිද යමු... ප්‍රේමියේ...
    සිව් දෙසින්... හඹා එන..
    මොටෝරථ රඟ... සෙනඟ රවටමින්...




    මේ ගීතයේ අර්ථවත් කරන්නේ ගණිකාවක් සමග යහන් ගතවෙන්න යන තරුණයෙක්ගේ හිතේ නැගෙන සිතිවිලි සමුදායක් . මේ ගණිකාවත් ටිකක් පොෂ් ලස්සන හැමෝටම දෙන්නේ නැති කෑල්ලක් . ගණිකාවක් කීවට සල්ලි වලට දෙන එකක් නෙවේ . ලිංගික ආශාව වෙනුවෙන් දෙන කෙල්ලෙක් .

    මේ පද කීපයේ ඉරි තැලුණු වලා සහ මෘදු තාර ඇතිරිල්ලෙන් අර්ථවත් කරන්නේ මේ තරුණයාට තියෙන ආර්ථික දුෂ්කරතා . රතු පලස් මතින් මංගල පෝරු මස්තකප්‍රාප්ත වෙලා යුවතියකගේ අත ගන්න මේ තරුණයාට ආර්ථිකය අතින් හයියක් නෑ . ඒ නිසා තමාගේ ලිංගික ආශාවන් සංතෘප්ත කරගන්න ඔහු කෙල්ලෙක් සමග සම්භන්ධ කමක් පවත්වනවා . ඔහු නගරයේදී දවසක් මේ කෙල්ල හමුවෙලා ලිංගික සන්තර්පණය ලබාගන්න වෙන අයෙකුගේ ඇස නොගැටෙන ස්ථානයක් වෙත ගමන් කරනවා . ඒ ගමන් කරන අතරවාරයේ මොවුන් දෙදෙනා අත්වැල් අල්ලාගෙන යන්නේ හරියට පෙම්වතුන් යුවලක් වගේ . එකට හේතුව ගණිකාවක් එක්ක යනවා වගේ ගියොත් වටපිටේ අය දැනගන්නවා මේ කොල්ලා යන්නේ මේකටයි කියලා . පෙම්වතුන් යුවලක් වගේ ගියොත් අවුලක් වෙන්නේ නෑ . මොටෝරථ රඟ සෙනග රවටමින් කියන පද පේලියෙන් අදහස් වෙන්නේ අන්න ඒ බලන් ඉන්න අයගේ සිතුවිල්ල වෙනස් කරන්න පෙම්වතුන් යුවලක් වගේ යනවා කියන අදහස .



    වටපිටේ සීරුවට... විදුලි ඇස් සිනාසේවී...නොරැවටී යන්න යමු...
    කහ ඉරෙන් එතෙර වීලා...
    කහ ඉරෙන් එතෙර වීලා...


    කොච්චර උනත් මේ කෙල්ල සමග යහන ගතවෙච්ච තවත් සමහර අය පාරේ ඉඳලා මේ දෙන්නා දැකලා ඔච්චමට වගේ හිනාවෙනවා . මොකද දැන් දෙන්නා යන්නේ හරියට පෙම්වතුන් යුවලක් වගේ නිසා . නැත්නම් සමහරවිට ඔවුන් හිනාවෙන්නේ කොල්ලා මේ කෙල්ලට රැවටිලා ලවු කරනවා කියලා හිතලා වෙන්න පුළුවන් . වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි කියන්නේ අන්න ඒ වටපිටේ අය හිනාවෙනවා කියන දේ ඉස්මතුකරලා පෙන්නන්න . ඉතින් කොල්ලා හිතනවා මේ කෙල්ල තමා එක්ක එන්නේ නැතුව ඒ අයත් එක්ක යයිද දන්නේ නෑ කියලා . නොරැවටී යන්න යමු කියලා කියන්නේ ඒ නිසයි .



    කහ ඉර ගැන වැඩි යමක් කියන්න ඕන . මේ ගීතයේ මහපාර උපමා කරන්නේ ලිංගිකත්වය කියන සතුට ලබාදෙන මාර්ගයට . ඒ මාර්ගයේ හරි ක්‍රමය සහ වැරදි ක්‍රමය කියන දෙකම තියෙනවා . එක ක්‍රමයක් තියෙන්නේ පාරේ එක පැත්තක . අනිත් ක්‍රමය තියෙන්නේ පාරේ අනික් පැත්තේ . කහ ඉර කියන්නේ මේ මාවත හරහා දෙපැත්තට යන්න තියෙන හරි තැන . ඉතින් පෙම්වතා හිතනවා , අපි පෙම්වතුන් වගේ හරි පාරේ යනවා වගේ ගිහින් කහ ඉරෙන් එතෙර වෙලා වැරදි මාවතට , ඒ කියන්නේ අනියම් ලිංගික ඇසුරකට පත්වෙමු කියලා .

    රිය පෙළේ කිරුළු හිමි... රජවරුන් අත වනාවී...
    බිම බලන් යන්න යමු...
    කහ ඉරත් රැලි වැටිලා...
    කහ ඉරත් රැලි වැටිලා...


    මේ දෙන්නා දැන් අත්වැල් අල්ලාගෙන යනවා . කහ ඉර ගාවින් මාරුවෙන්න හදනවා . එතකොට රියපලේ ඉන්න කිරුල හිමි රජවරු අතවනනවා කෙල්ලට . මේ කොටසේ අර්ථය මෙහෙමයි . මේ දෙන්නා දැන් හොටෙල් රූම් එකකට , නැත්නම් වෙන නිදහස් ස්ථානයකට ආවා කියමුකෝ . කෙල්ල ලස්සනයි . ඉතින් ඒ ස්ථානය අසල ඉන්න සල්ලි කියන කිරුල හිමි ධන කුවේරයින් මේ කෙල්ලට එන්න කියයි සල්ලි දෙන්නම් කියලා . ඒත් කොල්ලව දාලා යන්න එපා කියලා කියන අදහසක් තමයි එවෙලේ කොල්ලගේ හිතේ තියෙන්නේ . ඉතින් ඒ රජවරුන්ට පේන්නේ නැතිවෙන්න අපි යමු කියලා තමයි කොල්ලා කෙල්ලට කියන්නේ .




    කහ ඉරත් රැළිවැටීලා කියලා අදහස් කරන්නේ දැන් මේ දෙන්නා කොච්චර උත්සහ කරලා කරලා මිනිස්සුන්ට දැනෙන්නේ නැතිවෙන්න අනියම් මාවතට පිවිසුනත් මෙයාලා ඒ මාර්ග දෙක අතරේ ගමන් කරනකොට මිනිස්සුන්ට ඒක තේරෙනවා කියන එක . මොකද දෙන්නා පාරවල් දෙක මාරු කරන විදිය ප්‍රාථමික නිසා හෝ වැරදි නිසා තමයි මෙහෙම මිනිස්සුන්ට මේ දෙන්නා මාට්ටු වෙන්නේ .

    ඔන්න ඔහොම අර්ථයක් තමයි ගීතයට කියවුනේ . කහ ඉර , සහ මාවත ගැන කෙරුණු ආදේශ කිරීම් කරේ මම . බලන්න මේක වැරදිද කියලා .....

    අවසාන වශයෙන් කියන්න ඕන , මේක මුල් ගීතයට , රචකයාට කරන අපහාසයක් නොවන වග .