ඉලක්ට්‍රොනික සංග්‍රාමය
එක්සත් ජනපදය මැදපෙරදිග සිය රේඩියෝ-ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාවන් මහා පරිමාණයෙන් ඉහළ දමන බවට පසුගිය දෙසැම්බර් මාසයේදී රුසියානු පුවත්පතක් වන 'ඉස්වෙස්ටියා' වාර්තා කර තිබිණි.එම වාර්තාවට අනුව ඔවුන්ගේ ක්‍රියාමාර්ගයේ ඉලක්කය ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ය.නමුත් සමහර පාර්ශ්වය එම අදහස ප්‍රතික්ෂේප කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය රහසිගත ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට සහාය පළකරන බව කියමින්ය.
වසර පහක් ඇතුලත පළමුවරට ආර් සී-135 රිවට් ජොයින්ට්(RC-135 Rivet Joint) සංඥා බුද්ධි තොරතුරු රැස් කිරීමේ යානය කටාර් රාජ්‍යයේ අල් උඩෙයිඩ් ගුවන් කඳවුරෙන් ගුවන් ගත කල බව සඳහන් වේ.එක්සත් ජනපද මැරීන් හමුදාව සතු ඊ ඒ-6බී ප්රොව්ලර්(EA-6B Prowler) ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ගුවන් යානයද තුර්කියේ ඉන්සර්ලික් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී ආර්සී-135 යානය සමග මෙහෙයුම්වල යෙදුණු බව සඳහන් වේ.ඊට අමතරව එෆ්/ඒ-18 එෆ් සුපර් හොර්නට්(F/A-18F Super Hornet)යානයේ විශේෂිත ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික මොඩලයක් වන ඊඒ-18ජී ග්රොව්ලර්(EA-18G Growler)යානයද මෙම මෙහෙයුම සඳහා සහභාගිවී තිබේ.
ඇමෙරිකානුවන් මෙහෙයුම් සිදුකරන්නේ ප්‍රධාන වශයෙන්ම ඉරාක ගුවන් සීමා තුලයි.රුසියාව ඒ හා සමාන මෙහෙයුම් ටීයූ-214ආර් නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ගුවන්යානය යොදාගෙන සිරියානු ගුවන් සීමා තුල සිදුකරයි.
2016 දෙසැම්බර් මස මුල් කාලයේදී ආර්සී-135 යානයක් කටාර් රාජ්‍යයේ අල් උඩෙයිඩ් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී උතුරු දෙසට එනම් ඉරාකය දෙසට ගමන් කරනවා දුටු අය සිටියි.ඉන්පසුව මෙම යානය ඉරාකයට යන ගමනේදී ඉන්ධන ලබාගන්නා අයුරු දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කර තිබිණි.මෙම ප්‍රහාරක ජෙට් යානාවල ප්‍රධාන ඉලක්ක වන්නේ ජිහාඩ් සටන්කාමීන් රැගෙන යන ජංගම දුරකථන සහ අතේ ගෙන යා හැකි සිවිල් රේඩියෝ පණිවුඩ හුවමාරු යන්ත්‍රයි.
එකතුකර ගත් තොරතුරු විශ්ලේෂණය කිරීම ඔස්සේ ගුවන් යානය තුල සිටින කාර්ය මණ්ඩලයට අදාල සටන්කාමී කණ්ඩායම සිටින ඉසව්ව,ඔවුන්ගේ ගමන් පථය මෙන්ම සටන්කාමීන් කුමන සංවිධානයකට අයත් වේද යන්න පවා සොයා ගත හැකි බව කියවේ.මේ සඳහා දිගින් දිගටම මෙම යානාවලට මුර සංචාරයේ යෙදීමට සිදුවේ.
ඇමෙරිකානු විශේෂඥයින්ට අනුව සටන්කාමීන් බහුලවම භාවිතා කරන්නේ වාණිජ රේඩියෝ මධ්‍යස්ථාන සහ ජංගම දුරකතන මෙන්ම අන්තර්ජාලය පහසුකම්ය.රේඩියෝ පණිවුඩ හුවමාරු නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ අණදෙන නිලධාරීන් අනාවරණය කරගැනීමට හෝ තමන් සතු අධිබල ට්‍රාන්ස්මීටර් යොදාගෙන සටන්කාමීන්ගේ ට්‍රාන්ස්මීටර් ඒකක අවහිර කිරීම හෝ බෝම්බ හෙළන යානා කැඳවා එම ඉලක්කය විනාශ කිරීම හෝ සිදුකල හැකිය.
ඉලෙක්ට්‍රොනික සංග්‍රාමය සම්බන්ධව ග්රන්ථයක් රචනා කල සර්ගෙයි ඩෙනිසෙන්ට්සෙව්ට අනුව මෙම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව නිසා සතුරන්ගේ රේඩියෝ පණිවුඩ හුවමාරු පද්ධති භාවිතා කිරීමේ හැකියාවට දැඩි පහරක් එල්ල වී තිබේ.මෙය දැනටමත් සතුරන්ට-ත්රස්තවාදීන්ට ජංගම සන්නිවේදන උපාංග ,සාමාන්‍ය වාණිජ සන්නිවේදන මධ්‍යස්ථාන භාවිත කිරීම සහ ලාභදායි උපාංග යොදාගෙන තමන් විසින්ම නිපදවූ බෝම්බ රේඩියෝ සංඥා ඔස්සේ පිපිරවීම ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් කර තිබේ.ඉලෙක්ට්‍රොනික ප්‍රති-ප්‍රහාර හමුවේ පවා ක්‍රියා කල හැකි නූතන රේඩියෝ මධ්‍යස්ථාන තිබෙන මුත් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට එවැනි රේඩියෝ උපාංග මිලදී ගැනීමට තිබෙන අවස්ථා සීමා සහිත බව ඩෙනිසෙන්ට්සෙව් පැවසීය.
MC-12W Liberty යානයක් උතුරු ඉරාකයේ එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබෙන අයුරු
පෙන්ටගනය ඉරාක සහ සිරියා ගුවන් සීමා තුල මිනිසුන් සහිත සහ රහිත ඔත්තු බැලීමේ යානා පියාසර කරවන බව රහසක් නොවේ.තවත් එවැනි කුඩා ප්‍රමාණයේ මිනිසුන් සහිත ඔත්තු බැලීමේ ඇමෙරිකානු යානයක් වන එම් සී-12 ඩබ්ලිව්(MC-12W Liberty) ,උතුරු ඉරාකයේ එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබෙන අයුරු ඉරාක ගුවන් හමුදාවේ ට්විටර් ගිණුමේ පළ කල ඡායාරූපවලින් දක්වා තිබිණි.ඇන්ටනොව්-32(An-32) ප්‍රවාහන ගුවන් යානා සහ රෆාලේ ප්‍රහාරක බෝම්බ හෙළන යානා දෙකක් සමග එම්සී-12ඩබ්ලිව් යානය තිබෙන අයුරු ඡායාරූපවල දක්නට ලැබේ.
සිය පළමු එම්සී-12 ඩබ්ලිව් යානය ඇමෙරිකානු ගුවන් හමුදාවට ලැබුණේ 2009 වර්ෂයේදීය.ඉරාකය ආක්‍රමණය කර වසර පහකටත් වැඩි කාලයකට පසුව ඉරාකයේ කැරලිකරුවන් ගුවනින් නිරීක්ෂණය කිරීමට තවත් ඔත්තු බැලීමේ යානා පෙන්ටගනයට අවශ්‍ය විය.එම්සී-12 ඩබ්ලිව් ලිබර්ටි යානය එන්ජින් දෙකක් සහිත රාත්‍රියේ පවා දැකීමට පුළුවන් ප්‍රබල කැමරාද අඩංගු ඔත්තු බැලීමේ යානයකි.ඊට සතුරු පණිවුඩ හුවමාරුවලට සවන්දීම සහ ඒවා පටිගත කිරීමේ හැකියාවද තිබේ.චන්ද්‍රිකා සමග ඇතිකරගන්නා සම්බන්ධතාවය හරහා එකතු කරගන්නා දත්ත වහාම සිය ගොඩබිම් මධ්‍යස්ථානයට සපයන්නටද එය සමත්ය.
2014 නොවැම්බර් මාසය වන විට ගුවන් හමුදාවේ එම්සී-12ඩබ්ලිව් යානා ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල ගුවන් පැය 400,000කට වඩා මෙහෙයුම් සිදුකර තිබිණි.එම යානාවලින් ලබාගත් වීඩියෝපටවල ප්‍රමාණය පැය දහස්ගණනකි.වසර පහකට වැඩි කාලයක් ගුවන් හමුදාව සතුව තිබූ මෙම යානා ගුවන් ජාතික ආරක්ෂක බලකාය,එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් ඒකකය සහ එක්සත් ජනපද යුද හමුදාවට ලබාදෙන්නට ගුවන් හමුදාව තීරණය කලේය.2015 අප්‍රේල් මාසයේදී ගුවන් ජාතික ආරක්ෂක බලකායේ 137 වන විශේෂ මෙහෙයුම් ඒකකය ඔවුන්ගේ පළමු ලිබර්ටි යානය ලබාගත්තේය.
2016 වර්ෂය වන විට එම්සී-12 ඩබ්ලිව් ලිබර්ටි යානා භාවිතා කල එකම ගුවන් හමුදා ඒකකය වූයේ 137 වන විශේෂ මෙහෙයුම් ඒකකයයි.2016 ඔක්තෝම්බර් මාසයේදී මෙම ඒකකයේ සාමාජිකයින් ස්ථානය සඳහන් නොකල නිරිතදිග ආසියාවේ ප්‍රදේශයකට පිටත් කර යැවූ බව සඳහන් වේ.පෙන්ටගනය නිරිතදිග ආසියාව ලෙස සලකන්නේ අරාබි අර්ධද්වීපයයි.කුවේට්,කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමෙරිකානු කඳවුරු පිහිටුවා තිබේ.ඒ අනුව 137 වන විශේෂ මෙහෙයුම් ඒකකයේ එම්සී-12ඩබ්ලිව් ලිබර්ටි යානා මෙම එක් ගුවන් කඳවුරක තිබෙන්නට පුළුවනි.සමහර වාර්තාවලට අනුව ලිබර්ටි යානා කිහිපයක් ඇෆ්ගනිස්ථානයේ සටන්කාමීන් දඬයම් කිරීමට යොදවා තිබේ.
මෙම යානයකට පියාසර කල හැකි උපරිම දුර සැතපුම් 2,400ක් වේ.එනම් ඊට පර්සියානු බොක්කේ සිට උතුරු ඉරාකයට පියාසර කිරීමේ හැකියාව තිබේ.නමුත් ලිබර්ටි යානාවලට ගුවනේදී ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැත.එර්බිල් නගරයේ සිට මෝසූල් නගරයට සැතපුම් 50ක දුරක් තිබේ.මෝසූල් නගරය අල්ලා ගැනීමට ඉරාක හමුදා සහ කුර්දි සටන්කාමීන් මේවන විටත් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සමග සටන් වැදී සිටියි.බැග්ඩෑඩ් රජය 2016 ඔක්තෝම්බර් මාසයේදී මෝසූල් නගරය මුදාගැනීමේ සටන ආරම්භ කල බව නිවේදනය කිරීමෙන් පසුව ඇමෙරිකානු සහ අනෙකුත් මිත්‍ර රාජ්‍යවල ගුවන් හමුදා මෙම කලාපයේ දැඩි ලෙස සක්‍රීයව තිබේ.විශාල ප්‍රමාණයේ ආර්සී-13 රිවර්ට් ජොයින්ට්(RC-135 Rivet Joint) ඔත්තු බැලීමේ යානය සහ ඊසී-130එච්(EC-130H Compass Call) යානය මෙම ගුවන් ප්‍රහාර ව්‍යාපාරය සඳහා සහාය ලබාදී තිබේ.
2016 මාර්තු මාසයේදී ලිබර්ටි යානයක් එර්බිල්හි වයඹදිග ප්‍රදේශයේ කව්ගොස්ක් නගරයට කඩා වැටුණි.එය සිවිල් ගුවන් සේවා මොඩලයක් ලෙස හැඳින්වුවද පෙන්ටගනය් වහාම යානය එතැනින් ඉවත් කරගැනීමට ක්‍රියාකර තිබේ.
Source:southfront.org,warisboring.com
-HarshaLulzSec-

RC-135 Rivet Joint යානයක්

EA-18G Growler යානයක්
EA-6B Prowler යානයක්
ඇමෙරිකානුවන් මෙහෙයුම් සිදුකරන්නේ ප්‍රධාන වශයෙන්ම ඉරාක ගුවන් සීමා තුලයි.රුසියාව ඒ හා සමාන මෙහෙයුම් ටීයූ-214ආර් නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ගුවන්යානය යොදාගෙන සිරියානු ගුවන් සීමා තුල සිදුකරයි.
රුසියානු Tu-214R යානයක්
2016 දෙසැම්බර් මස මුල් කාලයේදී ආර්සී-135 යානයක් කටාර් රාජ්‍යයේ අල් උඩෙයිඩ් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී උතුරු දෙසට එනම් ඉරාකය දෙසට ගමන් කරනවා දුටු අය සිටියි.ඉන්පසුව මෙම යානය ඉරාකයට යන ගමනේදී ඉන්ධන ලබාගන්නා අයුරු දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කර තිබිණි.මෙම ප්‍රහාරක ජෙට් යානාවල ප්‍රධාන ඉලක්ක වන්නේ ජිහාඩ් සටන්කාමීන් රැගෙන යන ජංගම දුරකථන සහ අතේ ගෙන යා හැකි සිවිල් රේඩියෝ පණිවුඩ හුවමාරු යන්ත්‍රයි.
එකතුකර ගත් තොරතුරු විශ්ලේෂණය කිරීම ඔස්සේ ගුවන් යානය තුල සිටින කාර්ය මණ්ඩලයට අදාල සටන්කාමී කණ්ඩායම සිටින ඉසව්ව,ඔවුන්ගේ ගමන් පථය මෙන්ම සටන්කාමීන් කුමන සංවිධානයකට අයත් වේද යන්න පවා සොයා ගත හැකි බව කියවේ.මේ සඳහා දිගින් දිගටම මෙම යානාවලට මුර සංචාරයේ යෙදීමට සිදුවේ.
ඇමෙරිකානු විශේෂඥයින්ට අනුව සටන්කාමීන් බහුලවම භාවිතා කරන්නේ වාණිජ රේඩියෝ මධ්‍යස්ථාන සහ ජංගම දුරකතන මෙන්ම අන්තර්ජාලය පහසුකම්ය.රේඩියෝ පණිවුඩ හුවමාරු නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ අණදෙන නිලධාරීන් අනාවරණය කරගැනීමට හෝ තමන් සතු අධිබල ට්‍රාන්ස්මීටර් යොදාගෙන සටන්කාමීන්ගේ ට්‍රාන්ස්මීටර් ඒකක අවහිර කිරීම හෝ බෝම්බ හෙළන යානා කැඳවා එම ඉලක්කය විනාශ කිරීම හෝ සිදුකල හැකිය.
ඉලෙක්ට්‍රොනික සංග්‍රාමය සම්බන්ධව ග්රන්ථයක් රචනා කල සර්ගෙයි ඩෙනිසෙන්ට්සෙව්ට අනුව මෙම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාව නිසා සතුරන්ගේ රේඩියෝ පණිවුඩ හුවමාරු පද්ධති භාවිතා කිරීමේ හැකියාවට දැඩි පහරක් එල්ල වී තිබේ.මෙය දැනටමත් සතුරන්ට-ත්රස්තවාදීන්ට ජංගම සන්නිවේදන උපාංග ,සාමාන්‍ය වාණිජ සන්නිවේදන මධ්‍යස්ථාන භාවිත කිරීම සහ ලාභදායි උපාංග යොදාගෙන තමන් විසින්ම නිපදවූ බෝම්බ රේඩියෝ සංඥා ඔස්සේ පිපිරවීම ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් කර තිබේ.ඉලෙක්ට්‍රොනික ප්‍රති-ප්‍රහාර හමුවේ පවා ක්‍රියා කල හැකි නූතන රේඩියෝ මධ්‍යස්ථාන තිබෙන මුත් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට එවැනි රේඩියෝ උපාංග මිලදී ගැනීමට තිබෙන අවස්ථා සීමා සහිත බව ඩෙනිසෙන්ට්සෙව් පැවසීය.
MC-12W Liberty යානයක් උතුරු ඉරාකයේ එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබෙන අයුරු
පෙන්ටගනය ඉරාක සහ සිරියා ගුවන් සීමා තුල මිනිසුන් සහිත සහ රහිත ඔත්තු බැලීමේ යානා පියාසර කරවන බව රහසක් නොවේ.තවත් එවැනි කුඩා ප්‍රමාණයේ මිනිසුන් සහිත ඔත්තු බැලීමේ ඇමෙරිකානු යානයක් වන එම් සී-12 ඩබ්ලිව්(MC-12W Liberty) ,උතුරු ඉරාකයේ එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබෙන අයුරු ඉරාක ගුවන් හමුදාවේ ට්විටර් ගිණුමේ පළ කල ඡායාරූපවලින් දක්වා තිබිණි.ඇන්ටනොව්-32(An-32) ප්‍රවාහන ගුවන් යානා සහ රෆාලේ ප්‍රහාරක බෝම්බ හෙළන යානා දෙකක් සමග එම්සී-12ඩබ්ලිව් යානය තිබෙන අයුරු ඡායාරූපවල දක්නට ලැබේ.
MC-12W Liberty යානයේ සමීප දසුනක්
සිය පළමු එම්සී-12 ඩබ්ලිව් යානය ඇමෙරිකානු ගුවන් හමුදාවට ලැබුණේ 2009 වර්ෂයේදීය.ඉරාකය ආක්‍රමණය කර වසර පහකටත් වැඩි කාලයකට පසුව ඉරාකයේ කැරලිකරුවන් ගුවනින් නිරීක්ෂණය කිරීමට තවත් ඔත්තු බැලීමේ යානා පෙන්ටගනයට අවශ්‍ය විය.එම්සී-12 ඩබ්ලිව් ලිබර්ටි යානය එන්ජින් දෙකක් සහිත රාත්‍රියේ පවා දැකීමට පුළුවන් ප්‍රබල කැමරාද අඩංගු ඔත්තු බැලීමේ යානයකි.ඊට සතුරු පණිවුඩ හුවමාරුවලට සවන්දීම සහ ඒවා පටිගත කිරීමේ හැකියාවද තිබේ.චන්ද්‍රිකා සමග ඇතිකරගන්නා සම්බන්ධතාවය හරහා එකතු කරගන්නා දත්ත වහාම සිය ගොඩබිම් මධ්‍යස්ථානයට සපයන්නටද එය සමත්ය.
2014 නොවැම්බර් මාසය වන විට ගුවන් හමුදාවේ එම්සී-12ඩබ්ලිව් යානා ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල ගුවන් පැය 400,000කට වඩා මෙහෙයුම් සිදුකර තිබිණි.එම යානාවලින් ලබාගත් වීඩියෝපටවල ප්‍රමාණය පැය දහස්ගණනකි.වසර පහකට වැඩි කාලයක් ගුවන් හමුදාව සතුව තිබූ මෙම යානා ගුවන් ජාතික ආරක්ෂක බලකාය,එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් ඒකකය සහ එක්සත් ජනපද යුද හමුදාවට ලබාදෙන්නට ගුවන් හමුදාව තීරණය කලේය.2015 අප්‍රේල් මාසයේදී ගුවන් ජාතික ආරක්ෂක බලකායේ 137 වන විශේෂ මෙහෙයුම් ඒකකය ඔවුන්ගේ පළමු ලිබර්ටි යානය ලබාගත්තේය.
2016 වර්ෂය වන විට එම්සී-12 ඩබ්ලිව් ලිබර්ටි යානා භාවිතා කල එකම ගුවන් හමුදා ඒකකය වූයේ 137 වන විශේෂ මෙහෙයුම් ඒකකයයි.2016 ඔක්තෝම්බර් මාසයේදී මෙම ඒකකයේ සාමාජිකයින් ස්ථානය සඳහන් නොකල නිරිතදිග ආසියාවේ ප්‍රදේශයකට පිටත් කර යැවූ බව සඳහන් වේ.පෙන්ටගනය නිරිතදිග ආසියාව ලෙස සලකන්නේ අරාබි අර්ධද්වීපයයි.කුවේට්,කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමෙරිකානු කඳවුරු පිහිටුවා තිබේ.ඒ අනුව 137 වන විශේෂ මෙහෙයුම් ඒකකයේ එම්සී-12ඩබ්ලිව් ලිබර්ටි යානා මෙම එක් ගුවන් කඳවුරක තිබෙන්නට පුළුවනි.සමහර වාර්තාවලට අනුව ලිබර්ටි යානා කිහිපයක් ඇෆ්ගනිස්ථානයේ සටන්කාමීන් දඬයම් කිරීමට යොදවා තිබේ.
MC-12W Liberty යානයක්
මෙම යානයකට පියාසර කල හැකි උපරිම දුර සැතපුම් 2,400ක් වේ.එනම් ඊට පර්සියානු බොක්කේ සිට උතුරු ඉරාකයට පියාසර කිරීමේ හැකියාව තිබේ.නමුත් ලිබර්ටි යානාවලට ගුවනේදී ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැත.එර්බිල් නගරයේ සිට මෝසූල් නගරයට සැතපුම් 50ක දුරක් තිබේ.මෝසූල් නගරය අල්ලා ගැනීමට ඉරාක හමුදා සහ කුර්දි සටන්කාමීන් මේවන විටත් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සමග සටන් වැදී සිටියි.බැග්ඩෑඩ් රජය 2016 ඔක්තෝම්බර් මාසයේදී මෝසූල් නගරය මුදාගැනීමේ සටන ආරම්භ කල බව නිවේදනය කිරීමෙන් පසුව ඇමෙරිකානු සහ අනෙකුත් මිත්‍ර රාජ්‍යවල ගුවන් හමුදා මෙම කලාපයේ දැඩි ලෙස සක්‍රීයව තිබේ.විශාල ප්‍රමාණයේ ආර්සී-13 රිවර්ට් ජොයින්ට්(RC-135 Rivet Joint) ඔත්තු බැලීමේ යානය සහ ඊසී-130එච්(EC-130H Compass Call) යානය මෙම ගුවන් ප්‍රහාර ව්‍යාපාරය සඳහා සහාය ලබාදී තිබේ.
2016 මාර්තු මාසයේදී ලිබර්ටි යානයක් එර්බිල්හි වයඹදිග ප්‍රදේශයේ කව්ගොස්ක් නගරයට කඩා වැටුණි.එය සිවිල් ගුවන් සේවා මොඩලයක් ලෙස හැඳින්වුවද පෙන්ටගනය් වහාම යානය එතැනින් ඉවත් කරගැනීමට ක්‍රියාකර තිබේ.
කඩා වැටුණු යානය
Source:southfront.org,warisboring.com
-HarshaLulzSec-
Last edited: