ඉල්ලා අස්වෙන්නැයි ජනපති නිල වශයෙන් දන්වයි.සදුදා විශේෂ ප්‍රකාශයක් 🔴BREAKING

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    බහුතර ඉල්ලීම මත නැවතත් අගමැටි පුටුවට

    රාජපක්ෂ ලට මේ ගෙවෙන්නේ අර එදා ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ ගෙවන පැය ගාන වගේ, කොහොම ත් යන්න වෙනව කියල දැන දැනත්, ගහන්න පුලුවන් බර අවි ඔක්කොම දාල ගහනවා හැබැයි අවසානේ ගැන දැනුවත් වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: Splash_smart

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    🔴 දිවයින පුරා තිබෙන අරගල භූමිවල රැඳී සිටින අපේම සහෘදයන් වෙත කෙරෙන නිවේදනය !!

    ඔබගේත් මගේත් බල කෑදර ජනපතියා විසින් මැයි 6 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් බලාත්මක කර ඇත.

    මෙය බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලය මැඩලීමට ගනු ලැබූ නිර්ලජ්ජිත උපායමාර්ගක් බවට සැක මතුවෙමින් පවතී. එමනිසා අද(7) සිට ලබන 11 වනදා වනතුරු කාලය අරගල භූමියේ අරගලයෙහි නිරත වන ඔබ ඉතාමත් විමසිලිමත්ව සිටිය යුතු කාල පරාසයකි.

    මන්ද යත් හදිසි නීතිය බලාත්මකව තිබියදී නීතියේ වැකියන්ට යටත්ව සාමකාමී අරගලයන්හි නිරත වීමේ මානව හිමිකම පොදු මහජනයා සතු නමුත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මර්ධනය කිරීමට පොලීසියට පූර්ණ නිදහස පවතී. එනම් මේ මොහොතේ සිට අපගේ ආදරය පෙරටුකරගත් සාමකාමී අරගලයේ සාමකාමීත්වය බිඳලීමට ආණ්ඩුවෙන්ම පිරිස් අරගල භූමියට යොදවා, ඔබ හා එක්ව සාමකාමීත්වය කෝලාහලයක් දක්වා වර්ධනය කිරීමටත් ඒ තුලින් අරගලය අල කිරීමටත් ආණ්ඩුව සැදී පැහැදී ඇති බව නොරහසක්.

    එම නීච ව්‍යායාමය මොවුන් සදුදා(9) හෝ අඟහරුවාදා(10) සිදුකලහොත් එදින රාත්‍රියෙම බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත හර්තාලයද මැඩලීමට ඇඳිරිනීතිය බලාත්මක කිරීමට ලොකු ඉඩ ප්‍රස්ථාවක් පවතී.

    එසේ වුවහොත් මෙම නිර්පාක්ෂික අරගලයේ ගන්නට තිබූ විශාල පියවරක් අපට ආපස්සට ගැනීමට සිදුවනු ඇත.

    එමනිසා, ප්‍රවේසම් වන්න..
    විශේෂයෙන්ම ඔබ සමග මේ ඉදිරි දින කීපය තුළ අලුතින් එක්වන පිරිස ගැන සැලකිලිමත් වන්න..
    ප්‍රචණ්ඩකාරී පිරිස් සැනෙකින් අරගල භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්න..
    යම් හෙයකින් පොලීසිය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් අරගල භූමියෙ පිරිස් විසින්ම ඇති කරන බවක් පෙනෙන්නට ඇත්නම් ගැටුම්කාරී පිරිස පොලීසිය සමඟ තනි කරන්න..

    (මෙම නිවේදනය හැකිතාක් share කරන්න. ආණ්ඩුව හර්තාලය මැඩලීමේ අරමුණින් සිදුකරන මෙවැනි නීච උපක්‍රම මහජනයා තුල නොරහසක්ව පවතින තාක් කල් අරගලයේ සත්‍ය අරමුණින් මහජනයා ඈත් නොවනු ඇත.)

    අරගලයට ජය 💪🙏
    Copied..
     
    • Like
    Reactions: NRTG