ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.
නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳුදා (අගෝස්තු 28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.