ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.
නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳුදා (අගෝස්තු 28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.
ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබිණ.
එහෙත් සිවු වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වූයේ ලකණු 168 කිනි. එය ශ්‍රී ලංකාව සිය රට තුළ දී එක් දින තරගයක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාවය.
එහෙත් තරගාවලියේ තරග හතරක්ම පරාජයවීම හේතුවෙන්, කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණි.
එහෙත් එයද අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකණු සංඛ්‍යාව මත රඳා පවතී.