ඉලෙක්ට්‍රොනික සංග්‍රාමය-2
යුද සමයකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා සන්නිවේදනයන් කඩාකප්පල් කිරීමට හැකි තාක්ෂණය රුසියාව සහ චීනය සීඝ්‍රයෙන් වර්ධනය කරගනිමින් සිටියි.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව මේ හරහා ඇතිවිය හැකි බලපෑම සලකා බලා අවහිර කිරීම අසීරු සන්නිවේදන පද්ධති නිර්මාණය කිරීමට අතගසන ලදි.ඔවුන්ගේ අලුත්ම පද්ධතිය එහි ප්‍රතිඵලයකි.Defense Advanced Research Projects Agency(DARPA) නම් ආයතනය විසින් නිර්මාණය කල කෙස් ගස් තරම් තුනී ප්‍රකාශ තන්තු වලින් එකිනෙක හා සම්බන්ධවූ බෝයා මත ස්ථාපනය කල රේඩියෝ ප්‍රතියෝජක ජාලයක් අත්හදා බලන්නට ඇමෙරිකානුවන් සැරසේ.
DARPA ආයතනයේ පද්ධතිය ක්‍රියාකල හොත් පෙන්ටගනය විසින් එය ලබාගනිවි.අවස්ථාව පැමිණි පසු ඇමෙරිකානු යුද ගුවන් යානා දත්ත හුවමාරු කරගැනීම මුහුදු රළ මත පිහිටවූ බෝයාවන් හරහා සිදුකරාවි.සංඥා අවහිර කිරීම පසුගිය වසරවලදී ක්‍රමයෙන් නරක අතට හැරිණි.එක්සත් ජනපද හමුදාවන්ගේ ගුවන් විදුලි තරංග සංඛ්‍යාත අවහිර කිරීම අරමුණු කරගෙන රුසියාව සහ චීනය බලවත් ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධති ගුවනේ,ගොඩබිම සහ මුහුදේ දියත් කරන ලදි
බොහොමයක් එක්සත් ජනපද සංග්‍රාමික සටන් සංකල්ප යැපෙන්නේ පාබල හමුදාවල,ගුවන් යානා සහ යුද නෞකා අතර රේඩියෝ ජාල ඔස්සේ සිදුකරන තොරතුර් හුවමාරුව මත නිසා ඇමෙරිකානුවන් රේඩියෝ තරංග අවහිර කිරීම හමුවේ දුර්වල වීමේ හැකියාව වැඩිය.DARPA ආයතනය 2014 වර්ෂයේ මැද භාගයේදී දියත් කල උපායමාර්ගික මුහුදු පත්ලේ ජාලය - Tactical Undersea Network Architectures(TUNA) මෙම රේඩියෝ ජාලය සඳහා නිර්මාණය කරන ලද්දකි.මෙම සංකල්පය ගුවන් යානා හෝ නෞකා ඔස්සේ දමන බෝයාවල සවිකල රේඩියෝ තරංග ජාල නොඩ් මත රදාපවතියි.ඒවා එකිනෙක සම්බන්ධව වන්නේ දිය යටින් ගමන් කරන ප්‍රකාශ තත්තු ඔස්සේය.2015 සහ 2016 වසරවලදී මෙම TUNA වැඩසටහන සඳහා එක්සත් ජනපද රජය ඇ.ඩො.මිලියන 30ක් වියදම් කරන ලදි.
TUNA සන්නිවේදන ජාලය එක්සත් ජනපද හමුදාවන්ට ඉලෙක්ට්‍රොනික බාධාවලින් තොරව සන්නිවේදනය කිරීමට අවස්ථාව සලසා දේවි.රේඩියෝ තරංග දුරත් සමග දුබල වේ.ඒ නිසා ඒවා පහසුවෙන් සතුරන්ගේ අවහිර කිරීම්වල ගොදුරක් බවට පත්වේ.උදා:ජෙට් ප්‍රහාරක යානා දෙකක් එකිනෙකාගෙන් සැතපුම් සියගණනක් ඈතින් පියාසර කරද්දී ලින්ක්-16 ජාලයක් ඔස්සේ සෘජුව දත්ත හුවමාරු කරගැනීමට උත්සාහ කරන විට ඉක්මනින්ම සතුරන්ගේ සංඥා අවහිර කිරීම්වලට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතියි.
නමුත් පළමු ප්‍රහාරක යානය කි.මී.25 දුරින් තිබෙන බෝයාවක් සමග සන්නිවේදනය කරයි.එම බෝයාව ලබාගන්නා දත්ත ප්‍රකාශ තන්තු රැහැන් ඔස්සේ දෙවන ගුවන් යානයේ සිට කි.මී. 25ක් දුරින් තිබෙන දෙවන බෝයාවට යවයි.එවිට ප්‍රහාරක යානා දෙක සඳහා විමෝචකය සහ ප්‍රතිග්‍රාගකය අතර දුර කෙටි වේ.තවද සන්නිවේදනය සිදුවන්නේ දිය යටින් නිසා සංඥා අවහිර කිරීම පහසු නොවේ.ඉතා කුඩා විෂ්කම්භයක් සහිත ප්‍රකාශ තන්තු රැහැන් නිපදවා තිබෙන්නේ රළු සාගර පරිසරය හමුවේ දින 30 පමණ කාලයක් පවතින ලෙසය.අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඇමෙරිකානු හමුදාව කල්පවතින දත්ත ජාල හුවමාරු ජාලයක් නිර්මාණය කරාවි.
TUNA ජාලය බෝයා සමූහයක් සහ ප්‍රකාශ තන්තු රැහැන් යොදාගෙන ඇමෙරිකානු නාවුක හමුදාවට තාවකාලික දත්ත ජාලයක් නිර්මාණය කරයි
සැලසුම් කල අයුරින් ක්‍රියාත්මක වීමට නම් බෝයාවලට නාවුක තාක්ෂණයන් දෙකක පිහිට අවශ්‍ය වේ.එකක් වන්නේ අතිශය සිහින් නමුත් කල්පවතින රැහැන්ය.ඒවා පීඩනය,ලවණ ජලය සහ සාගර තත්ත්ව යටතේ නොබිඳී සිටීමට සමත්විය යුතුය.
අනෙක් වන්නේ බෝයාවන්ට බල ශක්තිය ලබාදීමට ක්‍රමයකි.ආයතනයේ ඉල්ලීමකට අනුව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික භෞතීය විද්‍යා පර්යේෂණාගාරය විසින් උත්පාදක බෝයාව-generator buoy නමින් මුහුදු රළේ චලිතය ඔස්සේ විදුලිය උපදවන තාක්ෂණයක් නිර්මාණය කර තිබේ.
දැන් දත්ත ගෙන යන රැහැන් සහ උත්පාදක බෝයාව යන දෙකම සූදානම්ය.2017 ජනවාරි මාසයේදී TUNA වැඩසටහනේ මුහුදු අත්හදා බැලීම සිදුකරන බව DARPA ආයතනය නිවේදනය කලේය.එක්සත් ජනපද හමුදාව දැන් සතුරන්ගේ සංඥා අවහිර කිරීම්වලින් නිදහස් ජලය යටින් සිදුකරන සන්නිවේදන ජාලයකට හිමිකම් කීමේ පළමු පියවරට ආසන්නයේ පසුවේ.
Source:warisboring.com
-HarshaLulzSec-

TUNA ජාලයේ දළ ආදර්ශනයක්

Wave Energy Buoy that Self-deploys (WEBS)
අනෙක් වන්නේ බෝයාවන්ට බල ශක්තිය ලබාදීමට ක්‍රමයකි.ආයතනයේ ඉල්ලීමකට අනුව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික භෞතීය විද්‍යා පර්යේෂණාගාරය විසින් උත්පාදක බෝයාව-generator buoy නමින් මුහුදු රළේ චලිතය ඔස්සේ විදුලිය උපදවන තාක්ෂණයක් නිර්මාණය කර තිබේ.
වොෂිංටන් සරසවිය විසින් නිර්මාණය කල මුහුදු රළේ චලිතයෙන් විදුලිය උත්පාදනය කරන උපාංගය - Wave Energy Buoy that Self-deploys (WEBS)

Last edited: