ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියමනක් තියෙනවා. මේක පැරණි කියමනක්. හැම ආගමික දර්ශනයකම වගේ ඉවසීම කියන මිනිස් ගුණාංගයට ස්ථානයක් දීලා තියෙනවා. හැම ආගමික දර්ශනයකම පාහේ ඉවසීම සලකන්නෙ උසස් මිනිස් ගුණයක් විදියට. මහාපදාන සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පරාපකාරත් පරාපවාදත් ඉවැසීම වූ අධිවාසනක්ෂාන්තිය උතුම් තපස යැ යි ද, නිවන සියල්ලෙන් උතුම් ම දහමැ යි ද ලෙසට. හැබැයි වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක පේන දෙයක් තමයි දැන් දැන් ඉවසීම කියන ගුණය මිනිස්සුන්ගෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් පවතින බව. ආප්පයක් නිසා ඇති වුන වචන හුවමාරුවක ප්‍රතිඵලයක් විදියට මනුස්සයෙක්ගේ බෙල්ල කපපු සිද්ධියක් මට කලකට පෙර අහන්න ලැබුනා.
ඉවසීමේ ගුණ ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කරන එක සූත්‍රයක් තමයි ප්‍රථම අක්ඛන්ති සූත්‍රය. මේ සූත්‍රය මෙහෙමයි.
මහණෙනි, අක්ෂාන්තියෙහි (මෙරමා වරද නො ඉවසීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වද්‍ය බහුල ද වෙයි. සම්මූඨ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්ෂාන්තියෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, ක්ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. වෛර බහුල නො වේ. වද්‍ය බහුල නො වේ. අසම්මූඨ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග ලොකයට පැමිණෙයි.
මහණෙනි, ක්ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
කොහොමවුනත් බුදු දහම තුළ ඉවසීම භාවනා අංගයක් විදියට දේශනා කෙරෙන්නෙ නැහැ. නමුත් එය පාරමිතාවන්ගෙන් එකක්.
ඉවසීම අපිට වැදගත් වෙන්නෙ එදිනෙදා ජීවිතයෙදි. ඒ ඒ අවස්ථා සම්බන්ධයෙන් ඉවසීම පුහුණු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉවසීම කියන ඵලය ඇතිවෙන හේතුවක් තමයි කේන්තිය. කේන්තිය කියන්නෙත් ඵලයක්. කේන්තිය ඇති වුනාම ඒකෙ ඵලය විදියට නොයෙක් දේවල් වෙන්න පුළුවන්. මොන දේ වුනත් කේන්තියෙන් කරන කියන හුඟක් දේවල්වල අවසාන ඵලය දුක. හැබැයි ඒක තේරෙන්නෙ ටිකක් වෙලා ගිහිල්ලා. මොකද කේන්තියෙ ස්වභාවයක් තමයි සිහිය විකෘති කිරීම. අපිට වීර්යයක් තියෙනවා නම් අර කියන්නෙ නූපන් කුසල් වඩන්න, ඉපදිලා තියෙන කුසල් පවත්වාගෙන යන්න අවශ්‍ය වීර්යය තියෙනවා නම් මේ වගේ වෙලාවට ඉවසීම වඩන්න පුළුවන්. ඒ කියන්නෙ කේන්තියෙ ඵලය විදියට ඉවසීම වඩන්න පුළුවන්. එහෙම ඉවසීම වඩන කෙනෙක්ට ඉවසීමේ සීමාවක් නැහැ. රතු කට්ට පනින්නෙ නැහැ.
සමහර වෙලාවට මිනිස්සු කියන කතාවක් තමයි ඉවසීම වුනත් ඕනෑවට වඩා කරන්න යාම හොඳ නැහැ කියලා. මේක පට්ට බොරුවක්. මේ ගැන ලස්සන කතාවක් තියෙනවා සංයුක්ත නිකායේ වෙපචිත්ති සූත්‍රයෙ.
වේපචිත්ති සූත්‍රයෙ කතාවෙ තියෙන්නෙ සුර අසුර යුද්ධය තියෙන කාලයෙ සක්‍ර දෙවියො සහ වේපචිත්ති අසුරයා ගැන කතාවක්. මේ යුද්ධයෙදි වේපචිත්ති අසුරයා අසුර සේනාවට කියනවා සක්‍රයව අල්ලගත්තොත් අත පය බැඳලා මගේ ඉස්සරහට අරන් එන්න කියලා. සක්‍ර දෙවියො දේව සේනාවට කියනවා වේපචිත්ති අසුරයාව අහු වුනොත් අත පය බැඳලා ඉස්සරහට අරන් එන්න කියලා. යුද්ධයෙන් අසුරයො පරදිනවා. දෙවියො වේපචිත්ති අසුරයාව කිව්ව වගේ අතපය බැඳලා සක්‍රයා ඉස්සරහට ගේනවා. සක්‍ර භවනට ඇතුළු වෙනකොටත් පිටවෙනකොටත් මේ වේපචිත්ති අසුරයා සක්‍ර දෙවියන්ට අසභ්‍ය වචනෙන් පරුෂ වචනෙන් බැණ බැන තමයි එන්නෙ. එහෙම බනිද්දි සක්‍ර දෙවියො ගාණක් නැතුව ඉන්නවා දකින මාතලී දිව්‍යපුත්‍රයා සක්‍ර දෙවියන්ගෙන් අහනවා වේපචිත්ති බනින එක ඉවසන්නෙ බයෙන්ද නැත්නම් දුර්වල නිසා ද කියලා (සමහර මිනිස්සු ඉන්නවනේ බණින ඒවා ඉවසන්නෙ බනින කෙනාට තියෙන බය නිසා, නැත්නම් ඒ කෙනාට වඩා දුබල නිසා).
සක්‍ර දෙවියො උත්තර දෙනවා, එහෙම බයකට හරි දුබලකමකට ඉවසනවා නෙමෙයි, මන් වගේ නුවණැත්තෙක් කොහොමද ඒ වගේ අඥානයෙක් එක්ක බැන අඬ ගහගන්නෙ කියලා.
එතකොට මාතලී කියනවා, වළක්වන කෙනෙක් නැත්නම් අඥානයො තවත් කේන්ති ගන්නවා ඒ නිසා නුවණැත්තො දඬුවමෙන් අඥානයො වළක්වනවා කියලා (දැකලා ඇති නෙ කට පියාගෙන ඉන්නවා දැක්කම නැත්නම් බයයි කියලා පේනකොට කේන්ති ගන්න කෙනා තවත් කේන්ති ගන්නවා).
ඒකට සක්‍ර දෙවියො උත්තර දෙනවා, සතුරාට හොඳටම තරහ ගිහිල්ලා කියලා දැනගෙන තමුන්ගේ හිතේ තරහක් ඇති නොවෙන්න දෙන කෙනෙක් ඉන්නවා ද ඒකම අඥානයා වැළැක්වීම කියලා කියනවා කියලා.
ආපහු මාතලී කියනවා, මට තේරෙන විදියට මේ කෙනා මට බයෙන් ඉවසන් ඉන්නවා කියලා දැන ගන්න අඥානයා තව තවත් ඒ කෙනාව තලලා පෙලලා දානවා හරියට බයේ දුවන ගවයෙක්ව එළවගෙන යන ගව රංචුවක් වගේ කියලා.
එහෙම කිව්වම සක්‍ර දෙවියො උත්තර දෙනවා මෙහෙම.
කෙනෙක් හිතන විදිය තමුන්ට වැඩක් නැහැ. ඒ කෙනා කිපිලා හරි නැතා හරි තමුන් ඉවසනවා නම් ඒකයි වැදගත්. තමුන්ට වටින්නෙ ඉවසීම. ඊට වඩා වටිනා දෙයක් මන් දන්නෙ නැහැ. යමෙක් බලවත් වුනත් ඉවසනවා නම් ඒකයි වටින්නෙ. අඥානයට තමුන් බලවත් කියලා හිතුනට ඒක ඉවසීම තරම් ප්‍රභල නැහැ. කේන්ති ගත්ත කෙනෙක් නිසා කේන්ති ගන්න කෙනා තමුන්ට ම අයහපතක් කරගන්නවා. කේන්ති ගත්ත කෙනෙක් ඉස්සරහා ඉවසන කෙනා ඒකෙන්ම සටන දිනනවා. කෙනෙක්ට තරහ ගිහින් කියලා දැනගෙන ඉවසන කෙනා තමුන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් දේ කරනවා. හැබැයි ඒ වගේ අයව අඥානයො කියලා හඳුන්වන අයත් ඉන්නවා කියලා.
මේ කතාව මුල් කරගෙන බුදුරජාණන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට උපදෙස් දෙන්නෙ සක්‍ර දෙවියො කිව්ව වගේ ඉවසීම, මෘදු බව පුරුදු කරන්න කියලා.
ඉතින් මේ නිසයි කිව්වෙ ඕනැවට වඩා ඉවසීම කරන්න හොඳ නැහැ කියලා මිනිස්සු කියන කතාව බොරුවක් කියලා.
කවදාවත් ඉවසීමට සීමාවක් තියා ගන්න එපා. එක එක පාට කටු තියා ගන්න එපා. බලන් ඉන්න අය, අහන් ඉන්න අය ඕන දෙයක් කියපු දෙන්. සිහියෙන් ඉවසන්න. කොච්චර කේන්ති ගත්ත කෙනෙක් ඉස්සර වුනත් ඉවසන්න. ඒ කෙනාට වඩා හයිය හත්තිය තිබුනත්, තමුන් නිවැරදි වුනත් ඉවසන්න. එහෙම කෙනාට තමයි සැනසීම ලැබෙන්නෙ.