පහුගිය දිනක ඔබ දකින්න ඇති කතරගම දේවාලයට ලැබුන ආධාර වලින් පිළිකා රෝහලට ළමා වාට්ටුවක් ඉදි කරන්නට වුනා. කතරගම දෙවියො නැත්නම් ස්කන්ධ කුමාර නැත්නම් මුරුගන් වන්දනා කරන සිංහල බෞද්ධයො විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේ කෙටි ලිපියෙදි මන් කතා කරන්න හිතුවෙ කතරගම දෙවියො ගැන නෙමෙයි. කතරගම දෙවියො එක්ක සම්බන්ධ කරලා කතා කරන වෙනත් චරිතයක් ගැන කතා කරන්න. ඒ තමයි 'වල්ලි අම්මා'.
ලංකාවෙදි කතරගම දෙවියන්ට වල්ලි අම්මා හම්බවුනා කියලා තමයි සිංහලයො කියන්නෙ නැත්නම් විශ්වාස කරන්නෙ. ලංකාවේ ලියැවෙන පොත පතේ ලියැවෙන්නෙත් එහෙමයි.
අපි බලමු ටිකක් මේ ගැන.
ලංකාවේ ප්‍රසිද්ධ කතරගම දෙවියො ඒ කියන්නෙ ස්කන්ධ කුමාර, සිංහල දෙවියෙක් නෙමෙයි. හින්දු සම්භවයක් තියෙන දෙවි කෙනෙක්. මේ දෙවියො උපදින හේතුව පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ සඳහා ප්‍රධාන ම හේතුව තමයි තාරක කියන අසුරයා. මේ අසුරයා ව පරද්දන්න තමයි ස්කන්ධ කුමාර උපදින්නේ. විවිධ පුරාණ ග්‍රන්ථවල ශිව දෙවියන්ට හා පාර්වතීට දාව අග්නි දෙවියන්ගෙත් උදව්වෙන් ස්කන්ධ කුමාර ඉපැදුන හැටි සඳහන් වෙනවා. මේ විදියට උපදින ස්කන්ධ කුමාර, තාරක අසුරයාව පරද්දනවා. සමහරක් පුරාණ ග්‍රන්ථවලට අනුව තාරක අසුරයාව පරදවන ස්කන්ධ කුමාරට ඉන්ද්‍ර දෙවියො තමුන්ගෙ දුව වෙච්චි දේවසේනාව විවාහ කරලා දෙනවා. තවත් පුරාණ ග්‍රන්ථවලට අනුව ස්කන්ධ කුමාර විවාහ වෙන්නෙ නැහැ. ඔහු තනිවම ජීවත් වෙනවා.
මෙතනදි මන් ආශ්‍රය කර ගන්නේ විෂ්ණු පුරාණය, වායු පුරාණය, මත්ස්‍ය පුරාණය, ගරුඬ පුරාණය, ස්කන්ධ පුරාණය, භගවත පුරාණය, ශිව පුරාණය, බ්‍රහ්ම පුරාණය, වාමන පුරාණය, බ්‍රහ්මණ්ඩ පුරාණය, පද්ම පුරාණය සහ ලිංග පුරාණය කියන පුරාණ ග්‍රන්ථ. හින්දු සාහිත්‍යය සම්බන්ධයෙන් මේ පුරාණ ග්‍රන්ථ කරුණු සෑහෙන්න දක්වලා තියෙනවා. මේ පුරාණ ග්‍රන්ථවල ස්කන්ධ කුමාර ගැන විවිධාකාරයෙන් කරුණු දක්වලා තියෙන බව ඒවා කියැව්වොත් ඔබට පෙනේවි.
හැබැයි මේ එකදු පුරාණ ග්‍රන්ථයකවත් 'වල්ලි අම්මා' ගැන සඳහන් වෙන්නෙ නැහැ.
එහෙමනම් අපිට හිතන්න පුළුවන් මොකක් ද? ස්කන්ධ කුමාර නැත්නම් කතරගම දෙවියන්ට සම්බන්ධ කොට වල්ලි අම්මා කියන චරිතය පසුකාලීනව එකතු වී ඇති බවයි. හරියට ශ්‍රී ක්‍රිෂ්ණාට රාධා එකතු වූවා සේ. එසේ එකතු වී ඇත්තේ උතුරු ඉන්දියානු ආභාසය නිසා නොවේ. එසේ එකතු වී ඇත්තේ දකුණු ඉන්දීය ආභාසයෙන්. මොකද දකුණු ඉන්දියාවේ දී ස්කන්ධ කුමාරට වල්ලි සම්බන්ධ කරන නිසා.
ඉතින් ඔබ කතරගම දෙවියන් ගැන උනන්දු වෙන කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.