ඉවසීම ජයග්‍රහණයේ සංකේතයයි! - 01
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි!
ඔහුගේ ශාන්තිය හා සාමය මුහම්මද් නබි (සල්* තුමන් වෙත, එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත්‍රවරුන් හා අවසාන දිනය තෙක් එතුමන්ගේ මඟ ඔස්සේ ගමන් කරන සියල්ලන් වෙත හිමිවේවා!
ඉවසීම පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි අවස්ථා අනූවකටත් අධිකව සඳහන් වෙයි. මිනිසාට ඉවසීම අවශ්‍යවන්නේ ඔහුට ඉක්මන්වීමේ දුර්වලතාවය පවතින බැවිනි. ඉවසීම යනු ජයග්‍රහණයේ සංකේතයයි, ජයග්රහකයින්ගේ තෝතැන්නයි.
වරක් ඉවසිලිවන්තයින් ප්‍රශංසා කරන ශුද්ධවූ අල්කුර්ආනය, තවත් වරක් ඉවසිලිවන්තයින්ට හිමිවන උසස් ප්රසාදයන් පිළිබඳ කථා කරයි. තවත් වරක් ඉවසිලිවන්තයින්ගේ සුභදායි අවසානය පිළිබඳ පවසයි.
මෙලොවට අවතීර්ණවූ ඉතා ශ්‍රේෂ්ඨතම පිරිසක් වන ශාස්තෘවරුන් මුහුණ පාන්නට සිදුවූ තාඩන පීඩන, වද හිංසා, අපවාද, අවලාද සුළු පටු නොවේ. එම සියළු අවස්ථාවන්හි ඔවුන් ඉවසීමෙන් අල්ලාහ්ගේ ආශිර්වාදය පමණක් අපේක්ෂා කරමින් ක්‍රියා කළහ. ඔවුන්ගේ අවසානය ඉතා යහපත් අවසානයක් විය.
මෙලොව ජීවිතය යනු තාවකාලිකවූ පැවැත්මකි. මතු ලොව දිවියත් සමග සසඳන විට මෙලොව ජීවිතය ඉතා සුළු කාලයකි. සදාතනිකවූ මතු දිවිය තුළ අපි ජයග්‍රහණය ළඟාකරගැනීමට නම් අල්ලාහ්ගේ ආශිර්වාදය පමණක් අපේක්ෂා කරමින් ඉතා ඉවසිලිවන්තව කි‍්‍රයා කළ යුතුය.
තාවකාලිකවූ මෙලොව සමහර අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම සඳහා අපි කෙතරම් ඉවසීමෙන් කටයුතු කරමුද? එසේ නම් විශ්වාසවන්තයකුගේ සැබෑ ඉලක්කය සදාතනිකවූ ජයග්‍රහණය වන මතු ලොව ජීවිතයයි. සෞභාග්‍යමත් ස්වර්ගය හිමිකරගැනීමයි. එම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා ඉවසීම කෙතරම් අවශ්‍යද යනු අමුතුවෙන් කිවයුතු නොවේ.
අල්ලාහ් වෙනුවෙන් ඉවසමු!
ඉවසීම යනු යාඥාවකි. එයට ද පිවිතුරු චේතනාව අවශ්‍යය. කෙනෙකු අල්ලාහ් වෙනුවෙන් ඉවසන විට පමණයි ඔහුගෙන් යහපත් ප්රසාදයන් අපේක්ෂා කළ හැක්කේ. එසේ නොවන විට ඔහුට අල්ලාහ්ගෙන් යහපත අපේක්ෂා කළ නොහැක.
ශුද්ධවූ අල්කුර්ආනයෙහි තම ¥තවරයා අමතා ඔබ අල්ලාහ් වෙනුවෙන්ම ඉවසන්න යන නියෝගය තුළින් මෙය හොඳනි තහවුරු කරගත හැක.
”ඔබ හිමියන් වෙනුවෙන් ඉවසනු” (74: 7*.
පරාජයෙන් මිදීමට නම්!
ඉවසීම යනු කෙනෙකු තමන්ව පරාජයෙන් මුදවා ගැනීම සඳහා අනිවාර්්‍යයෙන් ඔහු සතුව පැවතිය යුතු ගුණාංගයක් වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය කරයි.
”කාලය මත දිවුරා සැබවින්ම මිනිසා පාඩුවේ සිටී. කවුරුන් විශ්වාස කොට, යහපත් කි්රයාවන් කර, සත්‍යය හා ඉවසීම එකිනෙකා අතර උපදෙස් කරන්නේ ද ඔවුන් හැර” (වල් අස්ර්:1-4*.
මානවයා පරාජයෙන් මිදෙන්නට නම් මෙම සිව් ගුණාංගයන් ඔහු සතු විය යුතුයි. මෙය අනිවාර්්‍යයෙන් කෙනෙකු සතු විය යුතු ගුණාංගයන් වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය අවධාරණය කරයි. මෙම සිව් ගුණාංග අතර ඉවසීම ද සඳහන් වේ.
මෙලොව ජීවිතය පරීක්ෂණ කුටියකි!
මිනිස් ජීවිතය පරීක්ෂණ කුටියක් වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය අවධාරනය කරයි. එබැවින් සර්ව බල සම්පන්න අල්ලාහ්ගේ පරීක්ෂණය ඉදිරියේ ඉවසීම යනු නොවැළැක්විය හැකි ගුණාංගයකි.
”අපි ඔබලා යම් දුරකට බිය, සාගින්න, ජීවිත, ධනය, අස්වැන්න අහීමිවීම තුළින් පරීක්ෂණයට ලක්කරමු. (ශාස්තෘවරයානනි!* ඉවසිලිවන්තයින්ට සුභ පතනු. ඔවුන් යම් පීඩනයකට මුහුණ පාන්න සිදුවූ විට ඔවුන් පවසන්නේ නියතයෙන්ම අපි අල්ලාහ්ට අයත් අය වෙමු අපි යළි පමුණුවනු ලබන්නේ අල්ලාහ් වෙතය. ඔවුන්ටයි අල්ලාහ්ගේ කරුණාව හා දයාව තවද ඔවුනුයි නිවැරදි මාර්ගයේ ගමන් කරන්නන්” (2: 155- 157*.
”(විශ්වාසවන්තයිනි!* ඔබගේ සම්පත් මගින්, ඔබගේ ආත්මයන් මගින් සැබවින්ම ඔබලා පරීක්ෂණයට ලක්වනු ඇත, ඔබලාට පෙර පුස්තක ලද් සමාජයන් විසින්, සමානයන් ගෙන වන්දනා මාන කරන්නන් විසින් විවිධ අපහාසයන් ද ශ්‍රවණය කරන්නේය. නමුත් ඔබලා ඉවසීමෙන් සිට (අල්ලාහ්ට* බිය බැතිව සිටියේ නම් සැබවින්ම එය සියළු කාර්්‍යයන් හි (යහපත ගෙන දෙන* තීරණාත්මක සාධකයකි.” (3: 186*.
යහපතෙහි තිරසාර වීමට ඉවසීම අවශ්‍යය:
යහපත් කි්රයාවන් කෙනෙකු අඛණ්ඩව කිරීමට ද ඉවසීම අවශ්‍ය වේ. දවසක් දෙකක් කර යහපත් කි්රයාවන්ගෙන් කෙනෙකුට ඈත් විය නොහැක.
”(ශාස්තෘවරයානනි!* ඔබේ පවුලේ උදවියට සලාතය ස්ථාපිත කරන ලෙස නියෝග කරනු. ඔබ ද (සලාතයේ* ඉවසීමෙන් හා ස්ථීරව සිටිනු. අපි ඔබෙන් ආහාර අපේක්ෂා නොකළෙමු. අපියි ඔබට ආහාර පිරිනමන්නේ. යහපත් නිමාව බිය බැතිමතුන්ටය.” (20: 132*.