ඉවසීම ජයග‍්‍රහණයේ සංකේතයයි! - 01

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉවසීම ජයග‍්‍රහණයේ සංකේතයයි! - 01

    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි!

    ඔහුගේ ශාන්තිය හා සාමය මුහම්මද් නබි (සල්* තුමන් වෙත, එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත‍්‍රවරුන් හා අවසාන දිනය තෙක් එතුමන්ගේ මඟ ඔස්සේ ගමන් කරන සියල්ලන් වෙත හිමිවේවා!

    ඉවසීම පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි අවස්ථා අනූවකටත් අධිකව සඳහන් වෙයි. මිනිසාට ඉවසීම අවශ්‍යවන්නේ ඔහුට ඉක්මන්වීමේ දුර්වලතාවය පවතින බැවිනි. ඉවසීම යනු ජයග‍්‍රහණයේ සංකේතයයි, ජයග‍්‍රහකයින්ගේ තෝතැන්නයි.

    වරක් ඉවසිලිවන්තයින් ප‍්‍රශංසා කරන ශුද්ධවූ අල්කුර්ආනය, තවත් වරක් ඉවසිලිවන්තයින්ට හිමිවන උසස් ප‍්‍රසාදයන් පිළිබඳ කථා කරයි. තවත් වරක් ඉවසිලිවන්තයින්ගේ සුභදායි අවසානය පිළිබඳ පවසයි.

    මෙලොවට අවතීර්ණවූ ඉතා ශ්‍රේෂ්ඨතම පිරිසක් වන ශාස්තෘවරුන් මුහුණ පාන්නට සිදුවූ තාඩන පීඩන, වද හිංසා, අපවාද, අවලාද සුළු පටු නොවේ. එම සියළු අවස්ථාවන්හි ඔවුන් ඉවසීමෙන් අල්ලාහ්ගේ ආශිර්වාදය පමණක් අපේක්‍ෂා කරමින් ක‍්‍රියා කළහ. ඔවුන්ගේ අවසානය ඉතා යහපත් අවසානයක් විය.

    මෙලොව ජීවිතය යනු තාවකාලිකවූ පැවැත්මකි. මතු ලොව දිවියත් සමග සසඳන විට මෙලොව ජීවිතය ඉතා සුළු කාලයකි. සදාතනිකවූ මතු දිවිය තුළ අපි ජයග‍්‍රහණය ළඟාකරගැනීමට නම් අල්ලාහ්ගේ ආශිර්වාදය පමණක් අපේක්‍ෂා කරමින් ඉතා ඉවසිලිවන්තව කි‍්‍රයා කළ යුතුය.

    තාවකාලිකවූ මෙලොව සමහර අපේක්‍ෂාවන් සාක්‍ෂාත් කරගැනීම සඳහා අපි කෙතරම් ඉවසීමෙන් කටයුතු කරමුද? එසේ නම් විශ්වාසවන්තයකුගේ සැබෑ ඉලක්කය සදාතනිකවූ ජයග‍්‍රහණය වන මතු ලොව ජීවිතයයි. සෞභාග්‍යමත් ස්වර්ගය හිමිකරගැනීමයි. එම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා ඉවසීම කෙතරම් අවශ්‍යද යනු අමුතුවෙන් කිවයුතු නොවේ.

    අල්ලාහ් වෙනුවෙන් ඉවසමු!

    ඉවසීම යනු යාඥාවකි. එයට ද පිවිතුරු චේතනාව අවශ්‍යය. කෙනෙකු අල්ලාහ් වෙනුවෙන් ඉවසන විට පමණයි ඔහුගෙන් යහපත් ප‍්‍රසාදයන් අපේක්‍ෂා කළ හැක්කේ. එසේ නොවන විට ඔහුට අල්ලාහ්ගෙන් යහපත අපේක්‍ෂා කළ නොහැක.

    ශුද්ධවූ අල්කුර්ආනයෙහි තම ¥තවරයා අමතා ඔබ අල්ලාහ් වෙනුවෙන්ම ඉවසන්න යන නියෝගය තුළින් මෙය හොඳනි තහවුරු කරගත හැක.

    ”ඔබ හිමියන් වෙනුවෙන් ඉවසනු” (74: 7*.

    පරාජයෙන් මිදීමට නම්!

    ඉවසීම යනු කෙනෙකු තමන්ව පරාජයෙන් මුදවා ගැනීම සඳහා අනිවාර්්‍යයෙන් ඔහු සතුව පැවතිය යුතු ගුණාංගයක් වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය කරයි.

    ”කාලය මත දිවුරා සැබවින්ම මිනිසා පාඩුවේ සිටී. කවුරුන් විශ්වාස කොට, යහපත් කි‍්‍රයාවන් කර, සත්‍යය හා ඉවසීම එකිනෙකා අතර උපදෙස් කරන්නේ ද ඔවුන් හැර” (වල් අස්ර්:1-4*.

    මානවයා පරාජයෙන් මිදෙන්නට නම් මෙම සිව් ගුණාංගයන් ඔහු සතු විය යුතුයි. මෙය අනිවාර්්‍යයෙන් කෙනෙකු සතු විය යුතු ගුණාංගයන් වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය අවධාරණය කරයි. මෙම සිව් ගුණාංග අතර ඉවසීම ද සඳහන් වේ.

    මෙලොව ජීවිතය පරීක්‍ෂණ කුටියකි!

    මිනිස් ජීවිතය පරීක්‍ෂණ කුටියක් වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය අවධාරනය කරයි. එබැවින් සර්ව බල සම්පන්න අල්ලාහ්ගේ පරීක්‍ෂණය ඉදිරියේ ඉවසීම යනු නොවැළැක්විය හැකි ගුණාංගයකි.

    ”අපි ඔබලා යම් දුරකට බිය, සාගින්න, ජීවිත, ධනය, අස්වැන්න අහීමිවීම තුළින් පරීක්‍ෂණයට ලක්කරමු. (ශාස්තෘවරයානනි!* ඉවසිලිවන්තයින්ට සුභ පතනු. ඔවුන් යම් පීඩනයකට මුහුණ පාන්න සිදුවූ විට ඔවුන් පවසන්නේ නියතයෙන්ම අපි අල්ලාහ්ට අයත් අය වෙමු අපි යළි පමුණුවනු ලබන්නේ අල්ලාහ් වෙතය. ඔවුන්ටයි අල්ලාහ්ගේ කරුණාව හා දයාව තවද ඔවුනුයි නිවැරදි මාර්ගයේ ගමන් කරන්නන්” (2: 155- 157*.

    ”(විශ්වාසවන්තයිනි!* ඔබගේ සම්පත් මගින්, ඔබගේ ආත්මයන් මගින් සැබවින්ම ඔබලා පරීක්‍ෂණයට ලක්වනු ඇත, ඔබලාට පෙර පුස්තක ලද් සමාජයන් විසින්, සමානයන් ගෙන වන්දනා මාන කරන්නන් විසින් විවිධ අපහාසයන් ද ශ‍්‍රවණය කරන්නේය. නමුත් ඔබලා ඉවසීමෙන් සිට (අල්ලාහ්ට* බිය බැතිව සිටියේ නම් සැබවින්ම එය සියළු කාර්්‍යයන් හි (යහපත ගෙන දෙන* තීරණාත්මක සාධකයකි.” (3: 186*.

    යහපතෙහි තිරසාර වීමට ඉවසීම අවශ්‍යය:

    යහපත් කි‍්‍රයාවන් කෙනෙකු අඛණ්ඩව කිරීමට ද ඉවසීම අවශ්‍ය වේ. දවසක් දෙකක් කර යහපත් කි‍්‍රයාවන්ගෙන් කෙනෙකුට ඈත් විය නොහැක.

    ”(ශාස්තෘවරයානනි!* ඔබේ පවුලේ උදවියට සලාතය ස්ථාපිත කරන ලෙස නියෝග කරනු. ඔබ ද (සලාතයේ* ඉවසීමෙන් හා ස්ථීරව සිටිනු. අපි ඔබෙන් ආහාර අපේක්‍ෂා නොකළෙමු. අපියි ඔබට ආහාර පිරිනමන්නේ. යහපත් නිමාව බිය බැතිමතුන්ටය.” (20: 132*.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    විශ්වාසවන්තයිනි! ඉවසීම හා සලාතය මගින් උදව් පතන්න. සැබවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී” (2: 153*.

    ”තවද ඉවසීම හා සලාතය මගින් උදව් පතන්න. එනමුත් සැබවින්ම මෙය බිය භක්තිකයින් හැර අන් අයට මහත් බරකි. (බිය භක්තිකයින් වන* ඔවුන් නිසැකයෙන්ම තම හිමියන් අපි හමුවෙමු, නියතයෙන්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු යන්නෙහි තිරසාරව සිටිති.” (2: 45, 46*.

    ශුද්ධවූ අල්කුර්ආනයෙහි නබි (සල්* තුමන්ට පෙරවූ ශාස්තෘවරුන්ට මුහුණ පාන්නට සිදුවූ අභියෝග පිළිබඳ විවිධ අවස්ථාවන්හි සඳහන් වෙයි. අවසන් දිනය තෙක් පැමිණෙන සෑම විශ්වාසවන්තයෙකුටම ඒ තුළින් ලබාගත හැකි ආදර්ශයන් අති මහත්ය. අප ජීවිතය තුළ මුහුණ පාන්නට සිදුවන, අභියෝග, කම් කටලූ ඉදිරියේ නොසැලී සිටීමට නම් මෙම එඩිතර ශාස්තෘවරුන්ගේ ඉතිහාස පුවත් අපි අල්කුර්ආනය තුළින් දැන සිටිය යුතුය.

    ”මෙයයි අපි ඔබ වෙත අනාවරණය කළ අදෘශ්‍යමාන පුවත්. ඔබද, ඔබේ සමාජය ද මීට පෙර මේ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත. (ශාස්තෘවරයානනි!* ඉවසනු සැබවින්ම යහපත් අවසානය බිය බැතිමතුන්ටය” (11: 49*.

    අවසන් ¥තවරයා මුහම්මද් (සල්* තුමන් සත්‍ය කරා සමාජය කැඳවන විට මුහුණ දුන් අභියෝග අනන්තය. එතුමන්ගේ මක්කා දිවියේ අවුරුදු 13 ඉතා කටුක විය. විවිධ අපහාස, අවලාද, තාඩන පීඩන, වද හිංසාවලින් සමන්විත විය. නබි (සල්* තුමන්ට ඉවසීමෙන් තිරසාරව සිටින ලෙස පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් නියෝග කෙරේ. එය පසක් කරන සැබෑ කරුණ නම්: එතුමන් මුහුණ දුන් අභියෝග වල ප‍්‍රමාණය කෙතරම්ද යන්නයි.

    ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔවුන් පවසන දේ පිළිබඳ ඔබ ඉවසීමෙන් සිටිනු. තවද හිරු උදාවට පෙර හා බැස යෑමට පෙර තවද රාත‍්‍රි කාලයෙහි ඔබ හිමියන් උත්කෘෂ්ට කරනු. තවද දහවලේ කෝනවල ඔබ හිමියන් උත්කෘෂ්ට කරනු. මෙයින් (යහපත ලබා* ඔබ තෘප්තිමත් විය හැක.” (20: 130*.

    ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. නිසි විශ්වාසයකින් තොරවූවන් ඔබව කැළඹිල්ලට පත්නොකළ යුතුයි.” (30: 60*.

    මෙම අදහසම ගෙන දෙන පාඨයන් මෙහි සඳහන් වේ. (50: 39, 40*.

    ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. තවද ඔබේ පාපයන් වෙනුවෙන් (අල්ලාහ්ගෙන්* සමාව අයදිනු. තවද උදෑසන හා සවස් කාලයේ ඔබ හිමියන් ප‍්‍රශංසා කරමින් උත්කෘෂ්ට කරනු” (40: 55*.

    ”එබැවින් (ශාස්තෘවරයානනි!* ඔබ ඉවසීමෙන් සිටිනු. නියතයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. ඔවුන්ට අපි පොරොන්දුවූ කිහිපයක් ඔබට පෙන්වූවද නැතහොත් ඊට පෙරම අපි ඔබව මරණයට ලක් කළද ඔවුන් අප වෙතම යළි කැඳවනු ලබන්නේය.” (40: 77*.

    ”(ශාස්තෘවරයානනි!* අපේ ¥තවරුන්ගෙන් තිරසාරවූවන් ඉවසීමෙන් සිටියා සේ ඔබ ද ඉවසීමෙන් සිටින්න. ඔවුන් වෙනුවෙන් (දඬුවම කැඳවන්න* ඉක්මන් නොවන්න! ඔවුන්ට පොරොන්දුවූ දේ ඔවුන් දකින විට ඔවුන් මහ පොළොවේ දහවලේ පැයක කාලයකට වැඩිය නොසිටී (බව සිතයි. මෙය* පැහැදිළිව දැන්විය යුතු වේ. එබැවින් සීමාව ඉක්මවූවන් හැර (වෙන කිසිවෙකු* විනාශයට ලක්වෙයිද?” (46: 35*.

    ”ඔබ හිමියන්ගේ නියෝගය වෙනුවෙන් (ශාස්තෘවරයානනි* ඔබ ඉවසීමෙන් සිටිනු.” (68: 48*.

    ”(ශාස්තෘවරයානනි!* ඔබ හිමියන්ගේ නියෝගය වෙනුවෙන් ඔබ ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් පාපතරයෙකු හෝ ප‍්‍රතික්‍ෂේපකයෙකු නොපිළිපදිනු. තවද ඔබ හිමියන්ගේ නාමය උදෑසන හා සවස් කාලයේ උත්කෘෂ්ට කරනු.” (76: 24, 25*.

    ශුද්ධවූ අල්කුර්ආනය නබි (සල්* තුමන්ට මෙසේ නියෝග කරයි. ”ඔබ අලංකාර ලෙස ඉවසනු” (70: 5*.

    මතු සම්බන්ධයි........

    සකස් කිරීම:

    ඉබ්නු නූර් මුහම්මද්