ඉවසුවා_ඇති

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොන්දොස්තර මාෆීයාවට එරෙහි වෙමු |(නලීන් දිල්රුක්ශගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගතිමි)

    අපි ඊයේ දවසේ (26) සවස දෙක හමාරට විතර නුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමෙන් පුද්ගලික බසයකින් කොළඹට එන්න පෝළිමට එක් වුණා.එක බස් රියක් පිටත්ව විනාඩි කීපයකින් NB-1059 දරණ බස් රිය නැවතුමට ගාල් කළා. පෝලිමේ හිටිය අපි තුන් දෙනා බස් රිටය ගොඩ වෙලා අසුන් ගන්න හදන කොටම කොන්දොස්තර මදාවියා කෑ ගහනවා මග බහින අය ඉඳගන්න එපා ඉදගත්තොත් කොළඹටම ටිකට් කඩනවා කියලා.

    අප තිදෙනාට අවශ්‍ය පස්යාල හන්දියට එන්න විතරයි. එතැනට නුවර සිට මිල රුපියල් 125යි. කොළඹට 185යි ගාණ. අපි තුන් දෙනා මුගේ සද්දය ගණන් නොගෙන වාඩි වුණා.
    තවත් බොහෝ පිරිසක් හිටියා වරකපොළ පස්යාල නිට්ටඹුව කළගෙඩි හේන වගේ තැන්වල බහින. බස් රිට පිටත් වෙලා පිළිමතලාව හරියට එනකොට මේ මදාවියා මදාවි භාෂාවම දාගන ටිකට් වලට සල්ලි ගනිමින් එනවා. අපෙන් සල්ලි ඉල්ලුවා. අපි ඇහුවා පස්යාල තුනයි කීයද ගාන කියලා. මේකා මහ හයියෙන් කියනවා කොහේ බැස්සත් කොළඹ ගාන සල්ලි ගන්න කියලා. අපිත් ටිකක් හයියෙන් ඇහුවා ඒ කොහේ තියන නීතියකට අනුවද? කොළඹට යන ගාන ඕන නං ටිකට් එකක් දෙන්න අපට කියලා. මේකා කියනවා ටිකට් දෙන්නේ නැ සල්ලි ගන්න කියලා. අපි තුන් දෙනත් නැගිටලාම මුට සද්දේ දැම්මා අපි දෙන්නෙ නැ සල්ලි අපි දෙන්නේ පස්යාල තුනකට විතරයි කියලා. මේකගෙත් සද්දේ එන්න එන්නම වැඩියි. අපිත් ඇරියේම නැ..

    සල්ලි දෙන්න නං ටිකට් දෙන්න අපට ටිකට් දුන්නාම සල්ලි දෙන්නං කියන මතයේම හිටිමින් මේ ගැන මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවාවට අපි පැමිණිලි කරන වගත් එයිට අමතරව සියලු වග කිය යුතු ආයතනයන්ට අපි මේ ගැන දන්වන වගත් කියා සිටියා.ඔන්න එතකොටම බසයේ සිටි එක් මගියෙක් ආවා අපේ සහායට. මං මේ සේරම බලන් හිටියේ මු මටත් ටිකට් දුනනේ නැ. මං එන්නෙත් මේ රාජකාරියක් ඉවරවෙලා මට බහින්න ඕන මාවනැල්ලෙන්. හරි ඔය මහත්තුරු මෙයාට සල්ලි දෙන්න එපා ටිකට් දෙන්න් නැත්තං. අනිත් මගි මහත්තුරු ටිකක් සමාවෙන්න ඕන මට. ඩ්‍රයිවර් බස්එක නවත්තනවා ඉස්සරහා පොළිසිය ගාව.ඔන්න කොන්දා මදාවියා සරෙන්ඩර් දැන්.

    මේකා දැන් කියනවා අපට පොලිසි ගානේ යන්න බැ දැන් අනිත් අයටත් පරක්කු වෙනවා මේ තුන්දෙනාගේ සල්ලි මට එපා කියලා. කොහොම හරි මාවනැල්ලෙන් අර මහත්තයා බැහැලා ගියා. යන්න කලින් අපට එයාගේ අංකයත් දීලා මොනවා හෝ දෙයක් වුණොත් එයාට කතා කරන්න කියලා බැහැලා ගියා. කොන්දා මදාවියත් දැන් හරි ඩීසන්ට් එකා වෙලා බොහොම කරුණාවෙන් මගින්ට කතා කරමින් යනවා. ඉස්සරවෙලා තිබ්බ රැස් දැන් නෑ. අන්තිමට අපි පස්යාලට කිට්ටු වෙලා සල්ලි නැවත දෙන්න හැදුවා ඒත් අපි ටිකට් ඉල්ලා සිටියා. මු කියනවා මට සල්ලි ඔන නැ බහින්න කියලා.
    ඉතින් අපිත් බැහැලා ආවා.

    ඇත්තටම දැන් බස් කොන්දන්ගෙන් වෙන කෙනහිලිකම් හා පිඩාවට පත් වෙන මගි ජනජා වෙනුවෙන් ගෘපයක් හදන්න ඕන කාලය ඇවිත් කියලා ඒකට නිතිඥ මහතුන් මෙන්ම බස් ප්‍රවාහන සේවා විධායක නිලධාරින් පවා ඇතුලළත් කරගත යුතුයි. කාට කොතැන අසාධාරණයක් වුවත් ඒ ගැන දැනුම් දුන් වහා එකාවන්ව ක්‍රියාත්මක විය හැකි ආකාරයෙන්.බස් කොන්දොස්තර මාෆීයාවට එරෙහිවන්න කාලයයි මේ. මගි ජනතාවෙනි අපි එක් වෙමු.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    sadaranaine oii, Colomobo yanda achchara minissu iddi thopi thundenawa patawan padu karaganne ai

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    sadaranaine oii, Colomobo yanda achchara minissu iddi thopi thundenawa patawan padu karaganne ai

    ඕක මෙහෙත් තියනවා බන් බණ්ඩාරගම හොරණ එවලත් එක අතකින් බලද්දී වැරද්දක් කියන්න බැ හරි කියන්නත් බැ පුද්ගලයා මත තමා තීරණය වෙන්නේ අපේ සමහර උන් ඉන්නවා bus hold 2 යන්නේ එකටත් seat එක ඕනේ කොළබ එන මිනිස්සු ඉන්නවා බඩු බැග් එහෙම එල්ලගෙන bag එකක් වත් ගන්නේ නැති උන් ඉන්නවා
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොන්දොස්තර හරි එක අතකට. මාවනැල්ල ට යන්න ඕනේ තරම් කෑගල්ල/ මාවනැල්ල බස් තියනවා ගුඩ් ෂෙඩ් එකෙන්. පස්යාලට නම් ඉතින් හිටන් යන්න බෑ නේ. :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය කතාවෙ දෙපැත්තක් තියනව බන්.. අපි නිතරම low level road එකේ කොලබ රත්නපුර යන නිසා දන්නව බන්.. දුර ගමන් සේවා බස් වල ගොඩක් වෙලාවට දුර යන අය හිටගෙන ලොකු bag එල්ලගෙන ඉන්නව, හැබැයි සමහර උට්ටල ඉන්නව කොටුවෙ ඉඩන් කඩුවෙලට යන්න බස් එකට නැගල ඉදගෙන ඉන්න.. අපිනම් රත්නපුර නිසා පැය 3 න් අපි බහිනව ඒත් සමහරු බදුල්ල වගේ අයත් හිටගෙන බෑග් එල්ලගෙන ඉන්නව, බදුල්ලටම යන්න පැය 7 ක් 8 ක් යනව.. කඩුවෙලට, කලුඅග්ගල, අවිස්සාවේල්ලට එන්න ඕනි තරම් බස් තියන ලග route වැඩ කරන ඒත් සමහරු ඉන්නව දුර ගමන් සේව වලම එල්ලෙන. ඒකයි අවුල.. :nerd:
     
    rusiyanuwa

    Active member
  • සමහරු ඉන්නවා ඉක්මනට යන්න ඕන කියලා දුර යන බස් වලට නගිනවා. ඊට පස්සෙ බස් එක වේගෙන් යනවා කියලා කියවනවා.

    ආය සමහරු දුර බස් වලට නැගලා හිතන්නෙ පැය 2 ගමන පැයෙන් යන්න ඕන කියලා.
    කොළඹ නුවරඑළි බස් එකට කඩවතින් නගිනවා කෑගල්ලෙන් බහින්න. ඒකරලා බස් එක කොට කොට යනවා කියලා කෑ ගහනවා.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    sadaranaine oii, Colomobo yanda achchara minissu iddi thopi thundenawa patawan padu karaganne ai

    ඔය කතාවෙ දෙපැත්තක් තියනව බන්.. අපි නිතරම low level road එකේ කොලබ රත්නපුර යන නිසා දන්නව බන්.. දුර ගමන් සේවා බස් වල ගොඩක් වෙලාවට දුර යන අය හිටගෙන ලොකු bag එල්ලගෙන ඉන්නව, හැබැයි සමහර උට්ටල ඉන්නව කොටුවෙ ඉඩන් කඩුවෙලට යන්න බස් එකට නැගල ඉදගෙන ඉන්න.. අපිනම් රත්නපුර නිසා පැය 3 න් අපි බහිනව ඒත් සමහරු බදුල්ල වගේ අයත් හිටගෙන බෑග් එල්ලගෙන ඉන්නව, බදුල්ලටම යන්න පැය 7 ක් 8 ක් යනව.. කඩුවෙලට, කලුඅග්ගල, අවිස්සාවේල්ලට එන්න ඕනි තරම් බස් තියන ලග route වැඩ කරන ඒත් සමහරු ඉන්නව දුර ගමන් සේව වලම එල්ලෙන. ඒකයි අවුල.. :nerd:

    සමහරු ඉන්නවා ඉක්මනට යන්න ඕන කියලා දුර යන බස් වලට නගිනවා. ඊට පස්සෙ බස් එක වේගෙන් යනවා කියලා කියවනවා.

    ආය සමහරු දුර බස් වලට නැගලා හිතන්නෙ පැය 2 ගමන පැයෙන් යන්න ඕන කියලා.
    කොළඹ නුවරඑළි බස් එකට කඩවතින් නගිනවා කෑගල්ලෙන් බහින්න. ඒකරලා බස් එක කොට කොට යනවා කියලා කෑ ගහනවා.

    හරි දැන් එතකොට නුවර ඉදන් පස්යාල ට යන එකාට මොන බස් එකේද යන්න කියන්නේ ? එහෙමත් නැත්නම් පස්යාල ට ම යනකන් හිටගෙන යන්නද කියන්නේ ? ට්‍රැෆික් නැති වෙලාවටත් ඔය ටික යන්න පැය දෙකක් වගේ යනවා. අනික අනිත් මිනිස්සුන්ට අසාධාරණයි නම් උන්ගේ කොලබටම සල්ලි අරන් ටිකට් දුන්නනම් හරිනේ. ඇයි ටිකට් එකක් දෙන්න බැරි? ටිකට් දුන්නමත් අසාධාරණයක් වෙනවද ?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Intercity බස් වලත් වාඩි උනොත් ගමනාන්තයටම ටිකට් ගන්නව.. හැබැයි එක ටවුන් එකකින් පස්සෙ
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    ඉවසුවා_ඇති 08-30-2018 08:48 AM I think you're just an idiot who can't see the difference between right and wrong, good and bad. You have issues.

    Stating the difference of right and wrong by a fucker whom can't deduct reps mentioning his name First fix a backbone mf:P. :lol: WTF dude? No wonder that you are a conductor since you are having low IQ level applicable to such :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    :yes: