ඉස්කෝලෙ ෆන්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    යාළුවො අද නැත වෙන අය එහි ඇත කාළය මැව් වෙනසක අරුමේ


    8ee54e8344bc7f57436fcc3bf0fe16c6.jpg



    හුඟක් කලකට කලින් - අතින් ගිලිහිලා ගිය
    කෙලිලොල්ම මතකයක - නටඹුන්ව අතීතය
    තියේ තාමත් හිතේ - පන්ති කාමර අතර

    ඇස් වලින් කඳුළු පැන - බේරිලා ගලන තුරු අපි හිනා වෙච්ච හැටි
    එකම බත් පත කන්න - එකට පොරකාපු හැටි
    පුංචි බොරුවක් කියල - පන්ති කට් කරපු හැටි
    නෙත් ඉවුරු උතුරලා - මතක ගඟ ගලන හැටි

    එක එකා හිඟා කෑ - සල්ලි එක්කහු කරලා
    පුංචි බනිසක් අරන් - විසි දෙනෙක් අත තියලා
    මදි පාඩුවට වතුර - ටැප් එකෙන් ගෙන බීලා
    සතුටු උනු හැටි තියේ - හිත් කොණක හැංගීලා

    එකෙක් වරදක් කළත් - දණ ගැසුවෙ පන්තියම
    මොන වැරැද්දක් කරත් - කණ පිරෙන්නට බැනුම් ඇහුවෙ අපි නම් එකට
    ඩෙස් එකේ බෙර හඬට - සින්දු කිව්වේ එකට
    බොරු වැරදි හදාගෙන - එක ගොඩේ රණ්ඩු වී දඟ කලෙත් අපි එකට

    සුදු බිත්ති පිරෙනකල් - කුරුටු ගී ලීව හැටි
    කණ් දෙකම පිරෙනකල් - කෑ ගහල මැරුණු හැටි
    දයාබර මිතුදමින් - ජීවිතය පිරුණු හැටි
    කොහොමවත් මතකයෙන් - මැකීලා නොයන හැටි

    ගෙවී ගිය අතීතෙන් - අපි අපෙන් වෙන් උනා
    දඟ කරපු හෝල් එක - අපි නැතුව හිස් උනා
    අපේ කටහඬ නැතුව - හැමදේම ගොලු උනා
    හිතන්නත් බැරි තරම් - අපි හුඟක් දුර ගියා

    ඒ උනත් යාළුවේ - කාලයට දුක හිතී
    ආයෙමත් හැරුණොතින් - ඒ වගේ හිනාවෙමු
    උඩ පැනල දඟ කරල - හොඳ බැනුම් අහ ගනිමු
    එකට බත් පත කාලා - සින්දු කියලා නටමු

    ඇත්තමයි මගෙ හිතට - උඹල ළඟ නැති අඩුව
    කියන්නත් බැරි තරම් - හුඟක් මට දැනෙනවා
    අතින් ගිලිහුණු නමුත් - ආදරෙන් තුරුළු කර
    අතීතයෙ සුවඳ මම - හදවතින් විඳිනවා



    Secondary_school_classroom_Polonnaruwa_Sri_LankaR2.jpg




    සුදුපාට මල් පිපිණු



    සුළගේ ලෙළෙනා



    පියමන් කෙරුවෙමු





    srilankaschool_450x300.jpg



    ඒ කාලේ මතක් වෙනකොටත් හිතට හිතට අමුතුම සතුටක් දැනෙනවා නේද යාළුවනේ.
    :sorry: :sorry: :sorry:
    ඒත් ඒ කාළය ආපහු අපේ ජීවිතයට කවදාවත්ම් එන්නේ නැහැ
    කියලා හිතෙනකොට කියා ගන්න බැරි තරම් දුකක් දැනෙනවා.
    :( :( :(
    මම හිතන්නේ කෙනක්ගේ ජීවිතයේ සුන්දරම කාළය පාසැල් කාළය තමයි.


    ඔයාලත් මේක බලලා නිකම්ම යන්නේ නැතුව හිතට හිතෙන දේ කියලා යන්න අමතක කරන්න එපා

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒත් ඒ කාළය ආපහු අපේ ජීවිතයට කවදාවත්ම් එන්නේ නැහැ කියලා හිතෙනකොට කියා ගන්න බැරි තරම් දුකක් දැනෙනවා

    එක නම් ඇත්ත තමයි...
     
    නියමයි යාලුවා, පද ටික හිතට අරන් කියවනකොට අපි කරපු දේවල් සිනමා පටයක් වගේ හිතේ මැවෙනවා:), ඇහැට කදුලු බිදක් එනවා:sorry:, පාසල, යාලුවෝ,ගුරුවරු, සදා අමරණියයි අපේ සිත්වල:)
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ගල්පාත මහත්තයා;10876227 said:
    නියමයි යාලුවා, පද ටික හිතට අරන් කියවනකොට අපි කරපු දේවල් සිනමා පටයක් වගේ හිතේ මැවෙනවා:), ඇහැට කදුලු බිදක් එනවා:sorry:, පාසල, යාලුවෝ,ගුරුවරු, සදා අමරණියයි අපේ සිත්වල:)

    ඒ කාලය ආපහු අපේ ජීවිතයට එනවා නම් කොයි තරම් හොදද මචන්.
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ගල්පාත මහත්තයා;10876227 said:
    නියමයි යාලුවා, පද ටික හිතට අරන් කියවනකොට අපි කරපු දේවල් සිනමා පටයක් වගේ හිතේ මැවෙනවා:), ඇහැට කදුලු බිදක් එනවා:sorry:, පාසල, යාලුවෝ,ගුරුවරු, සදා අමරණියයි අපේ සිත්වල:)

    sirawata ban....:(:(:(:(
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ගල්පාත මහත්තයා;10876227 said:
    නියමයි යාලුවා, පද ටික හිතට අරන් කියවනකොට අපි කරපු දේවල් සිනමා පටයක් වගේ හිතේ මැවෙනවා:), ඇහැට කදුලු බිදක් එනවා:sorry:, පාසල, යාලුවෝ,ගුරුවරු, සදා අමරණියයි අපේ සිත්වල:)

    :yes::yes:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    Ow Ban.... matana Man Giya Iskole lagin giyath athi :( eke Karapu Pissu weda mathak wenakota mage AS wala Kadulu Pirenawa Ban...... etha Giya de giyane.... den eka Aye ganna bene... :sorry: :(