10-40 ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ (පරමාධිපති) රබ් (මෙවැනි) කලබලකාරීන් ගැන මැනවින් දනියි.
@ 10-41. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ බොරුකාරයකු යැයි පවසනවා නම්, මාගේ කි්රයාව (ගැන වගකීම) මටයි. නුඹලාගේ ක්රියාව (ගැන වගකීම) නුඹලාටය. මා කරන දෑට නුඹලා වගකිව යුතු නැත. තවද නුඹලා කරන දෑට මා වගකිව යුතු නැතැයි පවසනු.
@ 10-42. (නබි මුහම්මද්ණී) නුඹට සවන් දෙන(මෙන්) ඔවුන්ගෙන් සමහරු සිටිති. බිහිරන්ට ඇසීමට සැලැස්වීමට නුඹට හැකිවන්නේද? ඔවුන් වටහා නොගනිත්දී.
@ 10-43. තවද, නුඹ දෙස බලන (මෙන් අඟවන) සමහරුද ඔවුන් අතර සිටිති. අන්ධයින්ට මඟපෙන්වීමට නුඹට හැකිද, ඔවුන් කිසිවක් නොදකී නම්?
@ 10-44. නියත වශයෙන් අල්ලාහ් කිසි ලෙසකින් මිනිසුනට අසාධාරණය නොකරයි. නමුත් මිනිසුන්මය තමන්ට අසාධාරණය කරගන්නේ.