ඉස්ලාමය සහ වහාබ්වාදී ප්‍රචණ්ඩත්වය

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,165
    198,743
    113
    Colombo, Sri Lanka
    ඉස්ලාමය සහ වහාබ්වාදී ප්‍රචණ්ඩත්වය

    ඉස්ලාම් ආගම මුහම්මද්තුමාගෙන් පස්සේ ආපු ඊළඟ නියෝජිතයින් ගැන මතභේදයක් නිසා ඒ කාලෙදිම කොටස් දෙකකට කැඩෙනවා. එයින් කොටසක් ෂියා මුස්ලිම් ලෙස හඳුන්වනවා. අනෙක් බහුතර කොටස සුන්නි මුස්ලිම් ලෙස හඳුන්වනවා. ලෝකේ සමස්ථ මුස්ලිම් ජනකායෙන් බිලියන 1.5ක් හෙවත් 85%කට වැඩි ප්‍රමාණයක් සුන්නි මුස්ලිම් ජනතාව වෙනවා. ඉතිරි සුළුතර ෂියා මුස්ලිම් කට්ටිය ඉරානය, යේමනය, ඉරාකය, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල ඉන්නවා. මෙතනින් ඉරානය ෂියා මුස්ලිම් ජනතාව වැඩිපුරම සිටින ප්‍රබල රටක් ලෙස ඉදිරියෙන්ම සිටිනවා.


    f5G8kon.jpg


    වහාබිසම් එහෙම නැතිනම් වහාබ්වාදය කියලා බෙදෙන්නේ සුන්නි මුස්ලිම් උප කොටසක්. අද සෞදි රටේ තිබෙන ඉස්ලාම් ආගමට සුලේෆිසම් සහ වහාබිසම් ආදී කොටස් එකතු වී තිබෙනවා. ඇත්තටම මේ වහාබ්වාදය කියන්නේ අලුතින්ම එකතු වූ යමකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ වහාබ්වාදය? අපි පොඩ්ඩක් ඒ ගැන බලමු.


    1. වහාබ්වාදය ඉගැන්වීම​

    ඕනෑම අයෙකුට කුරාණයේ පාඨ කියවන්න පුළුවන් වුනත් ඒවා වටහාගන්න හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ කුරාණ පාඨ වටහාගැනීමේදී නබිතුමා ජිවත් වූ වටපිටාව, ඒ කුරාණ පාඨ දේශනා කළ අවස්ථාව ආදිය සලකා බැලෙනවා. එහෙත් වහාබ්වාදය තුළින් මූලිකවම කුරාණ පාඨ වඩාත් ගැඹුරු විදියට සලකා බැලීමක් සිදුවන්නේ නැහැ.


    BZany14.jpg


    ඔවුන් කුරාණ පාඨ මතුපිටින් තිබෙන ආකාරයටම විශ්වාස කරනවා. එක් පසෙකින් ගත්තාම මෙය ආගම වෙනස් කිරීමක්වත් කුරාණය වෙනස් කිරීමක්වත් නෙමෙයි. ධර්මය අර්ථ ගැන්වීමේදී සිදු වී ඇති වෙනසකට තවත් සම්ප්‍රදායන් එකතු වී වහාබ්වාදය නමැති තරමක දැඩි මතධාරී ඉස්ලාම් ආගමික කොටස නිර්මාණය වෙලා තියෙනවා.


    2. වහාබ්වාදීන්ගේ හැඩරුව​

    කුරාණයේ තිබෙන ආකාරයටම වහාබ් දහම පටන් ගත් කාලයේ වෙනත් නැමදීම් ස්ථාන ආදිය කඩා බිඳ දැමුවා. ඒ වගේම ෂියා මුස්ලිම් අයට හිරිහැර කරන්නත් මේ වහාබ්වාදීන් දිගු කලක සිටන් ක්‍රියා කළා. කුරාණයේ තිබෙන විදියට දෙවියන් සහ දෙවියන්ගේ පණිවුඩය ගෙන ආ නබිතුමා හැර වෙනත් ශාන්තුවරුන් වන්දනාමාන කළ යුතු නැහැය කියලා තමයි වහාබ්වාදීන් විශ්වාස කරන්නේ.


    LH57fKZ.jpg


    මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම මේ වහාබ්වාදීන් තහනම් කරලා තියෙනවා. ඒ වගේම වහාබ්වාදීන් සුලාෆිසම් වැනි ආභාෂය අරගෙන ඇඳුම් පැළඳුම්, රැවුල සහ ස්වරූපයෙනුත් වෙනමම අනන්‍යතාවයක් තබාගන්නට උත්සාහ කරනවා.


    3. කොහෙද එයාල ආගම අදහන්නේ?​

    වහාබ්වාදය බිහිවුනේ සෞදි රටේ. තවමත් සෞදියේ වහාබ්වාදය හා ඒ හා සම්බන්ධ සලාෆිස් නැමැති ආකාරය අදහන පිරිස වැඩියෙන් ඉන්නවා. මුස්ලිම්වරුන්ගේ මුල් කාලීන ගති සිරිත් සියල්ල හොඳින් ආරක්ෂා කරන්නේ මේ වහාබ්වාදීන් කියලා තමයි එයාල කියන්නේ. ඒ වගේම එසේ නොකරන පිරිස් නිසි ලෙස ආගම අදහන්නේ නැති පිරිස් කියලා වහාබ්වාදීන් විසින් එයාලව හෙලා දකිනවා.

    yMUZSxN.jpg


    සෞදි රටේ අනුග්‍රහ ඇතුව ලොව පුරා මුස්ලිම් රටවලට සහ මුස්ලිම් ජනතාවන්ට අන්තගාමී වහාබ්වාදය ඉගැන්වීම සිදු කෙරෙනවා. ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු කාතන්කුඩියේ සහරාන් හෂීම්ට අන්තවාදී අදහස් එන්නට මේ සලාෆි සහ වහාබ් දහම් කොටස් වල බලපෑම් හේතු වූ බවට විශ්වාස කරනවා. සෞදියේ රියාද් නුවරින් කාතන්කුඩියට ලැබුනු පල්ලියක් මගින් සහරාන්ගේ මනසට මේ අන්තගාමී මතවාද එන්නට ඇති කියලත් විශ්වාසයක් තියෙනවා.

    dcx2UOX.jpg



    "සෞදියේ රියාද් නුවරින් කාතන්කුඩියට ලැබුනු පල්ලියක් මගින් සහරාන්ගේ මනසට මේ අන්තගාමී මතවාද එන්නට ඇති කියලත් විශ්වාසයක් තියෙනවා."
    Link :-
    https://www.reuters.com/article/us-...-on-wahhabism-in-eastern-hotbed-idUSKCN1SI03G


    4. වහාබිසම් සහ ත්‍රස්තවාදය​

    අල්ක්වයිඩා සහ ISIS යන කාණ්ඩ දෙකම වහාබිසම් වල ඇදහීම් වලට වඩාත් නැඹුරු කණ්ඩායම් වුනා. මෙතනදි ISIS නායක අබු බකර් අල් බග්දාදි කියන්නේ ඉස්ලාම් ධර්මයට ආචාර්ය උපාධියක් තියෙන අයෙක්. ඒත් ඔහුගේ ප්‍රචණ්ඩකාරී, මර්දනකාරී හැසිරීමට මේ වහාබ්වාදී ඉගැන්වීම් හේතුවෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා.


    NvJ2xIl.jpg


    ලොව වැඩිම මරණ ගාණක් සිදුවුන ත්‍රස්තවාදී ලැයිස්තුව ගත් කළ එයින් මුල් දහයෙන් 8ක්ම ඉස්ලාමීය ත්‍රස්තවාදින්ට අයිති වෙනවා. ඉස්ලාමය ත්‍රස්තවාදයට ඇදගෙන යන්න සහ අන්තගාමී අදහස් වලින් පෝෂණය කරන්න වහාබිසම් සලාෆිසම් ආදී විශ්වාසයන් හේතු වෙනවා කියලා ලෝකෙ මධ්‍යස්ථ විචාරකයින් විශ්වාස කරනවා.

    QmJmBEB.jpg



    "ලොව වැඩිම මරණ ගාණක් සිදුවුන ත්‍රස්තවාදී ලැයිස්තුව ගත් කළ එයින් මුල් දහයෙන් 8ක්ම ඉස්ලාමීය ත්‍රස්තවාදින්ට අයිති වෙනවා"
    link:-
    https://en.wikipedia.org/wiki/List_of_battles_and_other_violent_events_by_death_toll




    5. වහාබ්වාදයේ මූලික පැනනැගීම​

    සෞදිය කියලා අද අපි හඳුන්වන දේශය අතීතයේදී දේශයන් කිහිපයකට අයිති වෙලා තිබුනා. 1744 දී බිහිවුන සෞදි රට බිහිවන්නට වගේම සෞදි රජ බිහිවන්නටත් එවකට ආගමික නායකයෙකු වු වහාබ් බෙහෙවින් උදව් කළා. එහිදී මැදපෙරදිග විශාලතම රටක් වන සෞදියේ තිබුන ගෝත්‍ර කණ්ඩායම් සියල්ලම එක රටකට අරගෙන ඒ සෞදි අරාබියේ රජාණ්ඩු ක්‍රමය නිර්මාණය වුනා.

    QkLSG5u.jpg


    ඒ සිද්ධියේදී මොහොමඩ් එබ්න් එබ්ඩ් අල් වහබ් ගේ දායකත්වය කැපී පෙනුනා. එතැනින් පසු සෞදියේ රජකම රජ පවුලට වගේම රජුට උපදෙස් දෙන ආගමික නායකත්වය වහාබ්ගේ පරම්පරාවටත් උරුම වුනා. පසුකාලෙක සෞදි අරාබියෙන් තෙල් හොයාගත්තා.


    6. ඇමරිකාවේ අත හිත​

    දෙවන ලෝක යුද්ධ කාලේ ෆ්රැන්ක්ලින් රූස්වෙල්ට් අමරිකානු ජනාධිපතිතුමා සෞදි රට එක්ක එකඟතාවයකට ආවා. සෞදි රටේ තියෙන ඔක්කෝම පැරණි සංස්කෘතික දේවල් එහෙමම තියෙද්දි හමුදා ආරක්ෂාව ඇමරිකාවෙන් සෞදියට ලැබෙනවා. සෞදිය ඒ කරන ඇමරිකානු ආරක්ෂක රාජකාරියට හිලව්වට තෙල් දෙනවා. ලොව අනෙක් අන්තවාදී රටවල් බොහොමයක් ගෝලීයකරණය තුළින් වෙනස් වුනත් සෞදි රටේ නොපනත්කම් වලට ඇමරිකානු හයිය නිතර ලැබුනා.


    1ZZaSjj.jpg


    වහාබ්වාදයත් සෞදියේ අන්තවාදී අත පෙවීමුත් වැඩිවෙන්න මේ කාරණාවත් හේතු වුනා. වර්තමානයේ වුනත් යම් නොදියුණු ගති තිබෙන රටවල් ලෝකෙ වෙළඳාමට එකතු වෙද්දි ඒ රටවල තියෙන ගති සිරිත් වෙනස් කරගන්න ඒ රටවලට සිදු වෙනවා. ඒත් සෞදි අරාබියට තෙල් තිබුන නිසා එහෙම ගතිසිරිත්වත් අන්තවාදී ආගමික නැඹුරුවවත් වෙනස් කරගන්න උවමනා උනේ නැහැ.


    7. මෙහි අනතුර​


    සලාෆිසම් වහාබිසම් ආදී අන්තවාදී ඉගැන්වීම් විටෙක බටහිර රටවල් මේ සෞදිය ආදී රටවල මුස්ලිම් ජනයාව කුපිත කරන්න, අන්තවාදීන් කරන්න පාවිච්චි කරා. ඒත් ඒවායේ අතුරු ප්‍රතිඵලවලට ඒ රටවලටම පසු කාලීනව මුහුණ දෙන්නට සිදුවුනා. දැනට ලෝකයේ මුස්ලිම් දහම ව්‍යාප්තව තියෙන සෑම රටකටම පාහේ මේ සලාෆිසම් සහ වහාබිසම් බෝ වෙලා තියෙනවා.


    8KrSIhN.jpg


    මේ වර්ගයේ පල්ලි නැමදුම් ස්ථාන, පාසැල් හදන්න සෞදිය, කුවේටය ආදී රටවලින් ආධාරත් ලැබෙනවා. ඒ වගේම දැඩි මතධාරී, තරමක් වෙනස්වීමට අකමැති මේ අන්තගාමී මුස්ලිම්වරු සිය ඇඳුම පැළඳුම, සහ ජීවන රටාව තුළිනුත් අනෙක් ජාතීන්ගෙන් වෙන්ව, වෙනමම ජීවත් වන්නට උත්සාහ ගන්නවා. මෙසේ වෙනස් ආකාරයට ජීවත් වීම තුලින් විවිධ ජනවාර්ගික ගැටුම් ආදියටත් රටවලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා.



    XhciVRo.jpg


    රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රශ්නය, බොකෝ හරාම් ත්‍රස්තවාදීන්, කාශ්මීරයේ මුජෙහිදීන් ආදී ලොව වටා අවිගත් කණ්ඩායම් බිහිවන්නට මේ වහාබ්වාදය සහ සලාෆ්වාදය හේතුවෙලා තියෙනවා.


    8. අපිට ඇති අනතුර​

    අපේ මුස්ලිම් සමාජය ලංකාවට එන්නේ ව්‍යාපාරිකයින් විදියට. ඔවුන් වසර සිය ගාණක් තිස්සේ අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව විදියට සහ නොයෙකුත් රක්ෂාවන් ආදියේ යෙදෙමින් ජීවත් වෙනවා. ලාංකික මුස්ලිම්වරු බොහෝවිට බොහොම සාමකාමී ජාතියක් වුනා. ඒත් අන්‍යාගමිකයින් නුරුස්සන මතවාද උලුප්පන්නට ඉස්ලාමීය අන්තවාදී වහාබ්, සලාෆ්වාදීන්ට හොඳට පුළුවන්.

    eDwsmgh.jpg


    ඔවුන්ට තෝරාගත් මුස්ලිම්වරුන් පිරිසක් බෝම්බකරුවන් කරන්නත් හැකියි කියලා ලෝකෙම ත්‍රස්ත ප්‍රහාර ඉතිහාසය දිහා බැලුවාම අපිට පේනවා. මේ අන්තගාමී ඉගැන්වීම් නැතිකරන්නට අමාරුයි. ඒත් අවධානයෙන් ඉඳලා, අදාළ අංශ නිසි වෙලාවෙදි ක්‍රියාත්මක උනොත් අපිට අනතුරෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා.



    Source
    Lifie
    en.wikipedia.org
    reuters.com
    Irp.fas.org
    pbs.org
    චායාරුප අන්තර්ජාලයෙනි
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මේ අන්තගාමී ඉගැන්වීම් නැතිකරන්නට අමාරුයි. ඒත් අවධානයෙන් ඉඳලා, අදාළ අංශ නිසි වෙලාවෙදි ක්‍රියාත්මක උනොත් අපිට අනතුරෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා.

    :dull:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    මුන් ලෝකෙටම පිළිකාවක්. වැඩේ කියන්නේ මුන්ගෙ වසල වැඩ වලට islamophobia කිය කියා උඩගෙඩි දෙන්නේ බටහිර liberal හැත්ත තමයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    මුන්ට හෙනම බයක් තියෙනවා අල්ලා මුන්ට කෙළවයි කියල... අධ්‍යාපන මට්ටම අදාල නෑ, ක්වන්ටම් පිසික්ස් වලට ආචාර්ය උපාධි තිබ්බත් මේවා ආගමේම එල්ලෙන සින් එකක් තියෙන්නේ....

    සවුදි වල යාලුවෙක් ඉන්නවා, ගෙදර බල්ලෝ හදනවා, ජෝගින් එකටත් පාරේ එක්කන් යනවා..
    ලංකාවේත් දැන් ඉන්නේ සවුදියට වැඩිය නට් ලුස් සෙට් එකක්... මෙහෙ උන් බල්ලෙක් ලගටවත් යන්නේ නෑ අල්ලා එපා කිව කියලා,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුන් ලෝකෙටම පිළිකාවක්. වැඩේ කියන්නේ මුන්ගෙ වසල වැඩ වලට islamophobia කිය කියා උඩගෙඩි දෙන්නේ බටහිර liberal හැත්ත තමයි
    “නානලා එහෙම නෑ බන්.”
    -ලංකාවේ ලිබ්බෝ+ Leftists