ඉස්ලාම් ත‍්‍රස්ත පුහුණු කදවුරු කොළඹ පමණක

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ඉස්ලාම් ත‍්‍රස්ත පුහුණු කදවුරු කොළඹ පමණක

Top Lanka News
පුන් හි ජර්මන් බේකරියේ බෝම්බ පිපිරවීම සංවිධානය කළ මීෂා හිමයට් බෙග් අත් අඩංගුවට ගෙන සිටින ඉන්දීය ත‍්‍රස්ත විමර්ශන ඒකකය ඉස්ලාම් ත‍්‍රස්තවාදින් පුහුණු කරවන ප‍්‍රධාන කදවුර කොළඹ නගරයේ පිහිටා ඇති බව හෙළිකරගෙන ඇතැයි 'ද එෂියන් ඒජ් 'ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි. 29 හැවිරිදි මිෂා බෙග් ත‍්‍රස්තවාදී කටයුතු පිළිබදව පුහුණුව ලබා ඇත්තේ ත් කොළඹ දී යයි පවසා තිබේ. මේ නිසා ලෝකයේ සිටින බිහිසුණු ත‍්‍රස්තවාදි සංවිධානයක් වු 'ලක්ෂර් ඊ ටයිබා 'ලංකාවේ වාඩි ගහගෙන සිටින බව හෙලිවේ.
ලක්ෂර් ඊ ටයිබා මෙන්ම වෙනත් ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන මාල දිවයින මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගන්නා බව එරට රාජ්‍ය නායකයා කිහිප වරක්ම කියා සිටියේ ය. එමනිසා ඉස්ලාම් ත‍්‍රස්තවාදි සංවිධාන ගැන බොහොම විපරමින් සිටින රටක් වශයෙන් මාල දිවයින අගය කරන්ඩ ගත් සමහරක් රටවල් ඇල්ටීටීඊ නැමැති ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය පරාජයට පත්කළ ශ‍්‍රි ලංකා රජයට ප‍්‍රශංසා නොකර නොයෙකුත් චෝදනා නගන්ට ගත්හ. ඇල්ටීටීඊ ආධාරකරුවන් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව පිළිබදව බොරු චෝදනා ඉදිරිපත් කරද්දී ඒවා අනුමත කරමින් ශ‍්‍රී ලංකා රජය ට මානව හිමිකම් කඩකිරිම හා යුද්ධ අපරාධ පිළිබද චෝදනා නැගුහ. මේ නිසා ශ‍්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාවලට සිය වැඩකටයුතු කරන්ට සිදුවි ඇත්තේ ඉතාම ඉවසිල්ලෙනි. ත‍්‍රස්තවාදය පරාජයකරන අතර ත‍්‍රස්තවාදය පරාජයකරනවාට එරෙහිව රජයට චෝදනා නගන රටවල් වලින්ද ආරක්ෂාවීමට ශ‍්‍රී ලංකා රජයට සිදුව තියෙන කාරියකි.
තමිල්නාඩුව නොනැවතීම ශ‍්‍රී ලංකා රජයට විරුද්ධව මධ්‍ය රජයට පැමීණිලි කරයි. ඉන්දියාව ඕනෑවට වඩ ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අත ගසයි. මේ තත්වයේ වාසිය ඉස්ලාම් ත‍්‍රස්තවාදින් ලබාගෙන ඇති බව පෙනේ. ඔවුන් කොළඹ ත‍්‍රස්ත මුලස්ථානයක් කරගෙන ඇතැයි මිෂා බෙග් කියයි.
මේ ගැන අදහස් දක්වන සමහරුන් කියන්නේ කොළඹ ත‍්‍රස්තවාදීන් එකතුවෙන ස්ථානයක් විය හැකි නමුත් එය කොළඹ ත‍්‍රස්ත පුහුණුව ලබාදෙන ස්ථානයක් විය නොහැකි බවයි. නමුත් ශ‍්‍රී ලංකාවේ නැගෙණහිර පලාතේ ඇතැම් ප‍්‍රදේශවලට යාමට ආරක්ෂ අංශවලටවත් පුලූවන් ද කියා සැක සිතේ. කාතන්කුඩි වැනි ප‍්‍රදේශයක ඇතැම් තැන්වලට පිටස්තර කිසිම කෙනෙකුට ඇතුලූවීමට නොහැක. මේ තැන් වලට නොයෙකුත් විදේශිකයෝ යති. විදේශිකයින් යයි කියන්නේ සංචාරකයින් නොවේ. පකිස්ථාන් බංගාලිදේශ් මාල දිවයින් ආදි රටවලින් එන අයයි.