බෝම්බ ඉබ්‍රාහිම් වගකීම මාලිමාවේ බිමල් බාරගනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,832
    23,285
    113
    27
    ලොවෙත් නැති තැනක

    ජවිපෙ ජාතික ලැයිස්තුවට ඊබ‍්‍රාහිම් තෝර ගැනීම ගැන අපි වග කියනවා - බිමල් කියයි​

    * හොරු සහ තක්කඩි ටිකක් දැන් මේ ඛේදවාචකයෙන් ප‍්‍රයෝජන ගන්න හදනවා​

    * 2012 ඇතිවූ මුස්ලිම් විරෝධයත් එක්ක මෙහෙම දෙයක් වෙයි කියල අපි හිතුවා​

    සාකච්ඡුා කළේ - තිස්ස ගුණතිලක​

    ත‍්‍රස්තවාදය විනාශ කිරීමෙන් වසර දහයක් සම්පූර්ණ වීමට ආසන්නව තිබියදී නැවතත් මේ රට ත‍්‍රස්ත භීතියකින් ඇලලී ගොස් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ අයහපත් තත්ත්වය දකින්නෙ කොහොමද?​

    මේ තත්ත්වය සුවිශාල වේදනාවට කාරණයක් වගේම රටේ පරාජයක්. එක පැත්තකින් ගත්තම ලෝකයේ ගොඩක් රටවල් මුහුණ දුන්න ප‍්‍රශ්නයක කොටසක් අපිටත් මේ ඇවිත් තියෙන්නෙ. ඒකෙන් ගැලවීමක් අපට නෑ. අපි අපේ දෙයක් කරගෙන ඉන්නවා කියල හිතුවට ගෝලීය ත‍්‍රස්තවාදයේ ගොදුරක් බවටයි අපි මේ පත්වෙලා තියෙන්නෙ. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ ආරක්ෂක කටයුතු කළමනාකරණය සහ ආරක්ෂක අංශ වල බරපතළ බිඳ වැටීමක් සිදුවෙලා තියනවා කියල දැන් කව්රුත් දන්නවා. ඒ වන්දිය ගෙවන්න වුණේ මිනිස්සුන්ට.​

    හැබැයි ගෝලීය ත‍්‍රස්තවාදය කියන අනතුර මීට ඉහතදි අපට තිබුණද. එහෙම නැත්තම් මේ අනතුර ආවේ කොහොමද?​

    වසර හත අටක වගේ කාලයක ඉඳලයි ලෝකය පුරා අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදී සංවිධානයේ ප‍්‍රහාර සිදුව තිබෙන්නේ. විශේෂයෙන් ලෝකය පුරා මුස්ලිම් ජනතාවට එරෙහිව කරන ප‍්‍රහාර වැඩි වෙනකොට බලවත් මුස්ලිම් රටවල් මේ වගේ සංවිධාන වලට මුදල් පොම්ප කිරීම මත තමයි මේ කණ්ඩායම් බහිවී තිබෙන්නෙ. ඒක අවුරුදු හත අටක වගේ ඉතිහාසයක සිදු වූ දෙයක් මිස වසර විස්සක් තිහකට වගේ කලින් ඇතිවූවක් නෙවෙයි.​

    නමුත් එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්ත සංවිධානය මුලිනුපුටා දමන විට හෝ ලංකාවට මෙහෙම අනතුරක් තිබුණෙ නෑ නේද?​

    ලංකාව තුළ මේ අනතුර ඇතිවීමට බලපෑම් කළ නිශ්චිත හේතු ගොඩක් තියනවා. දැන් බලන්න මේ පිපිරීම් වලට සම්බන්ධ වුණ දැනට තොරතුරු ලිබී තිබෙන කිහිප දෙනා කිසිම ආර්ථික හෝ සමාජ පීඩනයකින් හිටපු අය නෙවෙයි. ඉතා ධනවත් උගත් අය මේ. ඒ නිසා පැහැදිලිව පේනවා ඔවුන්ට ජාත්‍යන්තර මැදිහත්මක් තිබෙනවා කියල. මේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදයට ප‍්‍රචාරයක් ලබා ගැනීම සඳහා සිදුකළ ප‍්‍රහාරයක්. මොකද ඔවුන්ගේ ඉලක්ක තුළින් එය පැහැදිලිව පේනවා. ඉලක්කය වුණේ කතෝලික ප‍්‍රජාව සහ විදේශිකයන්. හැබැයි ප‍්‍රහාර සිදු කිරීමේදි ඔවුන්ගෙ කිසිම ඉල්ලීමක් නෑ. කොන්දේසියක් නෑ. සාමාන්‍ය ජනතාව වැඩි ප‍්‍රමාණයක් ඝාතනය කිරීමෙන් ලංකාවෙත් අයි එස් සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය තියනවා කියන එකයි ඔවුන් මේ පෙන්වලා තියෙන්නෙ. හැබැයි මේක මේ එල් ටී ටී ඊ එක වගේ වසර ගණනාවක් තිස්සෙ ජනකොටසකගෙ සහයෝගයෙන් ඇතිවෙච්ච එකක් නෙවෙයි. පැහැදිලිවම සියයට අනූනවයක් මුස්ලිම් ජනතාවගේ සහයෝගය මේකට නෑ. හැබැයි දිගන වගේ අලූත්ගම වගේ නැත්නම් අසූ තුනේ වගේ වැඩක් කළොත් මේකට ප‍්‍රජාවකගේ සහාය ලැබෙනවා. දැනට මොවුන් මුස්ලිම් ප‍්‍රජාවගෙත් ද්‍රොහීන්. ඉතින් මේ අනතුර ඇතිවුණේ පැහැදිලිවම ගෝලීය ත‍්‍රස්තවාදයේ බලපෑමත් ලංකාවේ දේශපාලන සහ ආරක්ෂක අංශවල බිඳවැටීමත් නිසා.​

    වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට ජවිපෙයත් එක පෙරමුණකට වී කටයුතු කළා. පසුගිය පාලන සමයේ ආරක්ෂක අංශ ප‍්‍රබල තත්ත්වයක තිබුණෙ. නමුත් ආරක්ෂක අංශ බිඳවැටීමට හේතුව වර්තමාන පාලනයේ තීන්දු තීරණ නිසා කියා ජනතාවගේ ප‍්‍රබල විරෝධයක් එල්ලවෙමින් පවතිනවා. වර්තමාන පාලනය බලයට ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳ දැන් ජවිපය පසුතැවෙනවද?​

    එතකොට 2005 ආණ්ඩුව ගේන්න කව්ද උදව් කරන්නෙ. ජ.වි.පෙ. ය. ඇයි ඒක අමතක වෙන්නෙ. රට බෙදුම්වාදයෙන් ගලවගන්න කටයුතු කළෙත් ජ.වි.පෙ. ය තමයි. 2005 දී රාජපක්ෂ නිකන්ම බලයට ආවේ නෑ. පත්තරවලට ඒක අමතක වුණාට ඒක අපට අමතක නෑ. ඒ නිසා රාජපක්ෂ පරාජය කිරීම මේ ඔක්කොටම පස්සෙත් නිවැරැදි දෙයක්. ඒක අනිවාර්යයෙන් විය යුතු දෙයක්. එහෙම නැත්නම් මීට වඩා දරුණු ප‍්‍රහාර මීට වඩා කලින් වෙනවා. මොකද ඔවුන් බලයෙ හිටියනම් ජාතිවාදයම දේශපාලනයෙ තුරුම්පුව කරගන්නවා. එහෙම වුණානම් මුස්ලිම් සමාජයේ සහයෝගය ලැබෙන්නෙ නෑ. නමුත් එහෙම නොවුණ නිසා 2017 වසරෙදි ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය අද මේ කියන ත‍්‍රස්තවාදි කණ්ඩායම් පිළිබඳව බුද්ධි අංශයට තොරතුරු දැනුම් දීල තියෙනවා. එහෙමු වුණේ මුස්ලිම් ප‍්‍රජාව මේවා අනුමත නොකළ නිසා. හැබැයි රාජපක්ෂලා හිටියනම් ජාතිවාදය දේශපාලන බලවේගයක් කරගන්න නිසා මේ අනතුර මීට කලින් වෙනවා විතරක් නෙවෙයි මුස්ලිම් ජනතාව කොන් වීම මත ඔවුන්ගෙ ආශිර්වාදයත් මේ ත‍්‍රස්තවාදීන්ට ලබෙනවා. ඒ නිසා මේ බිඳ වැටීම, මේ ආණ්ඩුව කරන අපරාධ පැවති පාලනය නිවැරදියි කියන්න කිසිම හේතුවක් වෙන්නෙ නම් නෑ.​

    ඔබ කියන්නෙ එල්. ටී. ටී. ඊ. සංවිධානයට ප‍්‍රජාවකගෙ සහාය ලැබීමට හේතු වුණ 83 කළු ජූලිය වගේ තත්ත්වයක්ද​

    නෑ 83 වගේම නොවුණත් අපි දැක්කනෙ රාජපක්ෂ පාලනය තුළ කටයුතු කිරීම. අර ඇමරිකාවේ තියෙන්නෙ. ඒ වගේ මුස්ලිම් මිනිහ කියන්නෙ ත‍්‍රස්තවාදියා කියන මට්ටමට ඒක හැදුවනෙ. ඒ නිසා 2015 දී මේ රටේ ජනතාව කරපු ලොකුම දෙයක් තමයි ඒ පාලනය වෙනස් කිරීම.​

    මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයන් වළක්වා ගැනීමට නොහැකි වූණේ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම නිසා බවට ප‍්‍රබල චෝදනාවක් එල්ල වෙනවා. ඔබේ පක්ෂය මේ ගැන මොනවගේ මතයකද ඉන්නෙ​

    මම ඉතා වගකීමෙන් ඉල්ලනවා ඒ සිරගක කළ නිලධාරීන්ට තිබෙන චෝදනා මොනවද කියල පත්තරෙන් කියන්න.​

    මේක පත්තරෙන් අපි කරන චෝදනාවක් නෙවෙයි, මම ඔබෙන් අහන්නෙ ජනතාවගෙ පැත්තෙන් නැගෙන චෝදනාවකට පිළිතුරක්​

    ඒක තමා මම කියන්නෙ ගෝඨාභය සහ කරන්නාගොඩ මහතාගේ සිට ඒ චෝදනාවට ලක්වෙච්ච කුමන හෝ පුද්ගලයන් එම චෝදනා වලට ලක් වී තිබෙන්නේ අඩුම තරමින් 2009 මැයි 19 ට කලින් කරපු දේවල් වලටද. මා දන්නා තරමින් නෑ. කරන්නාගොඩ මහතාට තියෙන්නෙ යුද්දෙන් පස්සෙ කප්පම් ගන්න දරුවෝ 11 මැරුවාය කියන චෝදනාවක්. මේ රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න ගිහින්වත් පොට්ටු අම්මාන් අල්ලන්න ගිහින්වත් එල්ලවුණ චෝදනාවක් නෙවෙයිනෙ. ආරක්ෂක අංශවල කළමනාකරණ දුර්වලතාවක් සහ බුද්ධි අංශවල බීඳ වැටීමක් ඇති බව පිළිගන්න වෙනවා. නමුත් ඒක ප‍්‍රයෝජනයට ගන්න හදනවා දැන් හොරු තක්කඩි කණ්ඩායමක්. දැන් මේ තියන වතාවරණය තුළත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කණ්ඩායම් බිහිවෙන්න බැරි නෑ. ඒ නිසා ඒ කාට වුණත් නීතිය අනුව ද`ඩුවම් ලබාදිය යුතුයි. ඒ නිසා මේ ඛේදවාචකයත් ඒ සිදුවීම් වලට දඬුවම් දීමත් ඒකට සම්බන්ධ කරන්න බෑ.​

    මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දෙමටගොඩදී අත්අඩංගුවට ගත් ඊබ‍්‍රාහිම් නමැති ව්‍යාපාරිකයා ජ.වි.පෙ. ප‍්‍රබල ආධාරකරුවෙක් වගේම ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවෙන් ඔහුගේ නම 2015 මැතිවරණයට ඇතුළත් වෙනවා. මේ පුද්ගලයා පසුබිම ගැන පක්ෂය දැනන් හිටියෙ නැද්ද?​

    ඔහු 2015 ජාතික ලැයිස්තුවේ සිටි බව ඇත්ත. හැබැයි ඔහුට ජාතික ලැයිස්තුවේ ඉඩක් ලැබෙන්නෙ ජ.වි.පෙ සාමාජිකයෙක් ලෙස නෙවෙයි. ඔහු ජ.වි.පේ සාමාජිකයෙක් නෙවෙයි. විවිධ ක්‍ෂේත‍්‍රවල ජ. වි. පෙ. නොවන ප‍්‍රවීණයන්ට අපි ජාතික ලැයිස්තුවේ ඉඩක් ලබා දුන්නා. ඒ වෙනකොට ඔහු වසර ගණනාවක් ජාතික වශයෙන් සම්මාන ලබපු පුද්ගලයෙක්. එතුමාව අපි ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනකොට දසක ගණනාවක් ප‍්‍රජාවෙ විශ්වාසය දිනාගත්ත සම්මානනීය පුද්ගලයෙක්. හැබැයි එතුමාගේ දරුවන්ගෙ වැරද්ද නිසා තමයි චෝදනා ලබමින් ඔහු අත්අඩංගුවට පත්වෙන්නෙ. ඒ නිසා පරීක්ෂණවලදි ඔහු වැරදිද නිවැරදිද කියල ඔප්පු වෙයි. අපි කිසිම බලපෑමක් ඒවට කරන්නෙ නෑ. හැබැයි අපි ඔහුව තෝරාගන්නකොට ඔහු සාධාරණ නීතිගරුක පුද්ගලයෙක් සමාජයේ ගෞරවය ලැබූ චරිතයක්. ඒ නිසා ජ.වි.පෙ. ය මේකට සම්බන්ධ කරන්න හැදුවට මේකට මුහුණ දෙන එක අපට ප‍්‍රශ්නයක් නෙමෙයි. අපි මේ රටට ආදරේ රටට වැඩක් කරන පක්ෂයක්.​

    ජ.වි.පෙ. වගේ පක්ෂයක සාමාජිකත්වය පවා හිමිවන්නෙ එම පුද්ගලයාගේ කි‍්‍රයාකාරිත්වය ස්වරූපය මත. ඉතින් ආවට ගියාට අපේක්ෂකත්වයක් හිමිවෙන්න බෑ. මෙහෙම අවස්ථාවක් දෙද්දි කොතරම් දුරට සොයාබැලීමක් කළාද?​

    ඉතා පැහැදිලිව කියනවා ඔහු පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි. අපි හත්මුතු පරම්පරාව ගැන හෙව්වෙ නෑ. හැබැයි අපි බැලූවෙ වංචා කාරයෙක්ද, හොරෙක්ද, කලූ සල්ලි කාරයෙක්ද, ප‍්‍රජාව තුළ ඔහුට තිබෙන නැන කොහොමද කියන එක. ඒ අවස්ථාවේ සිට මේ ඉතාම ආසන්න වන තෙක්ම එතුමාගෙ දේශපාලන සමාජ භාවිතාව හොඳින් තිබුණා. තෝරා ගැනීමට අපි වග කියනවා.​

    හදිස්සි නීතිය පැවතීමට ජ.වි.පෙ ය පසුගිය කාලේ විරුද්ධ මතයක කටයුතු කළේ. හදිසි නීතිය අහෝසි කිරීම තුළින් රටේ ආරක්ෂාව දුර්වල වීමත් එය මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය සඳහා යම් හේතුවක් වුණා කියා ජ.වි.ප. ය දැන් හිතනවාද?​

    අපි කිසිසේත්ම ඒක පිළිගන්නෙ නෑ. බුද්ධි අංශ මේ තොරතුරු කලින් දැනුවත්කර තිබෙනවා නම් ගම් එක්කම. ඒ තියෙද්දි ඔවුන් අත්අඩංගුවට නොගත්තෙ හදිසි නීතිය නැති නිසාද. අපි පොදුවේ හදිසි නීති වගේ මර්දනකාරි නීති අවශ්‍ය නෑ කියන මතයේ සිටින පක්ෂයක්. මොකද ලංකාව තුළ දැනටමත් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට හැකි වෙනම පනත් 14 ක් තියෙනවා. ඒක හොඳටම ප‍්‍රමාණවත්. අපේ ආගමන නීතියත් ඉතා ප‍්‍රබලයි.​

    ජ. වි. පෙ යට කිසියම් ආකාරයක ඉවක් තිබුණද මේ වගේ ත‍්‍රස්තවාදී සංවිධානයක කි‍්‍රයාකාරිත්වය රට තුළ ඇතිව තිබෙනවා කියල​

    මෙහෙම අහවල්ලූ අහවල්ලූ සංවිධානය වෙනවා කියල අදහසක් තිබුණෙ නෑ. නමුත් අපි දැක්ක දෙයක් තියෙනවා. ඒ 2012 පස්සෙ රට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් ගොඩ නැගෙනකොට අපි දේශපාලන වශයෙන් විශ්වාස කළා රට තුළ ඊට ප‍්‍රතිවිරුද්ධ අන්තගාමී කණ්ඩායමක් හැදෙයි කියල. ඒක එහෙම නොවුණානම් බොරු දෙයක්. මේ නිසා අපි අහලත් තියනවා සමහර මුස්ලිම් ආගමික නායකයන්ගෙන් මෙහෙම දෙයක් ඇතිවෙයිද කියල. එහෙම අනතුරක් තියෙන්න පුළුවන් කියල ඔවුනුත් කියල තියනවා. ඒක තමයි බුද්ධි අංශ ප‍්‍රධානීන්ට මුස්ලිම් ප‍්‍රජාවගේ පැත්තෙන්ම පැමිණිලි ගියේ. එහෙම අවබෝධයක් මිසක් මේ මේ පිරිස් සංවිධානය වෙයි කියල අවබෝධයක් ජ.වි.පෙ. ට තිබුණේ නෑ.​

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,798
    113
    Erozan's Mom's room
    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න

    අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනකදි ප්‍රහාරයක් එල්ලවන බව.

    ජනාධිපති අරාක්ෂක අංශය දැනුම් දුන්නා ජනාධිපති Mඉත්‍රී දන්නේ නෑලු.
    හතර බිරිකතාවක්

    අගමැති ආරක්ෂක අංශයට දැනුම් දුන්නා අගමැති රනිල් දන්නෙත් නෑලු.
    හතර බිරිකතාවක්

    ඇමති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්නා හැබැයි ඇමතිවරු දන්නේ නෑ.
    හතර බිරිකතාවක්

    හිටපු ජනාධිපති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්න මහින්ද දන්නෙත් නෑලු.
    හතර බිරිකතාවක්

    උඩ ඉන්න හැම බල්ලගෙම අතේ පාස්කු ප්‍රහාරයේ ලේ ගැවීල. දැන් එක එකා බෙල්ල දෙන්න ලබ්බ දෙන්න කතාව.

    මකබැවීයව් පාහරයනි



    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ

    රන්න පොනිල් ගේ අතකොලුවෙක් වගේ


    පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්‍රස්

    එදා බස්වල බෝම්බ තැබු එල්ටිටිය පරාජය කලෙමු.
    අද රතුපස්වල, මීගමුව මිනිසුන් අමු අමුවේ මැරු රෙජිමය පරදමු

    තව ටික දොහකින් මුන්දැ රනිල් හාමුගේ වලන් සෝදන්න යාවි

    මම නම් හිතන්නේ රනිල් වැඩියෙන්ම කැමති අරවා බොන්න

    රනිල් කොහොමත් ලොල්ලා ඕකට ජොකා ගලවන්න ඕනේ නෑ.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,832
    23,285
    113
    27
    ලොවෙත් නැති තැනක
    <<

    මෙහෙම අහවල්ලූ අහවල්ලූ සංවිධානය වෙනවා කියල අදහසක් තිබුණෙ නෑ. නමුත් අපි දැක්ක දෙයක් තියෙනවා. ඒ 2012 පස්සෙ රට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් ගොඩ නැගෙනකොට අපි දේශපාලන වශයෙන් විශ්වාස කළා රට තුළ ඊට ප‍්‍රතිවිරුද්ධ අන්තගාමී කණ්ඩායමක් හැදෙයි කියල. ඒක එහෙම නොවුණානම් බොරු දෙයක්. මේ නිසා අපි අහලත් තියනවා සමහර මුස්ලිම් ආගමික නායකයන්ගෙන් මෙහෙම දෙයක් ඇතිවෙයිද කියල. එහෙම අනතුරක් තියෙන්න පුළුවන් කියල ඔවුනුත් කියල තියනවා. ඒක තමයි බුද්ධි අංශ ප‍්‍රධානීන්ට මුස්ලිම් ප‍්‍රජාවගේ පැත්තෙන්ම පැමිණිලි ගියේ. එහෙම අවබෝධයක් මිසක් මේ මේ පිරිස් සංවිධානය වෙයි කියල අවබෝධයක් ජ.වි.පෙ. ට තිබුණේ නෑ.​


    >>

    සරලව මූ දන්නේ නෑ එබ්‍රාහිම් ත්‍රස්තයා කියලා​


    <<

    ඉතා පැහැදිලිව කියනවා ඔහු පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි. අපි හත්මුතු පරම්පරාව ගැන හෙව්වෙ නෑ. හැබැයි අපි බැලූවෙ වංචා කාරයෙක්ද, හොරෙක්ද, කලූ සල්ලි කාරයෙක්ද, ප‍්‍රජාව තුළ ඔහුට තිබෙන නැන කොහොමද කියන එක. ඒ අවස්ථාවේ සිට මේ ඉතාම ආසන්න වන තෙක්ම එතුමාගෙ දේශපාලන සමාජ භාවිතාව හොඳින් තිබුණා. තෝරා ගැනීමට අපි වග කියනවා.>>

    අන්තවාදි බල්ලෙක් කියලා දන්නේ නෑ... බලපන් මුන්ගේ හැටි ඊයා

    ------ Post added on Mar 10, 2024 at 9:16 PM
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,678
    2,269
    113
    Colombo
    හරි බන් දැනුවත් උනා
    උදේ ඉදන් රෑ වෙකම් ත්‍රෙඩ් දැම්මට රනිලාට චන්දෙ නම් දෙන් නෑ පුතේ :lol: :lol:
     
    • Haha
    Reactions: NaOH and Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,832
    23,285
    113
    27
    ලොවෙත් නැති තැනක
    හරි බන් දැනුවත් උනා
    උදේ ඉදන් රෑ වෙකම් ත්‍රෙඩ් දැම්මට රනිලාට චන්දෙ නම් දෙන් නෑ පුතේ :lol: :lol:

    ආහ් මෝඩයා ලිප ගැන දාන්නේ දාන්නේ නැද්ද ..... ඊයා දරමිටි ජෙප්පා​


    ආව් ආව් ජි ජි පින් පින් හම්බවුනා බම්ප් කරගන්න @Xi Jinping
    ------ Post added on Mar 10, 2024 at 9:23 PM