පහුගිය මාර්තුවේ තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ.සබ්ජෙට් එක ගැන වැඩි දෙනෙක්ගේ උනන්දුවක් නැති හින්දා කොටස් තුනක් වෙනකම් විතරයි ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ.තලෙයිබාන්කාරයෝ කරළියට ආපු හින්දා හිතුවා ත්‍රෙඩ් එක ආයේ පටන් ගන්න කියලා.
ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදි සංවිධානය ඩ්‍රෝන් යානා පාවිච්චි කරපු විදිය ගැන තමයි මේ ත්‍රෙඩ් එකෙන් කතා කලේ.මේකේ කලින් කොටස් ටික අන්තිමට දාලා ඇති.වැඩි කතා නැතුව යමු අපේ කතාවට.
ඉරාකයේ මෝසූල් නගරය - චන්ද්‍රිකා ඡායාරූපයක්
ඉරාකය මෝසුල් නගරය කියන්නේ වාණිජ ඩ්‍රෝන් යානා පාවිච්චි කරන්නම කියාපු තැනක් .මොකද නගරයක් කියන්නේ විවෘත භූමියක් නෙමෙයි,නාගරික ප්‍රදේශයක් ඇතුලත ඩ්‍රෝන් යානා මෙල්ල කිරීම ලේසි නැහැ.ISIS නානලා වෙළඳපොලෙන් පහසුවෙන් මිලට ගන්න පුලුවන් ඩ්‍රෝන් යානා කුර්දි සටන්කාමීන්ට සහ ඉරාක හමුදාවට එරෙහිව නිතරම පාවිච්චි කලා.මෝසුල් සටන මාස ගණනක් ඇදෙන සටනක්.හරියට කිව්වොත් දෙවන ලෝක යුද්දේ ස්ටාලින්ග්‍රාඩ් සටන වගේ.නගරය තුල දෙපාර්ශ්වය මුහුණ මුහුණ ගැටුණා.ඒ නිසා ඩ්‍රෝන් ඔපරේටර්ස්ලාට පහසුවෙන් ඉලක්කය හඳුනාගෙන පහරදෙන්නට පුලුවන්කම ලැබුණා.නගරය ඇතුලත සටන් සිදුවුන නිසා ඔවුන්ගේ ඉලක්කද පිහිටා තිබුණේ එතරම් දුරින් නොවේ.මේ දුර අඩු වීම නිසා,අවම දුරක් පියාසර කල හැකි ඩ්‍රෝන් යානා පවා යොදාගෙන පහර දෙන්නට නානලාට අවස්ථාව ලැබුණා.
මේ ඩ්‍රෝන් ඔපරේටර්ස්ලා බොහෝවෙලාවට මෙහෙයුම් සිද්ධ කලේ එක්කෝ පල්ලියක ඉදලා නැත්නම් ගෙයක් ඇතුලේ ඉදලා.මේ නිසා ත්රස්තවාදියා,සිවිල් වැසියාගෙන් වෙන් කරලා හඳුන ගන්න ලේසි වුනේ නෑ.
ISIS නානලාගේ ඩ්‍රෝන් යානා සමීපව අධ්‍යනය කලාට පස්සේ,ඔවුන් ඒවා අරමුණු දෙකක් සඳහා පාවිච්චි කරනවා කියලා දැනගන්න ලැබුණා.පලවෙනි එක උපරිම හානියක් සිදු කිරීම ,දෙවැන්න තමයි ප්‍රොපගැන්ඩා වීඩියෝ සහ අනෙකුත් ප්රකාශනවල තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම.මේ අරමුණු ඉෂ්ඨ කරගන්න ,නානලා වෙනස් ක්‍රම තුනකට තමන්ගේ ඩ්‍රෝන් යානා පාවිච්චි කලා.
1.බුද්ධි තොරතුරු එකතු කර ගැනීමේදී ඔත්තු බැලීම්/නිරීක්ෂණ කටයුතු සඳහා
2.උපරිම හානියක් සිදු කරනු පිණිස මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා මඟ පෙන්වීමට.
3.බෝම්බ හෙලීම සහ මර උගුල් ලෙස සෘජු ප්‍රහාර එල්ල කිරීමට
දැන් මේ කාරණා තුන විස්තර ඇතිව කතා කරමු.
1.ඔත්තු බැලීම/නිරීක්ෂණය
ISIS නානලා මුල් කාලයේදී ඩ්‍රෝන් යානා පාවිච්චි කලේ ඉරාක හමුදාව සහ කුර්දි සටන්කාමීන් ගැන ඔත්තු බලන වැඩවලට.ඊට පස්සේ කාලයේදී තමයි උන් පහරදීම්වලට ඩ්‍රෝන් යානා යොදාගන්නේ.ඒ ප්‍රහාරවලට පෙර හෝ ප්‍රහාර අතරතුර ඔත්තු බැලීම සහ නිරීක්ෂණවලට අමතරව.
දැන් බලන්න අංක 1න් පෙන්වන පෝටෝ එක දිහා.ඒක ඩ්‍රෝන් එකකින් ගත්තු පුළුල් පරාස වීඩියෝවක ස්ක්‍රීන් ෂොට් එකක්.ඕකේ කොළ පාට තිත්වලින් පේන්නේ ඉරාක හමුදාවේ යුනිට් කිහිපයක්.ඔය ආමි යුනිට් වලට ලගා වෙන්න තිබෙන හැම පාරක්ම මෝටර් රථ යොදාගෙන වහලා දාලා තියෙන්නේ.සාමාන්‍ය තත්ත්ව යටතේ ISIS නානලාගේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙකුට මේ ආමි යුනිට් හොයාගෙන ගිහින් පහර දෙන එක ලේසි වැඩක් නෙමෙයි.මේ නගරය හරියට වංගගිරියක් වගේ බිම් මට්ටමේ ඉදන් බැලුවොත් පේන්නේ.මෝසුල් වගේ නගරයක බෝම්බකාරයෙක් තමන්ගේ ඉලක්ක වෙත යන්න ගිහින් වරද්ද ගන්නවා කියන්නේ ,පහසුවෙන්ම අනික් පාර්ශ්වයේ අවධානයට ලක් වෙන්න පුලුවන් අවස්ථාවක්.මොකද හුගක් මරාගෙන මැරෙන රථ,සාමාන්‍ය මෝටර් රථයකින් වෙනස් කලා හඳුන ගන්න පුලුවන්.මොකද අනික් පැත්තේ ඉන්නේ මේ පරිසරය අලුත් පිරිසක් නොවේ.ඔවුන් අත්දැකීම් බහුල සටන්කරුවෝ.එක වීදියක බ්ලොක් එකක් තිබ්බොත් බෝම්බකාරයාට වෙන වීදියක් දිගේ යන්න වෙනවා.ඒ වගේ අසාර්ථක ප්රයත්නයක්ම ඇති බෝම්බකාරයා එක්ස්පෝස් වෙන්න.
අංක 1
ඒත් ඩ්‍රෝන් යානා මගින් මේ කාර්යය පහසු කරා.මොකද අහසේ ඉදලා බලද්දී ආමි යුනිට් එක දිහාවට යන්න පුලුවන් පොඩි හිඩසක් හරි ලේසියෙන් බලා ගන්න ISIS නානලාට ඉඩ ලැබෙනවා.ඔය විදියට මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට වැරදීමක් නැතිව කෙලින්ම ඉලක්කය ට යන්නට පාර පෙන්වන්න ඩ්‍රෝන් යානා උදව් වුනා.
ඊළඟට අපි බලමු අංක 2 රූපය දිහා.මේ ප්රහාරයේදීත් ISIS නානලා පාවිච්චි කරන්නේ කලින් උපක්‍රමයයි.ඩ්‍රෝන් යානයක උපකාරයෙන් උන් දකිනවා ඉරාක හමුදාවේ රථ පෙළක් වීදියක නවත්තලා තියෙනවා.මෝසුල් කියන්නේ හරිම ජනාකීර්ණ නගරයක්.ගෙයින් ගෙට ගිහින් ත්‍රස්තවාදියෝ හොයන එක ලේසි නෑ මෙතන.අනික ත්රස්තවාදියා,සිවිල් වැසියන්ගෙන් වෙන් කරලා හඳුන ගන්න එකත් ලේසි නෑ.අන්න ඒ වාසිය අරන් මුන් කරන්නේ නගරයේ තැන් තැන්වල හැංගිලා ඉන්න එක.මේ වගේ රහස් තිප්පොලවල් සෑහෙන තිබ්බා මෝසුල් නගරයේ.ඔහොම තිප්පොලක් තමයි ඔය කොළ පාටට ලකුණු කරලා තියෙන්නේ.එතන මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් ඉදලා තියෙන්නේ.මේ හමුදා රථ පෙළ කිට්ටුවම ඉන්නේ මේ බෝම්බකාරයා.ඌට අණක් ලැබෙන ගිහින් පුපුරව ගන්න කියලා.ඌ යන මාර්ගය තමයි කොළ පාට කඩ ඉරිවලින් පෙන්නලා තියෙන්නේ.රතු පාට පොඩි රවුමෙන් පෙන්නලා තියෙන්නේ ඉරාක හමුදාවේ යුද ටැංකියයි.බෝම්බකාරයා ගහන්නේ ඒකට.
අංක 2
ඊළඟ කොටසින් කතා කරන්නේ ඩ්‍රෝන් යානා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පාවිච්චි කලේ කොහොමද කියලා.
අද ත්‍රෙඩ් එක කෙටි වැඩි හින්දා ඔන්න පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් දැම්මා.මේකේ මුලින්ම පෙන්නන්නේ ISIS නානලාගේ කාර් බෝම්බයක්.උන්ගේ ඩ්‍රෝන් එකකින් තමයි ඔය වීඩියෝ එක අරන් තියෙන්නේ.කලින් ත්‍රෙඩ් එකක කතා කලා up-armored SVBIED කියන කාර් බෝම්බ වර්ගය ගැන.මේකත් ඒ ජාතියේ එකක්.රියදුරාට අමතරව මේකේ ඉන්නවා මැෂින් ගන් ඔපරේටර් කෙනෙක්. මේ ප්‍රහාරය බිම ඉදලා වීඩියෝ කරන්නේ කුර්දි සටන්කාමීන්.අර ISIS නානා මැෂින් තුවක්කුවෙන් තියෙන්නේ කැමරාකරුවට.ඒත් එක්කම නානලා කාර් බෝම්බේ පුපුරවා ගන්නවා.මේ වීඩියෝ එක සුවිශේෂි එකක් ,මොකද දෙපැත්තෙම අය මේක රෙකෝඩ් කරලා තියෙන නිසා.
මෙන්න ත්‍රෙඩ් එකේ කලින් කොටස් තුන.



