පොඩිකාලේ අහපු කතාවක් මතක් උණා. මේක අපහාසයක් හැටියට ගන්න එපා කතාවක් විතරයි.
ඔන්න වෙසක් දවසේ කොහේ හරි හොර පොට් එකකින් බීපු මනුස්සයෙක් රෑ වෙලා වෙරිමරගාතෙ ආයෙත් දෙකක් දාගන්න එතනට යනකොට ඒ පොට් එකට පොලීසියෙන් පැනලා බඩුයි විකුණන උන්වයි පොලීසියෙන් අරගෙන ගිහිල්ලලු ඉතිං බලාපොරොත්තු කඩවෙච්ච මිනිහා ආපහු එනගමන් හම්බ උන හැම බාර් එකකටම ගිහින් ඒත් වෙසක් නිසා ඒ හැම එකක්ම වහලා නිසා මල පැනලා ගෙදර එන ගමන් දැක්කලු පාර අයිනේ ජේසුස් වහන්සේ කුරුසේ ඇණ ගහලා තියෙන සුරෝවමක් මේ මනුස්සයා එතන නැවතිලා දණ ගහගෙන අඬන්න ගත්තලු කෑගහලා ඉතිං වෙසක් බලන්න යන මිනිස්සු බලබල යනවලු මේ මනුස්සයා දිහා. ඔය යන අතරේ එක කොල්ලෝ කට්ටියක් නැවතිලා මේ මනුස්සයගෙන් ඇහුවලු මොකද අන්කල් අඬන්නේ මොකක් හරි ප්රශ්නයක්ද කියලා?? මේ මනුස්සයා කිව්වලු බලන්න පුතා. ජේසුස් වහන්සේ ඉපදුණා ඒත් බාර් ඇරලා කුරුසේ ඇණ ගැහුවා ඒත් බාර් ඇරලා, මරණෙන් නැගිට්ටා ඒත් බාර් ඇරලා. ඇයි පුතා මේ ලෝකේ මෙච්චර දරුණු බුදුවෙන්න ඕන මිනිහෙක් කුරුසේ ඇණ ගහලා කුරුසේ ඇණ ගහන්න ඕන මිනිහෙක් බුදුවෙලා. ඒ දුකටයි මම අඬන්නේ කියලා

( කිසිම ආගමකට අපහාස කරන චේතනාවෙන් ලියුවේ නැති බව කරුණාවෙන් සලකන්න )