ඉස්සර

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ඉස්සර...........
    යාළුවො සෙට් එක එක්ක ඉද්දි එකසැරේටම හෙණ ගැහුව වගේ එයාව දැක්කම...
    මට සාරියක් අන්දවල නුවර ටවුම මැද හිට්ටවල තියල වගේ දැනුන.
    එයා හම්බෙන්න එනකං මං එක තැනකට වෙලා ඇස් රිදි රිදී බලං ඉද්දි ...
    බඩේ අමාරුවක් හැදිල පබ්ලික් ටොයිලට් එක ළඟ කැරකෙන බඩජාරියෙක් වගේ දැනුන.
    එයා එක්ක කතා කර කර ඉඳල ආපහු යන්න වෙලාව ආවම...
    මාව නිකං පැණි මදිවට ගමුත් ගෑවිච්ච ඇඹලයෙක් වගේ දැනුන.
    එයා එක්ක ඉඳල හිනාවෙන් කඳුලෙන් අපේ දුක සැප බෙදාගෙන ආපහු එද්දි...
    මං සිමෙන්ති ලෝඩ් එකක් බාල පියාඹල එන ටුවෙල් ටෙන් ලොරියක් වගේ දැනුන.
    එයාගෙ දුක් කඳුළු අමාරුකම් දැකල අහල විඳල ආදරේ පුරෝගන ගෙදර ආවම...
    කවුදෝ මගෙන් අහන් නැතුව මගේ ඔලුව උඩ තඩි බිල්ඩිමක් හදල වගේ දැනුන.
    එයා මට යක්ස දුකක් දැනෙන කතා හරි සැහැල්ලුවෙන් කියද්දි...
    චේන් සෝ එකක් ස්ටාට් කරාම ගහකට දැනෙන බය මට දැනුන.
    බේරගන්න වෙන කෙනෙක් නැති බව දැන දැනත් එයා මාව දාල යද්දි...
    ගහ කපද්දි ගහේ කුඩුවක හිටපු පුංචි කුරුළු පැටියෙකුට දැනුන බය මට දැනුන.
    එයා දාල ගිහිනුත් මට යාලුවෙක් වෙන තරම් වත් සැනසිල්ලක් නොවුනාම...
    බිම දාපු ගහක් තීරු තීරු කපද්දි ඇද වෙවී පැත්ත ගහන ගහට දැනුන අසරණ කම මට දැනුන.
    ජීවිතේ හැම දේම නැති වෙලා මුල් ඉදිරිල යද්දි ඉතිරි උන පුංචි බලාපොරොත්තුව...
    අර ගහ යට පැළවුන පුංචි කොළ පාට පැළයක් වගේ දවසින් දවස තාමත් වැඩෙනව.
    පොළව පුරා කොච්චර මුල් පැතිරිල හයියට තිබුනත් "අර මහ රූස්ස ගසුත් බිම දාන චේන් සෝ එක"
    ඒ වගේ තමයි මචං අපිට කොච්චර සම්පත් තිබුනත් අපිව බිංදුවටම වට්ටල දාන "අවංක ආදරේ"..!!!
    වක්කරපං බං තව එකක්... අදත් කෙලවෙලාම යන්ට කියල...:lol::lol:
    ~.¸¸¸.•*¨(¯`’•.¸දුෂාන්ත¸.• ’´¯)¨*•.¸¸¸.~