ඉස්සුවොත් පුපුරණ මර උගුල්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    පලස්තීන කොඩියේ මර උගුල

    මේ සිද්ධිය 2018 පෙබරවාරි මාසයේ 17දා සිදුවෙන්නේ.ඉලක්කය තමයි ඊශ්‍රායල සෙබලුන්.ඊශ්‍රායලය සහ ගාසා තීරය වෙන් කරන සීමාවේ තියෙන වැටක පලස්තීන කොඩියක් ගහලා තියෙනවා දැකලා,ඊශ්‍රායල බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබලෙක් ඇවිත් ගලවගෙන අනෙක් පිරිස ඉන්න තැනට අරන් යනවා.සෙබලා කොඩිය බිම දමනවාත් එක්ක පිපිරීමක් සිද්ධ වෙනවා.

    LJbrMjV.jpg


    මේ ප්‍රහාරයේ ත්‍රස්තවාදියෝ පටිගත කරලා තියෙනවා.ඒ වීඩියෝව කැමති අයට මෙතනින් බලන්න පුලුවන්.උඩ තියෙන්නේ ඊශ්‍රායල සෙබලා පලස්තීන කොඩිය අරගෙන යන හැටි.මේ මර උගුල හදන හැටි තියෙන වීඩියෝ එක මෙතනින් ගිහින් බලන්න.
    ඔය ට්විටර් ලින්ක් එකේ වීඩියෝ එක දැන් පෙන්නන්නෙ නැහැ. පල්ලෙහයින් බලන්න. අම්මෝ ඒ උගුලනම්. උස්සනකොට බටේ නිකම් බර වැඩි ගතියක් දැනුන්නැද්ද දන්නෑ
     
    • Like
    Reactions: Dr.Amdan