මර උගුල් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ගරිල්ලා සටන් වලදී කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.දෙමළ කොටි ත්‍රස්තවාදියෝ එක්ක යුද්ධ කරපු අපේ කොල්ලන්ට නම් මර උගුල් අලුත් දෙයක් නෙමෙයි.
මේ වීඩියෝ එකේ කොටි ත්රස්තවාදීන්ගේ මර උගුලක් ගැන කතා කරනවා.. 2:56 ඉදලා බලන්න.
මර උගුලක් කියන දේ සරලව පැහැදිලි කලොත්,පෙනුමෙන් අපිට හානියක් නැති වස්තුවක සැඟවිලා තියෙන,අපේ මැදිහත් වීමක්(අත පත ගෑම වගේ දෙයක්)නිසා පිපිරීමකට මුල පුරන දෙයක්.
දැන් කාලේ පාවිච්චි කරන හුගක් මර උගුල් පුපුරණ ද්‍රව්‍ය සහිත උපාංග කිව්වොත් හරි.මේවා එක්ක ඇමක් තියෙනවා.ඇමක් දාලා මාලුවෙක් අල්ලගන්නවා වගේ තමයි,මර උගුල ලගට ආරක්ෂක අංශ සාමාජිකයෙක් හරි සිවිල් වැසියෙක් හරි ගෙන්න ගන්නේ.මර උගුල් ගැන අත්දැකීම් නැති කෙනෙක් මේ ඇමට අහුවෙලා ජීවිතය පවා අහිමි කරගන්න පුලුවන්.
කුතුහලය නිසා කෙනෙක් මේ ඇමට අහුවෙන්නත් පුලුවන්.සමහර වෙලාවට අනතුරක් නෑ කියලා අත්දැකීමෙන් දන්න දෙයක් ඇතුලේ වුනත් මරුවා සැඟවිලා ඉන්න ඉඩ තියෙනවා.
යුද්ධයකදී වගේ නම් තුවාලකරුවෙක්,මල සිරුරක් වුනත් ඇම විදියට ගන්න අවස්ථා තියෙනවා.
මූල්‍ය වටිනාකමක් තියෙන දෙයක් ඇම විදියට ගන්නත් පුලුවන්.
වියට්නාම යුද්ධයේදී ඇම විදියට බෝනික්කෝ පවා පාවිච්චි කරලා තියෙනවා.
මේ තියෙන්නේ ළමයි ඉලක්ක කරලා බෝනික්කෝ ඇම විදියට අරන් හදපු මර උගුල්
තවත් විදියක් තමයි කොඩියක් පාවිච්චි කරන එක.සතුරු රටේ කොඩියක් දැක්කොත් ඒක ගලවා දාන්න සෙබලෙක් පසුබට වෙන්නේ නෑනේ.
බොහොමයක් මර උගුල් මොන ආකාරයේ හරි ඇමක් එක්ක තමයි එන්නේ.ඇම යොදාගෙන බෝම්බය දිහාවට බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සාමාජිකයෙක් ගෙන්වාගෙන පීඩන තැටිය මත නොසැලකිල්ලෙන් අඩිය තියන්නට සැලැස්විම එක විදියක්.
තවත් විදියක් තමයි,මර උගුල ක්‍රියාත්මක වෙන්න ඕනේ කරන ක්‍රියාව ඒ පුද්ගලයා හරහා කර ගැනීම.
එසවීම සහ අතපත ගෑම නිසා මේවා එක්ක බැඳුණු සැඟවිලා තියෙන පුපුරණ ද්‍රව්‍ය සහිත උපාංග ක්‍රියාත්මක වෙනවා.බෝම්බ නිෂ්ක්‍රීය අංශවලට මේක හුගක් අනතුරුදායකයි.මේවා හුගක් වෙලාවට වාහන විනාශ කරන්න පාවිච්චි කරන බෝම්බ එක්ක තමයි පාවිච්චි කරන්නේ.
පලස්තීන කොඩියේ මර උගුල
මේ සිද්ධිය 2018 පෙබරවාරි මාසයේ 17දා සිදුවෙන්නේ.ඉලක්කය තමයි ඊශ්‍රායල සෙබලුන්.ඊශ්‍රායලය සහ ගාසා තීරය වෙන් කරන සීමාවේ තියෙන වැටක පලස්තීන කොඩියක් ගහලා තියෙනවා දැකලා,ඊශ්‍රායල බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබලෙක් ඇවිත් ගලවගෙන අනෙක් පිරිස ඉන්න තැනට අරන් යනවා.සෙබලා කොඩිය බිම දමනවාත් එක්ක පිපිරීමක් සිද්ධ වෙනවා.
මේ ප්‍රහාරයේ ත්‍රස්තවාදියෝ පටිගත කරලා තියෙනවා.ඒ වීඩියෝව කැමති අයට මෙතනින් බලන්න පුලුවන්.උඩ තියෙන්නේ ඊශ්‍රායල සෙබලා පලස්තීන කොඩිය අරගෙන යන හැටි.මේ මර උගුල හදන හැටි තියෙන වීඩියෝ එක මෙතනින් ගිහින් බලන්න.
කොඩිය හයි කරලා තිබ්බ රිටේ තමයි මර උගුල හයි කරලා තියෙන්නේ.කොඩියේ රිට ඇල කිරීමත් එක්ක පිපිරීමට අවශ්‍ය උත්තේජය ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා.මේකේදී ඇම වෙලා තියෙන්නේ පලස්තීන කොඩිය.හැබැයි මීට කලින් මේ වගේ උපක්‍රමයක් ගාසා ත්රස්තවාදීන් පාවිච්චි කරලා නොතිබුණ නිසා සෙබලා අනවධානයෙන් කටයුතු කලා කියලා හිතන්න පුලුවන්.මේ වගේ වැටවල් වල ගහපු කොඩි ඕනෑතරම්,කිසිම හානියක් නැතිව අයින් කරලා තියෙන නිසා සෙබලා බයක් නැතිව ඒකට පෙළඹුණා.මේ සිද්ධියෙන් පස්සේ කොඩිය මර උගුලක් විදියට ත්රස්තවාදීන්ට පාවිච්චි කරන්න බැරි වෙනවා.මොකද දැන් ඊශ්‍රායල හමුදා ඒ උපක්‍රමය දන්න නිසා.නමුත් ලෝකේ වෙනත් රටක මේක සිද්ධ වෙන්න පුලුවන්.
අයි එස් ත්රස්තවාදීනුත් කොඩියක් ඇමක් විදියට පාවිච්චි කරලා පිපිරීමක් සිදු කරපු අවස්ථාවක් ඉරාක කුර්දිස්ථානයේදී පටිගත වෙලා තිබ්බා.අයි එස් කොඩිය බිම හිටවලා තියෙන්නේ,කුර්දි ජාතිකයෙක් ගිහින් මුලින්ම කොඩිය වටේ අතින් හරනවා.ඉන්පස්සේ කොඩි කණු ඔසවද්දී පිපිරීමක් සිද්ධ වෙනවා.වීඩියෝ එක මෙතනින් බලන්න.
යුද ටැංකි නාශක බෝම්බය යට සැඟවුණු මරුවා
මේ සිද්ධිය යේමන-සෞදි අරාබි දේශසීමාව කිට්ටුව සිද්ධ වෙන්නේ.හූති/හවුති කැරලිකාරයෝ වළදාලා තිබ්බ බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්න ගිහින් සෞදි අරාබියේ සෙබලෙක් තුවාල වෙනවා.මුලින්ම ඔහු වළදාලා තිබ්බ TM-62 කියන යුද ටැංකි නාශක බෝම්බය පාදාගෙන ෆියුස්/විලායකය අයින් කරනවා.ඊට පස්සේ බෝම්බය ඔසවනවත් එසවනවාත් එක්කම පිපිරීම සිද්ධ වෙනවා.
ටික හොඳට හොයලා බලද්දී තමයි සිද්ධ වුනේ මොකක්ද කියලා තේරුම් ගිහින් තියෙන්නේ.සෙබලා බෝම්බය උස්සනවත් එක්කම "ටික්" ශබ්දයක් ඇසෙනවා.ඉන් තත්ත්පර කිහිපයකට පස්සේ පිපිරීමෙන් සිද්ධ වෙනවා.මේක බොහොම සරල මර උගුලක්.පිපිරීම සිද්ධ වෙන්නේ අත් බෝම්බයක් නිසා.දැකලා ඇතිනේ අත් බෝම්බයක තියෙනවා සේෆ්ටි පින් එකක්.ඒ කියන්නේ බෝම්බයේ පිපිරීමට හේතුවෙන ලීවරයේ ගැස්සීම නතර කරන්න සවි කරලා තියෙන ආරක්ෂක ඇණය.මේ ඇණය අයින් කරලා තමයි බෝම්බයක් විසි කරන්නේ.
පේනවානේ ලීවරය(1) අල්ලගෙන තමයි සේෆ්ටි පින් එක(2) අයින් කරන්නේ.
අත්බෝම්බයක් ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
මේ මර උගුලේදී ඒ කියපු ඇණය අයින් කරලා ලීවරයේ ගැස්සීම නවත්තන්න බරක් විදියට අර යුද ටැංකි නාශක බෝම්බය පාවිච්චි කරලා.
අත් බෝම්බයක සේෆ්ටි පින් එක අයින් කරලා විසි කලාම පුපුරන්න තත්ත්පර 4 වගේ කාලයක් ගත වෙනවා.අත් බෝම්බය අතේම පුපුරණ එක වළක්වන්න ,පිපිරුම ප්‍රමාද කරන රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා.තත්ත්පර කිහිපයක පමාව හේතුව ඒකයි.ඒ රසායනික ද්‍රව්‍ය ඇවිලිලා ගිහින් තමයි ඩෙටනේටරය ක්‍රියාත්මක කරන්නේ.ඉන්පස්සේ පිපිරීම සිදුවෙන්නේ.
අත් බෝම්බයක පිපිරීම ප්‍රමාද කරන රසායනික ද්‍රව්‍ය අයින් කරලා මළ සිරුරක් යටින් තබන ආකාරය.මේ පෝටෝ අරන් තියෙන්නේ සිරියන් කැරලිකාර කණ්ඩායමක් තමන්ගේ අලුත් සාමාජිකයෝ පුහුණු කිරීමක් සිද්ධ කරද්දී.
ත්‍රස්තවාදී සංවිධාන මර උගුල් වලදී අත් බෝම්බවල පිපිරුම ප්‍රමාද කරන යාන්ත්‍රණය ඉවත් කරලා භාවිතා කරන විදිය ගැන කියලා දෙන උපදේශන වීඩියෝ පට පවා අලුත් සාමාජිකයන්ට ලබා දෙනවා.මේකේදී වෙන්නේ සේෆ්ටි පින් එක අයින් කරපු ගමන් අත් බෝම්බය පුපුරණ එක.ඒ කියන්නේ තත්ත්පර කිහිපයක පමාව ඉවත් වෙනවා.
සිරියානු කැරලිකරුවන් පුහුණු කිරීමේදී සේෆ්ටි පින් එක අයින් කරල පුද්ගල නාශක බිම් බෝම්බයක් එක්ක මර උගුලක් විදියට පාවිච්චි කරන විදිය කියලා දෙන ආකාරය
මෙතෙන්දී එක කැරලිකරුවෙක් ක්ලේමෝ බෝම්බයක් එක්ක තියෙන මර උගුලක් නිෂ්ක්‍රීය කරන්න ගන්න විදිය පෙන්නලා දෙනවා.
බෝම්බ නිෂ්ක්‍රීය අංශ ඉලක්ක කරලම ත්‍රස්තවාදියෝ මර උගුල් අටවනවා.ඒකදී කරන්නේ අපේ ඇසට අහුවෙන්නේ නැතිව ද්වීතීයික පද්ධති ඇටවීම.බෝම්බ නිෂ්ක්‍රීය අංශවල පිරිස්වලට පේන්නේ බැටරි,ටෙලිපෝන් හෝ වයර් වගේ එක දෙයක් හෝ කිහිපයක් පේන්න තියෙනවා ඔවුන්ව රවට්ටන්න.එතකොට ඔවුන් හිතන්නේ පිපිරීමට ඕන කරන බලශක්ති මූලාශ්‍රය තමන් නිෂ්ක්‍රීය කලා කියලා.ඒත් ප්‍රාථමික මර උගුලෙන් වෙන් වුන,වෙනම බලශක්ති මූලාශ්‍රයක් එක්ක ද්වීතියික උපාංගයක් හැංගිලා තියෙන්න පුලුවන්.අන්න ඒ බලශක්ති මූලාශ්‍රය ක්‍රියාත්මක වෙලා ප්‍රාථමික සහ ද්වීතියික මර උගුල් දෙකම පිපිරී යන්න ඉඩ තියෙනවා.
මේ තියෙන්නේ ඉරාකයේ අයි එස් ත්‍රස්තවාදියෝ උඩ කියපු ක්‍රමයට හදපු මර උගුල්.මේවා හදලා තියෙන්නේ බෝම්බ නිෂ්ක්‍රීය කරන සෙබලුන් ඉලක්ක කරගෙන.
පේනවානේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සේවය කරන එක ලේසි පහසු කටයුත්තක් නොවෙයි කියලා.මරණය අතේ තියාගෙන ඉන්න වෙන්නේ.