ඉසෙඩ් ස්කෝර්......

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉසෙඩ් ස්කෝර්......



    විබාගෙ ප්‍රතිපල බලන්න ඉස්කොලෙට ගිය නිමාලි ගෙදර දුවගෙන ආවෙ ඔලුව උඩ තියෙන මහා බර කන්දරාව තනියෙන් දිය කරලා අරින්න කියලා හිතාගෙන.
    "මොකද කෙල්ලෙ වෙලා තියෙන්නෙ?"
    එලිපත්ත උඩ ඉඳන් හිටපු අම්මා ඇහුවා...
    "වැඩක් නෑ අම්මෙ,ආයෙමත් දිස්ත්‍රික් .rank .එක පහලට ගිහිල්ලා.......
    නිමාලි හිතට ආපු ඉකියත් හිර කරගෙන ගෙට ගොඩ උනා.
    "අනේ මන්ද බන්,ඔන්න ඔය ටවුමෙ ගාමන්ට් එකේ වත් රස්සවක් හොයාගන්න බලමු"
    අම්මා හිතේ හිරවෙලා තිබ්බ දුක, මහා සුසුමක පා කරලා යැව්වා....
    තනියම කාමරේට වැදුන නිමාලි මැටි ගැලවිච්ච වරිච්චි බිත්තිය දිහා අනිමිසයෙ යෙදෙන ගමන් සිතුවිලි වලට වද දෙන්න ගත්තා....
    හිතේ රැඳිච්ච අහින්සකම අහින්සක හීන දහසක් පොත් මිටියක් අස්සෙ හන්ගාගෙන ඒ ලෙවල් විබාගෙ ලියන්න පෙරුම් පුරපු හැටි නිමාලිට මතක් උනා......



    හීන හැබෑ කරගන්න ඇස් දෙකටයි,හිතටයි දුන්න දහසක් අනේක වධ වේදනා දන්නේ ඉටිපන්දම් කිරි වැටිච්ච පාඩම් පොතුයි,රෑ තිස්සෙ පාලුව කපපු මදුරුවො රෑනයි විතරයි
    අම්මාගෙයි,අහින්සක අප්පච්චිගෙයි හීන කඳුලු වල දිය කරලා තමන්ට පෙව්වෙ ඒ අය කවදාකවත් රජ සැප බලාගෙන නෙවෙයි කියලා නිමාලි දන්නවා...
    ඒ කඳුලු වලින් තමුන් මහන්සි වෙලා වපුරපු පුන්චි පැලය ඉඩෝරෙට වේලිලා යත්දි...හිත කොච්චර නම් රහසින් වැලපුනාද කියලා හිතාගන්නත් බැරි තරම්.
    ඊයේ දිස්ත්‍රික්කෙ 23 හිටපු නිමාලි අද ඉන්නෙ 223 තැනට.....අවුරුදු ගානක් පෙරුම් පුරපු සරසවි හීනෙ බොඳ උනේ තමන්ගෙ වරදකින් නම් නොවෙයි කියලා නිමාලි හොඳටම දන්නවා....
    ඒත් ඒ කාගෙ වරදක් ද...................????

    සමතුලිතතාවයක් ගැන ඉගෙනගෙන තිබ්බත් ඒ වගේ දෙයක් දකපු බවට මතකයක් නිමාලිට තිබ්බෙ නෑ.ආයෙමත් පාරක් නිමාලිව සිතුලිවි වල ගිලුනා...
    ............,නිදහස් අධ්යාපනය,උපාදි සිහිනය....ලෙඩ ඇඳේ ඉන්න අප්පච්චි...ඒත් එක්කම ටවුමෙ ගාම්න්ට් එක ඇරිලා හවසට ඉගිල්ලිල යන කිරිල්ලියොත් නිමාලිගෙ හිත ඇතුලෙ පොරබදින්න ගත්තා.....

    එ ඔක්කොමත් හිත පාරවද්දි,ජීවිතේ සිහින තමා ඉදිරියෙ දිය වෙලා උණුහුමට කම්මුල් තෙමාගෙන,ලුණු රසට ගලාගෙන යද්දි,නිමාලිගෙ හදවත පතුලෙන් නැගිච්ච සමස්ත තාරුණ්යයෙ ඉකිය,කීඩෑවො පාලු කරපු වෙල් යාය පහු කරන්,හන්දියෙ කඩේ සිරිසේන මාමගෙ කබල් රේඩියො එකේ සද්දෙත් අභිබවාගෙන,පන්සලේ මහ හඬින් දාලා තියෙන පිරිත් සද්දෙත් පහු කරන්,සමනල කන්දෙ මස්තකයත් හෙල්ලුම් කවාගෙන පැතිරිල ගිහින් කොලොම්පුරේ රජ මාලිගාවක දොරේ මහ හඬින් පතිත උනත්,බඩ පැලෙන්න පිට්සා කාල,කුරුලු පිහාටු අතුරපු පුලුන් යහනාවෙ සැතපිල හිටපු
    බේබිලාට වත්,රටේ ආඩම්බරකාර භාරකාරයින්ගෙ වත් දැහැන බිඳින්න ඒ දුර්වල දෝන්කාරය සමත් උනේ නැහැ.....................[/SIZE][/SIZE]
     
    Last edited: