ඇල්ලේ හොල්මන..

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!!

    මායාවක් කියන්නේ මොකද්ද? සරල තේරුම ගත්තොත්... තාර්කිකව අපිට නිර්වචනය කරන්න බැරි දේ! අපි දන්නා ගොඩක් මායාවන් වලට විද්‍යාත්මක නිර්වචන තියෙනවා.. මේ ලෝකේ තවත් මායාවන් තියෙනවා විද්‍යාත්මකව ඔප්පු කර ගන්න බැරි උන.... අපි එහෙම මායාවක් දැක්කොත් ?!

    'ඇල්ල ට්‍රිප් එක'

    මේ ට්‍රිප් එක මගේ පවුලේ අය අදටත් මතක් කරන්නේ 'ඇල්ල ට්‍රිප් එක' කියල.... ගිය අවුරුද්දේ අගෝස්ත්තු මාසේ අපි ගියා දවස් 7 ක ට්‍රිප් එකක්... නමුත් වාසනාවට දවස් 3 න් එන්න සිද්ධ උනා!

    දිය ඇලි...පන්සල්...යන පාරේදී හම්බ වෙන ඕනෙම විශේෂ දෙයක් බලමු කියල එකග වෙලා තමඊ ට්‍රිප් එක ලෑස්ති කර ගත්තේ... ලොකු මාමත් එකග උන ආකාරයටම මග දිගට හම්බ උන අති විශේෂ පෙට්ටි කඩයක් වත් මග නැර.... මහා එපා කරපු ගමනකින් පස්සේ නැවතුනේ 'දුන්හිද ඇල්ල' බලන්න කියලා කලින් වෙන් කරගෙන තිබුන ඇල්ලට කිට්ටු නවාතැනෙන්...

    කට්ටියම මහන්සි ඇරගන්න හිතාගෙන තම තමන්ගේ කාමර වලට වැදුන... නාලා කරලා විවේකයක් අරන් හවස 4 ට විතර ඇල්ල බලන්න ගියා.... හවස් යාමේ වුනත් ඇල්ල පහල වතුරේ බැහැගෙන සැහෙන්න සෙනගක් ඉන්නවා …. දුන්හිද ඇල්ල මගේ මතකේ තිබුන තරම් වතුර කන්දරාවක් නෙවෙනෙ කියලා මට හිතුනේ ඇල්ල දැක්කම.... ඇල්ල කෙට්ටු වෙලා!

    අපිත් ඊලග දවසේ නාන්න එමු කියල කතා වෙලා නවාතැනට අවා.... කට්ටියම රැට කලා බිලා රැ 11 විතර වෙනකන් හිටියා කතා කර කර.... වෙලාව රැ 12 ට ලං වෙද්දී .....ඊලග දිනයේ වැඩසටහනත් කතා කරගෙනම කට්ටිය තම තමන්ගේ කාමර වලට වැදිලා නිදා ගත්ත... මහ ගොඩක් සිතල නැති උනත් සෞම්‍ය දේශගුණයක් තිබුනේ…හොද නින්දකට හොදටම ඇති…. මම නම් හීනයක් වත් දැක්කේ නැහැ..... මහන්සියට වැටුන ගමන් නින්ද ගියා....

    මමත් පොඩි පුංචිගේ දු දිලූත් හිටියේ එක කාමරේක.... මහා රැ ජාමේ වෙන්න ඇති අපේ කාමරේ දොරට තට්ටු කරනවා වගේ ඇහිලා මාව ඇහැරුනා.... පාන්දර වෙද්දී සීතලත් වැඩි වෙලා… මම යාන්තමට ඇහැක් ඇරලා බැලුව…කාමරේ dim light ඒකක් දාල තිබුනේ… ඒ ලා එළියෙන් මම දැක්කා දිලූ කාමරේ දොර අරිනවා.... එයාගේ ඇද දොරට කිට්ටුවම තිබුන නිසා එයාව ඇහැරෙන්න ඇති මට කලින්.... දොර අරින කොටම සීතල හුලගක් ඇවිත් මගේ මුනෙත් වැදුන... තවත් ටිකක් පොරෝනය යටට ගුලි වෙන ගමන් මම දිලුගෙන් ඇහුව කවුද කියලා... එවෙලේ එයා කිවුව දේ මට ඇහුනේ නැහැ... දොර වහල එයා ඇදට අපු නිසා මමත් එහෙම්මම නින්දට වැටුන....

    හොදටම නින්ද ගිහින්... නින්දෙත් ගැබුරුම නින්දට වැටෙන වෙලේ තවත් පාරක් හීනෙන් වගේ මට ඇහෙනවා සද්දයක්! නින්දට ඇති ලොබ කමට ඔහේ ඕනේ එකක් කියල මම නිදගෙනම හිටියා…. ටිකකට නින්ද ගියද මන්ද.... අයෙත් ලාවට වගේ ඇහෙනවා කලින් සද්දේම... ඇස් පියාගෙනම මම සද්දේට කන් දීල හිටියා… මට හිතුනේ ‘ජනේලේ ළග මොකක් නමුත් දගලනවා වගේ’… එළි වෙන්නත් කිට්ටු ඇති කියල මට හිතුන …. සතෙක් වෙන්න ඇති… මට බැහැ නැගිටින්න කියල හිතෙන්ම කියලා පොරෝනෙත් ඇදගෙනම අනිත් පැත්ත හැරුන නිදා ගන්න... ලාවට ඇස් ඇරිලා තිබුන එවෙලේ මම දැක්ක දිලූ මගෙ දිහා බලන් ඉන්නවා ඔලුවත් ටිකක් උස්සගෙන…. මම ඇස් ඇරලා බැලුව එයා දිහා… එයා මට ඔලුවෙන් පෙන්නුව ජනේලේ පැත්ත…. එයාටත් සද්දේ ඇහිලා.... හරි වදයක් නේ මේක කියලා ලාවට අපු කේන්තියක් එක්ක මම නැගිට්ට ඇදෙන්... දිලුත් නැගිට්ට මාත් එක්කම....

    තද දම් පාට ඝනකම් තිර රෙදි වලින් වැහිලා තියෙන ජනේලෙන් එහා පැත්තේ එන සද්දේ බලන්න ලෑස්ති උනා අපි දෙන්න... දිලු කාමරේ light ඒක දානකන් මම ජනේලේ පැත්තට ගියා… ' නවාතැනේ බාර කාරයට කියන්න ඕනේ.. නිදා ගන්න ටිකවත් සැනසිල්ලේ නිදාගන්න බැහැ කියලා මේ ඉලවු සද්ද එක්ක" කියන ගමන් මම ජනේලෙන් එළියේ light එකත් දැම්ම.... තිර රෙදි දෙපැත්තට ඇදල බැලුව… සද්දෙත් නැහැ කවුරුත් ඇත්තෙත් නැහැ! ජනේල් දොරත් ඇරියා ( French වින්ඩොව් ක්‍රමේට හදපු ජනේල් ) එළියට අඩියක් තියල බැලුව.... එළියේ ලා සුදු පාටට ඝන මිදුම පිරිලා… වැඩි දුරක් පෙන්නේ නැති තරමට මිදුම ඝනකමඊ… සිතල ඊට වඩා ඝන්කමඊ…. කහපාට light එළිය කාමරේ ඉදල අඩි 4 ක් විතර එළියට වැටිලා… හුලන් සද්දේ ඇරෙන්න කිසිම දෙයක් නැහැ… හෙට නාන්නත් ඉන්න එකේ වැඩි වෙලා එළියේ ඉන්න හොද වාතාවරණයක් නෙවි... දෙන්නම ජනේලේ වහගෙන ඇතුලට ආවා…light ඔෆ් කරලා, තිර රෙදි ඇදල… ඇදවල් වලට පැනල උණුසුම් පොරෝන වලට ගුලි උනේ ඇගේ එතුන සිතල එලවන්න… අපි ඇස් වහගෙන නිශ්ශබ්දව කන් දීගෙන ඇදවල් වලට වෙලා හිටියා... දන්නෙම නැතිව අපිට නින්දත් ගිහින්!

    උදේ 8:30 විතර කෑමට ගිය වෙලේ මම ඇහුව දිලුගෙන් රැ කවුද අවේ කියලා… කවුරුත් නැහැලු! සද්දෙට දොරට ගහපු නිසාලු එයාට ඇහැරුනේත්..... මගේ කනට කරලා එයා කියනවා ;අපේ නඩේ මෝඩයෙක් තමඊ ඔවා කරන්න ඇත්තේ අපිව බය කරන්න හිතන්’... අද රැටත් ‘තට්ටු සෙල්ලම’ කලොත්හොද පාඩමක් උගන්න අදහසත් හිතේ තියන් උදේ කෑමත්අරන්…දවල් කෑමට එන්න බලාගෙන නාන්න යන්න ලෑස්ති උනා….

    නාන්න අවශ්‍ය ඇදුම් ඇදගෙන පිහිද ගන්න තුවා අරන් අපි ලෑස්ති වෙද්දී, වැඩිහිටි පිරිමි පාර්ශවේ අයත් මුණවල් බේරී කරගෙන යන්න ලෑස්ති උනේ, බවලතුන්ගේ බලවත් විරෝධය නිසා වාහනේට පටවා ගත්ත ‘බිම බෝතල්’ නැවතත් කාමර වලට ඇරලන්න සිද්ධ වෙලා නිසා....

    ඇල්ල පහල එදා උදේ වරුවේ සෙනග නම් එතරම් හිටියේ නැහැ... අවුවත් එතරම් සැර නැහැ හුළග නිසා...... නාල කළු වෙන්න නම් කියාපු දේශගුණේ.... වතුර දැක්කම හැමෝටම ඇති වෙන අමුතු සතුටත් කටවල් වලින් පනිද්දී අපිත් වතුරට බැස්ස.... සිතල වතුර! එත් දණහිස් ගාවටවත් වතුර නැ..... පැය කාලක් විතර වැලි එක්ක වතුර ටිකකට පොර කාල බැරිම තැන ඔක්කොමල තීරණේ කලා ඇල්ල උඩට යන්න...!

    දිය ඇල්ලේ හෝ හෝ සද්දේ කන ගාව ඇහෙන මානෙට ලං වෙද්දී අපිට හම්බ උනා නාන්නම කියාපු අපූරු වතුර වලවල් සහිත රූස්ස ගස් කොළන් එහෙම තියෙන සුන්දර තැනක්… වැඩිය සෙනගත් නැහැ...5 ක් 6 ක් වගේ ඉන්න ඇති... නිදහසේ නාන්න පුළුවන්… හැමෝම එහෙම හිතන්න ඇති... ඒ තරම් නිස්කලන්කඊ... කාලෙකට ඉහතදී ගලපු මහා වතුරට ගෙවුන කළු ගල් වටකරගෙන හොද තැනක් බලල අපිත් බැස්ස වතුරට…

    විනෝද සාගරේ වගේ කලේ ගත වෙලා යද්දී …සිතල වතුරෙන් පෙගිලා, ඇගවල් හිරිවැටිලා යනකන් වතුරේ නටපු අපිට.... මොනා කලත් ආසාවේ ඉවරයක් නැති මේ මනුස්ස හිත සනසන්න, අපි නාපු තැනට ටිකක් ඉහලින් තිබුන ඇල්ලෙන් වැටෙන කුඩා දිය ඇල්ලක් ලගට යන්න සිද්ධ උනා..!

    කකුලක් තියන්න බැරි තරම් දිය සෙවල බැදුන ගල් එක්ක දගලන්න හිත හදා ගත්ත අපි ටික දෙනෙක් 'වැටිලා බෙල්ල කඩාගන බැ' කියලා මගදීම පරාජේ බාර ගත්ත අය හැරිලා යද්දී කොහොමෙන් හරි පොඩි ඇල්ලට ලං කලා… ගියාට මොකද ඒ හරියේ කුඩල්ලන් විමානයක්! ආපු මෝඩ කමට ඔන්න ඔහේ ටිකක් නාලම යනවා කියලා හිතාගෙන අපි කුඩා ඇල්ලට ඔලුව අල්ලාගෙන නෑව... අපි නානා හිටපු තැනටත් වඩා සීතලම සිතලඊ වතුර...

    ඉතාම සුළු වෙලාවකින් වැඩිහිටි පිරිමි පාර්ශවේ අය ඇල්ල උඩ තියෙන ගල් තලාවක් දිහා බලන් ඇස ලොකු කරන් ඉන්දැද්දී, ලොකු බාප්පා 'යමු යමු ඔය ඇති ' මහා හදිස්සියකින් වගේ අපිට යන්න කතා කලා... අපි කටවල් ඇරන් බලන් ඉදිද්දී බාප්පා අයෙමත් කියුවා 'දැන් ඇති නෑව!! ඉක්මනට පහලට බහින්න! කියල හරිම සැරෙන් පල්ලන් බහින්න අණ දුන්න...

    කකුලුත් සීරගෙන අවේ අපරාදේ කියලා මුමුණ මුමුණ පහලට බැස්ස අපි නහයෙන් අඩ අඩ නඩේට එකතු වෙද්දී.. පහල හිටිය නඩේ වැඩිමහල්ලනුත් එකතු උනා උඩ බැලිල්ලට... ඔක්කොමල ගේ මුනවල් වල තියෙන්නේ බය වෙච්ච බැල්මක්! ගැහැණු පාර්ශවේ මුණවල් ඇද වෙද්දී ;නැ! ස්ස්ස්! හනේ! ඉක්මනට යමු අනේ; වගේ දේවල් තමඊ අපිට ඇහුනේ…

    මොකද්ද මේ හදිස්සිය! වැඩිමහල්ලන් රොක් වෙලා බාප්පා අත දික් කරපු පැත්ත බල බල යම් දෙයක් කතා කරද්දී අපිත් බෙල්ල දික කර ගෙන උඩහ පැත්ත විපරම් කලා…මුකුත් නැනේ… එක පාරටම ටිකක් එහාඉන් නානා හිටපු ගැහැණු කීප දෙනෙක් යටි ගිරියෙන් කෑ ගහගෙන ගල් දිගේ වැටි වැටි දුවගෙන වගේ ඇල්ල පහලට බැස්සා… ඒ ගැණු අයගේ කෑගැහිල්ලත් එක්කම නිරායාසයෙන්ම අපි ඇතුළුව නානා හිටපු ඔක්කොමල්ල ගැහෙන හදවතින් පහලට බහින්න ගත්ත… අපි නාපු තැන පහු වෙනවත් එක්කම ලොකු නැන්දා මහා සද්දෙන් කෑ ගැහුවේ අපේ බය දෙගුණ කරවල... අපි හැරිලා බැලුව නැන්දා හිටපු දිහාව...නැන්දා බිම වැටිලා! මාමල දෙන්නෙක් එයාව උස්සනවා..ඊට පිටිපස්සෙන් ගල උඩ කෙනෙක් හිටන් ඉන්නවා!!!

    මගේ කුල් දෙක ගැහෙන්න ගත්ත දැකපු දේට... මම දැක්කේ මිනිහෙක් ගල උඩ හිටන් ඉන්නවා! වගේ එත් මට අදටත් sure නැහැ මම එහෙම දෙයක් දැක්කද කියල.. එක විනිවිද පේන හෙවනැල්ලක් වගේ මම දැක්කේ! මනුස්ස රුපයක් හැඩේට හැදුන චායාවක්! මගේ සිහිය විකල් වෙලා වගේ මට දැනුන… මගේ කකුල් දෙක මාවත් අරන් පල්ලම් බැස්සේ මට වෙන දෙයක් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර...

    පිටි පස්ස බලන්න එපා! ඉස්සරහ බලාගෙන බහිනවා ඔක්කොමල ඉක්මනට! මාමල අණ දිගෙනම අපිව ඉස්සර කරගෙන පුළුවන් තරම් වේගෙන් ගස් ගල් අස්සෙන් අපිව බැස්සුවා... අපි බැස්සට වඩා ලිස්සල වැටුන... උඩට නගිද්දී බොහොම පරිස්සමෙන් නැග්ග අය බැස්සේ නම් කකුල් අත පය සිරිලා ලේ ගලද්දී... පහලට බැස්සේ කොහොමද කියල මට මතක නැහැ තාමත්... පහලටම බැස්ස අපි කෙලින්ම ගියේ වාහනේ නවත්තල තිබුන දිහාවට.. එක මනුස්සයෙක් කැගහල කාටද කිවුවා 'ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා' කියල... තැන් තැන් වල මිනිස්සු එකතු වෙලා කතා කර කර ඉන්නවා අපි දැක්ක...සමහරු මොකද්ද උනේ කියල අපෙන් ඇහුවත් උත්තර දෙන්න වත් නොනැවතී වාහනේට නැගල අපි අවා නවාතැනට... !

    නවාතැනට ආපු අපි කාමර වලට වැදිලා ඇගපත හෝදගෙන තුවාල වලට බෙහෙත් දාගෙන.. ලොබි එකට එකතු වෙලා වුන දේ ගැන කතා කලා... අපේ කිහිප දෙනෙක් දැකල තියෙන්නේ විරූපී මුණක් තියෙන හොල්මනක්... තවත් කීප දෙනෙක් දැකල තියෙන්නේ ඔරවාගෙන වගේ ඉන්න විරූපී මිනිස් බාගයක්! මම දැක්කේ විනිවිද පෙනෙන චායාවක්...! මම දැක්ක දේ කවුරුත් දැකල නැහැ ....එවෙලේ මට හිතුනේ ලොකු දෙයක් ජිවිත කාලෙටම හරියන්න බය වෙන්න තිබුන අනිත් අය දැකපු දේවල් දැක්ක නම්... දෙන්නෙක් බලපු නැති නිසා මුකුත් දැකල නැහැ... එදා දවසම ගැණු පිරිමි භේදයකින් තොරව ඔක්කොමල බය වෙලා හිටියේ උපරිමේට... දැක්ක අයට වඩා නොදැක්ක අය දකින්න උනොත් කියල බයෙන් ගැහි ගැහි තමඊ හිටියේ..එත් ගෙවෙන්න තියෙන රැය ගැන කාටවත් අමුතු බයක් නම් තියෙන්න නැතිව ඇති...!

    එතකොට මේ හොල්මන් දෙකක්ද? එකම හොල්මන අපි දැක්ක විදිය වෙනස්ද? නැත්තන් අපි ඔක්කොමල බය උනේ හිතේ ඇති උන මායාවකටද?

    ඇල්ල ළග ඉදලා හොල්මනක් අපේ පස්සෙන් ආවද? නැත්තන් හොල්මනක් අපිත් එක්ක ඇල්ල බලන්න ගියාද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ කතාවේ තව කොටසක් තියෙනවා... මේ කට්ටිය රෑ නතර වෙන්න ගෙස්ට් හවුස් එකට අවම එතනත් මේ හොල්මන ඇවිල්ල එකෙක්ට දෙන්නෙක්ට වැහිලා තව එක අස්සේ ලයිට් ගිහින් හුටපට ගොඩයි.. ඒ ටිකත් දාපන්කෝ :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,109
    113
    Kotahena
    කවුරු හරි හොඳ හොරෙක් ඔතන ඉඳගෙන නියම ජල්තරයක් ගහනවා
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මේ කතාවේ තව කොටසක් තියෙනවා... මේ කට්ටිය රෑ නතර වෙන්න ගෙස්ට් හවුස් එකට අවම එතනත් මේ හොල්මන ඇවිල්ල එකෙක්ට දෙන්නෙක්ට වැහිලා තව එක අස්සේ ලයිට් ගිහින් හුටපට ගොඩයි.. ඒ ටිකත් දාපන්කෝ :yes:

    mail එකක් ආපු එකක් මේ, ඉතුරු ටික තියනවද බලන්නම්
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    නවාතැනේ හොල්මන් ඉන්නවද??
    “කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝ! සමහරු කියනව ඇල්ලෙන් වැටිලා මරුන උදවිය අනිත් අයවත් බිලි ගන්න එනවා කියලා! ගල උඩදී එක එක විදියේ අවතාර දැකල මිනිස්සු බය වෙලා තියෙනවා!


    කොල්ලෝ දෙන්නෙක් ගලෙන් වැටිලා මරුන දා පැතිරුනේ තවත් කතාවක්! හවස් යාමේ ගල උඩ බිබී හිටපු ඒ කොල්ලෝ කට්ටියව හොල්මනක් බය කරලා… පණ තිබුන උන් පහලට අවේ බාගෙට මැරිලා සිහියත් නැතිව... එදා දෙන්නෙක් ඇල්ලට පැනල තිබුනා බය වෙච්ච සැරට! බීල ගලෙන් වැටුන කියල පතිරුනට එවුන්ගේ යාලුවෝ කිවුවේ ඒ දෙන්නව හොල්මනක් ගලෙන් තල්ලු කලා කියලා! එවුන්ගේ මිනි හොයා ගත්ත අයත් බය වෙලා තිබුනා! මමත් ගියා බලන්න...මිනීවල බෙලි අනිත් පැත්ත කැරකිලා තිබුනේ!”


    ගලෙන් වැටෙන මිනිස්සුන්ගේ බෙලි අනිත් පැත්ත හැරෙන්නේ ගල් වල වැදිලා වෙන්න ඇති කියලා කියන්න කටට ආවත්, මුර උන්නැහේ කියපු ඊලග වාක්‍ය කනේ ගැවෙද්දී ..මම ඒක ගිලලා දැම්ම!

    “ අතක් පයක් වත් නොකැඩි බෙල්ලම කැඩුන එක මදිවට.. මිනි වල කටවල් පැලිලා දිව එළියට ඇදිල නේ තිබුනේ!!” ...“ චන්ඩිය වගේ ඉන්න දාබරෙත් බය උනා ඔං එදා... ගමේ මිනිස්සුත් එක එක විදියේ හොල්මන් දැක්කා කියල කාලෙන් කාලෙට පැතිරෙනවා... කවුද මහත්තයෝ දන්නේ ඕවයේ ඇත්ත නැත්ත! මම නම් මේතාක් ඔය මොකෙක්වත් දැකල නැ... දේව ඝනේ අයට අවතාර පෙන්නේ නැ කියනවනේ !”

    ඇගේ 'තිබුන ලේ ටිකත්' හිදුනද මන්ද! බයෙනුත් බය ඇති කරන්න පුළුවන් කටක් තිබුන මුර උන්නැහේ අපිට ඇල්ල ඉපදුන කතාවේ ඉදන් විස්තර කියල... තවත් ගෝනියක් විතර බය අපේ ඔලුවලට පටවල හරි සතුටෙන් යන්න ගියා එයා දේව ඝනේ කියලා, නොකියා කියලා! හනුමාගේ නැට්ට ගිනි තියලා ගියා වගේ! ‘ඝනේ හොයාගත්තම බය උන එක අහෝසි වෙනවා වගේ’ ඔක්කොමල තම තමන්ගේ ඝනේ මතක් කරන්න පටන් ගත්තා... බැලින්නම් වැඩි හරියක් දේව ඝනේ අය!

    පොඩි සද්දයකටත් ගැස්සී ගැස්සී තම තමන්ගේ අත්දැකීම් සංසන්දනය කරපු අපි දන්නෙම නැතිව රෑත් වෙලා තිබුන… දැකපු දේවල් කතා කරලා අපි බය වැඩිකරගත්ත කියලඊ මට හිතුනේ! රෑ 8 විතර වෙද්දී ආලින්දයේ ඉදන් කථා කර කර හිටපු වැඩිමහල්ලන්ට ‘කෑම ලෑස්තිඊ’ කියන්න මම ඒ පැත්තට යද්දී, හුළග දිගේ ඇවිත් කනට වැටුන ඒක වාක්‍යක් නිසා හිතට තවත් අමුතු බයක් පාවෙලා ආව වගේ!

    "ඔය බහුබූත වලට හිතේ බයක් නැති උනත්.... උඩහ ඉදල පහළටම 'ඒක' ආපු ඒක නම් එච්චර හොද නැ කියලඊ මට හිතෙන්නේ... හරියට පණ තියෙන, හිතන්න පුළුවන් දෙයක් වගේ! දැක්කනේ මුනේ තිබ්බ සිරියාව...!” හෙටම අපි වෙන නවාතැනක් හොයා ගමු ...! ඊයේ රැ උන දේවල් හිතනකොට මේ නාවාතැනෙත් දෝසයක් තියෙන්න බැරි නැහැ..! ළමඊ ඕව නොදන්නා තරමට සැනසිල්ලේ නිදා ගනීවි... අද විතරඊ නේ!!

    ‘දැකපු දේවල්’ වලට වඩා භයානක ‘අහපු දේවල්’ නිසා, එක එක විකාර හිත ඇතුලේ බඩ ගාද්දී… කෝකියට ඔනේවට වගේ රැ කෑමත් ගත්ත අපි, රෑ 10 වෙනකන්ම ලොබි එකේ ඉදලා නිදාගන්න යන්න ලෑස්ති වෙද්දී… “හෙට උදෙන්ම පන්සලක් වැදලාම ගමන පටන් ගමුකො… අද උන ඒවා වෙලා ඉවරඊ නේ... ඒවා අමතක කරලා දැන් නිදා නිදාගන්න” ලොකු බාප්පා එයාලගේ කාමරේට යන ගමන් කියාගෙන ගියා…

    අද රෑ පන්සලකම නිදාගන්න තිබුනානම් මීට වඩා සනිපඊ කියලාඊ මට හිතුනේ! ඇගපත හෝදගෙන ඇදට ආව මම කාමරේ TV එක දාගෙන channel මාරු කර කර ඉන්න ගමන් වෙලාව බැලුව 10:45 ඊ …දිලූ බාත්රූම් එකේ! මොනවා කරත් මතක් වෙන්නේ එක දෙයඊ ඒ හොල්මන්! හොල්මන්! හොල්මන්! මේ රැ ගොළු වෙලා වගේ! බස්සෙක් වත් කෑ ගහන්නේ නැනේ කියලා හිතල ඉවර කරන්නත් කලින්, යටි ගිරියෙන් කෑ ගහන ගැණු හඩක් කොහෙන්ද පාවෙලා අවා... ඒ පාර මොකද්ද! ... තප්පර ගානකදී ඇදෙන් පැන්න මම නතර උනේ කාමරේ දොර ගාව! ඒ ක්ෂනේකින්ම කෑගහගෙන බාත්රූම් එකෙන් එලියට අවේ දිලූ! ඒ කෑ ගැහිල්ලට හොල්මනුත් බය වෙනවා!! කොහෙවත් නොතිබ්බ බයක් මට ඇති උනේ දිලූ ගේ කට නිසා! පිස්සුද! නිකරුනේ කෑ ගහන්නේ?! මම දිලුගෙන් අහන ගමන් දොර ඇරියා… ගැහෙන හදින්, අල්ල ගත්හ හුස්මත් ඇදගෙන, අපි සද්දේ අපු පැත්තට දිවුවා! කාමර වල දොරවල් ඇරිලා වැහෙන සද්දත් එක්ක කෑ කෝ ගැසීම් ඇහෙනවා ලගින්ම... අපි නැවතුනේ ලොකු බාප්පලාගේ කාමරේ ලග!

    ඇදේ වාඩිවෙලා ඉන්න පුංචිව වට කරගෙන කට්ටියම බලන් ඉන්නවා… “මම දැක්ක! මම දැක්ක! කාමරේ ජනේලේ ගාව හිටියා! මගේ දිහාම ඔරවාගෙන බලන් හිටියා! මම දැක්ක! අපේ පස්සෙන් ඇවිල්ල! ඔව් ඇල්ල ගාව ඉදලම එන්න ඇති අපේ පස්සෙන්!,” පුංචි ලග හිටපු ලොකු බාප්පා "මේ, ළමඊ බය කරන්න එපා ඔය මනස්ගාත කියවල... හිත බය වෙලා නිසා හෙවනැල්ලටත් බය වෙනවනේ..... දැන් මම බැලුවනේ එලියට ගිහිල්ලත්" කියන ගමන් ජනේලේ තිර රෙදි එහාට මෙහාට කරලා අඉත් එළිය බැලුව… එළියේනුත් light එකක් දාලා තිබුන නිසා මිදුල පැහැදිලිව පේනවා...පොඩි පොඩි මල් පදුරු ඇරුනම ඇතට පේන ගහ කොළ විතරඊ පෙන්නේ…!

    ලොකු බාප්පා එළියේ light එක නිවල දාලා අපේ පැත්තට හැරුන විතරඊ... සචි අතත් ජනේලේ පැත්තට දික් කරගෙන කෑගැහුව! ‘අඩන්න හිටපු මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ’ එක පාරට ඇහිච්ච කෑගැහිල්ල නිසා හැමෝම බය උනා!

    මගේ බෙල්ලේ පිටිපස්සෙන් හීනියට පටන් ගත්ත විදුලියක් තප්පර ගානකින් ඇග පුරාම දිවුවේ ඇස් දෙක එළියට පනින්න ලැස්ති වෙද්දී…. මම දැක්කේ ජනේලෙන් එළියේ අදුරේ, ජනේලේ ගාවටම වෙන්න ‘කරුවලේ හිනා වේගෙන කළුපාටට කෙනෙක් හිටන් ඉන්නවා’!!

    හුස්මත් හිර කරගෙන දගලන අපි දිහා බලල ලොකු බාප්පා "මොන විකාරයක්ද මේ" කියලා ජනේලේ ඇරියා... නවාතැනේ මුරකාරයා! සද්දේ ඇහිලා මොකද බලන්න මුර කාරයා ඇවිත් තියෙන්නේත්... ලොකු පුංචිත් දකින්න ඇත්තේ මුර වැඩේ හරියට කරපු මුර කාරයව වෙන්න ඇති කියලා මට හිතුනා...
    ඇත්තටම අපේ සිහිය විකල් වෙලාද?... දකින දකින හැම දේටම ගැස්සෙන්න ගියොත් heart attack එකක් උනත් එන්න බැරි නැ!

    " පිස්සුද මන්ද, ඇතුලෙන් එන්නේ නැතිව හොල්මනක් වගේ එළියෙන් ඇවිත් තව දතුත් විලිස්සාගෙන ඉන්නවා,...තව ටිකෙන් මගේ හුස්මත් හිර වෙනවා!" තාමත් බය වෙලා ඉන්න සචි ත් කාමරෙන් එන ගමන් කියනවා… එවෙලේ බය වෙලා කෙසේ වෙතත් හිනා වෙලා නම් පණ ගියා අපිට....

    “හා හා දැන් ඇති කට්ටියම ගිහින් නිදාගන්න”...ලොකු බාප්පා අණ දුන්න... ටිකක් හිනා උන නිසා හිතේ බයත් ලාවට තුනී උනාද මන්ද...හිත ටිකක් නිදහසේ අපි ආව කාමරේට… light එක දාලා නිදියමු කියලා කතා වෙලා අපි ඇදවල් වලට පැන්නා… 11:15 ඊ... දැන්වත් එක එල්ලේ නිදා ගන්න ලැබුනොත් හොදඊ කියලා හිතන ගමන් මම ඇස් පියා ගත්තා… කකුල් අත පය හිරුණ තැන් කකියනවා වගේ... හීනියට වේදනාවක් දැනෙනවා.. ටික වෙලාවකින් ලෝකේ නැති විකාර ඇස් ඉදිරියේ පෙනිලා අතුරුදහන් වේවි කලේ පියාබද්දී... පඩි පෙලකින් වැටෙනවා වගේ දැනුන මට එහෙමම නින්ද ගිහින්!

    මොකද්ද ඒ! හීනෙන් වගේ මට ඇහුනා සද්දයක්! කෑගැහිල්ලක්! ඇල්ලෙන් කෙනෙක් කෑගහගෙන වැටුන! මොකක් ‘ඇල්ලෙන්’??!!! …. "ඉක්මනට නැගිටින්න" වෙන ලෝකෙකින් එන හඩක් වගේ මට ඇහෙනවා කෙදිරිල්ලක්... හීනයක්ද! අයෙත් මට ඇහෙනවා " ඉක්මනට නැගිටින්න" ඒ අස්සේ සිතල අතක් මගේ අතේ ගැවුනා වගේ මට දැනුන... ඒ මොහොතේ, ගෙවුන දවසේ සිදුවීම් ඇස් ඉස්සරහ පෙළ ගැහෙද්දි… ලෝකේ ඉන්න ඔක්කොම භූතයෝ මගේ ඇගට පැන්න වගේ හැගීමකින්, අවසිහියෙන් වගේ ඇදෙන් පැන්න මම කාමරේ දොර ගාවටම දිවුවේ, කගේ හරි බෙල්ලක් මිරිකගෙන වගේ පොරවනයත් අත් දෙකෙන් මිරිකගෙන!

    “මොකද්ද උනේ”? මම මගෙන්ම අහන ගමන් හැරිලා කාමරේ ඇතුල බැලුව… කාමරේ Light එක දාලා, දිලූ මගේ ඇද ලග ඉදගෙන ඉන්නවා…තප්පර ගානකින් නැති වෙලා තිබ්බ සිහිය, මගේ ළගට අවා! දිලූ අයෙත් බය වෙලා වගේ.. මට හිතුනා! ඇඊ මොකද උනේ! මගේ ඇද තිබුන දිහාට යන ගමන් මම දිලුගෙන් ඇහුවා!

    " කාමරේ කවුරු හරි ඉන්නවා වගේ!"

    මොකක්?! ඇඊ මොකද්ද උනේ? මම කාමරේ පුරා බලන ගමන් ඇහුව!

    දිලූ බාත්රූම් එකේ බිත්තිය පෙන්නලා කියනවා " මම දැක්ක අන්න අතන මනුස්සයෙක්ගේ හැඩේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා" කොඊ වෙලේද? දැන්ද? …“ඔව් දැන්!” දිලූ කිවුවා!

    මට හිතුන දිලූ හීනෙන් බය වෙන්න ඇති කියලා මම වගේම… “ඔයා හීනයක් දකින්න ඇති ළමයෝ නැත්තන් මටත් පෙන්න එපැඊ.. කෝ නැනේ මොකක්වත්!

    “මන්ද… ඔයා විශ්වාස කරන්නේ නැහැ... මම දැක්ක ඒ හෙවනැල්ල මගේ ඇද ලගටම එනවා!මට කෑගැහුන… ඔයාව ඇහැරවන්න ටිකකට මේ පැත්ත හැරිලා අඉත් බලනකොට ඒක නැති වෙලා!”

    Sure ද හීනයක් නෙවි කියලා? දිලූ ටිකක් වෙලා කල්පනා කරලා කිවුවා "සමහර විට හීනයක්ද දන්නේ නැහැ, මට හරියටම sure නැහැ හැබහින්ද දැක්කේ කියලා" කොහොම නමුත් මම දැක්ක එක...! මම නැවතත් කාමරේ පුරාම බලල දිලූ දිහා බැලුව… “අපි නිදා ගමු ඒක හීනයක් කියලා තමඊ මටත් හිතෙන්නේ” කියලා දිලූ එයාගේ ඇදට ගියා...

    අපි අයෙත් නිදා ගන්න ඇදට නැගලා පොරවන යටට උනා... දිලූ හීනයක් කිවුවට ඇත්තටම හොල්මනක් කාමරේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ මට එහෙමත් හිතුනා! 2 ඊ වෙලාව... නිදිමතත් ගියා වගේ... මම ඇස් ඇරගෙනම කාමරේ දිහා හොරෙන් බලාගෙන පොරෝනේ යටට වෙලා හිටියා…

    කාලය ගෙවෙන්නේ ගොලුබෙලි ගමනින්… හෙට එළි වෙන්නේ නැද්ද… හැමදේම නිශ්ශබ්දඊ… ඉදි කට්ටක් බිම වැටුනත් ඇහේවි කියල මට හිතුන… නිශ්ශබ්ධ බෝම්ම්බයක් වගේ රෑ අදුරේ තියෙන අමුතු භයානක කමක් මගේ හිතට ඇතුල් වෙන්න දගලනවා වගේ… ඇතින් බල්ලෙක් බුරනවා ඇහෙනවා.. ඔක්කොම හඩවල් අහගෙන හිටපු මට එක පාරටම ඇතින් වගේ ඇහුන අහල පුරුදු හඩක්! කලින් දවසේ ජනේලේ ගාවින් අවෙත් මේ සද්දේ නේද... එත් අමුතු වෙනසක් තියෙනවා! ඔව්... ඊයේට වඩා හඩ අද පැහැදිලි වගේ… තේරුමක් නැති බයක් මගේ හිතට එබෙමින් තිබුනා!

    අයෙත් වතාවක් බල්ලෙක් බුරනවා ඇතින් යාන්තමට වගේ ඇහෙනවා! දිය ඇල්ලේ හෝ හෝ සද්දෙත් ඇහෙනවා වගේ! කළු පාට අදුරු රැයේ සුදු පාට සාරියක් එල්ලලා වගේ ලස්සනට දිය ඇල්ල වැටෙනවා... ඇල්ල ළගටම හදත් පායලා... ගස් කෝලන් සුළගට වැනෙනවා... සිතල හුලන්… වලාකුළු බිමට වැටිලා වගේ මිදුමත් පිරිලා! ඇල්ලේ හෝ හෝ හඩ කන ලග ඇහෙනවා වගේ... සීතලෙන් මිදෙන්න අත් එකට එක අතුල්ලමින් මිදුම අතරින් මම ඇල්ලේ ගල නැග්ගා! ඇල්ල උඩටම ගිය මම ගල් තලාවේ ඉදගෙන පරිසරයේ රස විදින අතරේ ඇල්ලේ වතුර වැටෙන සද්දේ කපාගෙන පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා...මොකද්ද ඒ! හ්ම්ම්ම් හුළගේ සද්දේ වෙන්න ඇති… හුළග නම් සිතල වැඩි වගේ! අත් වලට පිබ ගන්න මට අයෙත් ඇල්ලේ පහලින් ඇහෙනවා කලින් සද්දේ! මොකද්ද ඒ! මම ගල් තලාවෙන් නැගිටලා ඇල්ල අයිනටම ගිහින් එබිලා බැලුවා... සද්දේ එන්නේ මගේ පිටි පස්සෙන්! පැහැදිලිවම ඇහෙනවා...ගොර ගොර ගාන සද්දයක්... උගුරේ මොකක් හරි හිර උනාම එන සද්දයක් වගේ! එක පාරටම මම හැරිලා පිටිපස්ස බැලුවා... ක්ෂණිකව නියගේට අහු උනා වගේ මාව වේලිලා ගියා! මහා භයානක විදියට විරිත්තගෙන, බොර පාට ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන, මගේ මුණට එබිලා වගේ බලාගෙන මිනිහෙක්!! ඒ දර්ශනෙන් ගැස්සුන මම කකුල ලිස්සල ඇල්ලෙන් වැටුනා!

    ආආඅ…... වෙන ලෝකෙකින් ගහගෙන ඇවිත් ඇදට වැටුන වගේ මම නැගිට්ටේ පුදුමාකාර විදියට බය වෙලා… මුළු ඇගම ගැහෙනවා! දහදිය පෙරාගෙන ඇදේ ඉදගෙන ඉන්න මම තප්පරෙකට දැක්ක මගේ ඇද ඉස්සරහ තියෙන බිත්තියට වැටිලා තිබුන චයාවක් එක පාරටම ජනේලේ ගාවින් නැතිවෙලා ගියා! හදවත උගුරටම ඇවිල්ල්ල එලියට පනින්න දගලනවා වගේ.. දෙඉයනේ මේ මොන මායාවක්ද?... ඒ සැනින්ම කන් බිරි වෙන තරමට සද්දෙන් කන ගාවින් කෑගහගෙන කාමරෙන් එලියට දුවන දිලු එක්කම මමත් ඇදෙන් පැන්නේ කිසිම සිහියක් නැතිව… දොර ගාවට දුවද්දී ඇතින් තවත් ගැණු කෙනෙක් යටි ගිරියෙන් කෑගහනවා ඇහුනා... බය ඉතිරිලා යද්දී පොර කලා දොරෙන් පැනගත්ත අපි දෙන්න නැවතුනේ ලොබි එකෙන්! ඇදුම හැදිච්ච මිනිස්සු වගේ හුස්ම අල්ලන ගමන් එතන තියෙන පුටුවකට වැටිලා දෙන්නම මුණට මුණ බලාගෙන හිටියා වචනයක් කථා කර ගන්න දිව නාවගන්න බැරුව!


    පාන්දර 4:10 ඊ වෙලාව... කාමර වලින් කට්ටියම එලියට අවේ මුණවල් ඇද වෙලා වගේ.. අපි බලන් හිටියා කවුරු හරි කථා කරාවි කියල... එත් එක එක්කෙනා ඇවිත් ඉදගෙන ඉන්නවා මිසක් වචනයක් වත් කථා කරන්නේ නැහැ… ලොකු පුංචි හොල්මනකට බය වෙලා!

    ලොබි එකට ආව ලොකු බාප්පා කිවුව “ගන්න තියෙන දේවල් ගන්න අපි දැන් යනවා මෙහෙන්” කියලා! නිශ්ශබ්දවම කට්ටිය යන්න ලෑස්ති උනා… ආරක්ෂාවට කියල ලොකු කෙනෙක් එක්ක කාමර වලට ගිය අපි බඩුත් අරන්, ලෑස්ති වෙලා, ලොබි එකට වෙලා, අනිත් අය එනකන් හිටියා!

    එවෙලේ දිලූ කියනවා..“ඔයා නැගිටින්න කලින් මාව නැගිට්ටුනා..., කලින් දැක්ක වගේම හෙවනැල්ලක් බිත්තියට වැටිලා තියෙනවා මම දැක්ක.., හීනයක්ද දන්නේ නැති නිසා මම ටිකක් බලන් හිටියා.., ඒ වෙලාවේ තමඊ ඔයා බය වෙලා වගේ නැගිට්ටේ... එතකොටම ඒ හෙවනැල්ල ජනේලේ ගාවින් නැති වෙලා ගියා! මට නම් පුදුම බයක් ඇති උනේ එවෙලේ... තාමත් කකුල් වෙවුලනවා මගේ!”

    මම දැකපු දේත් එකඊ කියලා, මම දිලුට කිවුවේ නැහැ... හීනෙකිනුත් බය වෙලා හිටිය නිසා මගේ ඔළුව විකාර වෙලා වගේ තිබුනේ! මට එවෙලේ හිතුනා නිදාගත්ත මෝඩ කම, ඇහැරගෙනම හිටියනම් මිට වැඩ සනිපඊ කියලා!

    යමින් ගමන් පන්සලකට ගිහින් ලොකු පුංචිට නුලක් දාගෙනම යමුඊ වැඩිහිටියෝ කතා වෙනවා අපිට ඇහුනා! එදා ලොකු පුංචිගේ මුණේ ලොකු වෙනසක් තිබුන! මුණ කළු වෙලා ගිහින්... ඇස් දෙකේ තිබුනේ මහා අමුතු බැල්මක්! එයා නිශ්ශබ්දවම ඉදගෙන හිටියා,අනිත් අය දිහා බලාගෙන… එත් එයා ඔරවාගෙන ඉන්නවා කියලාඊ මට හිතුනේ!

    පාන්දර 5 ට කිට්ටු වෙද්දී නැවත කිසිදාක නොමැකෙන භයානක අත්දැකීම් ගොඩක් මතකයේ තැම්පත් කරගෙන ඒ හොල්මන් නවාතැනෙන් අපි එන්න පිටත් උනා…!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ඇල්ලෙ උඩටම මමත් ගිහින් තියෙනවා.. මේක ඇහුවම බය හිතුනා යකෝ...
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    සත්‍ය හොල්මන් කතා FB group එකේ ඇති.

    මේක ඇත්ත කතාවක්, බ්ලොග් එකක මුලින්ම තිබුනෙ ඒක ලිව්වේ කෙල්ලෙක්.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක ඇත්ත කතාවක්, බ්ලොග් එකක මුලින්ම තිබුනෙ ඒක ලිව්වේ කෙල්ලෙක්.
    එළ..
    මම කියෙව්වේ elakiri භූත කොටුවෙන් හෝ FB group එකෙන්.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොරු ප්‍රබන්ද කතා වෙන්න ඇති බන් ..මම හරියටම හොල්මන් කියල ජාතියක් ඉන්නවද නැද්ද කියල දන්නේ නැහැ එත් නැති වෙන්න තියන සම්බවිතාව වැඩි කියල හිතෙන්නේ ..ලෝකේ පුරාම මෙහෙම කතන්දර තියනවා තමයි එත් නිතියෙදී හරි වයිද්‍ය ක්ෂේත්‍රයේ දී හෝ රාජ්‍ය මට්ටමකින් ඕවට කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ ..උදාහරණයක් විදිහට යකා ගහල මැරුණා / හොල්මනක් මැරුව කියල පොලිස්සිය උසාවියේ හරි ඩොක්ටර් කෙනෙක් හොස්පිටල් එකක හරි අර්තනිරුපනයක් කරන්න බැහැ ..
    අසාමාන්‍ය /විසදිය නොහැකි මට්ටමේ මරණ වාර්තා වෙනවනම් ඒ වාර්තා වෙන්නේ සැහෙන පොඩි ප්‍රතිශතයක් විදිහට .එතකොට ලොජිකලි හිතල බැලුවොත් මිනිස්සුන්ට මරණ බය දැනෙනවානම් දැනෙන්න ඕනි ඇති සුළු ප්‍රතිශතයක දෙයකට වැඩිය සිනි කෑම /දුම්බීම වගේ දේවලට .එත් සමාජේ මුල් බැහැගත්ත එක එක කතා නිසා මෙහෙම අනියත බියක් තියනවා .. හොල්මන් වලට හරි අදුරට හරි බය වෙනවා කියන එක ෆෝබියා වර්ගයේ ලෙඩක් වෙන්නත් පුළුවන් රුප / සිදුවීම් මැවී පෙනෙන හිස්ටිරියා වගේ ලෙඩත් තියනවා ..
    කොහොමත් හොල්මන් ඉන්නවද නැද්ද කියන්න හරියටම බැහැ .
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    බොරු ප්‍රබන්ද කතා වෙන්න ඇති බන් ..මම හරියටම හොල්මන් කියල ජාතියක් ඉන්නවද නැද්ද කියල දන්නේ නැහැ එත් නැති වෙන්න තියන සම්බවිතාව වැඩි කියල හිතෙන්නේ ..ලෝකේ පුරාම මෙහෙම කතන්දර තියනවා තමයි එත් නිතියෙදී හරි වයිද්‍ය ක්ෂේත්‍රයේ දී හෝ රාජ්‍ය මට්ටමකින් ඕවට කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ ..උදාහරණයක් විදිහට යකා ගහල මැරුණා / හොල්මනක් මැරුව කියල පොලිස්සිය උසාවියේ හරි ඩොක්ටර් කෙනෙක් හොස්පිටල් එකක හරි අර්තනිරුපනයක් කරන්න බැහැ ..
    අසාමාන්‍ය /විසදිය නොහැකි මට්ටමේ මරණ වාර්තා වෙනවනම් ඒ වාර්තා වෙන්නේ සැහෙන පොඩි ප්‍රතිශතයක් විදිහට .එතකොට ලොජිකලි හිතල බැලුවොත් මිනිස්සුන්ට මරණ බය දැනෙනවානම් දැනෙන්න ඕනි ඇති සුළු ප්‍රතිශතයක දෙයකට වැඩිය සිනි කෑම /දුම්බීම වගේ දේවලට .එත් සමාජේ මුල් බැහැගත්ත එක එක කතා නිසා මෙහෙම අනියත බියක් තියනවා .. හොල්මන් වලට හරි අදුරට හරි බය වෙනවා කියන එක ෆෝබියා වර්ගයේ ලෙඩක් වෙන්නත් පුළුවන් රුප / සිදුවීම් මැවී පෙනෙන හිස්ටිරියා වගේ ලෙඩත් තියනවා ..
    කොහොමත් හොල්මන් ඉන්නවද නැද්ද කියන්න හරියටම බැහැ .

    එකනම් වෙන්න ඇති හැබැයි මේ කතාව ලියපු කෙල්ලගේ තව අත්දැකීම් ගොඩක් ලිව්වා බ්ලොග් එකක දැන් ඒක හොයාගන්න නෑ..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හැම දේම විද්‍යාවෙන් එක්ප්ලේන් කරන්න බැ බන්.නොදන්න ඩේ අනන්තයි අප්‍රමානයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    26169513_1771467669814856_1519062124559442826_n.jpg