ඊජිප්තු ශාපය සත්‍යයක් ද ?🤔 | 𝗧𝗵𝗲 𝗰𝘂𝗿𝘀𝗲 𝗼𝗳 𝗸𝗶𝗻𝗴 𝗼𝗳 𝗧𝘂𝘁𝗮𝗻𝗸𝗵𝗮𝗺𝘂𝗻

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    ඊජිප්තු ශාපය සත්‍යයක් ද ?
    🤔

    | 𝗧𝗵𝗲 𝗰𝘂𝗿𝘀𝗲 𝗼𝗳 𝗸𝗶𝗻𝗴 𝗼𝗳 𝗧𝘂𝘁𝗮𝗻𝗸𝗵𝗮𝗺𝘂𝗻


    257587489_443790957107656_9026605310867211080_n.jpg
    මේ ලිපියෙන් කාතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ වසර දහස් ගණනකට මිනිස් ස්පර්ෂයක් නොලැබු දීර්ඝ නින්දකට වැටී සිටි ටූටන්කාමන් රජුගේ සොහොන් ගැබේ මුද්‍රාව බිඳීමත් සමඟ නිදහස් වූ පාරාවෝවරුන්ගේ ශාපයක ඇත්ත නැත්ත ගැනයි.
    18 වන ඊජිප්තු රාජවංශයට (18𝙩𝙝 𝘿𝙮𝙣𝙖𝙨𝙩𝙮 ) අයත් "king tut" නැතිනම් ටූටන්කාමන් රජුගේ සොහොන් ගෙය සොයා ගැනීම 20 වන සියවසේ සිදුවූ විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෙස හැඳින්වුවත් හොවාර්ඩ් කාටර් පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩාමේ ඒ අද්විතී සොයා ගැනීම ලොව පුරා ජනප්‍රිය වෙන්නෙ මෙහි පුරාවිද්‍යාත්මක් වටිනාකමට වඩා මෙහි තිබුනා යැයි පැවසෙන ටූටන්කාමන් ශාපය නිසයි.

    හොවාර්ඩ් කාටර් ගවේෂණ කණ්ඩාම
    🤔
    ...𝗛𝗼𝘄𝗮𝗿𝗱 𝗖𝗮𝗿𝘁𝗲𝗿 කියන්නෙ කවුද ?
    ටූටන්කාමන් රජුගේ සොහොන් ගෙය
    සොයා ගැනීමට මූලික වූ පුරාවිද්‍යාඥයා තමයි හවර්ඩ් කාටර් කියන්නෙ
    😌
    1874 දී ලන්ඩනයේ උපත ලැබූ කාටර් පළමුවරට ඊජිප්තුවට පැමිණෙන්නේ 1891 දී තරුණ චිත්‍ර ශිල්පියෙක් විදියට. ඒ ඔහුව කෞතුක වස්තු චිත්‍රගත කිරීමට පුරාවිද්‍යාඥයින් විසින් කුළියට ගැනීම හේතුවෙන්. කාටර්ගේ පියා සැමුවෙල් කාටර් ද දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ නිසා ඔහුගේ ආභාෂයෙන් ද චිත්‍ර කලාවට යොමුවුණු තරුණ කාටර්, පසුකාලීනව පුරාවිද්‍යා ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ ඊජිප්තු කෞතුක වස්තු චිත්‍රණය කිරීමේ බලාපොරොත්තු වෙන්...ඊජිප්තුව ගවේෂණයේ නිරත වූ ප්‍රකට පුරාවිද්‍යාඥයින් කිහිපදෙනෙකුටම සහය දක්වමින් සිටි කාටර් හට 1899 දී, ඊජිප්තු පුරාවස්තු සේවයේ තනතුරක්ද පිරිනැමෙනවා.....

    257779031_443791047107647_2075301905232118465_n.jpg
    257436916_443791110440974_8047559853935674160_n.jpg

    257427374_443791197107632_2338767516264841830_n.jpg


    1904 දී කාටර්ගේ පුරාවිද්‍යා වෘත්තිය බොහෝ දුරට අවසන් වෙමින් තිබුන නමුත් තානාපතිවරයා සමග අාරවුලක් අැතිකරගත් කාටර්ට තම වෘත්තියෙන් ඉල්ලා අස්වීමට සිදුවෙනවා වයස අවුරුදු 31 දී, රැකියාවක් හා මුදල් නොමැතිව ඔහු සංචාරකයින් සඳහා දිය සායම් පින්තාරු කරමින් තම ජීවිකාව ගෙන යෑමට තීර්ණය කරනවා.
    1907 දී ඊජිප්තු පුරාවිද්‍යාව කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්වූ ධනවත් ඉංග්‍රීසි වංශාධිපතියෙක් වන කාර්නොවොන් (Carnarvon) නම් සාමිවරයා විසින් හවුලේ වැඩකටයුතු කිරීමට කාටර් හට අාරාධනා කරනවා..කාර්නොවොන් ගේ සහායද ඇතිව කාටර් ඊජිප්තු සොහොන් කිහිපයක් කැණීමට එකගවෙනවා..
    ඔන්න මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ
    🙂


    ~ 1914 ~
    ටූටන්කාමුන් රජුගේ සොහොන් ගෙය තැන්පත් කර ඇති බවට විශ්වාස කරන රජවරුන්ගේ නිම්නයේ කැණීම් කිරීමට කාර්නොවොන්ට බලපත්‍රය හිමිවෙනවා.
    📎
    හිතුව වගේම කැණීම් කටයුතු බාරවෙන්නනෙ කාටර්ට. සොහොන් ගෙය සොයා ගැනීම සඳහා කාටර් කම්කරුවන් කණ්ඩායමක් කුලියට ගැනීමට සිද්ධවෙනවා නමුත් පළමු ලෝක යුද්ධයෙන් එයට බාධා එල්ල වෙනවා.
    ~ 1915 ~
    ටූටන්කාමුන්ගේ සීයා වන III වන Amenhotep ගේ සොහොන සොයා ගැනීමට කාටර් සමත් වෙනවා.
    📎
    1800 ගණන්වල අගභාගයේ කැණීම්වලින් පසුව බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ අදහස වුනෙ රජවරුන්ගේ නිම්නයේ සියලු රහස් එ් වන විටත් හෙළිදරව් වී ඇති බවයි. කොහොම නමුත් කාටර්ගෙ අරමුණු වුනෙ 18 වන රාජවංශයේ සිටි අප්‍රසිද්ධ රජෙකුගේ සොහොන සොයා ගැනීමයි
    😌
    ...
    ~ 1922 ~
    වසර ගණනාවක් තිස්සේ පුරා විද්‍යාඥයින් කළ කැණීම්වලින් නිර්මාණය වූ අගල් ඔස්සේ තම ගවේෂණය දියත් කළ කාටර් සහ ඔහුගේ කණ්ඩායම හට අලුත් කිසිවක් හමු නොවුනු නිසා. එයින් කලකිරුණු කාර්නොවොන් 1922 දී කාටර්ට දන්වා සිටියේ තමා තවදුරටත් ඔහුගේ කැණීම් වැඩ සඳහා මුදල් නොදෙන බවයි. කාටර්ගේ ආශාව නිසා තවත් අවස්ථාවක් තමන්ට දෙනමෙන්
    කාටර් ඔහුගෙන් අයැද සිටියා.. කාර්නොවොන් මේ වතාවෙත් අරමුදල් සැපයීමට එකඟ වෙනවා.
    ~ 1922 නොවැම්බර් 4 වන දින ~
    කාටර්, රජවරුන්ගේ නිම්නයේ කැණීම් නැවත ආරම්භ කරනවා. හරියටම නොවැම්බර් 4 වන දින ඔහු, ටූටන්කාමන්ගේ විවෘත නොකළ සොහොන් ගෙයට යන පඩිපෙළ සොයා ගන්න සමත් වෙනවා.
    ~ ශාපයේ ආරම්භය ~
    සියල්ල නිරීක්ෂණයෙන් පසු සොහොන් ගැබට අැතුලු වන දොරටුව 1923 පෙබරවාරියේ විවෘත කිරීමට තීරනය කරනවා. සොහොනට මුලින්ම ඇතුළු වන්නේ කනෝවන් සහා කාටර්.
    " මුළුමනින්ම රනින් නිමවූ කුටීර හතරකින් සමන්විත ගැඹුරින් මිණි පෙට්ටි තැන්පත් කරන ගලින් නිමවූ ඔරු (Sarcophagus) තුළ මිනි පෙට්ටි ත්‍රිත්වයක එකක් තුළ එකක් බහා තිබූ අතර, එහි මධ්‍යයේ ටූටන්කාමන් රජුගේ මමිය ගෞරවාන්විත රන්වන් අවමංගල්‍ය වෙස්මුහුණක් පළඳවා තැන්පත් කර තිබිණි. "
    ~ පාරාවෝවරුන්ගේ නින්දට බාධා කරන්නන්ට අත්වන්නේ මරණයයි ~
    • සොහොන විවෘත කරලා සති කිහිපයකින් මේ ගවේෂණයට සල්ලි බාගෙ වියදම් කරපු කානවන් සාමිවරයා නිව්මෝනියාව හැදිලා මැරිලා යනවා.
    • සිද්ධියට සම්බන්ද ඊජිප්තු කුමාරයෙකු වන අලි කාමෙල් ෆලීම් බේ (Ali Kahmel Falim Bey) 1923 ජුලි 10 වැනිදා මියයනවා සිය බිරිඳ කළ වෙඩි තැබීමකින්.
    • එමෙන්ම සුඩාන ආණ්ඩුකාරවරයා වූ බ්‍රිතාන්‍ය ජාතික ලී ස්ටැක් (Lee Stack) ද ඊජිප්තුවේ කයිරෝ (Cairo) නුවරදී 1924 වසරේදී ඝාතනය වෙනවා.
    • අමෙරිකානු දුම්රිය සේවයේ විධායක නිලධාරියෙකු වන ගෝල්ඩ් (George Jay Gould) 1923 දී ටූටන්කාමන් සොහොන් ගැබ නිරීක්ෂණයට සහභාගී වෙනවා, නොබෝ දිනකින්ම ඔහුද රෝගාතුර වූ අතර මාස කිහිපයකින් පසුව උග්‍ර නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වෙනවා.
    • ටූටන්කාමන් ගවේෂණයට සහභාගී වූ තවත් පුරාවිද්‍යාඥයෙක් තමයි වූඑව්ලින්-වයිට් (Hugh Evelyn-White) කියන්නෙ ඔහු පසුව බ්‍රිතාන්‍ය ලීඩ්ස් සරසවියේ (𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙞𝙩𝙮 𝙤𝙛 𝙇𝙚𝙚𝙙𝙨, 𝗘𝗻𝗴𝗹𝗮𝗻𝗱) කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. ඔහුද 1924 වසරේදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගන්නවා
    😌
    ..
    • රිචඩ් බෙතෙල් (𝙍𝙞𝙘𝙝𝙖𝙧𝙙 𝘽𝙚𝙩𝙝𝙚𝙡𝙡) කානවන් සාමිවරයාගේ ලේකම්වරයා මෙන්ම කාටර්ගේ පිටුපසින් ටූටන්කාමන්ගේ සොහොන් ගැබට පිවිසුනේද රිචඩ් බෙතෙල්. සමාජශාලාවක තිබූ ඔහුගේ කාමරය තුළ හුස්ම හුරවීමෙන් මරණයට පත්ව තිබූ ඔහුගේ මළසිරුර 1929 වසරේදී සොයාගන්නාවා. එම මරණයෙන් පසුව නොටිංග්හැම් පෝස්ට් (𝙉𝙤𝙩𝙩𝙞𝙣𝙜𝙝𝙖𝙢 𝙋𝙤𝙨𝙩) පුවත්පතේ
    වාර්තාවක සඳහන් වූයේ ටූටන්කාමන්ගේ සොහොන් ගැබෙන් ගෙනා ඉතා වටිනා පුරාවස්තු සමහරක් තැන්පත් කර තිබූ බෙතෙල්ගේ නිවසේ ඔහුගේ මරණයට වසරකට පමණ පෙර සිට විවිධ අවස්ථාවල අභිරහස් ගිනි ගැනීම් ඇතිවී තිබූ බවයි.
    • ගවේෂණ කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වුණ ආතර් මේස් (𝘼𝙧𝙩𝙝𝙪𝙧 𝙈𝙖𝙘𝙚) නැමැත්තා ආසනික් විෂ වීමක් හේතුවෙන් 1928 වසරේදී මියයනවා.

    ~ හරි දැන්මේ ශාපයේ ඇත්ත නැත්ත ගැන කතාකරමු ~

    🔖
    ( කානවන් සාමිවරයා මරණය ගැන බැලුවෙත් මේ මරණය ප්‍රසිද්ධ වෙන්නෙ නම් මඳුරු දෂ්ටනයකින් මැරුණා කියලා. කොහොමත් කානවන් සාමි මේ ගවේශණයට එන්න අවු. 20කට එහා සිද්දවුන අනතුරක් හන්දා රෝගී බවකින් තමා ඉඳලා තියෙන්නෙ. )
    📎
    මේ කාළයේදීම මියදෙන්නට හේතුව ; ඊජිප්තුවෙ වියලි කාලගුණයයි මහන්සියයි හන්දා රෝගී බව වැඩි වීම නිසා කියලා හිතන්න පුලුවන්....
    අනිත් කාරණෙ,
    2000ට අවුරුද්දකට කලින් ජර්මනියේ විශ්වවිද්‍යාලයක ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් ඔප්පු උනා මමී ගාව දිලීරයක් වර්ධනය වෙලා තියෙනවා කියලා. සොහොනෙ දොරවල් ඇරලා අවු. දහස් ගානකට පස්සෙ පිරිසිදු වාතය එකතු උනාට පස්සෙ මේ දිලීර වාතයට එකතු වෙනවා. ඊට පස්සෙ ඒ අවට හිටපු අයගෙ සෞඛ්‍ය තත්වය නරක අතට හැරන එක පුදුමයක් නෙමේ.

    🔖
    ( ලුවිස් බල්ගැරිනි කියන්නෙ න්‍යෂ්ටික විශේෂඥයා හොයාගත්තා මේ සොහොනෙ පින්තාරු කරපු රේඛා මත යුරේනියම් තියෙනවා කියලා. ඊජිප්තුවෙ පාෂාණ වලින් යුරෙර්නියම් හොයාගන්න පුලුවන්.
    ඉතින් ගවේශණ කන්ඩායමට මේ දේත් බලපාන්න අැති. )
    දැන් ඔය රජතුමාගෙ වස්තුව තියෙනවනේ. සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පිරමීඩෙ අස්සෙ උගුල් අටවලා තියනවා මේ උගුල් වලින් සමහර ඒවා ජීව විද්‍යාත්මක උගුල්. භයානක ලෙඩ රෝග වලින් පෙළුණු සත්තුන්ගෙ මස් සහ රෝගකාරක දිලීර එහෙම වගාකරලා එවා ඔරු වල තැන්පත් කරලා තියෙනවා. පස්සෙ ඕවා අතපත ගාන එකාට සාපෙම තමයි
    🙂

    • Evelyn-White , Lee Stack , Ali Kahmel මේ අයගැන නිශ්ෂිත මතයක් තාමත් පලවෙලා නෑ නමුත් එ් දවස් වල නිල නොලත් පුවත්පත් වල පළ වූයේ මේ සාපය හන්දා අවු. දහයක් ඇතුලත 26 දෙනෙක් මියගිය කියලා.
    දැන් මේ ලිපිය පුරාවටම අප්‍රසිද්ධ රජෙකුගේ සොහොනක් සොයා ගැනීමට වෙරදැරූ මේ සොහොනෙ හැම බිම් අගලක් පාසාම ඇවිද්දෙ හොවාඩ් කාටර්ට මොකද වුනෙ?
    " 1932 දී නිධන් සහ කෞතුක වස්තු කැණීමකටයුතු නිම කිරීමෙන් පසු කාටර් පුරාවිද්‍යාවෙන් විශ්‍රාම ලබාගන්නවා
    😌
    ..සහ ඔහු සිය සැදෑසමය කෞතුකාගාරවල සේවය කළ අතර, ඊජිප්තුව සහ ටූටන්කාමන් පිළිබඳ දේශන පවත්වමින් එක්සත් ජනපදයේ සංචාරය කළා..."
    " කාටර් 1939 දී එංගලන්තයේදී වයස අවුරුදු 64 දී ලිම්ෆෝමාව හේතුවෙන් මෙලොවින් සමුගන්නවා...ලන්ඩනයේ පුට්නි වේල් සුසාන භූමියේ ඔහුගේ නිසල දේහය තැන්පත් කරතිබෙනවා..."
    ============================
    - අන්තර්ජාලයෙන් සහ මට හොයාගන්න පුලුවන් වුනු තොරතුරු අනුව උපුටාගෙන සකස් කරන ලද කෙටි සටහනකි, වැරදි තොරතුරු අැත්නම් මා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා -
    - 𝑺𝒂𝒓𝒗𝒆𝒈𝒂.....
    ✍️

    ============================

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්.. :love2: :-)🤗
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ටික ටික විදවලා මැරෙන්න පුළුවන් විදිහට වස ජාති එහෙම ඕවාගේ ගාලා තියෙන්නේ !!
    අනික එක එක ජාති වායු වර්ග එහෙම පෙට්ටිය අරිනකොට ආශ්වාස වාතයට මුසු වෙනවා ඇති..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔය ටූටන්කාමන්ගේ සොහොනට කාටර්ලා ඇතුල් වෙන්න කලින් කිහිප වතාවක් වෙනත අය ඇතුල් වෙලා තියෙනවා කියලා අහලා තියෙනවා මම.මෙයලා නෙමෙයි මුලින්ම ගිය අය..

    මට තියෙනවා ප්‍රශ්නයක් ?
    පිරමීඩ සහ දාගැබ් දෙකේම පාදම ඉතා විශාල සහ පලල්ව පටන් අරන් ඉහලට යනකොට කුඩා වෙනවා..දෙකම භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම භස්මාවශේෂ තැන්පත් කරන්න.අපි නන් ධාතූන් වහන්සේලා,එයාලා නන් මමී.. සම්බධතාවක් තියෙන්න පුලුවන් ද්?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ටික ටික විදවලා මැරෙන්න පුළුවන් විදිහට වස ජාති එහෙම ඕවාගේ ගාලා තියෙන්නේ !!
    අනික එක එක ජාති වායු වර්ග එහෙම පෙට්ටිය අරිනකොට ආශ්වාස වාතයට මුසු වෙනවා ඇති..
    මෙහෙ නිධන්වලත් මේ වගේම දෙයක් තමයි ඇත්තෙ. බහිරව යක්ක සීන් කියලා කියනවා ඇත්තෙ මේ වගේ දේවල් හින්දා වෙන ලෙඩ රෝගවලට වෙන්නැති.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මෙහෙ නිධන්වලත් මේ වගේම දෙයක් තමයි ඇත්තෙ. බහිරව යක්ක සීන් කියලා කියනවා ඇත්තෙ මේ වගේ දේවල් හින්දා වෙන ලෙඩ රෝගවලට වෙන්නැති.
    ඔව් !!
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඔය ටූටන්කාමන්ගේ සොහොනට කාටර්ලා ඇතුල් වෙන්න කලින් කිහිප වතාවක් වෙනත අය ඇතුල් වෙලා තියෙනවා කියලා අහලා තියෙනවා මම.මෙයලා නෙමෙයි මුලින්ම ගිය අය..

    මට තියෙනවා ප්‍රශ්නයක් ?
    පිරමීඩ සහ දාගැබ් දෙකේම පාදම ඉතා විශාල සහ පලල්ව පටන් අරන් ඉහලට යනකොට කුඩා වෙනවා..දෙකම භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම භස්මාවශේෂ තැන්පත් කරන්න.අපි නන් ධාතූන් වහන්සේලා,එයාලා නන් මමී.. සම්බධතාවක් තියෙන්න පුලුවන් ද්?

    මිනිය වල දැම්මට පස්සේ කොහොමත් උඩින් පස් ටිකක් ඉතුරු වෙනවා, පරණ ශිෂ්ටාචාරවල මේ පස් ටික එකතු කරලා ඒක උඩින් ඒ මනුස්සයා භාවිත කරපු ආම්පන්න, ආභරණ වගේ ඒවා තියලා තියනවා. මේක තව දුරටත් විකාශනය වෙලා තමයි මේ දාගැබ්, පිරමීඩ වගේ සංකල්ප ඇවිල්ලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Tfs මචෝ....👍👍👍
    ඔය ටූටන්කාමන්ගේ සොහොනට කාටර්ලා ඇතුල් වෙන්න කලින් කිහිප වතාවක් වෙනත අය ඇතුල් වෙලා තියෙනවා කියලා අහලා තියෙනවා මම.මෙයලා නෙමෙයි මුලින්ම ගිය අය..

    මට තියෙනවා ප්‍රශ්නයක් ?
    පිරමීඩ සහ දාගැබ් දෙකේම පාදම ඉතා විශාල සහ පලල්ව පටන් අරන් ඉහලට යනකොට කුඩා වෙනවා..දෙකම භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම භස්මාවශේෂ තැන්පත් කරන්න.අපි නන් ධාතූන් වහන්සේලා,එයාලා නන් මමී.. සම්බධතාවක් තියෙන්න පුලුවන් ද්?
    කල් පැවැත්ම ගැන හිතුවද දන්නෙ නෑ...
    පාදම පහලට එන්න එන්න ලොකු වෙනව කියන්නෙ, කල් පැවැත්ම වැඩියි,
    භූමිකම්පා, ජල ගැලීම් වගේ ස්වභාවික විපත් වලට ඔරොත්තු දෙනවනෙ...
    ටින් ටින් නිසා තමා ඔහොම එකක් ගැනත් දැනගත්තේ..
    ඩිස්කවරි චැනල් එකෙන්...

    චන්ද්‍රිකා මැඩම් ඉස්සර රෑපවාහිනියෙ ඩස්කවරි පෙන්නුවනෙ...

    ටිං ටිං එකෙන් මේ ගැන මුලින්ම ඇහුවට හරියටම මොකක්ද කියල දැනන් හිටියෙ නෑ....