ඊජිප්තු ශාපය සත්‍යයක් ද ?
| 𝗧𝗵𝗲 𝗰𝘂𝗿𝘀𝗲 𝗼𝗳 𝗸𝗶𝗻𝗴 𝗼𝗳 𝗧𝘂𝘁𝗮𝗻𝗸𝗵𝗮𝗺𝘂𝗻
මේ ලිපියෙන් කාතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ වසර දහස් ගණනකට මිනිස් ස්පර්ෂයක් නොලැබු දීර්ඝ නින්දකට වැටී සිටි ටූටන්කාමන් රජුගේ සොහොන් ගැබේ මුද්‍රාව බිඳීමත් සමඟ නිදහස් වූ පාරාවෝවරුන්ගේ ශාපයක ඇත්ත නැත්ත ගැනයි.
| 𝗧𝗵𝗲 𝗰𝘂𝗿𝘀𝗲 𝗼𝗳 𝗸𝗶𝗻𝗴 𝗼𝗳 𝗧𝘂𝘁𝗮𝗻𝗸𝗵𝗮𝗺𝘂𝗻
18 වන ඊජිප්තු රාජවංශයට (18𝙩𝙝 𝘿𝙮𝙣𝙖𝙨𝙩𝙮 ) අයත් "king tut" නැතිනම් ටූටන්කාමන් රජුගේ සොහොන් ගෙය සොයා ගැනීම 20 වන සියවසේ සිදුවූ විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෙස හැඳින්වුවත් හොවාර්ඩ් කාටර් පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩාමේ ඒ අද්විතී සොයා ගැනීම ලොව පුරා ජනප්‍රිය වෙන්නෙ මෙහි පුරාවිද්‍යාත්මක් වටිනාකමට වඩා මෙහි තිබුනා යැයි පැවසෙන ටූටන්කාමන් ශාපය නිසයි.
හොවාර්ඩ් කාටර් ගවේෂණ කණ්ඩාම
ටූටන්කාමන් රජුගේ සොහොන් ගෙය
සොයා ගැනීමට මූලික වූ පුරාවිද්‍යාඥයා තමයි හවර්ඩ් කාටර් කියන්නෙ
1904 දී කාටර්ගේ පුරාවිද්‍යා වෘත්තිය බොහෝ දුරට අවසන් වෙමින් තිබුන නමුත් තානාපතිවරයා සමග අාරවුලක් අැතිකරගත් කාටර්ට තම වෘත්තියෙන් ඉල්ලා අස්වීමට සිදුවෙනවා වයස අවුරුදු 31 දී, රැකියාවක් හා මුදල් නොමැතිව ඔහු සංචාරකයින් සඳහා දිය සායම් පින්තාරු කරමින් තම ජීවිකාව ගෙන යෑමට තීර්ණය කරනවා.
1907 දී ඊජිප්තු පුරාවිද්‍යාව කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්වූ ධනවත් ඉංග්‍රීසි වංශාධිපතියෙක් වන කාර්නොවොන් (Carnarvon) නම් සාමිවරයා විසින් හවුලේ වැඩකටයුතු කිරීමට කාටර් හට අාරාධනා කරනවා..කාර්නොවොන් ගේ සහායද ඇතිව කාටර් ඊජිප්තු සොහොන් කිහිපයක් කැණීමට එකගවෙනවා..
ඔන්න මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ
~ 1914 ~
ටූටන්කාමුන් රජුගේ සොහොන් ගෙය තැන්පත් කර ඇති බවට විශ්වාස කරන රජවරුන්ගේ නිම්නයේ කැණීම් කිරීමට කාර්නොවොන්ට බලපත්‍රය හිමිවෙනවා.
~ 1915 ~
ටූටන්කාමුන්ගේ සීයා වන III වන Amenhotep ගේ සොහොන සොයා ගැනීමට කාටර් සමත් වෙනවා.
~ 1922 ~
වසර ගණනාවක් තිස්සේ පුරා විද්‍යාඥයින් කළ කැණීම්වලින් නිර්මාණය වූ අගල් ඔස්සේ තම ගවේෂණය දියත් කළ කාටර් සහ ඔහුගේ කණ්ඩායම හට අලුත් කිසිවක් හමු නොවුනු නිසා. එයින් කලකිරුණු කාර්නොවොන් 1922 දී කාටර්ට දන්වා සිටියේ තමා තවදුරටත් ඔහුගේ කැණීම් වැඩ සඳහා මුදල් නොදෙන බවයි. කාටර්ගේ ආශාව නිසා තවත් අවස්ථාවක් තමන්ට දෙනමෙන්
කාටර් ඔහුගෙන් අයැද සිටියා.. කාර්නොවොන් මේ වතාවෙත් අරමුදල් සැපයීමට එකඟ වෙනවා.
~ 1922 නොවැම්බර් 4 වන දින ~
කාටර්, රජවරුන්ගේ නිම්නයේ කැණීම් නැවත ආරම්භ කරනවා. හරියටම නොවැම්බර් 4 වන දින ඔහු, ටූටන්කාමන්ගේ විවෘත නොකළ සොහොන් ගෙයට යන පඩිපෙළ සොයා ගන්න සමත් වෙනවා.
~ ශාපයේ ආරම්භය ~
සියල්ල නිරීක්ෂණයෙන් පසු සොහොන් ගැබට අැතුලු වන දොරටුව 1923 පෙබරවාරියේ විවෘත කිරීමට තීරනය කරනවා. සොහොනට මුලින්ම ඇතුළු වන්නේ කනෝවන් සහා කාටර්.
" මුළුමනින්ම රනින් නිමවූ කුටීර හතරකින් සමන්විත ගැඹුරින් මිණි පෙට්ටි තැන්පත් කරන ගලින් නිමවූ ඔරු (Sarcophagus) තුළ මිනි පෙට්ටි ත්‍රිත්වයක එකක් තුළ එකක් බහා තිබූ අතර, එහි මධ්‍යයේ ටූටන්කාමන් රජුගේ මමිය ගෞරවාන්විත රන්වන් අවමංගල්‍ය වෙස්මුහුණක් පළඳවා තැන්පත් කර තිබිණි. "
~ පාරාවෝවරුන්ගේ නින්දට බාධා කරන්නන්ට අත්වන්නේ මරණයයි ~
• සොහොන විවෘත කරලා සති කිහිපයකින් මේ ගවේෂණයට සල්ලි බාගෙ වියදම් කරපු කානවන් සාමිවරයා නිව්මෝනියාව හැදිලා මැරිලා යනවා.
• සිද්ධියට සම්බන්ද ඊජිප්තු කුමාරයෙකු වන අලි කාමෙල් ෆලීම් බේ (Ali Kahmel Falim Bey) 1923 ජුලි 10 වැනිදා මියයනවා සිය බිරිඳ කළ වෙඩි තැබීමකින්.
• එමෙන්ම සුඩාන ආණ්ඩුකාරවරයා වූ බ්‍රිතාන්‍ය ජාතික ලී ස්ටැක් (Lee Stack) ද ඊජිප්තුවේ කයිරෝ (Cairo) නුවරදී 1924 වසරේදී ඝාතනය වෙනවා.
• අමෙරිකානු දුම්රිය සේවයේ විධායක නිලධාරියෙකු වන ගෝල්ඩ් (George Jay Gould) 1923 දී ටූටන්කාමන් සොහොන් ගැබ නිරීක්ෂණයට සහභාගී වෙනවා, නොබෝ දිනකින්ම ඔහුද රෝගාතුර වූ අතර මාස කිහිපයකින් පසුව උග්‍ර නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වෙනවා.
• ටූටන්කාමන් ගවේෂණයට සහභාගී වූ තවත් පුරාවිද්‍යාඥයෙක් තමයි වූඑව්ලින්-වයිට් (Hugh Evelyn-White) කියන්නෙ ඔහු පසුව බ්‍රිතාන්‍ය ලීඩ්ස් සරසවියේ (𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙞𝙩𝙮 𝙤𝙛 𝙇𝙚𝙚𝙙𝙨, 𝗘𝗻𝗴𝗹𝗮𝗻𝗱) කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. ඔහුද 1924 වසරේදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගන්නවා
• රිචඩ් බෙතෙල් (𝙍𝙞𝙘𝙝𝙖𝙧𝙙 𝘽𝙚𝙩𝙝𝙚𝙡𝙡) කානවන් සාමිවරයාගේ ලේකම්වරයා මෙන්ම කාටර්ගේ පිටුපසින් ටූටන්කාමන්ගේ සොහොන් ගැබට පිවිසුනේද රිචඩ් බෙතෙල්. සමාජශාලාවක තිබූ ඔහුගේ කාමරය තුළ හුස්ම හුරවීමෙන් මරණයට පත්ව තිබූ ඔහුගේ මළසිරුර 1929 වසරේදී සොයාගන්නාවා. එම මරණයෙන් පසුව නොටිංග්හැම් පෝස්ට් (𝙉𝙤𝙩𝙩𝙞𝙣𝙜𝙝𝙖𝙢 𝙋𝙤𝙨𝙩) පුවත්පතේ
වාර්තාවක සඳහන් වූයේ ටූටන්කාමන්ගේ සොහොන් ගැබෙන් ගෙනා ඉතා වටිනා පුරාවස්තු සමහරක් තැන්පත් කර තිබූ බෙතෙල්ගේ නිවසේ ඔහුගේ මරණයට වසරකට පමණ පෙර සිට විවිධ අවස්ථාවල අභිරහස් ගිනි ගැනීම් ඇතිවී තිබූ බවයි.
• ගවේෂණ කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වුණ ආතර් මේස් (𝘼𝙧𝙩𝙝𝙪𝙧 𝙈𝙖𝙘𝙚) නැමැත්තා ආසනික් විෂ වීමක් හේතුවෙන් 1928 වසරේදී මියයනවා.
~ හරි දැන්මේ ශාපයේ ඇත්ත නැත්ත ගැන කතාකරමු ~
අනිත් කාරණෙ,
2000ට අවුරුද්දකට කලින් ජර්මනියේ විශ්වවිද්‍යාලයක ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් ඔප්පු උනා මමී ගාව දිලීරයක් වර්ධනය වෙලා තියෙනවා කියලා. සොහොනෙ දොරවල් ඇරලා අවු. දහස් ගානකට පස්සෙ පිරිසිදු වාතය එකතු උනාට පස්සෙ මේ දිලීර වාතයට එකතු වෙනවා. ඊට පස්සෙ ඒ අවට හිටපු අයගෙ සෞඛ්‍ය තත්වය නරක අතට හැරන එක පුදුමයක් නෙමේ.
ඉතින් ගවේශණ කන්ඩායමට මේ දේත් බලපාන්න අැති. )
දැන් ඔය රජතුමාගෙ වස්තුව තියෙනවනේ. සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පිරමීඩෙ අස්සෙ උගුල් අටවලා තියනවා මේ උගුල් වලින් සමහර ඒවා ජීව විද්‍යාත්මක උගුල්. භයානක ලෙඩ රෝග වලින් පෙළුණු සත්තුන්ගෙ මස් සහ රෝගකාරක දිලීර එහෙම වගාකරලා එවා ඔරු වල තැන්පත් කරලා තියෙනවා. පස්සෙ ඕවා අතපත ගාන එකාට සාපෙම තමයි
• Evelyn-White , Lee Stack , Ali Kahmel මේ අයගැන නිශ්ෂිත මතයක් තාමත් පලවෙලා නෑ නමුත් එ් දවස් වල නිල නොලත් පුවත්පත් වල පළ වූයේ මේ සාපය හන්දා අවු. දහයක් ඇතුලත 26 දෙනෙක් මියගිය කියලා.
දැන් මේ ලිපිය පුරාවටම අප්‍රසිද්ධ රජෙකුගේ සොහොනක් සොයා ගැනීමට වෙරදැරූ මේ සොහොනෙ හැම බිම් අගලක් පාසාම ඇවිද්දෙ හොවාඩ් කාටර්ට මොකද වුනෙ?
" 1932 දී නිධන් සහ කෞතුක වස්තු කැණීමකටයුතු නිම කිරීමෙන් පසු කාටර් පුරාවිද්‍යාවෙන් විශ්‍රාම ලබාගන්නවා
" කාටර් 1939 දී එංගලන්තයේදී වයස අවුරුදු 64 දී ලිම්ෆෝමාව හේතුවෙන් මෙලොවින් සමුගන්නවා...ලන්ඩනයේ පුට්නි වේල් සුසාන භූමියේ ඔහුගේ නිසල දේහය තැන්පත් කරතිබෙනවා..."
============================
- අන්තර්ජාලයෙන් සහ මට හොයාගන්න පුලුවන් වුනු තොරතුරු අනුව උපුටාගෙන සකස් කරන ලද කෙටි සටහනකි, වැරදි තොරතුරු අැත්නම් මා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා -
- 𝑺𝒂𝒓𝒗𝒆𝒈𝒂.....
============================
හැමෝටම සුභ දවසක්..