බලනකොට රාවණා පරපුරේ හෙළ යක්ඛ පුත්තු එදත් ඉඳලා තියෙනවා...
අද වගේම උන්ව අන්දලා ඡන්දෙ කඩාගෙන තමන්ගේ බඩ වඩා ගත්ත දේශපාළු හැත්තක් ඉදලත් තියෙනවා...
එකම කතාව.. කාලේ විතරයි වෙනස්.. මේ 1955 දී.
------------------
වාහන ලියාපදිංචියේ දී CEYLON යන වචනයේ අකුරු දෙක බැගින් තවදුරටත් ගත නොහැකි විට ශ්රී අකුර යටතේ වාහන ලියාපදිංචිය ඇරඹිණ. හින්දූහු ශ්රී යනුවෙන් ශ්රියා කාන්තාව නොහොත් ධනයට අධිපති දෙවඟන ලක්ෂ්මී හදුන්වති. ගණපතිට තවත් නමෙකි ශ්රී. දකුණු ඉන්දියාවේ ශ්රී පෙරට එන ස්ථානීය නම් රැසකි. බොහෝ හින්දු කෝවිල් හදුන්වනුයේ ශ්රී අකුර මුලට යොදාය. එහෙත්,උතුරේ දී වාහන තහඩුවේ ශ්රී අකුරට තාර ගෑවිණ. අක්ෂරය සිංහලෙන් ලියා තිබීම ඊට හේතුව වන්නට ඇත. උතුරේ එය සිදු වූයේ සුන්දර ලිංගම් වැනි දෙමළ දේශපාලකයින්ගේ උසි ගැන්වීමෙනි. දෙමළ දේශපාලකයින්ගේ ඉල්ලීම මත උතුරට සහ නැගෙනහිරට යවන ලද අලුත් බස්රථ වල ශ්රී අකුර තාර ගා මකා දැමිණ. ඔවුන් සිංහල විරෝධීත්වය එළි දැක්වූයේ තම පූජනීය ශ්රී අක්ෂරය මතිනි.
දකුණේ දේශපාලකයෝ එකට එක කරවනු ලැබුයේ තම අනුගාමිකයින් දෙමළ කඩ නාම පුවරු වන්හි තාර ගෑමට යොමු කරවමිනි. ඉක්බිතිව උතුරේත් නැගෙනහිරත් නාම පුවරු වන්හි සිහළ වැකියේ තාර ගෑවෙන්නට වින. කුපිත සිංහල පිරිස් තවත් පියවරක් ඉදිරියට තබා දෙමළ ජනයාගේ කඩ කොල්ලකෑමෙහි නියැළිණ. ඒ කොල්ලකෑම් කරනු ලැබූයේ ' අපේ ආණ්ඩුවට ජය වේවා!, සිංහලයින්ට ජය වේවා!!, බණ්ඩාරනායකට ජය වේවා!!!' යැයි කෑ ගසමිනි. ඔවුන් දෙමළ විරෝධීත්වය පෙන්වනු ලැබූයේ දෙමළාගේ කඩ කඩා එහි තිබුණ බඩු තමන්ගේ ගෙදරට ගෙන යමින.
---------------
ඉක්බිතිව ඔහු මරාපීහ
( පිටු අංක 137- 138 ) පී.බී.ජයසේකර