ඊයේ දෙරණේ උනුත් ගුටි කාලා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද දෙරණ මාධ්‍යවේදීන් සිව්දෙනාට මිරිහානේදී පොලිසියෙන් ප්‍රහාරයක්

    ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසළ ඊයේ සිදුවූ විරෝධතාවය ආවරණය කිරීම සඳහා, අද දෙරණ සහ සෙසු මාධ්‍ය ආයතනවල මාධ්‍යෙව්දීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එම විරෝධතාව රූගත කරමින් සිටින අතරවාරයේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල පහරදීම්වලට ලක්ව තිබුණි.

    එහිදී අද දෙරණ කොළඹ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලැබූ අතර ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

    මේ අතර නිෂ්ෂංක වේරපිටිය අද දහවල් ශල්‍යකර්මයකටද භාජනය කෙරුණි.
    (මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය)

    මේ අතර මිරිහානේ විරෝධතාව රූගත කරමින් සිටි අද දෙරණ මාධ්‍යෙව්දී සුමේධ සංජීව එම ස්ථානයේදී පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව තිබුණි.

    අනතුරුව කැමරාව අතැතිව සිටි ඔහුව මිරිහාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අද උදෑසන පොලිස් බස්රථයකින් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ඔහුගේ මුහුණේ සහ ශරීරයේ කැපුම් තුවාල දක්නට ලැබුණි.

    මේ අවස්ථාවේ මිරිහාන පොලිසිය වෙත පැමිණ සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බස් රථය තුළට ගොස් සුමේධ සංජීව සමග සාකච්ඡා කිරීමට උත්සහ කළ අවස්ථාවේදී ඔහුටද පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ල වුණි.

    පොලිස් අත්අඩංගුවේ සිටියදීම ඔහුව අද කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබූණි.

    (මාධ්‍යවේදී සුමේධ සංජීව)

    මේ අතර අද දෙරණ නුගේගොඩ ප්‍රාදේශීය මාධ්‍යෙව්දී ප්‍රදීප් වික්‍රමසිංහද විරෝධතාවය රූගත කරමින් සිටියදී පොලිස් පහරකෑම්වලට ලක්වීමෙන් තුවාල ලබා තිබුණි.

    (මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහ)

    මේ අතර ලහිරු චාමර අද දෙරණ වෙනුවෙන් එම ස්ථානයට ප්‍රථමයෙන්ම ගොස් තිබූ මාධ්‍යවේදියා වූ අතර ඔහුගේ දෙපාවලට දැඩි ප්‍රහාර එල්ලවී තිබුණි. ඔහුද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

    (මාධ්‍යවේදී ලහිරු චාමර)

    මේ අතර සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී අවංක කුමාරද විරෝධතාවය ආවරණය කිරීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව තිබුණි.

    මේ අතර විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යෙව්දීන්ට, ආරක්ෂක අංශ සහ පොලීසිය පහරදීමට විරෝධය පළකරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.


    yrBFWjC.jpeg

    xMqc9UZ.jpeg

    7dD8q8H.jpeg

    JfHyHFA.jpeg

    DTjjSIo.jpeg

    wWopcbW.jpeg


     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොලිස් මාධය ප්‍රකාශක බාබා. ඌ මාධ්‍ය වේදීන් අත්අඩංගුවට ගත්තු එක police පතිට පැමිණිලි පැමිණිලි කරපු එක දන්නේ නෑ. Police ගැහුවා කියලා දන්නේ නෑ. ආණ්ඩුවේ ඩෝබී වගේ.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය කැමරාකාරයොන්ට ගහලා වැඩක් නෑ.
    දෙරණේ & Hiru news direct කරන එවුන්ටයි නිවේදකයොන්ටයි ගහපන් :yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තොපි තමයි මේ සේරම කරන්නේ කියල ගහල තියෙන්නේ🤣🤣. රෙදි නැතිව කඩේ ගියපු එකට සාදාරනේ ඉටුකරලා🤣🤣🤣

    හොඳ වැඩේ වහල්ලුන්ට. 🤣
    තරවටු කරල එවන්න තිබ්බේ. ඇස් ඉදිමෙන්න දීපු එකනම් හොද නැහැ අප්පා :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Derane unta gaanakwath thiyenawada unge un guti kaawa kiyala. Deranata wela innawa munuth ithin. Weerasekarayata nelapan mathaka thiyan idala eelaga paara parliament yanna bari unu gaman.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හොඳ වැඩේ කියන්නත් හිතෙනව

    කඩේ ගියාට
    හිරු එකත් කන්න ඔනී