ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,616
    125,107
    113
    දෙහිවල
    2026.08.17 ඊයෙ උදේ තමා මට වැඩ බාර ගන්න තිබ්බෙ.ඉතින් ඊයෙ උදේ පාන්දරම අම්මායි තාත්තයි එක්ක තියන බඩු සේරමත් පටවගෙන අනුරාධපුරෙන් අම්පාරට එන්න පිටත් උනා.ඇත්තටම මුලදි මුලදි ටිකක් සැහැල්ලුවෙන් ගමන පිටත් උනත් යන්න කිට්ටු වෙනකොට ඇත්තටම මට ට්‍රැක පයින්න ගත්තා."දෙයියනේ අද ඉදලා ආපහු තනියම ජීවිතේට මුහුන දෙන්න ඕන නේද?,ආපහු මුල ඉදන් ගේම ගහන්න ඕන නේද?,මට පුලුවන් වෙයිද මේ දේ කරගන්න?" මේ වගෙ දහසක් දේවල් ඔලුවට ගලන්න පටන් ගත්තා.ඒත් කමක් නෑ කියලා දරාගෙන හිටියා.කොහොමෙන් හරි අදාල ඔෆිස් වැඩ අහවර කරලා මම ඊලගට කලේ කෙලින්ම මම වැඩ බාර ගන්න අදාල Rehabilitation hospital එකට ගිය එක.එතන ටිකක් වෙලා මගෙ unit incharge එක්ක වැඩ කරද්දි අම්මලා කෝල් කලා. එයාලට ඉක්මනින් යන්ඩත් ඕන,ඒ හන්දා එන්න බඩු ටික ක්වාටස් එකට බාලා දාමු කියලා......


    ඉක්මනට අම්මලා යනවනෙ කියන සිතුවිල්ල එද්දිම උබලට කියන්න මගෙ පපුව හිරවෙන්න ගත්තා.මම යගුලියක් ගිල්ල වගෙ හැඟීමක් මට එන්න ගත්ත.මේ එක්කම මට මහා තනිකමක් දැනෙන්න ගත්තා.පස්සෙ ආයෙ මහ ඉස්පිරිතාලෙට ඇවිල්ලා බඩු බාලා අම්මලා එක්කම දවල්ට කාලා අම්මලා පිටත් වෙන්න හදද්දි මට මහ හයියෙන් ඇඩුනා බන් 😑😥😥.ඉවසගන්න බැරි තරන් දුකක් ඒක...මට මේ ජොබ් එකත් දමල ගහලා අපේ වාහනෙටම නැගලා ආයෙම අනුරාධපුරේ එන්න හිතුනා.ඉතින් අඩ අඩම අම්මලාට සමුදුන්න.ඊට පස්සෙ ඩිරෙක්ටර් සර් හම්බ වෙලා අපි වැඩ බාර ගත්ත බව දැනුම් දුන්නා.ID කාඩ් හදන්න ෆොටෝ එහෙම දීලා ඒ වැඩත් ඉවර කරගද්දි off වෙන්න වෙලාවත් හරි.එහෙමම off වෙලා ක්වාටස් ඇවිල්ලා බඩු අස් කලා.වොශ්‍ එකක් දාන් ඇදට වැටිලා එහෙමම නිදාගත්තා.කඩින් කඩ යාලුවො, GF,අම්මලා,නංගිලා,අක්කා ,මගෙ හොදම බොක්ක වගේ ලගම අය කතා කලා.කොහොම හරි රෑට බඩගින්නකුත් නැති එකේ එහෙමම නිදාගත්තා.අම්මලාත්‍ පරිස්සමින් රෑ එකොලහට වගෙ ගිහිල්ලා තිබ්බ.

    රෑත් කොහොම හරි ලාවට ලාවට ගෙදර හීනෙන් මතක් වෙන්න පේන්න ගත්තා.ඒත් හොද නින්දක් දැම්මා මම.අද උදේ හතට duty report කලා.තවම pt ලා කවුරුත් ඇවිල්ල නෑ.

    වෙලාවකට මම රජයෙ නිලදාරියෙක් උන එකත් ,මාර වෙහෙසක් අරන් මේ රස්සාව ගත්ත එකත් ,මේ පලාතේ ඉන්න අහිංසක මිනිස්සු/දරුවො සුව කරල ලබන තෘප්තිය,අලුත් වටපිටාවක අලුත් ගමනක් ගිය එකෙන් හම්බෙන සතුටෙන් මගෙ හිත පිරිලා යනවා.කවදාහරි පඩියත් අරන් තෑගිත් එක්ක රජෙක් වගෙ අනුරාධපුරේට යන හැටි හිතෙන් මවාගෙන මම සතුටු වෙනවා 🥰😍

    තවත් වෙලාවකට මට අම්මා තාත්ත පවුලෙ අය ,හොඳම යාලුව,ගෙදර පූස් ලා දෙන්නා,මගෙ බයික් එක,අනුරාධපුරේ වටපිටාව වගෙ දේවල් නිතර මතක් වෙනව.එතකොට නම් පපුව ගැලවෙන වේදනාවක් එනවා.ඒත් හැමදාම comfortable zone එකේම ඉන්න බෑ කියන්නත් මම දන්නවා.හෝම් සික් එක ටික ටික කඩාගන්න උත්සහ ගන්නව මම.

    රස්සාවෙ ඉගන ගන්න දේවල්නම් ගොඩයි.ඒ දේවල් ඉගනගෙන හොදට ජොබ් එක කරනවා.

    ඒ වගේම මන් හිතා ඉන්නෙ ක්වාටස් ගිය ගමන්ම වොශ් දාලා ,ඇදුම් සෝදලා එහෙමම ඇදට වැටිලා නිදාගන්න.මට හිතෙනවා ඒක මේ කාලය ගෙවාගන්න කරන්න පුලුවන් හොඳ වැඩක් කියලා.මෙහෙ ජිම් එකක් එහෙමත් තියනවලු.බලමු ඒ පැත්තෙත් ගිහිල්ලා හවසට

    හෑල්ල වගෙ දිග නම් සමාවෙයල්ල
    මම ටිකක් තනිවෙලා නිසයි හිතට එන දේවල් ලිව්වෙ.උබල ගොඩක් අය මට මෙහෙ එනකොට හොඳ හිතින් සුබ පැතුවා 🥰.ආදරෙයි ඔක්කොටම.මට මේ හෝම් සික් එක කඩාගන්ට ක්‍රම ටිකක් කියාපල්ලා 😥😘🪷
    ජය.
    එන විදියට බැට් කරමු. වරදින්නේ නැහැ
     
    • Like
    Reactions: kalana putha 97

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    වැඩ ටික හොඳට කරගෙන පරිස්සමින් හිටපන් කොල්ලෝ. ටික දවසක් ඉන්නකොට Hospital එකේ තියන අඩුපාඩු වගේ දේවල් තේරෙයි, ඒ වගේ projects කරහන්, මාරු වෙලා යන දවසට උබට යන්න ලෝභ හිතෙයි. Responsibilities ගන්න තරමට තමයි පිරිමියෙක් වෙන්නේ. Good Luck 😍❤️
    this

    අම්පාරේ ලංසි කෙල්ලෝ ඉන්නවා, එකෙක් දාගනින්.
    Ammo ampare kello nam epa.. Athdekimen kiyanne
    ------ Post added on Aug 18, 2026 at 9:09 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    අම්පාරේ ලංසි කෙල්ලෝ ඉන්නවා, එකෙක් දාගනින්.
    🤣 ගැංසි ගැහිලා බහින ලංසි ගැනු දැක්කද?

    Subha Pathum!:love:
    ස්තූතීයි
    ------ Post added on Aug 18, 2026 at 9:23 AM

    ජය.
    එන විදියට බැට් කරමු. වරදින්නේ නැහැ
    හ්ම් ස්තූතීයි 🥰😕
    ------ Post added on Aug 18, 2026 at 9:24 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    දැන් වැඩම කරන්න ලෑස්ති වෙනව එම නෙමෙයි ගමේ උන් පව් කියලා, තනිකම වැඩී වගේ තේරෙන්නේ කට්ටල් තෙල් මාරු කරන්න ඕනේ කාලේ නිසා , අංපාරෙන් ඇනගෙන බලන්න ආස හිතෙයි
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    so far, nursela keeyakata gahuwada bro? good luck
    0 😥

    නර්ස්ලා ටිකක් අල්ලගන්න. පස්සෙ ගහන්න පුළුවන් ක්වාටස් එකට ගෙන්නගෙන. උඹේ අතේ තමයි වැඩේ තියෙන්නෙ. අපිට මෙහෙම කියන්න විතරයි පුළුවන්. ගෙන්නගෙන හොඳ gangbang එකක් දියන්. 🤷🏻‍♂️
    ඔන්න අගනා උපදෙස් 😒
    ------ Post added on Aug 18, 2026 at 9:36 AM

    මොනාහරි හොබීස් ටිකක් හොයාගනින් මචන්. අම්මලා තාත්තලා අස්සෙ හැමදාම ජීවත් වෙන්න බෑනේ. ටික කාලයක් යනකොට ඔවා හරියනවා. ගම වටේ ඇවිදපන්, අලුතින් මිනිස්සු ආස්‍රය කරපන්, හවසට සෙට් එකක් ඉන්නවානම් සෙල්ලම් කරපන්. බොන සීන් වගේ ඒවටනම් ඉතින් පුරුදු වෙන්න එපා.

    ටික කාලයක් යද්දි උඹට ඕක ආතල් කියලා තේරේ බන්. :yes: :yes:
    අම්මලාත් කිව්වෙ ඔය ටිකම තමා.බොන්න්‍ර් නම් නෑ මම ,මට අර අවුල් වෙද්දි හුදකලා වෙන්ඩ හිතෙන එකයි කේස් එක 😕😥.මොකක් හරි දෙයක් කරන්න ඕන
    ස්තූතීයි තාරක බොස් 🥰
    ------ Post added on Aug 18, 2026 at 9:37 AM

    උඹේ ජොබ් එක තව හොඳයි.
    නිකමට හිතපංකෝ පොලීසියේ වගේ කොස්තාපල් කෙනෙක් වගේ පොඩි ජොබ් එකක් කරන කෙනෙක් ඈත පලාතකට ට්‍රාන්සර් කරාම විඳින දුක.
    අපො ඊට වඩා නන් දාහකින් හොදා 😥
    ------ Post added on Aug 18, 2026 at 9:41 AM

    Adoo නියම chance එකක් bro. Ampara කියන්නේ historically iconic location එකක්. Awidapan hama thanama. Oya chance laben na hamotama
    Ow ne ,මොකක් හරි කාලෙ යවාගන්න දෙයක් කරන්නත් ඕන රස්සාවට අමතරව
    ------ Post added on Aug 18, 2026 at 9:41 AM

    උදේම නැගිටලා දුවපන්
    නැත්නම් ජිම් එකකට සෙට් වෙයන්
    Thank you
    ------ Post added on Aug 18, 2026 at 9:43 AM
     
    • Love
    Reactions: tharakaf

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    0 😥


    ඔන්න අගනා උපදෙස් 😒
    ------ Post added on Aug 18, 2026 at 9:36 AM


    අම්මලාත් කිව්වෙ ඔය ටිකම තමා.බොන්න්‍ර් නම් නෑ මම ,මට අර අවුල් වෙද්දි හුදකලා වෙන්ඩ හිතෙන එකයි කේස් එක 😕😥.මොකක් හරි දෙයක් කරන්න ඕන
    ස්තූතීයි තාරක බොස් 🥰
    ------ Post added on Aug 18, 2026 at 9:37 AM


    අපො ඊට වඩා නන් දාහකින් හොදා 😥
    ------ Post added on Aug 18, 2026 at 9:41 AM


    Ow ne ,මොකක් හරි කාලෙ යවාගන්න දෙයක් කරන්නත් ඕන රස්සාවට අමතරව
    ------ Post added on Aug 18, 2026 at 9:41 AM


    Thank you
    ------ Post added on Aug 18, 2026 at 9:43 AM
    Mama adurana dokek innawa. Dan uge hobby eka oka. Dakkama aasa hithenawa. Uba dokek hinda hoda manussayek hoyaganin travel partner widihata. Game inna maama kenek wage.
     
    • Wow
    Reactions: kalana putha 97

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,986
    4,417
    113
    confidence පිට හිටපන් මචං.
    මට ඔහොම යන්න උනා නම් මම උදේට දුවනව, wash එකක් දා ගත්තම පට්ට මොරාල් පිට වැඩ කරතහැකි. හවසට exercises කරනවා (කාටවත් පේන්නේ නැති තැනක් සෙට් කරගෙන martial arts practice කරනවා.) week ends වල ගමේ පොඩි ටුවර් එකක් දානවා පයින් සහ බයික් කට්ටක් ලයින් කරගෙන.මාසෙකට පාරක් වගේ ගෙදර යනවා. ඕව තමයි.
     
    • Love
    Reactions: kalana putha 97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    මිනිස්සුන්ට ඔක්කොම දාලා රටින් යන්න වෙන එකේ ඕක එච්චර හිතන්න එපා. උඹ තාම ලංකාවෙ මිනිස්සු එක්ක ඉන්නවනෙ. උඹට පැය කීපෙන් අම්මල ගාවට යන්න උනත් පුලුවන්.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    Mama adurana dokek innawa. Dan uge hobby eka oka. Dakkama aasa hithenawa. Uba dokek hinda hoda manussayek hoyaganin travel partner widihata. Game inna maama kenek wage.
    ඔව් නේද? මමත් වටපිටාවට හුරුවෙමින් ඉන්නෙ 🙏

    Good luck brother 😍
    ස්තූතීයි 🥰
    ------ Post added on Aug 18, 2026 at 10:59 AM

    Lap ekak nadda
    Game ekak hari gahanna thibuna.

    Hoda TV series list ekak hoyan balanna thiyenne ithin. Awadane wenas unama hithata hodai


    Good luck brother
    ලැප්ටොප් ගෙනාවෙ නෑ තත්වෙ කොහොමද නොදන්න නිසා.ටික දවසක් බලලා ගේන්න ඕනා 🌚
    ------ Post added on Aug 18, 2026 at 11:00 AM

    මිනිස්සුන්ට ඔක්කොම දාලා රටින් යන්න වෙන එකේ ඕක එච්චර හිතන්න එපා. උඹ තාම ලංකාවෙ මිනිස්සු එක්ක ඉන්නවනෙ. උඹට පැය කීපෙන් අම්මල ගාවට යන්න උනත් පුලුවන්.
    මේක නම් හොඳම කතාවක්.ඔව් පැය කිපෙකින් මට ගෙදර යන්ඩ පුලුවන් 🥰
    ------ Post added on Aug 18, 2026 at 11:01 AM

    owa ochchara hithanna epa kollo job eke weda set weddi owa normal wela yanawa
    හ්ම් ඉවසගෙන ඉමු 🙏
    ------ Post added on Aug 18, 2026 at 11:01 AM
     

    dillido

    Active member
  • Sep 17, 2025
    141
    183
    43
    ටික දවසක් යනකම් විතර්යි.. රාජකාරි වැඩ එක්ක පොඩ්ඩ පොඩ්ඩ වට පිටාව එක්ක ඔහෙට හුරුවෙන්න ගත්තාම හොම්සික් නැති වෙලා යනවා.. ගුඩ් ලක් එක්කම ස්තූතියි ලංකාවේ අමාරු දුෂ්කර පළාතක අහින්ස්ක ගම් වල මිනිස්සුන්ට උදව්වක් වෙන එකට..
     
    • Love
    Reactions: kalana putha 97