ඊයේ පස්සරට බිබිලට මැණික් වැස්සක් වැටී ති&#3510

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
ඊයේ පස්සරට බිබිලට මැණික් වැස්සක් වැටී ති&#3510

ඊයේ අපේ මහ රජානන් වහන්සේගේ උපන්දිනයයි. ඒ නිසා එතුමාගේ මහා පුන්‍යානුභාවයෙන් අහසින් මැණික් වැසි වැටුණ බවට කීර්ති රාවයක්ද මැණික් වැස්ස ගැන ආරංචියත් එක්කම ප්‍රදේශයේ ගම් වැසියන් අතර පැතිර ගොස් තිබිණ.
ගම් වැසියෝ මහරජුගේ පුන්‍ය මහිමය ගැන පුදුම වෙමින්ද මහරජතුමාට ආසිරි පතමින්ද මැණික් වැස්සෙන් වැටුණු මැණික් අහුලන්නට මග දිගට රැස් වූහ.
ගම් වැසියන් පමණක් නොව අවට ප්‍රදේශ වල අයද වාහනත් රැගෙන මැණික් අහුලන්නට ඒ පැති වලට රැස්වී සිටියහ.

ඇත්තටම මැණික් වැස්සක් නම් වැටී ඇත. ඒ වුණාට වැස්ස වැටී ඇත්තේ මහා මාර්ග වල පමණකි. පාරෙන් ඈතට වෙන්නට ඒ වැස්ස වැටී නැත. මැණික් කීවාට පාට පාට පුංචි ගල් කැබලිය. ඒවා වැටී තියෙන්නේත් තාර පාර දෙපස වීම ආශ්චර්යයකි. කෙසේ වුවත් මැණික් අහුලන්නට ආ ජනී ජනයා අධික බැවින් පාර දෙපස තදබදයකි.

මේ මිනිස් ගොඩට වැටී පාරේ ගල් ඇහිදින්නට අපහසු නිසා කිහිප දෙනෙකු පාරේ ඈතකට වී බලා උන්නාහ.

එසේ බලා සිටි එක් අයෙකුට කලකින් නුදුටු මිතුරෙකු මුණ ගැසින.

“ආ අයියේ.. කොච්චර කාලෙකින්ද දැක්කේ..? කොහොමද..?“

“මල්ලි.. උඹ මෙහේ මොකද කරන්නෙ..?“

“මේ මැණික් වැස්සක් වැටුණා කිව්වට බලන්න ආව අයියෙ..“

“තොපිට පිස්සුද..? මේවා බලන්න උඹලා වාහන වලට තෙල් ගහගෙන එහේ ඉදන් මෙහෙට ආවද.. අනේ මුංගෙ මැණික් වැහි..“ අයියා සිනාසුණේය.

“ඇයි අයියෙ..?“

“මේ ගල් කෑලි තියනව නේද..?“

“ම්..?“

“එව්වා මැණික් නෙවෙයි බං..“

“එහෙනං...???“

“පතල් වලින් අහක දාන සක්ක ගල් කෑලි...“

“සක්ක කෑලි..? ඒවා කොහොමද එහෙනම් වැස්සකින් මෙතනට වැටුණෙ..?“

“ඒ වැස්ස වැහැපු හැටි දන්නෙ අපිනෙ..“

“කොහොමද කියපංකො..“

“මේ ලග තියනවා විජිතමුණි සොයිසගෙ මැණික් පතලක්..“

“ම්..“

“උන්ගෙ එව්වො ගෝණි වලට මේ සක්ක කෑලි පුරවලා.. වාහන වලින් යන ගමන් පාර දෙපැත්තේ විසිරුවලා ගියා පාන්දර.. නිකම් නෙවෙයි.. මහරජාගේ පින් බලෙන් මැණික් වැස්සක් වැස්සා කියන කතාවත් අතන මෙතන පතුරවලා.. දැන් ඉතිං මේ පැත්තෙ ඡන්ද ටික වැටෙයි සට සට ගාලා... මේ රටේ අපි උඹලා වගේ හරක් ඉන්න කල් හොදයි බං මුන්ට..“

“ඒත් ඉතිං බං මැණික්නෙ..“

“මොන මැණික්ද යකෝ.. මෙව්වා එක සතපහක් වටින්නෙ නෑ.. ඔක්කොම පලුදු වෙච්චා.. අහක දාන ගල් කෑලි...“

“අනේ අම්මපා මුං වගේ කාලකණ්ණි.. මෙහෙමත් මිනිස්සු රවට්ටනවද..?“

“හ්ම්... දැන් ඉතින් මෙව්වා කරපු එව්වන්ගෙ මෑණිවරු සිහිපත් කරගෙන ගෙවල් වලට පලයල්ලා..!!!!“

-සජීවීව අසන්නට ලැබුණු කතාවකි-

:lol::lol::lol:

මම LEN වැඩිය විශ්වාස කරන්නේ නෑ එත් බලපල්ලා ගම් වල මිනිස්සු රවට්ටන්න කරන දේවල් ලැජ්ජයි
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යකො ඔවා නිධාන් ගත්තම වස් දොස් යන්න බෙදන එව්වා.. නිධානයක් ගත්තම ඒකෙන් කොටහක් දුගී මගී යාචකාදීන්ට දෙන්න ඕනේ අනිවා නැත්නම් බහිරවයො කොප වෙනවා වස් දොස් වදිනවා... උඹලට මතකද අර පූගොඩ හන්වැල්ල පැත්තෙ කැළනි ගගේ කැරට් 24 ප්‍රොසෙස් කරපු පිරිසුදු රත්තරන් හම්බ වුනෙ අන්න ඒකත් නිදානෙක පන්ගුවක් මිනිස්සුන්ට ගනින් කියල ගගට් දාපු එකක්..මේකත් එහෙම එකක් තමා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    යකො ඔවා නිධාන් ගත්තම වස් දොස් යන්න බෙදන එව්වා.. නිධානයක් ගත්තම ඒකෙන් කොටහක් දුගී මගී යාචකාදීන්ට දෙන්න ඕනේ අනිවා නැත්නම් බහිරවයො කොප වෙනවා වස් දොස් වදිනවා... උඹලට මතකද අර පූගොඩ හන්වැල්ල පැත්තෙ කැළනි ගගේ කැරට් 24 ප්‍රොසෙස් කරපු පිරිසුදු රත්තරන් හම්බ වුනෙ අන්න ඒකත් නිදානෙක පන්ගුවක් මිනිස්සුන්ට ගනින් කියල ගගට් දාපු එකක්..මේකත් එහෙම එකක් තමා

    ඒ රත්තරන් කතාව නම් මාත් අහලා තියෙනවා , දබ රන් ඇතෙක් ගේ පිළිමයක් ගොඩ අරන් , එකෙන් වස් වදිනවා (සාප වෙනවා )කියල , ඒක කුඩු කරලා ගගට දැම්ම කියල , ඒ කියන කතාව ඇත්තක්ද බන්