අනේ මන් දන්නේ නැහැ මචන් උබ කියන ඩේ ගැනනම්.එත් මගේ කෙල්ලටනම් , මම එයා ගැන පොඩ්ඩක් හරි හොයල බැලුවේ නැත්තන් හරි හොයල බලන එක අඩු උනොත් නම් , ඉවරයි.කනක් ඇහිලා ඉන්න නැහැ.ඇත්තට එයාට මව වදයක් වෙලා නෙමෙයි , මටනම් වෙලාවකට එයාව ඇනයක් වෙනවා.මොකද මට පාඩුවේ මගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ.
මං කියන්නෙ නෑ හැම කෙල්ලම එහෙමයි කියල. හැබැයි ගොඩක් අය එහෙමයි. දැන් උඹේ සීන් එක උඹ වැඩිය හොයල බලන්නෙ නැති නිසානේ. හැබැයි උඹ ඕනවට වැඩිය යන එන තැන් ගැන අහල මොනවද කරන්නෙ කියල හොයල බලල පරිස්සම ගැන හොයල බලල අරව මේව වැඩිපුර අහන්න ගියොත් කතාව ඔයිට වැඩිය වෙනස් වෙයි.
හොයල බැලුවෙ නැත්තන් අරහෙමයි වැඩිපුර හොයල බැලුවොත් මෙහෙමයි. රැවුලයි කැඳයි දෙකම බේරන්න වෙනව. අපේ උන් අර විහිලුවට කියන්නෙ ගෑනුන්ව තේරුම් ගන්න බෑ කියල. ඒක සිරා කතාවක්
මං ඉගෙනගත්තු පාඩම තමයි කෙල්ලෙක්ට නිදහස දෙන්න ඕනෙ. ඒ නිදහස ඇතුලෙ තමයි ඕන දෙයක් හොයල බලන්න ඕනෙ. මොකද යන්න ඕන එකා මොනව කලත් යනව.





