ඊරිසියාව බැහැර කරමු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඊරිසියාව බැහැර කරමු

ඊරිසියාව බැහැර කරමු

IMG_0034.jpg

මේ ලොකේ බොහෝ දෙනෙකුට තිබෙන බලවත් අකුසලයක් තමයි ඊරිසියාව කියල කියන්නේ. යම් කෙනෙක් සැපයක් විදිනකොට එයා ඒ සැපය විදිනවාට අපේ සිතේ යම් අකමැත්තක් ඇතිවෙනවා නම්, අන්න ඒකට තමයි ඊරිසියාව කියල කියන්නෙ. ඔන්න කෙනෙක් ඉන්නව එයාට හොඳට භවභෝග සැප සම්පත් තියෙනව, ඥාති හිත මිතුරන්, බොහෝ කොට ඉන්නවා. මේක දැකල, තව කෙනෙක් කල්පනා කරනව, ”අනේ මෙයාට මේ භවභෝග ඥාති හිතමිතුරන් ආදී දේ තියෙනව. සැප සම්පත් තියෙනව. මෙයාට මේව නැත්නම් හොඳයි.” කියල. අන්න ඒක තමයි ඊරිසියාව කියල කියන්නෙ. ඊරිසියාව තියෙන කෙනා වෙන කෙනෙක් සැප විඳිනවට කැමති නෑ. එයාගෙ ඒ සැපය නැතිකරන්ට කැමතියි. සමහර විට වෙන කෙනෙක් විදින සැපය නැති කිරීම පිණිස ඕනෑ ම සතුරුකමක් එයා කරන්ට කැමති යි.එතකොට බලන්න ඒ අන් අයගේ සැපයට අකමැති හිත තුළ සැපයක් තියෙනවද? නෑ. ඒ තුළ නිතර ම තියෙන්නෙ පීඩාවක්, අපහසුවක් ම තමයි. මොකද..? එයා දවසේ බොහෝ වේලාවක් අන් අයගෙ සැප නැතිකරන්නේ කොහොමද කිය කියා තමයි සැළසුම් කරන්නෙ? ඉතින් මෙන්න මේ විදිහට ඊරිසියාවෙන් යුතු කෙනා අන් අයගේ සැප නැතිකරන්ට හිතාගෙන ”අහවලා මෙහෙම කළා, මෙහෙම කළා” කියල, කේලාම් කියනව. නැති අගුණ කියනව. තියෙන ගුණ මකනව. ඊළඟට බොරු කියනව. ඒවගේම එයා අන් අයගේ දේවල් සොරකම් කරන්ට අන් අයගේ දේපළවලට, ඥාති හිත මිතුරන්ට හානිකරන්ට අණවිණ කොඩිවින හදි හූනියම් කරන්ටත් පෙලෙඔනවා. මේ විදිහට විවිධ විදිහේ හතුරු ක‍්‍රියා කරන්ට මේ ඊරිසියාව කියන භයානක අකුසලය අපේ හිතේ තිබුණොත් අපිත් පෙළඹෙනවා.

දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුලූ පව්වෙන් පහළට වඩිද්දී අකාසයේ ඇවිද ඇවිද යන ගිනි අගුරු වලින් වෙලිච්ච දහඩිය වැගිරෙන රත් වූ ශරීරයක් තියෙන පේ‍්‍රත ස්ත‍්‍රියක් දැක්ක. එයාගෙ මුළු ශරීරය ම ගිනි අරගෙන පිච්චෙනව. ඉතින් මේ දැක්ක පේ‍්‍රතිය ගැන මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියා සිටිය. ඒ වෙලාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා ”පින්වත් මහණෙනි, ඔය සත්වයා කලිඟු රටේ රජ්ජුරුවන්ගෙ අගමෙහෙසිය වෙලා හිටිය. ඉතින් ඇය අධික ඊරිසියාව නිසා ඒ රජ්ජුරුවන්ගේ ම තවත් මෙහෙසියකගේ ඇඟට ගිනි අඟුරු දැම්ම. ආන්න ඒ පව කරගෙන ඒ පවට විපාක විදිහට නොයෙක් ආකාරයේ දුක් සහිත නිරයෙ ඉපදුණා. ඉපදිලා අවුරුදු සිය ගණන්, අවුරුදු දහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පවේ ඉතිරි ටික ගෙවන්ටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විදව විදව ඉන්නේ” කියල.

එකකොට බලන්න තමන්ගේ ම ශරීරය ගින්නෙන් පිච්චි පිච්චි යනව. මොනතරම් දුක් සහිත ද ඒ ජීවිතය..? දැක්කද ඒ කරපු පාපයට ලැබෙන ප‍්‍රතිවිපාක? එතකොට මොකක්ද එයා කරගත්ත පව? ගිනි අඟුරු දැම්ම තවත් කාන්තාවකගෙ ඇඟට. ඇයි ඒ කාන්තාව, තවත් කාන්තාවකගෙ ඇඟට ගිනි අඟුරු දැම්මෙ? ඒක තමයි ඊරිසියාව. දැක්කද ඊරිසියාව කියන එක කොතරම් භයානක දෙයක්ද කියල? මේ ඊරිසියාව මුල්වෙලා කෙනෙක්ව ඝාතනය කරන්ට පුළුවන්, කෙනෙක්ට අවි ආයුධ වලින් පහර දෙන්ට පුළුවන්, හතුරුකම් කරන්ට පුළුවන්. නැති චෝදනා කරල නින්දා කරන්ට පුළුවන්. කේලාම් කියල බිඳවන්ට පුළුවන්. පවුල් කඩාකප්පල් කරන්ට පුළුවන්. ඊරිසියාව මුල්වෙලා නොයෙකුත් ආකාරයේ මනුෂ්‍යයාට අහිත පිණිස පවතින දේවල් කරන්ට පුළුවන්.

ඉතින් මෙබද අකුසල් ගැන, ඒවායේ විපාක ගැන, ඒ විපාක විදින භයානක ලෝක ගැන අපට කියා දුන්නෙ භාග්‍යවතුන් වහන්සේ තමයි. උන්වහන්සේ තමයි අපට නොපෙනෙන මෙබඳු පැත්තක් ලෝකෙ තියෙනවා අකුසල්වලට යටවෙලා දුෂ්චරිතය කරපු කෙනාට ඒ පවේ විපාක විදිහට දුක් උපදවල දෙන, දුක් ම විඳින ලෝක තියෙනව කියල පෙන්වා දුන්නේ. නමුත් මෙබඳු දෙයක් තියෙනවා කියල මනුෂ්‍යයින් දන්නෙ නෑ. නොදන්න නිසා ම මනුෂ්‍යයින් ඇස, කණ, නාසය, දිව, කය, සිත පිනවන්ට නොයෙකුත් දේ කරනව. සත්තු මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත් ද්‍රව්‍ය භාවිතා කරනවා. තමා සැප විඳින්ට කියල හිතල කටයුතු කරද්දී තමන්ට ඒ සැප නොලැබී අනුන්ට ලැබෙද්දී ඊරිසියා කරනව. කුහකකම් කරනව. නොයෙකුත් ආකාරයේ පව් කරගන්නව. එහෙම කරල කය බිඳිල මලාට පස්සේ සතර අපායේ උපදිනව. සතර අපායේ ඉපදුනාට පස්සේ නොයෙකුත් ආකාරයේ කර්කෂ දුක්වලට ගොදුරු වෙනවා.

දැන් ළමයි අතර වුණත් ඊරිසියාව තියෙන්ට පුළුවන්. ඊරිසියාව මුල්වෙලා පොත පත හංගනව. ඉගෙන ගන්න දෙන්නෙ නෑ. ඇඳුම් හංගනව. ඇඳුම්වල මඩ ගානව. ඒ විදිහට ඊරිසියාව මුල්වෙලා විවිධ විදිහට පව් කම් කරනවා. මොකද…? ඒ නිසා විදින්ට සිදුවන විපාක ගැන වැටහීමක් නෑ. ඉතින් අපිටත් මේ ඊරිසියාව කියන්නෙ මොකක්ද කියල තේරුම්ගන්ට බැරිවුණොත් අපේ අතිනුත් ඊරිසියාව මුල්වෙලා නොයෙකුත් අකුසල් වෙන්ට පුළුවන්. ඒ නිසා ඊරිසියාව කියන අකුසලය හඳුනගන්න. ඊරිසියාව කියෙන්නෙ පුංචි පහේ දෙයක් නෙවෙයි. අතිශයින් භයානක අකුසලයක්. ඒ විදිහට ඊරිසියාව කියන අකුසලය හොඳට තේරුම් අරගෙන ඒක බැහැරකරගන්ට අපි දක්ෂවෙන්ට ඕන.

එතකොට කොහොමද අපි ඊරිසියාව බැහැරකරන්නෙ. ඒ සඳහා අපි අන් අයගේ සැපට කැමතිවෙන්ට ඕන. අන් අයගේ දුකට අකමැති හිත උපදවගන්ට ඕන. ”අන් අයට යහපත ඇතිවේවා” කියන හැඟීම උපදවගන්ට ඕන. ඊලඟට පවට භය ලැජ්ජාව උපදවගන්ට ඕන. මෙන්න මේ විදිහට යහපත් සිතුවිළි උපදවාගැනීමෙන් ඊරිසියාව කියන භයානක අකුසලයෙන් අත්මිදෙන්ට අපට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතිවුනොත් අපිට මහා විපත්තීන් සිද්ධ වෙන්ට පුළුවන්. විශාල දුක් විඳින්ට සිද්ධ වෙන්ට පුළුවන්.

ඒනිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහල, ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න. ”මෙබඳු දුක් සහිත ලෝක තිබෙනවා. මෙබඳු දුක් සහිත ලෝකවල අපි ඉපදෙන්ට හොඳ නෑ. ඒවයින් නිදහස් වීම ම යි වටින්නේ” කියල කල්පනා කරන්න. එබඳු දුක් සහිත ලෝකවලින් සම්පූර්ණයෙන් නිදහස්වීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට මේ ධර්මය කියා දුන්නේ. ඒ ධර්මය අපිට කියාදුන්නේ මහා කරුණාවෙන් ම යි. අන්න ඒ ධර්මය ජීවිතයට එකතු කරගන්න.

සියලූ දෙනාටම ආශිර්වාද කරනවා භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාළ ධර්මය කෙරෙහි තම තමන්ගේ සිත් තුළ පැහැදීම ඇතිකරගෙන ඒ ධර්මය තම තමන්ගේ ජීවිත තුළට එකතුකරගෙන ඊරිසියාව දුරුකරගෙන දුක් සහිත ලෝකවලින් සදහටම මිදෙන්නට භාග්‍ය උදාවේවා…කියල.

සියලූ දෙනාට ම තෙරුවන් සරණයි…!​


පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
මව්බිම පුවත‍්පතේ පළ වූ ලිපියක් ඇසුරෙනි.​
 
Last edited:

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    godak watina lipiyak. mage hithata erisiyawa kiyana dee awoth mama koma hari eka ayin kara ganna balnawa.ekko eyata hithin wish karanawaa wage.
     
    • Like
    Reactions: Lewke

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මරුසිරා;17085412 said:
    හිමීට කියවන්න බුක් මාක් කළා . රේප් දෙන්න බැරිලු . තෙරුවන් සරණයි

    mechchara watina article ekak damma ekekthwath naha. wena mokkda hari XXX kiyala damma nam ey roththama duwagena. ithin kiyanawa sinhalaya ta diyunu wenna balu.ithin bane mehema wenakota :yes::yes: