ප්‍රාර්ථනා කළ පමණකින් ම කිසිවක් ලැබෙන්නේ නෑ....
' වාසනාව ' කියන්නේ තමන්ගේ උත්සහය සහ කැපවීම තුළින් තමන් ම සොයාගන්න ඕනි දෙයක්. ( අත‍්තනා කුරුතෙ ලක‍්ඛිං )
ඒ වගේම තමයි තමන් තුළ ම තියෙන කම්මැළිකම සහ ප්‍රමාදය වගේ පසුගාමී දුර්වලකම් නිසා ම තමයි තමන් අවාසනාවන්තයෙකු ද වෙන්නේ. ( අලක‍්ඛිං කුරුතත‍්තනා )
ඔබ බාහිර ලෝකයේ කවරෙකුගෙන් දෙයක් ආයාචනා කළත්, බාරහාර වී හෝ ඉල්ලා සිටියත් ඔබව වාසනාවන්තයෙකු කරන්නට බාහිර ලෝකයේ කිසිදු අයෙකුට නොහැකි ය. ( න හි ලක‍්ඛිං අලක‍්ඛිං වා, අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො )
ඉතිං භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා, ' ආයාචනා කළ පමණකින් හෝ ප්‍රාර්ථනා කළ පමණකින් ම යමක් ලැබෙනවා නම්, මේ ලෝකයේ කිසිවෙකුට කිසිදු අඩුපාඩුවක් තියෙන්න විදිහක් නෑ ' කියලා. ( ආයාචනාහේතු වා පත්ථනාහේතු වා පටිලාභෝ අභවිස්ස. කෝ ඉධ කේන හායේථ ? )
ඉතිං බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට විශේෂයෙන් ම තේරුම්ගෙන ඉන්න ඕනි ප්‍රාර්ථනා කිරීමකින් පමණක් ම, ආයාචනා කිරීමෙන් පමණක් ම යමක් ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඔබ මෙන්න මේ කියන කරුණු 05 ප්‍රාර්ථනා කිරීමෙන් ම පමණක් ඔබට ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න එපා...
මට තවත් කාලයක් ජීවත් වෙන්න ආයුෂ ලැබෙන්න කියලා, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ පමණකින් ම ආයුෂ ලබන්න පුළුවන් කමක් නැහැ. දීර්ඝායුෂ විදින්න ඕනි නම් දාන-ශීලාදි පින්කම් කළ යුතු ය. ප්‍රාණඝාත- සත්ත්ව හිංසනාදියෙන් තොර විය යුතු ය. ( ආයුකාමේන ගහපති අරිය සාවකේන ආයුසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා )
මම ලස්සන කෙනෙක් වෙන්න ඕනි, මගේ රූපය මේ මේ විදිහට හැඩ වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කළ පමණකින් ම ලස්සන කෙනෙක් වෙන්නෑ. ලස්සන කෙනෙක් වෙන්න නම් කාටවත් ක්‍රෝධ නොකර, වෛර නොකර දාන-ශීලාදි පිංකම් කළ යුතු ය. ( වණ්ණකාමේන ගහපති අරිය සාවකේන වණ්ණසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා )
අඩුපාඩුකම් නැති සුඛෝපභෝගී ජීවිතයක් මට ලැබෙන්න කියලා කායික-මානසික සැප ප්‍රාර්ථනා කළ පමණකින් ම සුඛෝපභෝගී බව ලැබෙන්නේ නෑ. සුඛෝපභෝගී ජීවිතයක් ලබන්න ඕනි නම් හිත පහදවා ගෙන උසස් දේ, ප්‍රණීත දේ, මසුරු මලක් නැතිව ඉතා ඕනෑකමින් ම කර්මය-කර්ම ඵලය අදහාගෙන ම දන් දීම ආදි පිංකම් කළ යුතුය. . ( සුඛකාමේන ගහපති අරිය සාවකේන සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා )
කවුරුත් ප්‍රියකරන යහපත් කීර්ති රාවයක් පැතිරුණු ( ජනප්‍රිය ) කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළ පමණකින් ම ජනප්‍රිය කෙනෙක් වෙන්නේ නෑ. යහපත් කීර්ති රාවයක් පැතිරෙන කෙනෙක් වෙන්න නම් අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකරන, අනුන්ට නින්දා-අවලාද නොකරන දාන-ශීලාදි පින්කම් වල යෙදෙන කෙනෙක් වෙන්න ඕනි.
අනේ ! මම මරණින් මතු දුගතියකට නම් නොයේවා !! මා මළ දවසක සුගතියක ම ඉපදේවා ! කියලා ප්‍රාර්ථනා කළ පමණකින් ම ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නැ. සුගතියකට යන්න ඕනි නම් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට, අවංකව, ඕනෑකමින් ම දාන-ශීල-භාවනා ආදි පිංකම් වල නිතර නිතර ම යෙදිය යුතු ය. . ( සග්ගකාමේන ගහපති අරිය සාවකේන සග්ගසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා )
තමා නිවැරදි ප්‍රතිපදාවක ජීවත් වෙනවා නම් දාන-ශීල-භාවනාදි පින්කම් සංසාරයේ හොඳට කරලා තියෙනවා නම් ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙන දේ ලැබෙනවා. සංසාරයේ පිං කරලා නැත්තං කොච්චර ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා කරන දේවල් ප්‍රාර්ථනා කරන විදිහට ම ලැබෙන්නේ නෑ.
ඒක නිසා ඔබට මේ ජීවිතයේ යමක් ලැබිලා තියෙනවා නම් ඒ ඔබ පෙර සංසාරයේ වපුරපු දේවල් වල අස්වැන්නක් ම යි ලබලා තියෙන්නේ. ඔබට යමක් ලැබිලා නැත්තං ඔබ යමක් ලබන්න පෙර කිසිවක් වපුරලා නැහැ.
ඉතිං වපුරන දේට අනුව අස්වැන්න ලැබෙනවා වගේ තමන් කරන-කියන දේවල් අනුව ම තමයි මේ ජීවිතයේ ලැබීම්-නොලැබීම් තීරණය වන්නෙත්.
ඉතිං පුළුවන් හැම මොහොතක ම හැකි විදිහකට දාන-ශීල-භාවනාදි පිංකම් වල යෙදෙන්න...
කන්දෙගෙදර සෝභිත ස්වාමින් වහන්සේ
_______________________________________
යානි කරොති පුරිසො තානි අත්තනි පස්සති,
කල්‍යාණ කාරී කල්‍යාණං පාපකාරීච පාපකං,
යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං
https://www.facebook.com/sankalpa.rodrigo.31?mibextid=ZbWKwL