@sathmal @SLhuman උඹලා දෙන්නාම කියන කතා ඇත්ත.
ටෙස්ට් ගහන පුහුණු කරුවෝ ගෙනල්ලා වැඩක් නෑනේ බං. අපිට මේ අවුරුද්දටම තියෙන්නේ ටෙස්ට් මැචස් 4යිද කොහෙද. හොද ප්ලෙයර්ස්ලා බිහි වෙන්නේ ටෙස්ට් මැච් වලින් තමා. අවුල තියෙන්නේ අපේ පාලකයොන්ට ඕනේත් නෑ ටෙස්ට් මැච් ගහන්න. ක්‍රීඩකයන්ට ඕනෙත් නෑ ටෙස්ට් ගහන්න. ඉතින් ටෙස්ට් ගහන පුහුණු කරුවෝ ගෙනල්ලා මොනා කරන්නද බං. ලෝකේ හොදම ටීම් විදියට තියෙන්නේ ඉන්දියා, ඕස්ට්‍රේලියා, එංග්ලන්ඩ්, සවුත් ඇෆ්‍රිකා. ඔය රටවල් අවුරුද්දට ටෙස්ට් මැචස් 30ට වඩා ගහනවා. එක අවුරුද්දක මට මතකයි ඉන්දියාවයි, ඕස්ට්‍රේලියාවයි ටෙස්ට් මැචස් 40 ගනන් ගහලා තිබ්බා. ලංකාවේ වනිඳු හසරංග එහෙම ටෙස්ට් ගහන එක නැවැත්තුවා ෆ්‍රැන්චයිස් ගහන්න ඕනේ නිසා.
ඔතන යටත් විජිත මානසිකත්වයට වඩා අපේ සංස්කෘතියත් බලපානවා. ඉන්දියා, පකිස්තාන්, ශ්‍රී ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ සංස්කෘතිය වෙනස්. අපි සෑහෙන්න අපේ දේවල් වලට ආදරේ කරනවා. අපේ රට තමයි රට කියන හැඟීමෙන් තමා අපි වැඩ කරන්නේ. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. අපි තාක්ශණේ අතින් ඉන්නේ පිටිපස්සෙන්. දැණුම අතින් ඉන්නේ පිටිපස්සෙන්. අලුත් එක්ස්පෙරිමන්ට්ස් කරන්නේ අඩුවෙන්. ඉතින් අපේම රටේ පුහුණු කරුවෙක්ට අපේ ටීම් එකට කරන්න පුළුවන් ප්‍රමාණෙ ගොඩාක් අඩුයි.
පකිස්ථාන් අපිට වඩා ගොඩාක් දියුණු තැනක නෙවෙයි තියෙන්නේ. ඉතින් උන්ගේ පුහුණු කරුවෙක්ට ලංකාවට කරන්න පුළුවන් ප්‍රමාණේ ඉතා අඩුයි.
අනික අපි ඉන්දියාවේ හරි පකිස්ථානේ එකෙක්ව පුහුණුකරුවෙක් කරලා ගෙනාවත් උන් වැඩිපුර ආදරේ කරන්නේ උන්ගේ රටට. උන් උන්ගේ උපරිමේ උන්ගේ රටට කලත් අපේ රට දියුණු වෙන්න දේවල් කරන් නෑ. හැබැයි සුද්දොන්ගේ කල්චර් එක වෙනස්. උන්ට ජොබ් එක දුන්නාම උන් කරන්නේ උන්ගේ ජොබ් එක මිසක් උන්ගේ රටට ලව් කර කර ඉන්න එක නෙවෙයි. උන් ප්‍රොෆෙශනල්. ඒසියන් රටවල් වල උන් ප්‍රොෆෙශනල් අඩුයි.