ඊලඟ පාර පුහුණු කරුවො ගේන්නේ අයිස්ලන්තෙන්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නෙදර්ලන්තයේ රයන් වෑන් නිකක් සහ ජාතික පන්දු රැකීමේ, දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර නෙදර්ලන්තයේ ජෝඩන් ග්‍රෙගරි පත් කෙරේ..

    ජීවිතේට ටෙස්ට් ක්‍රිකට් ගහල නැතත් සුද්දෙක් නේ....
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,261
    113
    හොදම ප්ලෙයර් කියන්නේ හොදම පුහුණු කරු නෙවෙයි. ලංකාව 1996දි වර්ල්ඩ් කප් එක උස්සනකොට හිටපු ඩේව් වට්මොර් කියන්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු හොද ප්ලෙයර් කෙනෙක් නෙවෙයි. ගොඩක් ප්ලෙයර්ලා රිටායර් උනාම කෝචින්ග් වලට එනවා. ඒත් සක්සස් රේට් එක අඩුයි. සනත්ට උනෙත් ඒක. ක්ලයිව් ලොයිඩ්, ගෞතම් ගාම්භීර් වගේ කීප දෙනෙක් ඉන්නවා.
     
    • Like
    Reactions: bball and zid2021

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,080
    4,638
    113
    හොදම ප්ලෙයර් කියන්නේ හොදම පුහුණු කරු නෙවෙයි. ලංකාව 1996දි වර්ල්ඩ් කප් එක උස්සනකොට හිටපු ඩේව් වට්මොර් කියන්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු හොද ප්ලෙයර් කෙනෙක් නෙවෙයි. ගොඩක් ප්ලෙයර්ලා රිටායර් උනාම කෝචින්ග් වලට එනවා. ඒත් සක්සස් රේට් එක අඩුයි. සනත්ට උනෙත් ඒක. ක්ලයිව් ලොයිඩ්, ගෞතම් ගාම්භීර් වගේ කීප දෙනෙක් ඉන්නවා.
    But still it shows our lack of self respect.... A country that has do many players of talent does not want or have anyone suitable to take up the role. Forgot about Netherlands. At least Indians pakistanis would have been better but still we could not find anyone. The reason is we have this tendency to think that white skin people are always better than our own. It is a sign of being colonised...යටත්විජිත මානසිකත්වය.
    අපි කියමු මේක ඉරානය කියලා ඒ වගේ රටවල් තමන්ගේ කැපවීමෙන් මේකට විසදුමක් හොයලා ඇති..
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    හොද පුහුණු කරුවෙක් වෙන්න හොදම ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය නෑ. නමුත් හොද ක්‍රීඩකයෙක් වෙන්න්, හොද ක්‍රීඩා පසුබිමක් අවශ්‍යයි. ජීවිතේට මුන් ටෙස්ට් ක්‍රිකට් ගහල නෑ. ගහන පරිසරයක හැදිලත් නෑ, ඒකයි අවුල
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,261
    113
    @sathmal @SLhuman උඹලා දෙන්නාම කියන කතා ඇත්ත.

    ටෙස්ට් ගහන පුහුණු කරුවෝ ගෙනල්ලා වැඩක් නෑනේ බං. අපිට මේ අවුරුද්දටම තියෙන්නේ ටෙස්ට් මැචස් 4යිද කොහෙද. හොද ප්ලෙයර්ස්ලා බිහි වෙන්නේ ටෙස්ට් මැච් වලින් තමා. අවුල තියෙන්නේ අපේ පාලකයොන්ට ඕනේත් නෑ ටෙස්ට් මැච් ගහන්න. ක්‍රීඩකයන්ට ඕනෙත් නෑ ටෙස්ට් ගහන්න. ඉතින් ටෙස්ට් ගහන පුහුණු කරුවෝ ගෙනල්ලා මොනා කරන්නද බං. ලෝකේ හොදම ටීම් විදියට තියෙන්නේ ඉන්දියා, ඕස්ට්‍රේලියා, එංග්ලන්ඩ්, සවුත් ඇෆ්‍රිකා. ඔය රටවල් අවුරුද්දට ටෙස්ට් මැචස් 30ට වඩා ගහනවා. එක අවුරුද්දක මට මතකයි ඉන්දියාවයි, ඕස්ට්‍රේලියාවයි ටෙස්ට් මැචස් 40 ගනන් ගහලා තිබ්බා. ලංකාවේ වනිඳු හසරංග එහෙම ටෙස්ට් ගහන එක නැවැත්තුවා ෆ්‍රැන්චයිස් ගහන්න ඕනේ නිසා.

    ඔතන යටත් විජිත මානසිකත්වයට වඩා අපේ සංස්කෘතියත් බලපානවා. ඉන්දියා, පකිස්තාන්, ශ්‍රී ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ සංස්කෘතිය වෙනස්. අපි සෑහෙන්න අපේ දේවල් වලට ආදරේ කරනවා. අපේ රට තමයි රට කියන හැඟීමෙන් තමා අපි වැඩ කරන්නේ. හැබැ‍යි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. අපි තාක්ශණේ අතින් ඉන්නේ පිටිපස්සෙන්. දැණුම අතින් ඉන්නේ පිටිපස්සෙන්. අලුත් එක්ස්පෙරිමන්ට්ස් කරන්නේ අඩුවෙන්. ඉතින් අපේම රටේ පුහුණු කරුවෙක්ට අපේ ටීම් එකට කරන්න පුළුවන් ප්‍රමාණෙ ගොඩාක් අඩුයි.

    පකිස්ථාන් අපිට වඩා ගොඩාක් දියුණු තැනක නෙවෙයි තියෙන්නේ. ඉතින් උන්ගේ පුහුණු කරුවෙක්ට ලංකාවට කරන්න පුළුවන් ප්‍රමාණේ ඉතා අඩුයි.

    අනික අපි ඉන්දියාවේ හරි පකිස්ථානේ එකෙක්ව පුහුණුකරුවෙක් කරලා ගෙනාවත් උන් වැඩිපුර ආදරේ කරන්නේ උන්ගේ රටට. උන් උන්ගේ උපරිමේ උන්ගේ රටට කලත් අපේ රට දියුණු වෙන්න දේවල් කරන් නෑ. හැබැ‍යි සුද්දොන්ගේ කල්චර් එක වෙනස්. උන්ට ජොබ් එක දුන්නාම උන් කරන්නේ උන්ගේ ජොබ් එක මිසක් උන්ගේ රටට ලව් කර කර ඉන්න එක නෙවෙයි. උන් ප්‍රොෆෙශනල්. ඒසියන් රටවල් වල උන් ප්‍රොෆෙශනල් අඩුයි.
     
    • Like
    Reactions: sathmal

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    ටෙස්ට් ක්‍රිකට් වලින් අපි හොදට කරන්නෙ නෑ. කරත් කරන්නෙ කුඹුරෙ දමල ගොඩ දාගන්න එක. දැන් ඒකත් බෑ.